11 August 2011

රසායන විද්‍යා පංතිය - 2වෙනි කොටස (අන්තිම කොටස)

කලින් ලිපියේ ෆෝන් එකක් නිසා රසායන විද්‍යා පංතියේ හිටපු කොල්ලෙක්ට වෙච්ච හදියක් ලිව්වා. අන්න ඒකේ දෙවෙනි කොටස තමයි ලියන්න යන්නේ. පලවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතන ක්ලික් කරලා කියවන්න. නැත්නම් කතාව කියෙව්වට තේරුම් ගන්න බැරි වෙයි.

එදා ඒ සර්ගේ බැනිල්ල එච්චර වෙලා තිබ්බේ නෑ. ඒ නිසා වැඩ පටන් අරගෙන පාඩම කරගෙන ගියා. දන්නෙම නැතුව විවේක කාලයත් කිට්ටු වෙච්ච හන්දා ළමයින්ට විවේකය දීලා සර් පංතියෙන් එලියට ගියා. සර් පංතියෙන් එලියට ගිහිල්ලා ගුරුවරුන්ට වෙන් වෙච්ච විවේකාගාරයට ගියා.

මෙන්න මේ කොල්ලා සර්ව හම්බ වෙන්න ඇවිත්

"සර් මට අද ක්ලාස් එකෙන් වේලාසන යන්න ඕනේ" කියලා කිව්වා.

"ඇයි එකපාරටම යන්නේ? මොකක්ද හේතුව ?" සර්රුත් ඇහුවා.

"සර් මට උන වගේ. පාඩම අහගෙන ඉන්න අමාරුයි. ඒ නිසයි යන්නේ" කියලා කිව්වා.

සර්රුත් මේ කොල්ලගේ නලලට අත තියලා උන තියෙනවද කියලා බැලුවා.ම්හු... උන පාටක්වත් නෑ. සර්ට තේරුනා මූ පංතියෙන් යන්නේ වෙන හේතුවකට කියලා. සර්ට දැන ගන්න ඕනවෙලා තිබ්බා ඇත්තම හේතුව මොකද්ද කියලා.

"උන නම් නෑ. මට බොරු කියන්න එපා. ඇත්තම හේතුව කියන්න !!!!!" සර් කිවා.

"සර් මට පංතියේ ඉන්න ලැජ්ජ හන්දයි ගෙදර යන්නේ " කියලා ඒ කොල්ලා ඇත්තම කිව්වා.

සර්රුත් මේ කොල්ලා ඉන්න මානසික තත්ත්වේ තේරුම් අරගෙන පංතියෙන් පිටවෙලා යන්න දුන්නා. එදා ඒකා ගියා ගියාමයි ආයේ නම් පංතිය පැත්තේ ආවෙ නෑ. ඊට පස්සේ ඒකා ගැන කිසිම ආරංචියකුත් නැතුව ගියා. අපේ සමහර යාලුවෝ නම් කිව්වේ ඒ කොල්ලා සර්ගේ නුගේගොඩ පංතියට යනවයි කියලා. නමුත් ඇත්තද කියලා නම් දන්නේ නෑ.

ඇත්තටම මේ වගේ දෙයක් උනාම ඕන කෙනෙක් මානසික වැටෙනවා. හොද වෙලාවට මේ සිදුවීම උනේ උසස්පෙළ විභාගෙට ගොඩක් කල් තියෙද්දි. විභාගය ලඟදි එහෙම උනා නම් මේ කොල්ලා විභාගේ ලියන්න යන එකකුත් නෑ. අපරාදේ ඒකාගේ අනාගතේ අඳුරු වෙන්නත් තිබ්බා. මේ සිද්ධිය උසස් පෙළට ගොඩ කාලෙකට කලින් උනා කියලා ඒකෙන් සිද්ධ වෙන මානසික හානිය සුළු පටු නෑ. සුලු කරලා තකන්නත් හොද නෑ.

මටත් සාමාන්‍ය පෙළ කරපු දවස්වල ටියුශන් පංතියක ඔහොම සිද්ධියක් උනා (ෆෝන් සිද්ධියක් නෙමේ.). ඒ නිසා මම් දන්නවා ඒ කොල්ලගේ මානසික තත්ත්වේ කොහොම එකක් ද කියලා. ඒ නිසා මේ සිද්ධිය ඇහුවම මට මාර දුකක් ඇති උනා.
---------------------------------------------------------------------
ප.ලි.- කතාව ඉවරයි !!!!

