13 August 2011

උපන්දින තෑග්ග

පහුගිය ජුලි මාසේ මම් අදුනන ගෑනු ළමයෙක් ගේ උපන්දිනයක් තිබ්බා.උපන්දිනේට කලින් දවසේ මට කෝල් එකක් දීලා කිව්වා එයත් එක්ක උපන්දිනේ දවසේ පන්සල් යන්න එනවද කියලා. උපන් දිනේ දවස නිසා එන්න බෑ කියන්නත් බෑ. අනිත් එක පන්සල් යනවා වගේ හොද වැඩකට එන්න කියන්නේ. ඔක්කෝටම වඩා කෙල්ලෙක් එන්න කියන්නේ. ඉතින් නොගිහින් කෝම !!!!

මාත් එන්නම් කියලා කිව්වා. කොහොමහරි උපන්දිනේ දවසේ එන්න කිව්ව අදාල බස් ස්ටෑන්ඩ් එකට ගියා. දෙන්නම බස් එකට නැඟලා වාඩි උනා. බස් එක ස්ටෑන්ඩ් එකෙන් පිටත් උනා. මම් දෙන්නටම ටිකට් ගත්තා (මේකි ටිකට් ගන්නවා කිව්වට ගත්තේ නෑ.)

මෙන්න බොලේ මේ කෙල්ල අඬනවා. බස් එකේ එවුන් ඇස් කටේ තියාගෙන බලන් ඉන්නවා හරියට මම් මොනාහරි කරලා වගේ.ශේප් එකේ මම් ඇහුවා මොකෝ අඬන්නේ කියලා. මෙන්න එකපාරටම ඒකි කියපි "උපන්දිනේ දවසේ තෑග්ගක් ගන්න තාත්ති බැංකු පොතට සල්ලි දාලා නෑ." කියලා. ඉතින් මම් කිව්වා තාත්තට අමතක වෙන්න ඇති කියලා. මෙන්න ඒක කිව්වා විතරයි ඇඬිල්ල තව වැඩි උනා.

"මට කවදාවත් උපන්දිනේක මෙහෙම වෙලා නෑ. මට හැම උපන්දිනේ දවසකම තෑගි ලැබිලා තියෙනවා. අද විතරයි ලැබුනේ නැත්තේ" කියලා ආයෙමත් හොටු හූර හූර අඬන්න ගත්තා. මහපොල වාරික ටිකත් ඉවර වෙලා හන්දා තෑග්ගක් අරන් දෙන්න මා ලඟ වැඩිපුර කීයක්වත් තිබ්බේ නෑ.

කොහොමහරි පන්සල් ගිහින් එනකන් එකාසීරුවටම මේකි ඇඬුවා. මට සංසාරේ එපා උනා. ඇයි වදේ දෙමව්පියෝ දරුවන්ට පොඩිකාලේ ඉදන් පුරුදු කරලා තියෙන විදිහ නේ. මට නම් උපන්දිනේ දවස කියලා කියන්නේ එක දවසක් විතරයි. අපේ අප්පච්චිට සල්ලි තිබ්බොත් විතරක් එදාට කේක් එකක් ගේනවා. නැත්නම් ඒකත් නෑ.

තෑග්ගක් කියලා නාමයක් ලැබිලත් නෑ. දෙමව්පියෝ දෙන්න උත්සහ කරලත් නෑ. දෙන්න පුලුවන් කමකුත් නෑ. අපට ඕනෙත් නෑ. අම්මයි අප්පච්චියි අපිට මේ ජීවිතය දීපු එකත් ලොකු තෑග්ගක්. මෙච්චර දුරට උගන්වපු එකත් ලොකු තෑග්ගක්. ඒ ඇතිනේ.

අම්මෝ ආයේ නම් උපන්දින වලදි කෙල්ලොත් එක්ක ගමන් නෑ !!!! ඉල්ලගෙන මාමයිට් ගාගන්නවා කියන්නේ මේකට වෙන්න ඇති. !!!

76 comments:

  1. නිකමට හිතපන් යාළුවෙක් වෙලා ඒකි උඹට ඔහොම ඇනයක් වුනා නම් කෙල්ලෙක් එක්ක සෙට්වුන උන් කොහොම දුකක් විඳිනව ඇත්ද කියල... අම්මෝ... මතක්‍ වෙද්දි අගේ මයිල් ඉස්මයිල් වෙනව... කුණ කාල තියෙනවනෙ...

    ReplyDelete
  2. අනේ අම්මියෝ...
    කොහොම හරි උඹට පොතක් පෙරලන්නද දන්නේ නෑ හැදුවේ..

    මම නම් තාම ජීව්තේටම උපන්දින කේක් එකක් කපලා නෑ...

    ReplyDelete
  3. හෙහ් ස්පෙශල් යාලුවෙක් වෙන්ටැ ඒකනේ ඔයාට එන්න කිව්වෙ පන්සල් යන්න.

