17 August 2011

අතීතය, අනාගතය, වර්තමානය

අතීතය...
දුටුවා වූ සිහින රාශියකි
අනාගතය...
හෙට උදාවන්නා වූ සත්‍යකි
වර්තමානය...
එම කටුක වූ සත්‍යය
මිහිරියාවක් බවට
පත් කර ගැනීමට
කැපකළ යුතු දවසකි.


51 comments:

  1. වර්තමානය හා අනාගතය නිර්මාණය වන්නේ අතීතය තුලිනි ....

    හොඳ සංකල්පනාවක් .......

    ReplyDelete
  2. අනාගතය නිර්මාණය වන්නේ වර්තමානයෙනි...

    ReplyDelete
  3. ඒත් ඒ අනාගතයම කටුක වු තැන,ආයෙත් අපි කියනව..

    වර්තමානය...
    එම කටුක වූ සත්‍යය
    මිහිරියාවක් බවට
    පත් කර ගැනීමට
    කැපකළ යුතු දවසකි.

    එහෙම නේද?

    ReplyDelete
  4. කෙටියෙන් කියලා තියෙන්නේ ලොකු අදහසක්

    ReplyDelete
  5. අතීතයේ අත්දැකීම්..
    වර්තමානයේ කැපවීම්..
    අනාගතය බබලවනු ඇති...

    ReplyDelete
  6. අතීතය දුටුවාවු සිහින රැසකි.
    අනාගතය මවන්නාවු සිහින රැසකි.
    වර්තමානය, අතීත සිහිනෙන් නැගී, අනාගත සිහින සැබෑ කරගැනීම සඳහා කෙරෙනා, මිහිරෙන් පිරුනාවූ, කටුක ගමනකි....:)

    කවියක් එහෙම නෙමේ......:)

    ReplyDelete
  7. කැපවීම තියෙනවා නම් කොයි කාලේ වුනත් සාර්ථක වෙන්න පුළුවන් .. මට හිතෙන විදිහට ..

    ReplyDelete
  8. 100%ක්ම එකඟයි. ඒත් මොකෝ මේ හදිස්සියේ ඔහොම එකක් මතක් වුනේ?

    ReplyDelete
  9. නැවතිලා බලන කොට අතීතය කියන්නේ අමතක කරන්න බැරි අමතක නොවන හීන පොතක්

    ReplyDelete
  10. සහතික ඇත්ත. අතීතය සහ අනාගතය එකතු කරන්නෙ වර්තමානය තමා.

    ReplyDelete
  11. අතීතය මියගොසිනි
    අනාගතය පැමිණ නැත
    වත්මන යනු කුමක්ද ?
    තත්පරයෙන් ලක්ෂයෙන් පංගුවකි
    එයත් අතීතය මිස
    වත්මනක් නොවේ..
    හැම ත්ත්පරයම අතීතයට දුවද්දී
    මොන වත්මනක්ද ?

    ReplyDelete
  12. අපේ ජීවිත ගොඩ නැගෙන්නේ...ඔය අතීත, වර්තමාන, අනාගත කියන අත්තිවාරම් ...උඩ තමයි.

    ReplyDelete
  13. වර්තමානයෙ අපි කරන දේවල් තමයි අපේ අතීතයත් අනාගතයත් වෙනස් කරන්නෙ...

    ReplyDelete
  14. අතීතය සිහිනයක් පමනයි සැබෑ සුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැදුනානම් මෙදා වියොවක් නෑ.


    අනාගතය කටුක වී සත්‍යයක් කියල කීවට මචෝ අපි පහුකරන් ආපු අතීතයත් කටුක වූ සත්‍යයක්ම තමයි.එකම දේ ඒක මිහිරියාවක් කරගන්න තරම් අත්දැකීම් අපි ලග නොතිබුන එක.
    ඒ අතීතයේ පොදි බැද ගත්ත කටුක සත්‍ය+අද විදින දුක හෙට සතුටක් උදා කරයි.

    එහෙම හිතාගෙන මෙහෙම ජීවත් වෙමු මචෝ

    ReplyDelete
  15. ෴ අතිතයේ කල වැරදි වර්තමානයෙ පල දේව්දෝ ෴

    ReplyDelete
  16. ඇත්තෙන්ම ඇත්තේ අතීතයකුත් අනාගතයකුත් පමනක් නොවේද... වර්තමානය යනු අතීතයත් අනාගතයත් එකක් නොව දෙකක් බවට කෙරෙන සඳහන පමනක් නොවේද..?

    ReplyDelete
  17. හ්ම්....පෝස්ට් එකේ කවි ටික සහ කොමෙන්ට් ටික කියෙව්ව. සරත් ලංකාප්රියගෙත්, රුකාගෙ සහ ගිම්හානිගෙ කවි වලිනුත්,පොඩි කුමාරිහාමිගෙ කවියත් නොවුණු කවියෙනුත් අනිත් කොමෙන්ට් වලිනුත් ටිකක් විතර කල්පනා කරන්න හිතුන

    ReplyDelete
  18. අතීතය,
    වර්තමානය,
    අනාගතය,
    මේ අපේ ජීවිතය...