48 comments:

  1. පන්තිය ඇතුලට එනකොට ෆෝන් එක off කරලා එන්ට කීවොත් මේ වගේ තත්වයක් ඇතිවෙන්නේ නෑනේද? මට නම් හිතෙන්නේ ලමයින්ගේ පැත්තෙනුත් එක්තරා මට්ටමකින් වගකීමක් තියෙන්ට ඕනි කියලයි...)

    හැබැයි ඉතින් ඒ ලමයා පව්...

    ReplyDelete
  2. අපිත් රසායන විද්‍යාවට ගිය සර් ටිකක් ඔයවගේ .ගිය මුල්ම දවසක ගෑණු ලමයෙක් වහලේ යන ලේන්නු දෙන්නෙක් දිහා බලන් ඉදලා, සර් එක පාරටම ඒ ලමය පෙන්නල ඇහුව,ලේනා ලේනී කවුද කියලද උඩ බලන්නේ,පාඩම අහගන්නෙ නැතුව.කියල ඒ ලමය එදාට පස්සෙ ක්ලාස් ආවෙ නෑ.

    ReplyDelete
  3. ඒ වගේ දෙයක් වුනොත් මම වුනත් කරන්නෙ පංති නවත්තන එක තමයි.

    ReplyDelete
  4. කව්ද බොලේ මෙ සර් ඇත්තට ඇ.
    අර ආඅ.... කියල කත කරන කෙනද,නත්තම් අර පින්න මලෙ නම තියෙන කෙනාද.නොකිව්වට කමක් නැ මලය..මට නේ හිතාගන්න බැරුව ඉන්නෙ

    ReplyDelete
  5. මේ කතාවේ ළමයා නම් හරි පව්. අහිංසක ළමයෙක්. ඕන තරම් යමර කොල්ලෝ ඉන්දැද්දී මේ වගේ අහිංසකයෝ මයි අහුවෙන්නේ.

    @නදී
    අය්යෝ ඒ ළමය ඕකට පන්ති එන එක නැවත්තුවද? හිනා වෙලා හිටියනම් ඉවරනේ... මාත් ප්‍රසන්න සර් ගේ පංතියකදී තලගුලියක් කන්න ගිහින් සර් මාර නෝන්ඩියක් දැම්මා. මම ඉතින් හිනා වෙලා නිකම් හිටියා.

    @පොකු
    ඔව් එක නම් ඇත්ත. මම ක්ලාස් යද්දී ළමයි අතරේ එච්චර ෆෝන් තිබුනේ නැහැ. කැම්පස් එකේදී නම් කව්රුත් ෆෝන් ඔෆ් කරලා තමයි හිටියේ. අඩු ගානේ silent දාල හරි. කව්රුත් එහෙම අපිට නීති දැම්ම නැහැ. අපිම හිතල කළා මිසක්. ෆෝන් එකෙන් පාඩම් වෙලාවලදී, රැකියා ස්ථානයේදී එනම් මනම් කරන එක ට මමත් ආසම නැහැ. සමහරු ඔෆිස් ඇතුලෙදි ෆෝන් කනේ ගහන්ගෙන හය්යෝ ඔප දුප ඔක්කොම කියෝනවා අනිත් අයට කොච්චර බාධා වෙනවද කියල හිතන්නේ නැතුව...

    ReplyDelete
  6. පන්තියක් ඉදිරිය ළමයෙකුගේ පවුරුශයට හානිකර විදිහට වැඩකරන අය හොඳ ගුරුවරු කියල මට හිතන්න බහ. අපේ කලෙත් එහෙම අය හිටිය.. දෙයක් නොතේරෙන එකා ඉස්සරහට ගෙනවිල්ල පල කරලා නැතිකරලා දාන මිනිස්සු. ඒ මිනිස්සු නිසා නොමග ගිය දරුවෝ ඇති.. වැඩ පුළුවන් කෙනා මුරුංග අත්තේ තියල බැරි කෙනා තලන ගුරුවරුත් අර වගේම නින්දිතයි..