    පොඩි කාලේ නම් ඔහොම තෑගි බලාපොරොත්තු වෙනව තමා ඒ නොදන්න කමටනේ.දැන් නම් එහෙම විශේශයක් නෑ මටත්.හැබැයි හිටපු ගමන් හොද දඩ ගහනව :))

    ReplyDelete
  4. හික්ස් .. ඉතින් ඔයාට කියන්න තිබ්බෙ තෑගි ගන්නනම් මාගාව සල්ලි නෑ.. තෑග්ගක් තියනව නොමිලේ දෙන්න පුලුවන් එයින් එකක් දෙන්නද කියල....

    ReplyDelete
  5. හික්ස්.. මටත් මධුරංගට වගේ තමයි..හැම උපන් දිනයක් ගානේම අම්මගෙනු යි..තාත්ත ගෙනුයි කේක් වත්,තෑගි වත් හම්බවෙන්නේ නෑ.. එහෙමයි කියලා කටක් ඇරලා ඉල්ලන්න පුළුවන් ද? උපන් දා ඉදලා අපිට කොයිතරම් දේවල් කරලා තියෙනවද?? දෙමාපියෝ..
    එත් මගේ යාළුවෙක් ගේ උපන් දිනයකට මගේ අතේ සල්ලි තියේ නම් මොනවා හරි අරන් දෙනවා..අඩුම ගානේ කාඩ් එකක් වත් හදලා දෙනවා..එත් එයාලා මට මගේ උපන් දිනයට කිසිම දෙයක් දිලා නෑ.. එහෙමයි කියලා මම එයාලට ආය නොදි ඉන්නෙත් නෑ..යාලුවෝ උනත් අපට කොච්චර උදව් කරනවද? මට ඔනේ එයාලගේ සතුටත් එක්ක සතුටු වෙන්න විතරයි..:)

    ReplyDelete
  6. කෙල්ලෙක් බැඳගත්තට පස්සෙ ඔයිට අන්ත වෙනව ඔය වැඩේ.

    ReplyDelete
  7. නදී අක්කා කිව්වා වගේ මේ නම් ස්පෙශල් යාලුවෙක්ම තමයි නේද මධුරංග අය්යේ.. :D :D

    ReplyDelete
  8. ආ... මහපොළ වාරික තිබ්බනං එකෙන් කෙල්ලන්ට තෑගි අරන් දෙන්න නේද හැදුවේ...සෙනට් එකේ පැමිණිල්ලක් දාන්න ඕන වැඩක්..!!! :D

    ReplyDelete
  9. ගිම්හානි කියන නොමිලේ දෙන තෑග්ග මොකක්ද ?

    ReplyDelete
  10. ඒක 64න් එකක් වෙන්න බැරි නැහැ නේද? ඔය වගේ පොඩි දේකට ඔහොම අඩනකොට වෙන මොනවා හරි උනොත් කොහොම අඩාවිද? අනික හොද යාඵවෙක් වෙලත් ඔයාට එයාව තේරුම් ගන්න බැරිවීම අඩුවක් නේද?

    ReplyDelete
  11. මල්ලි උඹ හිතන විදියට මම මාර එකඟයි ඒවගේම කැමතියි. මටත් උපන් දිනේ තව එක දිනයක් විතරයි. තෑගි කාඩ් වගේ ඒව ගැන අඩුගානෙ හිතෙන්නෙවත් නැහැ. වැඩිම වුණොත් හවසට පන්සලට යන එක විතරයි කරන්නෙ.
    ප.ලී. අඩෝ උඹ ඔය කෙල්ලන්ට එහෙම අහුවෙන්නෑ.

    ReplyDelete
  12. ඔහෝමත් අඬනවද..උපන්දිනේ කියලා මොකෝ ඉතින් තවත් දවසක්..තව අවුරුද්දකින් වයසට යැමක් නේ වෙන්නේ..සමහර පුරුදු අතැර ගන්න බැනේ..

    ReplyDelete
  13. උඹේ දතක් ගලවන්න වෙන්නැති ඒකි ට්‍රයි කරන්න ඇත්තෙ.උඹේ මහපොළක් ඉතුරු වෙලා තිබ්බනං උඹත් අරන් දෙනවනෙ මොනව හරි.අපෙ අප්පෝ ගෑනු.

    ReplyDelete
  14. අපූරු කතන්දරේ. මේකේ කතන්දර තුන හතරක් තියෙනවා.
    හිතන්න හොඳ නිමිත්තක්.

    ReplyDelete
  15. @මධුරංග - අපොයි....මාර කෙල්ලෙක්නෙ. ඔයා මාර අපහසුතාවයකට පත් වෙන්න ඇති නේද???