    කව්ද අප්පේ කවි සිතුවිලි වලට ඉඩ දෙන්න මතක් කරේ...

    ReplyDelete
  19. හෑ,,,, ෆිල්ම් එකක් වත් බැලුවයි

    ReplyDelete
  20. සහතික ඇත්ත කතාව.. නියම සංකල්පනාවක්..:)

    ReplyDelete
  21. මොකෑ මේ හදිස්සියේ කවි සිතුවිලි පහල උනේ.

    ReplyDelete
  22. කියන්න දෙයක් දන්නේ නැත....

    දෙක තුනම කලවම් වෙලා වගේ...

    ReplyDelete
  23. මට නම් අතීතය මතකයන් පොදි ගහගත්ත දෙයක්..
    අනාගතය නම් ඇත්තටම බාර හෙට දවසට..
    වර්තමානය නම් වපුරපු දෙනේ කපාගන්නේ ...අන්න එහෙම දවසක් වෙයි..

    කොහොම උනත් අයියේ සංකල්පනාව ලස්සනයි..

    ReplyDelete
  24. ජිවිතේ ගැන කියන්න පුලුවන් විස්තරාත්මකව කියන්න බැරි ගොඩාක් දේවල් ඔයා මේ වචන ටිකේ කැටි කරලා,ම්ම්\


    පලි : ගොඩාක් ස්තුතියි. මගේ බ්ලොග් එකේ හැම අකුරක්ම කියවලා මට ශක්තියක් වෙනවට

    ReplyDelete
  25. අතීතය යනු තුවාලයකි
    වර්ථමානය යනු ඒ තුවාලයට දමන බෙහෙත්
    අනාගතය යනු තුවාල සුව වීමයි ..

    අපේ නම් ජීවිත හිඟන්නගේ තුවාලේ වගේ ..
    කවදාවත් හොඳ වෙන්නෑ ..

    නියමම සංකල්පනාවක් මිත්‍රයා ..

    ReplyDelete
  26. කතාව ඇත්ත. ඔය කියන අතීතය, වර්තමානය, අනාගතය යා කරමින් අපි හැල්මේ දුවනවා......

    ReplyDelete
  27. @පන්සල් හංදිය :
    ඒක ඇත්ත කතාවක් අයියේ.

    @සනා :
    ඒක හරි සනා. වර්තමානය හොද නම් අනාගතයත් හොදයි.

    @Ruka :
    එහෙම තමයි අයියා.

    ReplyDelete
  28. @pubudu :
    තැන්ක්ස් මචං

    @JHOTHISHALANKA :
    අනිවාර්යෙන්ම !!!!!

    @Gimhani :
    අනාගතය සුබ කරගන්න වර්තමානයේ අපිට කැපකිරීම් කරන්න වෙනවා.

    ReplyDelete
  29. @Podi Kumarihami :
    ඒ උනාට අක්කා කවියක් වගේ ලියලා තියෙනවා. ලස්සන සිතුවිල්ලක්.

    @sanjaya සිතුවිලි :
    ඔවු ඔයා හිතන විදිහත් හරි. කපකිරීම් තියෙනවනම් කොයි කාලෙත් සාර්ථක වෙනවා.

    @Kasun :
    නිකන්. ලියන්න කියලා හිතුනා. ඉතින් ලිව්වා. :)

    ReplyDelete
  30. @malmi :
    අතීතය අමතක කරලා වර්තමානයක් ගොඩ නගන්න බෑ යාලූ.

    @පිණිබිඳු... :
    අක්කගේ කතාවට සියයට සියයක්ම එකඟයි !!!!!
    අක්කගේ කලින් කමෙන්ට් එක ඩිලීට් උනානේ.

    @පැණි දොඩම් - [නුවන් කුමාරනායක] :
    ඒකනේ මාත් කියන්නේ.

    ReplyDelete
  31. @සරත් ලංකාප්‍රිය :
    ලස්සන කවි සිතුවිල්ලක් අයියේ. මට කවියෙන් කමෙන්ට් එකට උත්තර දෙන්න බෑනේ. කවි සිතුවිලි නෑනේ.

    @- නිල් අහස - :
    ඒක හරි. ජීවිතය ගොඩ නගන්න ඕය දේවල් අඩුවැඩි වශයෙන් ඕන කරනවා.

    @ප්‍රසංග :
    වර්තමානේ කරන දේවල් අනාගතේට ගොඩක් බලපානවා.

    ReplyDelete
  32. @sithuwam :
    ඔවු. හැමදාම දුක් විඳින්නම ඕනේ කියලා න්‍යායක් නෑනේ. අද දුක් වින්දොත් කවදාහරි අපට සැනසීමක් ලැබෙයි.

    @රෙස්ලින්.lk :
    නෑ මල්ලි. අතීතයේ කරපු වැරදි අයිති අතීතයට. ඒ නිසා අතීතයේ වැරදි වලට වර්තමානයේ දුක් විඳීන්න ඕනේ නෑ. නමුත් වර්තමානයෙත් ඒ වැරැද්දම කරනවනම් අර අතීතයේ වැරදිත් එක්ක දඩුවම් විඳින්න ලෑස්ති වෙලා ඉන්න එක තමයි හොද !!!!