    ReplyDelete
  7. අප්පේ....පව් අනේ ඒ ලමයා..මං හිතන් හිටියෙ මේක ෆන් කතාවක් කියලනේ..:((

    ReplyDelete
  8. ආයෙ මාත් එහෙම්මමයි, යන්නෙ නෑ පළාතෙවත්. ඇයි යකඩෝ ඔහොම විළි ලැජ්ජානැති වැඩක් උනාම කොහොමෙයි පන්ති යන්නෙ.

    ReplyDelete
  9. ගෑනු ළමයින්ටත් අනන්තවත් ඔහොම වැඩ අපේ පන්ති වල වෙලා තියෙනවා... සර්ලා ඔහොම බනින්න කලින් ළමයින්ගේ මානසික තත්ව ගැන හිතන්න ඕනෙ.. ඔව් සමහර විට ලමයෙක් විභාගෙ ලියන එක නවත්තන්නත් පුළුවන් ඔය වගේ දෙයක් නිසා...

    ප.ලි. දැන් අපේ විභාග කාලේ... සමහර විට ටික දවසකට බ්ලොග් පැත්තේ එන්න වෙන එකක් නෑ...

    ReplyDelete
  10. මම ගියෙත් ඔය පංතියට තමයි...........

    මම නම් කැමතියි ඔය උගන්නන ක්‍රමයට .... මොකද හූ කියන්න කෑගහන්න සල්ලි දීලා පංති යන්න ඕනෙ නෑනෙ.........

    මම ගෙදරදි එක ගානක්වත් නොහදා ගොඩ යන්න පුලුවන් වුනේ ඔය පංතියට ගිය නිසා...... කාබනික රසායනය නම් සුපිරි.......

    අපේ මල්ලිත් දැන් පංති යන්නේ ඔතෙන්ටම තමයි... මේ ලඟදිත් සර් පෝන් දෙකක් කුඩුකරාලු....

    ReplyDelete
  11. පව් වැඩේ අර කොල්ලා

    ReplyDelete
  12. කොල්ලා පන්ති නෑවිත් ඉඳපු එක හොඳයි වෙන තීරණ ගන්නෙ නැතුව. දන්නවනෙ වෙන එවුන් ඔය ‍වගේ පොඩි දේවල් වලටත් ග‍ඟේ මූදෙ පනිනවානේ...

    ReplyDelete
  13. ළමයා නම් පව්.. හැබැයි එහෙම දෙයක් නොකළා නම් අනිත් අය හැදෙන්නෙත් නැ නේ...:O

    ReplyDelete
  14. පුස් අංකල්ගේ පන්තියකදි අපේ ඉස්කෝලේ ඛමයි දෙන්නෙකුට ඔය වගේ මොකක් හරි වෙලා තිබ්බ ඒත් එතන හිටිය එවුන් වුනේ මොකක්ද කියලා නම් කිව්වේ නෑ අරුන් දෙන්නට හැම වෙලාවෙම හිනා වෙවී හිටියා අන්තිනට හිනා වෙන එක නැවතුනේ එකෙක් අඩන්න වගේ හදපු නිසා..

    ReplyDelete
  15. මූලිකම දේ දරුවෝ තුල විනයක් තියෙන්න ඕනා.ඒක පිළි ගන්නවා..ඒත් දරුවන්ගේ විනය පිරිහෙනවානම්..එයට පිලියම් විදියට ගිරිය පුප්පන් කෑ ගහන එකටනම් මන් විරුද්ධයි..ගොඩක් ටියුශන් ගුරුවරු ඒ තුලින් ගරුත්වයක් ආරූඩ කර ගන්න හදනවා..ඇත්තටම ඊට වඩා ගුරුවරයෙක් විදියට නම්‍යශීලි ක්‍රියා මාර්ග ගන්න පුලුවන් කියලයි මන් හිතන්නේ.. ඒ නිසාමයි රජයේ ගුරුවරුන්ට මනෝවිද්‍යාව උගන්වන්නේ..

    අර ළමයා පව්...

    ReplyDelete
  16. රොටරි යෙ කුම්ම ත් එක දවසක් කෙල්ලෙක් ට බැන්නා වැස්ස දිහා බලන් හිටියා කියලා.. "මෙන්න වැස්ස දැකලා නැති එකියක් ඇවිල්ලා" එතකොට පන්තියම එකම හූවයි..