    ReplyDelete
  16. ගෙදර හුරතලේට හදලා...හැක් හැක්...
    අපේ ගෙදරින් නම් මෙලෝ තෑග්ගක් නෑ ඉස්කෝලේ යන්න ගත්තයි පස්සේ ඉදලා.
    ඒක නෙමේ...මොකෝ මේ මධුරංග අයියටම අඩගහන්නේ පන්සල් යන්න...
    මේක නිකන් කුතුහලය අම්බානෙක අවුස්සන සීන් එකක්

    ReplyDelete
  17. අය්යෝ අඬන්ට ඇත්තේ ඔයා මොනවා හරි අරන්දෙයි කිය්ලා. එච්චර එකක්වත් තේරුනේ නැද්ද? චොක්ලට් එකක්වත් අරන් දුන්නානම් ඉවරයිනේ.

    මීට පස්සේ අඬ ගහන, ගහන (ටැප් ඇරියා වගේ අඬන ) ගෑනු ලමයි එක්ක කොහේවත් යන්ට එපා......:D

    ReplyDelete
  18. හොද ුත්දැකිමක්...

    ReplyDelete
  19. "කුණා, ලෝභයා, ගල් බස්සා, බ්ලා..බ්ලා.. කටින්ම ඉල්ලලවත් තෑග්ගක් ඇරන් දුන්නැති මොට්ටයා..." කිය කිය කෙල්ලෙක් පාර දිගට බැන බැන යනව මට හම්බවුනා නෙව.එවෙලෙ ටියුබ් ලයිට් වෙලා බලන් හිටියට දැන් තමා සිද්ධිය දැන ගත්තෙ.. කිව්වට තැන්කූ ඔන්න.. :)
    ඇඩිල්ල නවත්තන්න කියපු චාටු කතා ටික හැළිලනේ කොළුවෝ...
    ඒ ටිකත් දැම්මනම්...

    ReplyDelete
  20. අම්මෝ මදුරංග අයියත් පෙරලගන්න පොත්.ඔයාට අහන්න තිබුනේ අර ගිම්හානි කිව්වා වගේ නොමිලේ දෙන තෑග්ග දෙන්නද කියලා.. ;)

    ReplyDelete
  21. මට මුලින්ම අහන්න තියෙන්නෙ ඇත්තටම ඔය කෙල්ල උඹේ යාලුවෙක් විතරමද කියලා. මටනං පේන්නෙ වෙන මොකක් හරි සීන් එකක් වගේ. හික් හික්!!

    මගෙත් උපන්දිනේට ගෙදර හිටියොත් ඔය කිරිබත් වගේ මොනවාහරි හදනවා. ඒ ඇරෙන්න වෙන තෑගිනං හම්බ වෙන්නෙ නෑ. (ගෙදරින්)

    ප්‍රසන්නයි සාතනුයි අත්දැකීම් ඇසුරෙන්ම කොමෙන්ට් දාලා වගේ. හික්ස්...

    ReplyDelete
  22. මමත් උඹ වගේ තමයි
    මගේ උපන්දිනේ කියන්නේ මට එක දවසක් විතරයි
    කොටින්ම එක අවුරුද්දක මටවත් මගේ උපන්දිනේ මතක් වුනේ නෑ
    හී හී

    ReplyDelete
  23. අම්මෝ... මාර බේරිල්ලක් නේ බේරිලා තියෙන්නේ. ඇති ඔයින් ගියා. මෙහෙමත් දත ගලවන කෙල්ලොත් ඉන්නවනේ! මම නම් හිතන්නේ වෙන මොකක් හරි අයිඩියා එකකින් තමයි කෙල්ල එන්න කියන්න ඇත්තේ... පවුඩර් බබෙක්!

    ReplyDelete
  24. මොනවා හරි ඉල්ලගන්න තමයි අඬන්න ඇත්තේ. මධුරංග , මොකද්ද දුන්නු තෑග්ග ඉතින් යාලුවගේ උපන්දිනේට

    ReplyDelete
  25. මම උපන්තේකට උපන්දිනේ දවසෙ කේක් එකක් කපලා නෑ

    ReplyDelete
  26. කපී කේක්August 13, 2011 at 2:04 PM

    ඕකනේ කියන්නේ මදුරංග අය්යා,මට හිතෙන්නෙ ඒ ගර්ල් ඔයාට නිකන් කැමතියි කැමතියි වගේ...

    කෙල්ලො ඔහොම තමා.

    නරකද පොඩ්ඩක් ට්‍රයි එකෙක් දාලා බැලුවොත්.

    ReplyDelete
  27. මල්ලී පොඩ්ඩක් ඔය ගමන යන්න කලින් ගිම්හාණිව කන්සල්ට් කරන්න තිබ්බේ. ඔන්න තෑගි දෙනවනම්.