    @සපතේරු උන්නැහේ :
    ඒක හරි අයියා.

    ReplyDelete
  33. @Observer :
    අම්මෝ ඔබ්සවර් මහත්තයා දැක්ක කල් !!!

    @අසනි :
    නෑ නෑ මේක මගේ සමරු පොතක තිබ්බ කවියක්.

    @රත්ගමයා :
    අපෝ නෑ ෆිල්ම් එකක් බලුවේ නෑ රතා මල්ලි.

    ReplyDelete
  34. @හිතුවක්කාරි :
    ගොඩක් ස්තුතියි !!! :)

    @නදී :
    මට කොයින්ද අක්කා කවි සිතුවිලි !!! මේක මගේ සමරු පොතක තිබ්බ කවියක්.

    @prasanna86k :
    අපෝ එහෙනම් කලවම් වෙලා අවුල් කරගෙන වගේ

    ReplyDelete
  35. @නිම්ශා :
    නංගි හරි නංගි !!!! වර්තමානේ අපි හොදට වපුරන්න ඕනේ. මොකද අනාගතේ හොද අස්වැන්නකට වර්තමානේ වැපිරීම ගොඩක්ම බලපානවානේ.

    @දේවා ගේ අඩවිය :
    බොහොම ස්තුතියි. ලිපි ටික කියවපු එකට ස්තුති කරන්න එපා.ලිපි ටික හොද නිසා කියෙව්වා. කියවපු නිසා කමෙන්ට් කලා. එච්චරයි.

    @හිස් අහස :
    නෑ නෑ බයවෙන්න දෙයක් නෑ මල්ලි. ඔය තුවාල කවදහරි හොද වෙනවා. ඒක ෂුවර් !!!!

    @මහි :
    හ්ම්.. දුවන්නන් වාලේ දිවීමක් තමයි සිද්ධ වෙන්නේ.

    ReplyDelete
  36. මෙන්න මූ මෙව්වා ලියනවා.. :O

    ReplyDelete
  37. සිතක සංකල්පනා....එහෙනම් දැන් කවියෙන් වගේ වැඩ?

    ReplyDelete
  38. @සීතල අයියා :
    සීතලයා තමයි සීතලයා කියලා කියන්නේ. අර හිතුවක්කාරිගේ බ්ලොග් එකේදි මාව ඩෙවල් දාලා තිබ්බා නේ !!!! :)

    @rmpmcreation :
    අපෝ නෑ. කවි ලියන්නේ නෑ. මේක සමරු පොහක තිබ්බ කවියක්.

    ReplyDelete
  39. ඇත්තමයි අයියා, ඒත් ගොඩාක් වෙලාවට අතීතයේ ජීවත් වෙලා වර්තමානය විඳින්න බැරි වීමෙන් අපේ අනාගතේ විනාස වෙනවා නේද?

    ReplyDelete
  40. වර්තමානයේ යහ පැවැත්මටත්
    තිරසර අනාගතයකට මං පෙත් විවර කරනු වස්
    අතීතය අමතක නොකර එය
    ජීවිතය තමන්ට දුන් දැනූම දායාද ගොන්නක් ලෙස සලකනු මැනවි..

    ReplyDelete
  41. නියම සංකල්පනාවක් අයියේ ....
    මේ වචන ටිකේ ජීවිතේම හැංගිලා තියෙනවා කියලා හිතෙනවා

    ReplyDelete
  42. වැඩේ කියන්නෙ ඕක දැන දැනත් වර්තමානයේ වැඩ කරන්න හිතෙන්නෙ නැති එකනෙ.....

    ReplyDelete
  43. හ්ම්ම්ම්... මමත් මරු කියල කියන්නම්... හි හි හි...

    දේව්දාස්...

    ReplyDelete
  44. @ප්‍රාර්ථනා :
    නංගි කියන කතාවත් ඇත්ත තමා.

    @චතුර.... :
    අම්මෝ මාව කරකවලා අතෑරියා වගේ. :(

    @සුදු මැණිකේ(මැණික්) :
    ඒක හරි නංගි. අපි වර්තමානේ හොදට හිටියොත් අපේ අනාගතේත් හොද වේවි.

    ReplyDelete
  45. @මි හරක් පිඩියා :
    තෑන්ක්ස් බඩී !!!!

    @හරී :
    ඕක තමා හරි මටත් තියෙනෙ ප්‍රශ්නේ.

    @දේව්දාස් :
    මරු කියලා කිව්වත් කමක් නෑ. ආහ්... දෙව්දාස් කෝ පාරෝ ????

    ReplyDelete
  46. ලොකු අදහසක් වචන කීපයෙකින් කියලා.දක්ෂයි ඔයා

    ReplyDelete
  47. තියෙන්නෙ වර්තමානයක් පමණයි

    ReplyDelete
  48. @batti :
    පික්සුදෑ නංගි. මම් කොහෙද දක්ෂ !!!

    @``` Outsider``` :
    ඇයි එහෙම කියන්නේ ?

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.