    ජය..

    ReplyDelete
  17. කොල්ලො සහ කෙල්ලො අම්බානට බයිට් වෙනවා බල්න්න ඕනෙනං එක දවසකටවත් පලයල්ලා සන්නගෙ සිංහල පන්තියට.කොච්චර රෙදි ගැලෙව්වත් උං පහුවදාටත් පන්ති එනවා.ඒකයි වෙනස....

    ReplyDelete
  18. අනේ පවු අර ලමයා... පන්තියෙන් ගිය එක හොඳා... ඇයි බන් ආත්ම ගෞරවය කියල එකක් තවත් ඉතිරි වෙන්න නෑ නෙව ඒ කොල්ලට...

    ReplyDelete
  19. නැතුව නැතුව...විබාගෙ ලං වෙලා ඕක උනානම් ලංකාවට දොස්තරයෙක් නැති වෙනවා නෙව...නේද මදූ.....?

    ReplyDelete
  20. පවු බං ඌ .. සර් වුණත් අහිතකින් නෙවෙ වෙන්නැති එහෙම කලේ . මොනවා කරන්නද ළමයි බර ගානක් ඉස්සරහා ඔහොම දෙයක් වෙච්චාම ආයෙ කාටද බං පුලුවන් හිත යොමු කරගෙන ඉගන ගන්න .

    ReplyDelete
  21. ඒ ලෙවල් කාලේ වත් ඔහොම පිස්සුවක් නොකෙල කවදා ඕව කරන්නද බන්...
    අපරාදේ ක්ලාස් නවත්වලා තියෙන්නේ.... වැඩේ ගොඩ දාගෙන ශේප් එකේ ඉන්න තිබුනනේ

    ReplyDelete
  22. @Podi Kumarihami :
    ඒක හරි අක්කේ. ඒත් මේ කියන ළමයා ෆෝන් එක පාවිච්චි කරලා නෑ. බයටම තමයි එහෙම දෙයක් කරලා තියෙන්නේ.

    @නදී :
    පවු නේ අක්කා. එහෙම ලැජ්ජා වෙන්න කවුරුත් කැමති නෑනේ. ඔහොම සීන් එකක් මටත් උනා. ඒකත් හිමිහිට මම් ලියන්නම්.

    @Kasun :
    අනිවාර්යෙන්ම මාත් කරන්නේ ඕක තමයි.

    ReplyDelete
  23. @Ruka :
    පින්න මලේ නම තියෙන කෙනා නම් නෙමේ. කලින් පෝස්ට් එකේ කට්ටිය කියලා තියෙනවා සර්ගේ නම.

    @niroshini :
    ඔවු අක්කේ පවු. අහිංසක කොල්ලෙක්. අර කිව්වත් වගේ ඇට්ටර කොල්ලෝ ඉන්නැද්දි අහු උනේ අහිංසක කොල්ලෙක්.

    @සරත් ලංකාප්‍රිය :
    ඒක හරි අයියේ. කෙනෙක්ගේ මානසිකත්වය කඩා දාන අය ගුරුවරු නෙමේ. ඒ කඩා වැටුන මානසිකත්වය ආයේ ගොඩ නගන්න ලොකු කාලයක් යනවා.

    ReplyDelete
  24. @Nisupa :
    ෆන් නෙමේ අක්කේ. දුක හිතෙන කතාවක්. පවු ඒ කොල්ලා.

    @nawammawatha :
    ඒක හරි අයියේ. මට උනත් ඕකම තමා මම් කරන්නේ. පැත්ත පලාතේ යන්නේ නෑ.

    @තාරා :
    ඒක හරි තාරා. කෙනෙක් විභාගේ ලියන එක නවත්තලා දාන්න උනත් පුලුවන්. ඔයාලට වගේම අපටත් ලඟදි විභාගේ තියෙනව. ඒ නිසා මටත් ලියන්න වෙන්නේ නෑ.

    ReplyDelete
  25. @හරී :
    මාත් ගියේ ඔය ක්ලාස් එකටම තමයි හරි. අඩේ ඒ කාලේ දන්නව නම් සෙට් වෙන්නත් තිබ්බා. දැන් ඉතින් මොනා කරන්නද.