    ReplyDelete
  28. සල්ලි ඕනෙය මලේ තෑගි දෙන්න. ? ;)

    ReplyDelete
  29. කියන්න දෙයක් නෑ මෙයා මාමයිට් ගා ගැනිල්ල කෙසේ වෙතත් බොන්න වගේ ලෑස්තිය..හික්ස්..
    ඈ යකොඩෝ..මහපොළ දෙන්නේ කෙල්ලොන්ට තෑගි දෙන්නද...

    @සාතන්
    අයියේ මෙයානේ කියන්නේ එයා මෙයාගේ යාලුවා කියලා...ඒ හින්දා වැඩිය මුකුත් කියන්න එපෝ...

    ReplyDelete
  30. මල්ලිටත් වැඩේ සෙට් වෙයි වගේ..... හැබැයි ඉතින් කෙල්ල මල්ලිට මුකුත් අරන් දෙන්න කිවේ නැනේ.. ඒ හින්දා දතක් ගලවන්න හදපු බවක් මට තේරෙන්නෙත් නම් නැ.

    ඇයි බන් තාත්තා බැන්ක් එකවුන්ට් එකටම මනි දාන්නේ... ගෙදර කවුරුවත් නැතුවද???

    අපරාදේ ඔය ඇඩිල්ල නතර කරන්න තිබුනා මෙදා සැරේ තාත්තා අනිවා ගෙදරටම තැග්ගක් එවලා ඇති කිවා නම්

    ReplyDelete
  31. මල්ලී උඹ සුජීවගෙ නවකතා කියවල තියද.. ඩිංගක් පරිස්සං වෙනව හොඳා..

    ReplyDelete
  32. නියමයි නියමයි... නියම කතාව...

    ReplyDelete
  33. වැරැදි මිනිහටයි එන්න කියල තියෙන්නෙ කෙල්ල අනේ පව් :)

    ReplyDelete
  34. මොකද්ද බං නයට හරි මොකුත් අරං දෙන්න තිබුනා . අඩුම ගානේ රුපියල් 100ක බඩ්ඩක්වත් අරං දෙන්න එපෑය .

    ඔතන මම හිටියනම් .මම කාගෙ හරි පොකට් එකට ගහලා හරි කෙල්ලට ගිෆ්ට් එකක් දෙනවා ආ .. අන්න මම !

    මමත් කියන්නේ ! ආයෙම වතාවක් පන්සල් ගියොත් හොඳයි ..අයියේ .

    ReplyDelete
  35. පන්සල් ගිහින් එනකන්ම ආරක්සාව දුන්නෙ ඒකම මදෑ තෑග්ගට... ඔය අඩන බබාලට ඔන්න බබෝ බිල්ලා එනෝ කියල උම්මා එකක් දුන්නම හරි... :D

    ReplyDelete
  36. දුප්පත් අපිට නොදෙන මහපොළ මෙයාලා අරන් කෙල්ලොන්ට තෑගි අරන් දෙන්න...මොන තරම් අසාධාරණයක්ද? :P

    ReplyDelete
  37. @සාතන් :
    ඔය අත්දැකීම් තියෙන අයම කියලා තියෙන්නේ. ඒකනේ පුදුම අමාරුවක් තිබ්බේ.

    @තාරක Dilsh@n :
    පොතක් පෙරලන්නද දන්නේ නෑ. අනේ මන්දා උබ වගේම තමා මාත්. කේක් එකකට ඉටිපන්දම් ගහලා නෑ කවදාවත්. කේක් කෑල්ලක් ගෙනාවත් අම්මා කපලා දෙනවා කාහන් කියලා.

    @නදී :
    නෑ අක්කා. එහෙම තෑගි ඕනමයි කියලා අඬන එකනේ වැරදි. තෑගි ලැබෙනවට කවුරුත් කැමතියි. ඉතින් එහෙම කියලා ඒ මත්තෙම නහින්න ඕනැයි. :)

    ReplyDelete
  38. @Gimhani :
    මොකද්ද ඔය කියන නොමිලේ දෙන තෑග්ග ?
    මට නැහැ මොකවත් තේරෙන්නේ. :)

    @චතුමිතු :
    අන්න මගේම අදහස් තියෙන කෙනෙක් !!!!
    තෑගි ඉල්ලලා දෙමව්පියන්ට කරදර කරන්නේ මොකද නේ. එයාලට පුලුවන් නම් අරන් දේවි. ඔයා යාළුවන්ට තෑගි අරන්දෙන එක සුබ පතන එක හොදයි. අඩුමගානේ එක්කෙනෙක්ට හරි ඔයාගේ උපන්දිනේ මතක තිබිලා සුබ පතයි නේ.

    @Praසන්ன :
    එහෙනම් එන්න එන්නම වැඩේ දරුණු වෙනවා වගේ.

    ReplyDelete
  39. @ChammA :
    පිස්සුද මල්ලි එයාට මාව ඉපෙෂල් උනාට මට එක කෙල්ලෙක් විතරයි. එහෙම අවුලක් නෑ.

