ඉස්සර මම් පොඩි කාලේ අපේ මාමා සිල්ලර කඩයක් කලා. ඒ දවස්වල කඩේ වැඩ කරන්න මාමත් එක්ක එකට වැඩ කරපු ගෝලයෙක් හිටියා. ඒකාට ඒ හැටි වයසක් නැති හන්දා ඒකා අපිත් (මායි අපේ මලයයි) එක්ක මාරම ෆිට්. අපිත් ඉතින් නිවාඩු වෙලාවක් අහු වෙච්ච හැටියෙම මාමලෑ කඩේට ගිහින් ඉන්නවා.
මාමලෑ කඩේ වැඩ කරපු එකා කුලියාපිටිය පැත්තේ කිරිමැටියාන කියන ගමේ එකෙක්. ඒකා දවසක් ගමේ යන්න ලෑස්ති වෙනවා. අපිටත් මාරම ආසයි ඔය පැත්තේ ගිහින් එන්න. මොකද කවදා ගිහින් තියෙන හරියක් යෑ. ඉතින් මායි මලයයි අපේ අම්මගෙන් ඇහුවා ගිහින් එන්නද කියලා. අම්මත් කිව්වා එක දවසින් එනවනම් අවුලක් නෑ හැබැයි දවස් දෙකක් නම් යන්න දෙන්නේ නෑ කියලා.
වැඩේ කියන්නේ මූ යන්නේ දවස් දෙකකට ලූ. මමයි මල්ලියි අම්මට කන්නලවු කලත් හරි ගියේ නෑ. ඒ නිසා ගෙදෙට්ට හොරෙන් ගමන යන්න ලෑස්ති උනා. කොහොමහරි එදා අම්මා සමෘද්ධි රැස්වීමකට ගිහින්. මමයි මල්ලියි ලෑස්ති වෙලා ඒ අයියලෑ දිහාවේ යන්න පිටත් උනා.කොහොමහරි කුලියාපිටි බස් එකට ගොඩ වෙන්න කලින් ඒ අයියව අපිට සෙට් උනා. කට්ටියම සෙට් වෙලා ඒ අයියලෑ ගෙදර ගියා.
එදා දවල්ට ඒ අයියලෑ ගෙදරින් කෑම කාලා හවස් අතේ ගම පුරාම ඇවිද්දා.දවසම විනෝදෙන් හිටියා මිසක්කා අපට ගෙදර ගැන ගානක්වත් තිබ්බේ නෑ. කොහොමින් කොහොමහරි අපි රෑටත් කාලා නිදාගත්තා. වැඩි වෙලා නිදාගන්න ලැබුනේ නෑ. ඒ ගේ ඉස්සරා එකපාරටම වාහනයක් නවත්තන සද්දේ ඇහුනා. මෙන්න බොලේ අම්මයි ලොකු අම්මයි මාමයි වෑන් එකක් හයර් කරගෙන ඇවිල්ල !!!!!
එකපාරටම අපේ අම්මා පැනපු ගමන් ඇඳ යට තිබ්බ විකට් පොල්ලක් (ස්ටම්ප් එකක් ) ඇදලා අරගෙන නෙලන්න ගත්තා. අම්මා ගහයි ස්ටම්ප් එකෙන් කිව්වලු !!!! දෙක වදිනකොට මම් වෑන් එක ඇතුලේ !!!! මල්ලිත් අඬ අඬ වෑන් එකට නැග්ගා. ඊට පස්සේ අපට නොසෑහෙන්න බැනලා අපි ඒ ගෙදරින් පිටත් උනා.
එන ගමන අම්මා මගින් මගට බනිනවා ඉවරයක් නෑ. මාත් ගොනා වගේ අහගෙන ඉන්නවා. කොහොමහරි මහබාගේ කිට්ටුව නයිට් කඩයක් ලඟ වාහනය නවත්තලා තේ බොන්න ලෑස්ති උනා.