    @blog gadol :
    පවු වැඩේ තමයි ඒ කොල්ලට.

    @පැණි දොඩම් - [නුවන් කුමාරනායක] :
    ඒක නම් හරි අයියේ. මොකද ඔය වගේ සීන් එකක් උනාම කාටත් ඕක හිතෙනවනේ.

    ReplyDelete
  26. @චතුමිතු :
    ඒක හරි චතු මිතු. ඒත් මෙතන අහිංසකයෙක් අහු වෙච්ච එක නේ දුක. මේ සීන් එක මතක් වෙද්දිත් දුක ඒකනේ.

    @චතුර.... :
    පුස් සර්ගේ ක්ලාස් එකේදි මාත් ගුටි කාලා තියෙනවා යහමින් !!!
    අම්මෝ වේවැල් මිටියක් අරන් එනවනේ ගහන්න.

    @අසනි :
    ඒක හරි යාලු. සර්ලට මනෝ වෛද්‍ය උපදේශන කටයුතු වලට පුහුනුවක් දෙන්න ඕනා. නැතුව සිසුන්ගේ මානසික මට්ටම් තේරුම් ගන්න බෑනේ. සිසුන් තුලත් හික්මවීම කියන ගුණාංගය තියෙන්න ඕනා.

    ReplyDelete
  27. @Gayan Rupasinghe :
    කවුද කුම්මා කියලා කියන්නේ ? මම් එහෙම සර් කෙනෙක් ගැන අහලා නෑ.

    @හිතුවක්කාරි :
    පවු තමයි නංගි. දුකයි ඒ ළමයා ගැන.

    @දිනුක ජයකොඩි :
    මටත් ඉස්සර මාරම ආසාවක් තිබ්බා සන්නස්ගල සර්ගේ ක්ලාස් යන්න. ඒත් යන්න උනේ නෑ.

    ReplyDelete
  28. @ප්‍රසංග :
    කොයි දේටත් වඩා තමන්ගේ ආත්මගරුත්වය කියන දේ වැදගත් නේ. ඒ නිසා ඒ කොල්ලා පංති ආපු නැති එක හොදයි. ඒත් කොහේ ගිහින් හරි කමක් නෑ හොදට විභාගේ ගොඩ දාගත්තා නම් ඒක සතුටක් !!!!!

    @සීතල අයියා :
    දොස්තරයෙක් ????? අඩේ වෙනදා වගේ මේ කතාවත් අපටම ආදේශ කරලා. අපොයි මේ සීතලයා..... හිටුකෝ ගෙට්ටුවකදි හම්බවෙනකන් !!!!! :)

    @හිස් අහස :
    ඒක හරි මල්ලි. කොල්ලා පවු. කාට උනත් බෑ එහෙම චාටර් උනාම ආයේ එක හිතකින් ඉගෙන ගන්න.

    @දේවා ගේ අඩවිය :
    ඒ උනාට මල්ලි ඒ සීන් එක මතක් වෙන මතක් වෙන වතාවක් ගානේ දුක හිතෙනවානේ ඒ කොල්ලට.

    ReplyDelete
  29. මම නම් ඔය සර් ගේ පන්ති ගියේ නුවර, සර් නුවර තියරි කලේ නෑනේ, රිවිශන් විතරයි කලේ. ___සර් ඇත්තටම පුදුම කැපවීමකින් උගන්නපු ගුරුවරයෙක් තමයි. අපි උනත් ඒ කාලේ පන්ති ගියේ පණ ගැහි ගැහී ... ඉවර වෙන්නේ කොයි වෙලාවෙද කියලා බල බල හිටියේ! ඕනකමකටවත් ළඟ ඉන්න එකත් එක්කවත් කතා කලේ නැත්තේ බයටම තමයි...! කොහොම උනත් දහස් ගණන් ළමයි ඉන්න පන්ති වල විනයක් තියාගන්න නම් ඔහොම නොකරත් බෑ... නැත්ත්ම් කොල්ලෝ ටික සර් ගේ කරේ!

    ReplyDelete
  30. ඒ ළමයා නම් පව්. "‍තෝරු, මෝරු වැරදි කරත්, අහුවෙන්නේ හාල්මැස්සෝ කිවුවලු."
    ඒත් සර් එහෙම කරන්න ඇත්තෙත් හොඳ චේතනාවෙන්.