    @ගයන්ත :
    අපෝ පැමිණිලි දාන්න නෙමේ මල්ලි. මාත් ඔය වැඩ වලට විරුද්ධයි. අධ්‍යාපන කටයුතු වලට දෙන සල්ලි ඔය වගේ විකාර වැඩවලට නාස්ති කරන එක වැරදියි.

    මං මහපොලින් අරන් දෙන්න හිටියේ මා අතට සල්ලි කීයක් හරි ලැබෙන්නේ ඕකෙන් විතරක්ම නිසා. මේකිගේ ඇඬියාව නවත්වන්න කියලා තමයි එහෙමවත් කරන්න හැදුවේ. මම් ඇත්තටම එහෙම දේවල් වලට විරුද්ධයි !!!!!

    @Anonymous :
    ඒක තමයි මාත් අහලා බැලුවේ.

    ReplyDelete
  40. @malmi :
    ඉතින් කවුද යාලු මෙහෙම පොඩි දේකට අඬනවා කියලා දන්නේ. මං හිතුවේ මොකක් හරි වෙන දේකට අඬනවා කියලා.

    @පැණි දොඩම් - [නුවන් කුමාරනායක] :
    ඒකනේ අයියා. වයසට යන එක උත්සව අරගෙන සමරන්න ඕනයෑ. අපිට පුලුවන් නම් එදාට මොකක් හරි හොද වැඩක් කරන්න. අන්න ඒක තමයි නියම උපන්දිනේ.

    @නිම්ශා :
    ඒකනේ නංගි. පොඩි කාලේ ඉදන්ම එන පුරුදු නේ. ඒවා ඉතින් යවා ගන්න ගොඩක් අමාරුයි.නංගි කියන එක හරි. වයසට යන එක සමරන්න ඕන යෑ.

    ReplyDelete
  41. @දිනුක ජයකොඩි :
    වෙන්න අති වෙන්න ඇති !!!!
    අර කිව්වත් වගේ මාත් ගොනා වගේ අරන් දෙනවනේ.

    @කතන්දර Kathandara :
    මොකද්ද අයියා කතා තුන හතර ?

    @Nisupa :
    නැතුව අක්කා. එකපාරටම අඬන්න ගත්තම මට දෙලෝ රත් උනා.

    ReplyDelete
  42. @රත්ගමයා :
    ඒ කෙල්ල හිතන්න ඇති මුට පිනක්වත් කරලා දෙන එක හොදයි කියලා.

    @සනෝජ් තරංග :
    ඒකනේ. :)

    @Podi Kumarihami :
    ඒකනේ අක්කා. කවුද දන්නේ එන්න කියලා ටැප් එක ඇරියා වගේ අඬනවා කියලා.

    @indi :
    අනිවාර්යෙන්ම !!!!! :)

    ReplyDelete
  43. @නාකියා :
    ඒ කෙල්ලව උබට හම්බ උනාද. අඩුමගානේ මගේ යාළුවෙක් විදිහටවත් ඒයැයිට තෑග්ගක් අරන් දෙන්න එපැයි :)

    @rmpmcreation :
    පොත් නෙමෙයි. පෙරලගන්න බාල්දි !!!!
    මාත් එහන්නේ මොකද්ද ඒ තෑග්ග කියලා !!!!! හික් :)

    @blog gadol :
    ගෙදරින් තෑගි නැතුනාට ගෑනු ළමයාගෙන් තෑගි ලැබෙනවනේ. !!!!! වාසනාවන්ත පූස් තඩියෙක් !!!

    ReplyDelete
  44. @Asanka Udara :
    අපෝ ඕවා මතක තියාගන්නේ මොකටද අප්පා !!!! වය්සට යන එක විතරනේ වෙන්නේ.

    @ලහිරු :
    පවුඩර් බබෙක් නේන්නම්. පුරුදු වෙලා තියෙන්නේ පුදුම දේවල්

    @AnithKona :
    මුකුත් දුන්නේ නෑ. හෙහෙහෙ :)

    ReplyDelete
  45. @චත් :
    ඔන්න ඕනේ නෑනේ. අපි මොකටද වයසට යන එකට සතුටු වෙන්නේ.

    @කපී කේක් :
    අපෝ එහෙම කෙල්ලෝ එපා !!!!
    මේන්ටේනන්ස් වලට මාරම ගානක් කැපෙනවනේ !!!! කොටින්ම ආර්ථිකමය වශයෙන් පාඩු සහගතයි මෙහෙම කෙල්ලෙක් ඉන්න එක !!!!

    @වෙද ගෙදර මහ වෙදනා :
    අපරාදේ අයියා. ඊලඟ අවුරුද්දෙවත් ගිම්හානි අක්කව කන්සල්ට් කරලා යන්න ඕනා.