"ලොකු පුතාට මතකද දවසක් අපි වැලිසර ඉස්පිරිතාලේ යනකොට මේ කඩෙන් තේ බිව්වා !!!!" අම්මා මං දිහාට හැරිලා කිව්වා. මට කාපු කැවිල්ලේ හැටියට ඒ කිසිම එකක් මතක තිබ්බේ නෑ. මං යන්තම් හිනා උනා.කොහොමරි ඒ කඩෙන් තේ බීලා ගෙදර ආවා. ගෙදර ආපු හැටියෙම මම් ඇඳ බදාගෙන නිදා ගත්තා. ඇයි වදේ ආයෙම බැනුම් අහන්න පුලුවන් යෑ.
කොහොමහරි මේ ගමනෙන් කාපු තරමක් ගුටි කෑවේ මම්. හරියට අපේ මලයව මම් වඩාගෙන මේ ගමන එක්කන් ගියා වගේ !!!! දවස් දෙකක් යනකන් බැනිල්ල නම් තිබ්බා.අන්තිමේදි අම්මා ෂේප් උනා.
මේ කරපු පිස්සු වැඩෙන් දුක හිතුනේ එදා ඒ වෑන් එකේ හයර් එකට සල්ලි ගෙව්වේ අපේ අප්පච්චි කලින් දවසේ නයිටක් කරලා ගෙදර ගෙනාපු සල්ලි වලින් බව දැනගත්තට පස්සේ. හිතන්නකෝ අපේ අප්පච්චි මුලු රෑක් පොහොර මිටි කරගහලා හොයා ගත්තු රුපියල් 1800ක් මේ වගේ පිස්සු වැඩකට යොදවන්න උනා කියලා. ඒක නම් අපි කරගත්තු ලොකු පවක් !!!!!
කොහොමරි එදායින් පස්සේ මම නම් මේ වගේ ගමන් යන්නේ නෑ කියලා හිතාගත්තා. හැබැයි කැම්පස් ආවට පස්සේ නම් මේ වගේ ගමන් යන්න ගෙදරින් අවුලක් නෑ. දවස් දෙක තුන උනත් ඕන තැනක ඉදලා ආව හැකි.
කමක් නෑ, අම්ම බැට් එකෙන් නොගහ බේරුන එක මදැයි. මට නම් පොඩි කාලෙ ඉඳලම කොහේ හරි යන්න ඕන කිව්වොත්, ගෙදරින් අවසර ලැබෙනව. ඒ ඉතින් මාව ගෙදරට විස්වාස නිසා. උඹව ගෙදරට විස්වාස නැතුව ඇති. :D
ReplyDeleteහි හි පස්ට දෙන්නෙක්නේ අයියයි මලයයි..
ReplyDeleteඕව මොනාද බන් මට වැදිල තියෙන ශොටුත් එක්ක.. :)
ReplyDeleteහයියෝ ඔයින් ගියා මදෑ..
ReplyDeleteඉතිං ඊට පස්සේ කඩේ වැඩකරපු එකාට මොකෝ උනේ.
ReplyDeleteඔයාගෙ අප්පච්චි පව්.දෙන්න තිබ්බෙ පලුයන්න ආය ඒවගේ වැඩ නොකරන්න.මල්ලිවත් ලෑස්ති කරගනනේ ගිහින් තියෙන්නේ.අප්පේ අම්ම බය වෙන්නැති හොදටම.
ReplyDeleteවැඩේට හිනාත් යනවා.. දුකත් හිතෙනවා... එතකොට ඔයාට වයස කීයද???
ReplyDeleteදැන් නම් කුලියාපිටිය හොදට හුරු පුරුදු ගමනේ නේද ? දැන් ඉතින් මලයා කුලියාපිටි යන්නේ කඩේ අයියලාගේ ගෙදර යන්නම නෙමෙඉනෙ නේද ?