    සන්නස්ගල සර් ගේ ක්ලාස් එකේදී මාත් පන්තියම ඉස්සර බයිට් වුණා 1පාරක්. හැබැයි ඒ තනියම නෙවෙයි, යාළුවො සෙට් 1ක් එක්ක. (මහ ලොකු වැරද්දකටත් නෙවේ, ඉන්ටර්වල් එකෙන් පස්සේ පන්තියට එන්න පරක්කු වුණා කියල.) පන්තියෙන් හූ හඬ ඇහෙද්දී, ගෑනු ළමයි විදිහට අපි ගොඩක් අපහසුතාවයට පත් වුණා. ඒත් අපි කවුරුත් පන්ති නැවැත්තුවේ නෑ. ඔය වගේ නෙවේ ගෑනු ළමයි සර්ගෙන් ගුටි කාපු අවස්ථා පවා තිබුණා. එත් පන්ති නවත්තපු කෙනෙක් ගැන නම් අහලා නෑ.

    ReplyDelete
  31. monawa unath paw wade..ahinsaka kollekne

    ReplyDelete
  32. හුටා....මම හරි බරි ගැහිලා ඉද ගත්තේ ඔයගේ දෙවන කොටස කියවන්න.මෙන්න බොලේ ඒක ඉවරයි නේ.....මොනවා උනත් අර කොල්ලා පව්

    ReplyDelete
  33. ඔය ටියුසන් සර්ලගෙ සමහර කැටයම් මටත් දිරවන්නෙ නෑ... හෙන පොරවල්.. ඊට වඩා දෙයක් නෑ... දර්ෂන එමටයි... උගන්නන එක ඉගැන්නුවනම් කිසි මගුලක් නෑනෙ.... පන්තියේ උගන්නන වෙලාවෙ න් එක රින්ග් වෙන එක වල්ක්ව ගන්න එක ලමයිනෙ වගකීමක්... සල්ලි අරගෙන උගන්නන කලාස් එක සර්ටා ඇති රුදාව මොකක්ද ?? ඕව මාකටින් බං.... ඔය ප්‍රසන්න සර්ගෙත් ඉගන්වීම් හොදයි.. ඒක හෝහන්න දෙයක් නෑ... ඒත් ඔය රල්ල හදාගන්න බොරු ප්‍රෝඩාව.. මට ඒ යකා පෙන්නන බැරි ඒකයි...

    ReplyDelete
  34. එක ඉතින් උගේ වෙලාව...

    ReplyDelete
  35. @ලහිරු :
    ඒක හරි. පංතියක විඅයක් තියෙන්නත් එපැයි. නැත්නම් කොහොමද සර් පංතිය පාලනය කරන්නේ. මෙතනදි දුක හිතෙන සීන් එක කියන්නේ අහිංසකයෙක් අහු වෙච්ච එක.

    @මහි :
    උඩ කමෙන්ට් කරපු කෙනෙකුත් කිව්වා සන්නස්ගල සර්ගේ පංති වල බයිට් වෙන සීන් ගන. ඇත්තටම සර් ඒ තරමටම බයිට් කරනවද. එහෙම කලත් ළමයි පංති එන්නේ උගන්වනවා හොද නිසා වෙන්න ඇති.

    @දිලීප :
    ඒක හරි. අහිංසක කොල්ලෙක්. පවු වැඩේ තමයි.

    ReplyDelete
  36. @පිස්සු පුසා :
    කියවනකොටම ඉවර වෙලා වගේ සීන් එකක් ද ? :) ඔච්චරම ලියන්න බෑනේ. කොල්ලා පවු තමයි.

    @පොඩි මෑන් :
    කිව්වත් වගේ දර්ශන දාන්නේ නැතුව උගන්වනවා නම් ඒක හොදයි නේ. නමුත් සර්ලට මාර දර්ශන නේ තියෙන්නේ. වෙලාවකට හිතෙනවා මෙවුන් දර්ශනවාදීන්ද කියලත්.

    @රතු මුහුද :
    උගේ කරුමෙට තමයි ඌ අහු උනේ.