    ReplyDelete
  46. @nawammawatha :
    අයියා අතින් කාලා හරක් බලන්න වගේ ලෑස්ති වෙන්නේ !!!! :)

    @අසනි :
    නෑ නෑ යාලු. එහෙම දෙයක් නෙමේ මගේ අතට සල්ලි ටිකක් ලැබෙන්නේ මහපොලින් විතරනේ. ඒකයි ඒකෙන්වත් අරන් දෙන්න තිබ්බා කියලා කියන්නේ.

    @දේවා ගේ අඩවිය :
    තාත්තා එකවුන්ට් එකට සල්ලි දාන්නේ. ඒකෙන් තමයි ඕන කරන දේවල් ගන්නේ. හොස්ටල් එකේ නේ ඔය කෙල්ල ඉන්නේ.

    ReplyDelete
  47. @සපතේරු උන්නැහේ :
    අම්මෝ හොද වෙලාවට ඉස්සර වගේ සුජීවගේ පොත් කියවන පිස්සුව නෑ.
    මම් අයියගේ බ්ලොග් අඩවියටත් ගියා.

    @සිතුවිල්ල. :
    නියම කතාවක් නේන්නම්. :)

    @``` Outsider``` :
    ඉතින් හරි එකාට එන්න කිව්වනම් මට බස් ටිකට් එකේ ගානත් ඉතුරුයි නේ.

    ReplyDelete
  48. @හිස් අහස :
    මෙන්න අදහන්න වටින කොල්ලෙක් !!!! අම්මෝ මම නම් පොකට් ගහනවා කියලා ඒ ගැන හිතන්නෙවත් නෑ. කෙල්ලෙක් හන්දා චාටර් කන්න බෑ.

    @ප්‍රසංග :
    ඒකනේ ආරක්ෂාවම මදෑ. උම්මා එකට දෙකක් දෙන්න බැරුව යෑ මම් යාලුවෙලා හිටිය කෙනා නම්. :)

    @මන්තරකාරි :
    එහෙම නෑ මන්තරේ. මම් එහෙම දේවල් අරන් දෙන එකට විරුද්දයි !!!!

    (ගයන්ත මල්ලිට දාපු කමෙන්ට් එක බලන්න මන්තරේ !!!!)

    ReplyDelete
  49. හරි මට ඇත්තම කියපන්. දැන් උඹ මුකුත්ම අරන් දුන්නෙ නෑ? අනේ නිකන් බොරු කියන්න එපා බං.

    ReplyDelete
  50. මෙන්න මූට කෙල්ලෙක් සෙට් වෙලෝ... =))
    ඔන්න ඕක තමා කියන්නෙ කට බොරු කිව්වත් දිව බොරු කරන්නෙ නෑ කියලා...
    හැබැයි කොල්ලො උඹව ඒ කෙල්ල විකුණයි හොදේ.
    බලාගෙනයි, පය බුරුලෙන් තබා වරෙන් කිව්වලු..හික්ස්....

    ReplyDelete
  51. ගෑනු මායං.... හැමදාම උපන්දිනේ කියල එක් එකා එක්ක පන්සල් ගිහින් ඇඩොවොත්.. අඩිමගානෙ වුරුද්දට තෑගි 100 පන්නන්න පුලුවන්...

    ReplyDelete
  52. මොකද මේ කෙල්ලො ඔයාටම අඬගහන්නෙ පන්සල් යන්න??????????

    ReplyDelete
  53. හැ හෑ..ෂුවර් එකට කෙල්ල ඔට්ටුවක් අල්ලන්න ඇති උබේ කෙල්ලත් එක්ක උබෙන් තෑග්ගක් ගන්නව කියල උපන් දිනේට.දැන් එතකොට මුකුත්ම දුන්නෙ නෑ.හා හා අපි එහෙමයි කියමුකො ඉතින්...

    ReplyDelete
  54. එනපොට හොඳ නෑ සහෝ..

    ReplyDelete
  55. එයාගේ උපන් දිනේට මොකුත් අරන් දුන්නෙම නැ කියලද කියන්නේ..

    ReplyDelete
  56. තාත්තාගෙන් තෑග්ගක් නොලැබුනු නිසා නෙවි අඬලා තියෙන්න. මෙච්චර වැදගත් දවසක මේ වගේ පිං අතේ වැඩක් කරලා ඒක මතක් වෙන්න තෑග්ගක් අරන් නොදුන්නු නිසායි.

    ReplyDelete
  57. චිකේ මොනාද බං... කෙල්ලෙක්ට අඩන්න දීලා උඹ නිකා හිටියේ... ලාවට කම්මුලට තෑග්ග දුන්නනම් ඉවරයිනේ බං...

    ReplyDelete
  58. @Kasun :
    අරන් දුන්නේ නෑ කසුනා. ඇත්තමයි බං !!!!