ReplyDeleteඔයා කලේනම් වැරද්දක් තමයි. ඒත් එච්චර සතුටෙන් ඉදලා මෙහෙම දෙයක් උනාම පුදුම දුකක් දැනෙන්නේ.. මේව ඉතින් රසවත් අත්දැකීම් නේද???
ReplyDeleteඔක්කොමත් හරි තාත්තා අමාරුවෙන් හොයපු සල්ලි තමා ප්‍රශ්නෙ, නැත්නම් ස්ටම්ප් පාරවල නම් මොනාද අම්මානෙ ගැහුවෙ ...
ReplyDeleteගුටි කෑවත් මොකද දවස පුරාම විනෝද වුණානෙ හොදටම. ජිවිත පොතට + වෙච්ච අලුත් දවසක්නේ
ReplyDeleteඅනේ අනේ මල්ලිත් නියම වැඩ තමයි කරලා තියෙන්නෙ. පව් තාත්තයි අම්මයි. ඔයාලා කීය වසරෙද එතකොට.??
ReplyDeleteඑල එල ,,,,,,,
ReplyDeleteඔයින් ගියා ඇති. මට මතකයි අපේ අයියත් දවසක් ඔයවගේ දෙයක් කරලා තාත්තා ගිහින් ගෙදර ගෙනාවා හැබැයි නිකම් නේමෙයි. ඔයාට වගෙම නෙලලා... :P කොහොම වුනත් සුන්දර මතක සටහනක් නේද ..
ReplyDeleteඅයියත් මරු.. අම්මා බය වෙන්න ඇති හොඳ ගානට, යන තැන දන්න නිසා හොඳයි,. නොදන්න තැනක් වුනා නම් පව් අම්මා..
ReplyDeleteඅයියයි මලයයි මාර පුත්‍රයෝ ඩබලක් නෙව.. හී හී
දෙන්න ඕනි තමයි මතක හිටින්න ඔය වගේ වැඩ වලට...
ReplyDeleteඔයිං ගියා මදෑ. මං එකපාරක් මොකක්ද අළුගුත්තේරු වැඩක් කරල කෑවෙ ටෝච් එකෙන්. කාලයක් යනකං නළලෙ තිබුන කළු වෙලා තැළුම් පාර.
ReplyDeleteඅනේ මේ මොන අපරාදයක්ද?????
ReplyDeleteඇයි දෙයි හාමුදුරුවනේ විකට් පොල්ලෙන් ගැහුවෙ. :(
ගහන්න තිබ්බෙ හොද දෙකේ දෙකේ පොල්ලකින්නෙ. ෂික්... අපරාදෙ... :(
හොඳ වැඩේ.
ReplyDeleteඔය කුලියාපිටිය පැත්තෙ අපෙත් පුංචි අම්මා කෙනෙක් හිටියා, නිවාඩුවට එහෙ දුවන්නෙ කජු, දිවුල්, අඹ වගේ ජාති පිරිලා තියෙන නිසා. වතුර තමයි ලොකුම ගැටළුව. බොන්න බෑ, කිවුල් රහයි,,
හහ් හා.. ඔය හම්බවෙලා තියෙන්නේ... හොඳ වැඩේ කොල්ලට..
ReplyDeleteදැන් වගේම තමයි, ඒ දවස්වලත් ඉතින් කියනදේ අහලම නෑ...:D
ReplyDeleteමම හිතුවේ කිරිමැටියාන තියෙන්නේ කුරුණෑගල පැත්තේ කියලා.
අප්පච්චි පව් අප්පා...
හික් හික්......චූටි නෝටි මදුරංග පුතා...හරි දග ලමයා...
ReplyDeleteබොරු කියන්නෙ එපා..දැනුත් දෙනවා ඇති විකට් පොල්ලකින් කොහේ හරි ගිහින් ආවාම
උඹට කුලියාපිට යන්න ඔච්චරම ආසනම් මට කියපං... මං ගමේ යන වෙලාවක යමන්... හැබැයි දවසෙන් නම් එන්න හිතන්න වත් එපා. මොකද මං එන්නේ දවස් දෙක තුනක් ඉඳලා...