    ReplyDelete
  37. අපොයි ඕවා මොනාද බං... අපිට හම්බුවෙච්ච පරිප්පු ගැන ලිව්වොත් උඹලා ආයෙ මගේ බ්ලොග් එක පැත්තේ පස් පාගන්නේ නෑ...

    ඒ වුනාට අර මානසික තත්වය පහල බහිනකම් කාටත් පොදුයි බං...

    ReplyDelete
  38. aeththamay ayye harima paw. e wage deyak apita wuna nam apy monawa karannada? maanasikawa godaak watenawa ehema deyak wunama. e lamaya wibaage karanna athyne.
    campus eken enne, unicode na.. ;) :D

    prarthana.

    ReplyDelete
  39. අර ෆෝන් එකක් අහු වෙලා බැන්නට පස්සෙ සිය දිවි නසාගන්නෙත් මේ වගේ වැඩ තවත් දුරදිග ගියාම තමා. අනේ මන්දා ඔය වගේ ප්‍රශ්න වලදි දෙපැත්තෙම අයගෙ වැරැද්ද තියෙනවා.

    ReplyDelete
  40. ක්ලාස් එකක වෙච්චි ලස්සන සිද්ධියක් කියල හිතාගෙන කියෙව්වෙ. අනේ පව් කතාවක්නෙ...

    ReplyDelete
  41. @ප්‍රාර්ථනා :
    ඒක තමයි නංගි. මේක ගොඩක්ම බලපාන්නේ මානසික මට්ටමට. මානසිකව කඩා වැටුනම ගොඩ ගන්න ටිකක් අමාරුයි.

    තුම්මුල්ලේ කැම්පස් එකේ යුනිකෝඩ් නෑ කියලා ඇහුවමයි. ඇයි එයාලමනේ එසැනින් යුනිකෝඩ් පරිවර්තකය හොස්ට් කරලා තියෙන්නේ. ආ...හ්... පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නේ මගේ සයිට් එක යුනිකෝඩ් නැතුවත් පේනවා එහෙනම්. මරු නේ.

    @පිණිබිඳු... :
    ඒක හරි පිණිබිඳු. දෙපැත්තෙම අයගේ වැරදි තියෙනවා. කොහෙද හලෝ ගිහින් හිටියේ ?

    @මන්තරකාරි :
    සිද්ධිය ලස්සන නෑ. දුක හිතෙන සිද්ධියක්. පවු කියලත් හිතෙනවා වෙලාවකට.

    ReplyDelete
  42. මම ගෙදර හලෝ මේ දවස් වල. ජාලෙ ඉතින් බර බරේ තමා. ආයෙ ඉරිදා සිට සුපුරුදු පරිදි බෝඩිමට බඩගාමි.

    ReplyDelete
  43. ඒ සිද්දිය වුනෙ මම හිටපු ක්ලාස් ඒකෙ (සමාධි) 2007 විතර ඔයත් 89 ද?

    ReplyDelete
  44. @පිණිබිඳු...:
    එහෙනම් අක්කා පරිස්සමට බෝඩිමට බඩගාන්න. ගෙදර ගිහින් අපටත් මොනාහරි අරගෙන එන්නකෝ !!!!

    (අරන් ඇවිත් පෝස්ට් එකක දාන්න. අපි ඇවිත් කන්නම් !!!!)

    @චතුරංග ජයවර්ධන :
    මම් ඒ පංතියේ නෙමේයි හිටියේ. මේ සින් එක කිව්වේ අපේ මල්ලි.

    ReplyDelete
  45. සර් ඇත්තටම හිතලා කරපු දෙයක් නෙවේ මම හිතන්නෙ ...

    ඒත් මම හිටියනං කරන දේ මම ඉස්සෙල්ලා පෝස්ට් එකේ කමෙනට් කරල ඇති .......

    ReplyDelete
  46. සර් උගන්නනවා ගොඩක් හොඳයි. ඒ වගේම නොසෑහෙන්න බයිට් කරනවා. සර් එහෙම කරන්නේ අයහපත් චේතනාවකින් නොවන බව ඒ බයිට් කිරීම ඇතුළෙම තියෙන බවක් දැනෙනවා. මම හිතන්නෙ, ඒකයි කවුරුත් පන්තිය දාලා යන්නේ නැත්තේ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.