    @සීතල අයියා :
    අපෝ සීතලේ මේ කෙල්ලව නම් මට එපා. තනිකරම බෝනික්කෙක් වගේ ඉන්න කෙල්ලෙක් නෙව. එහෙම අය මට එපා !!!!

    @පොඩි මෑන් :
    එහෙමද දන්නේ නෑ මේ කෙල්ලත් !!!!!

    ReplyDelete
  59. @තාරා :
    මම් ඒයැයිගේ හොද යාලුවෙක් නේ නංගි. ඒකයි

    @Lalit Udawela :
    එහෙමද දන්නේ නෑ. මගෙන් දත් ගලවන්න හදන්නේ.

    @චතුර.... :
    මට එහෙමත් හිතුනා !!!!

    ReplyDelete
  60. @රතු මුහුද :
    ඔවු නෑ තමා හලෝ. සල්ලි නෑනේ. තිබ්බා නම් අනිවා අරන් දෙනවා.

    @RoshanHerath :
    මාව පන්සල් එක්කන් ගිය එකද පින් අතේ වැඩේ !!!!! මම් පන්සල් යනවා හලෝ !!!!

    @prasanna86k :
    අම්මෝ මේකා කියන කතා !!!! මගේ ඇඟේ හීගඩුත් පිපුනා !!!! කොහොමද හලෝ එහෙම කරන්නේ. තිබ්බ යලුකමත් නැතිවෙනවනේ. :(

    ReplyDelete
  61. @nawammawatha,
    අර උඹ දුන්නා වගේ කලු ගලක්ද ......

    ReplyDelete
  62. මලයා එක්කම පන්සල් යන්න ඕන උනේ කෙල්ලට ෂුවර් මොකක් හරි විශේෂයක් තියනවා ...........

    පොඩියට චොකලට් එකක් හරි අරන් දෙන්නයි තිබුනෙ .....

    (අපි දන්නෙ නැති උනාට ඊට වඩා දේවල් දුන්නද කවුද දන්නෙ)

    ReplyDelete
  63. මරු වැඩනෙ අයියාටත් ව්එන්නෙ... හි හි... ඒත් ඒ ගෑණු ළමය ඇයි අයියාටම විතරක් එන්න කිව්වෙ පන්සල් යන්න??? හිතුවක්කාරිට මාර ප්‍රශ්නෙ ඒක... ;)
    මටත් එහෙමයි.. උපන්දිනේ කියලා අම්මලගෙන් නම් විශේෂ තෑගි ලැබ්බෙනෙ නෑ... ගෙදර් මොකුත් කෑමක් බීමක් හදනවා අම්ම. එචරයි. යාළුවො සුභ පතනවා. තෑග්ගක් හම්බෙයි. එච්ච්ර තමයි... :) ඒ ගෑණු ළමය පුරුදු ව්එලා තියන විදිය වෙන්නැති..

    ReplyDelete
  64. දන්ත වෛද්‍ය සායනයක් පැවැත්වෙන්න ගිහින් නූලෙන් නතර වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  65. මගේ උපන් දිනේ මට මතක් වෙන්නෙත් ගොඩක් වෙලාවට දිනේ පහු උනාම.ඉතින් මොන තෑගිද?

    ReplyDelete
  66. මට නං ඒ ගෑණු ළමය ගැන දුකයි. උපන්දිනේට ඔන්න තෑග්ගක් ගන්න කියලා සල්ලි දෙන අය හරි විරලයි. චූටි දෙයක් හරි තාත්තගෙ අතින් දෙනවා නම් දරුවෙක් සතුටු වෙයි නේද? ඒ සල්ලිත් බැංකු පොතට. මේ කියන විදිහට මේ ගමන සල්ලි දෙන්න විතරක් නෙමේ තාත්තට දූගෙ උපන්දිනේ අමතකම වෙලා. ගෙදරින් ඈත් වෙලා ඉන්න කෙනෙකුට ඒක හරි දුකක්. පව්. හැබැයි ඉතින් පන්සල් යන්න මධුරංග මල්ලිටම කතා කළේ මොකද කියලා නං හොයන්න වෙනව. එච්චර අඬලත් මේකා රුපියල් දහයෙ චොකලට් ඒක වත් අරන් දීලා නැහැනේ.

    ReplyDelete
  67. @පන්සල් හංදිය :
    අපරාදේ අයියා. මට ඕක නිකන්වත් මතක් උනේ නෑනේ.

    @හිතුවක්කාරි :
    හිතුවක්කාරිට විතරක්ම නෙමේයි ගොඩක් කට්ටියටත් ඕක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

    @පිණිබිඳු... :
    මේ කෙල්ලෝ ඔක්කොම එකයි අප්පා !!!!!
    කාගෙද දන්ත සායනයක් වෙන්න තිබ්බේ ? මගේද ? එව්වා නම් හඳේ ඈ !!!! :)

    @RKS :
    ඕකම තමා මගේ උපන්දිනේටත් වෙන්නේ.