ReplyDeleteඅනෙ අම්මපා අපේ අම්මලා ඔහොම මම ගැන වද වෙන්නැති හැටි.
ReplyDeleteඕව කොරන්න ඕනි නේන්නම් බං.
හෙ හෙ මරු වැඩේ.
හික්ස්.. කතාව කියවනකොට නම් හොදටම හිනා ගියා.. එ වගේම මාත් ඔය වගේ වැඩක් කළා... අපේ අම්මා නම් ගත්තේ කොස්ස.. එත් තාත්තා මට ගහන්න දුන්නේ නෑ.එදා තාත්තා තමයි මාව බේරගත්තේ.. එ වගේම අර කඩේ කොල්ලට මොකද වුනේ????
ReplyDeleteඇති ඔයින් ගියා.හැබැයි වැරදි වැඩක් තමයි කොරලා තියෙන්නෙ..
ReplyDeleteරස්තියාදුවක් ගහපු නැති කොල්ලෙක්ගෙන් වැඩක් නෑ බං.ඒ වගේම තමා ගෙදරිං ගුටි කාලත් නැත්තං ඌ කොල්ලෙක්ය කියලා හිතාගන්න බෑනෙ.හිහ් හිහ් හී
ReplyDeleteඇත්තනේ.....අම්මලා මොන තරම් බය වෙන්න ඇද්ද.
ReplyDeleteපුදුමයි ඔයින් ෂේප් උනා.
අපේ ගෙදරක උනා නම්...කුමට කියනවද..!!!
අපේ අම්මලත් ඔහොමයි ආයෙ හෝදන්න දෙයක් නෑ.... ඒත් දෙමාපියන්ගෙ මේ අන්ද ආදරේ නිසා ළමයි ඒ ගොල්ලො කියන දෙපැත්තම දුක් විදිනවා.. දැන් ඊලග දවසෙ ආවම ස්ටම්ප් එකෙනුයි බැට් එකෙනුයි දෙකෙන්ම ගැහුවනම් ඉවරයිනෙ.... ඊටත් වඩා ගමන යන්න අහපු දවසෙ එක දවස උනාම මොකද දෙක උනාම මොකද... ?? එයාලගෙ හිතේ තියෙන බයට අපිට සීම දානවා.. ආදරේ කියන්නෙ ආත්මාර්ත කාමී දෙයක් නෙවෙයි.. අපේ ගෙදරත් ඔහොමමයි වෙන්නෙ... මම ආමාගෙන් අහුවාම කියන්නෙ උබල මොකේ ගිහින් එනවද කියල අපිට නින්ද යන්නෙ නෑලු...
ReplyDeleteමම නම් ඒ ආදරේට විරිද්දයි.. අම්ම තාත්ත නෙවෙයි කවුරු උනත්...
ඔන්න ආයේ එහෙම කුලි ආපු වෙලාවක අපිවත් මිට් වෙලාම යන්න මතක තියා ගත්තොත් හොදයි....
ReplyDeleteඇයි අනේ ඔච්චර ලගකට ඇවිත් අපිව නොබලා යනවා කියන්නේ කොයි තරම් නරක වැඩක්ද????
අම්මෝ මමත් අම්මගෙන් නම් කාල ඇති මදි නොකියන්න.. :(
ReplyDeleteවාසනාවයි... මෙහෙමත් වැඩ කරනවද අපොයි අපොයි...
ReplyDeleteඅයියා කිරිමැටියාන තියෙන්නෙ දංකොටුවට ලගින්... කුලියාපිටිය ඊට හුගක් ඈතින් තියෙන්නේ....
අයියගෙ වගකීම හරියටම ඉස්ට කොරල තියෙන්නෙ යන යන තැන මලයවත් ඇදන් ගොහින්...
ReplyDeleteඅම්මගෙ අතට අහුවෙන්න තිබ්බෙ හොඳ හීනි කැඩෙන්නෙ නැති කෝටුවක්...අර වේවැලක් වගේ එකක්... ඒකෙන් ගුටි කනකොට මාර සනීපයි බං...
@Kasun :
ReplyDeleteඅවිස්වාසයක් තියෙනවා වෙන්ටෑ. ඒකනේ එහෙම කරන්නේ. හැබයි ඉතින් දවසින් ගිහින් එනවනම් ඕන තැනක් !!!!
@පිස්සු පුසා :
පස්ට තමා !!!! :) මමනේ ගුටි කන්නේ
@සාටර් :
අඩේ ඒ කියන්නේ උබත්කාලා තියෙනවද !!!! අම්මෝ එහීමත් කෑමක් :(
@පිණිබිඳු... :
ඒකනේ. උන්න හැටියට මලා මදෑ. :)
@Praසන්ன :
ReplyDeleteකඩේ වැඩ කරපු එකා ආයෙම දවස් දෙහෙකට විතර පස්සේ තමා කඩේට ආවේ.
@නදී :
ඔය ඉතින් !!!!! අක්කත් අපේ අම්මගේ පැත්තේ නේ. අපොයි අක්කේ :(
@තාරා :
ගොඩක්ම පොඩි කාලේ උනේ. හයේ හරි හතේ හරි වෙන්ටෑ.
@Tharanga :
ඒකනේ . හරිම හුරු පුරුදුයි. ගිහින්ම පුරුදු වෙලානේ තියෙන්නේ. හික්ස් :)
අනේ මන්දා උබටත් තියෙන ප්‍රශ්න !!!!
@Gimhani :
ReplyDeleteඒක හරි. සතුටින් ඉදලා දුකක් දැනුනම අමාරුයි තමා. ඒකනේ තාමත් මේ වගේ ඒවා මතක තියෙන්නේ. මාරම අත්දැකීම !!!
@පන්සල් හංදිය :
ඔන්න ඔතන තමා අයියා දුක තියෙන්නේ. නැත්නම් ගුටි කෑවට දුකක් නෑ.
@malmi :
ඒකනේ. මගේ අත්දැකීම් වලටම එකතු වෙලා.
@Nisupa :
ඒකනේ අක්කා. තාත්තා පවු. එතකොට මම් හතේ විතර
@sanjaya සිතුවිලි :
ReplyDeleteමොකෝ එල එල කියලා කියන්නේ. :)
@සිතුමි ප්‍රියංගා :
හරී.....ම සුන්දර අත්දැකීමක් තමා. ඔයාලගේ අයියටත් නෙලුවද !!! ඒක නඟා රස කර කර කියන ලස්සන විතරක් !!!! :)
@ප්‍රාර්ථනා :
අපෝ මාර පුත්‍රයෝ ඩබලක් නෙමේ. අපි අහිංසකයෝ දෙන්නෙක් !!!
@``` Outsider``` :
ඔය ඉතින්!!! ඔයාලත් එක්ක තමයි බැරි අප්පා :(
@nawammawatha :
ReplyDeleteමේවට හිනා වෙලත් බෑ. හිනා නොවිත් බෑ. මොනා උනත් පස්ට අත්දැකීම !!!!!
@සීතල අයියා :
අම්මෝ මේ සීතලයත් එක්ක තමා බැරි. හොද වෙලාවට මම් සීතල අයියලෑ ගෙවල් පැත්තේ නොහිටියේ. නැත්නම් සීතල අයියා හන්දත් මම් ගුටි කන්න තිබ්බා.
@හරී - පිණිපළස :
මෙන්න හරි අක්කත් හොද වැඩේ කියලා කියනවා. :(
ඇත්තටම ගම් පලාතක ටික දවසක් ඉන්න් තියෙනවනම් මාරම ආසයි.
@පැණි දොඩම් - [නුවන් කුමාරනායක] :
මාස ගානකටම හම්බ උනානේ.