    @හරී - පිණිපළස :
    ඉතින් අක්කා මට ඕක මතක් උනේ නෑනේ. ඒකනේ වැඩේ.
    පවු අක්කා. එයාලා හැදිලා තියෙන හැටිනේ ඔය.

    ReplyDelete
  68. හී හී.. මම නම් මුකූත්ම කියන්නේ නෑලු... :P

    ReplyDelete
  69. කෙල්ලො කියන්නේ වදයක් කියන වචනෙට තව සමාන පදයක් බං!

    ReplyDelete
  70. මටනම් ඉතින් උපන් දිනයට යාලුවොන්ගෙන් ගෙදර අයගෙන් මොනවම හරි තෑග්ගක් ලෑබෙනවා.අනික සමහර ගෑනු ලමයි බලන් ඉන්නව උපන් දිනෙට වත් තෑග්ගක් ලෑබෙනකම්.

    ReplyDelete
  71. හැක්...හැක්... උඹටත් වෙන එව්වා.... මං හිතන්නෙ කෙල්ල උඹෙන් තෑග්ගක් ඉල්ලලාද කොහෙද.... නොකියා කියන්න ඇත්තෙ ඒක වෙන්න ඇති....

    ReplyDelete
  72. ඔය යාළුවා කිව්වේ girl friend ට වෙන්න ඇති. මේකයි..එක එක් කෙනාගේ පවුල් පසුබිම් වෙනස්. හිතන පතන විදිය වෙනස්. තමන්ට ගැලපෙන්නේ නැහැ කියලා හිතෙනවානම් අත අරින එක තමයි හොන්දම වැඩේ. නිකන් කාටවත් දුක් දෙන්නෙ නැතුව.මේ පොස්ට් එක මට නම් අප්පිරියයි. මොකද මම හැමදේම දන්න නිසා.මගේ comment එක publish වුනොත් පුදුමයි ඉතින්.

    ReplyDelete
  73. @Harshani Nawarathna :
    ඔන්න කමෙන්ට් එක පබ්ලිශ් කලා.

    මෙහෙමයි හර්ශනී. මට මේ කෙල්ල ගන පුද්ගලික තරහක් නෑ. මම් ලියන රටාව අනුව ඔයාට එහෙම හිතෙනවා ඇති. නමුත් මේ කෙනාගේ මේ හැසිරීම හිතන විදිහ පොඩ්ඩක් හදා ගන්න ඕනා. මොකද සල්ලි කියන දේ හමදාම එකම විදිහට එක වගේ අපි ගාව තියෙන්නේ නෑ.

    සල්ලි, තියෙන දවසුත් තියෙනවා නති දවසුත් තියෙනවා. එදා වෙලා තියෙන්නේ එයාලගේ අප්පච්චිට සල්ලි දාන්න අමතක වෙච්ච එකක්. ඉතින් අඩුම තරමේ උපන්දිනේට පන්සල් ගියාවත් කියලා හිත හදා ගන්න ඕනේ.

    අනික මගේ ලඟත් සල්ලි තිබ්බේ නෑ. තිබ්බ නම් කලින් උපන්දින වල වගේ මම් මොනාහරි අරන් දෙනවා. එයා එහෙම අඩනකොට මටත් දුකයි.

    අනික හර්ශනී අපි පොඩි කාලේ වගේ පොඩි ලමයි විදිහට ඉන්න බෑනේ.

    ඔයා කියන කතාවත් හරි. දෙන්නට දෙන්නා ඉන්න බැරිනම් වෙනස් වෙන් වෙන එක තමයි හොද.
    -------------------------------------------

    ප.ලි.- කලින් පෝස්ට් එකට ඔයා දාපු කමෙන්ට් එක නම් ඩිලීට් කලා. මොකද මම් ඒ පෝස්ට් එක දාලා කලේ වරදක් නිසා.මගේ පෝස්ට් වල හොද වගේම නරක කියන එකත් කියවන ඔයාලට බාරයි. හොද වගේම නරකත් තියෙන්න ඕනා. එතකොට තමයි අඩුපාඩු හදාගන්න පුලුවන් වෙන්නේ.

    ඒ වගේම පෝස්ට් එකත් අප්ඩේට් කලා. ගොඩක් ස්තුතියි ඒවගේම පින් මගේ වැරදි නිවැරදි කිරීම වෙනුවෙන් !!!!!!!

    ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට.

    ReplyDelete
  74. hmmmmm mewa dakinne danne !

    ReplyDelete
  75. @Anonymous :
    නෑ නෑ. කලින් දැකපු නිසයි ලියන්න හිතුවේ. පොස්ට් කලේ පස්සේ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.