@Podi Kumarihami :
ReplyDeleteනෑ නෑ. කුලියාපිටි කොළඹ පාරේ දංකොටුව පහුවෙච්ච ගමන් තමා තියෙන්නේ.
@රත්ගමයා :
අපි ක්‍රිකට් ගහන්නේ නෑ. එල්ලේ තමා ගහන්නේ. ඒකත් අතින් තමා ගහන්නේ. පිති එල්ලේ ගහන්න ඉඩක් නෑනේ. :)
@prasanna86k :
අඩේ මාළු අයියලෑ ගමත් කුලියාපිටි ද!!! එහෙනම් වෙලාවක යමුකෝ
@sithuwam :
ඔව්වා කරලා ගුටි කනකොටත් සැපයි අප්පා..
@චතුමිතු :
ReplyDeleteඒකත් ඉක්මනටම ලියන්න චතු මිතු. ඔයාට නම් අප්පච්චි හරි හිටියා. අපේ අප්පච්චි ඉදලත් ගහන්න ඉඩ දුන්නා නේ.
@rmpmcreation :
ඒක හරි මල්ලි වැරදි වැඩක් තමා.
@දිනුක ජයකොඩි :
ඒක හරි. මෙහෙම දෙය්ක් හරි තමා අන්තිමට මතක තියෙන්නේ.
@- නිල් අහස - :
මොකෝ අයියලාගේ ගෙදරිනුත් ඔහොම උනාම නෙලනවද
@පොඩි මෑන් :
ReplyDeleteඔය කතාවත් හරි තමා. ඒත් එයාලගේ ආදරේ නේ. අපි ඉතින් එයාලගෙන් යැපෙනකොට ඕවා ඉවසගෙන ඉන්න එපැයි.
@දේවා ගේ අඩවිය :
ඒ කාලේ ඉතින් දන්නේ නෑනේ. දන්නවනම් ඒ පැත්තෙත් එනවා.
වෙලාවක එන්නම්කෝ ඔයාලගේ දිහාවෙත්.
@..ChAnDiKa.. :
බලාගෙන ගියාම ගුටි කාපු නැති කෙනෙක් හොයාගන්න නෑනේ.
@MaRLaN :
අනේ මන්දා මල්ලි. අපි කුලියාපිටි යනවා කියලා තමයි ගියේ. 92 බස් එක තමයි ගත්තේ.
@ප්‍රසංග :
අම්මෝ වේ....වැල් නම් මතක් කරන්නම එපා. ඒකනේ මම් හොද අයියා කෙනෙක් නේ. හොදට යුතුකම් ඉටු කරලා තියෙනවා.
එහෙන් මෙහෙන් කියාපිකො මල්ලිට ගැහුවේ පොඩ්ඩයි..අයියායි වැඩිපුර කැවේ කියලා..මොකද ඉතින් අම්මා වැරදිත් නැ..පොඩි එකා කරන්නේ අයියා කරන වැඩ නොව...හික් ..හික්...
ReplyDeleteඔයාගේ අම්මා ඔයාට මොන තරන් ආදරේ ඇද්ද..ඒකනේ රෑම ඔයාලව හොයන් ආවේ.. නැත්තන් ඉතින් යුනි එකේ... මේ අලි කොල්ලව දාලා යද්දි අඩයියෑ...
ReplyDeleteමන් අම්මා උනානන් දෙන්නේ..මෝල් ගහෙන්...හී හී
පිස්සු කොල්ලෙක්නේ අහ්හ්.....
ReplyDeleteඅන්තිම ටික බලද්දී පපුව හෝස් ගාල ගියා බං .. අප්පච්චිට එදා උඹලා කරපු පාඩුව ජොබක් කරලා ගෙවන්න හිතාගනු අයියන්ඩි ..
ReplyDeleteමධුරංග අයියගේ විකට් කුඩු ..
කිරිමැටියාන තියෙන්නේ කුලියාපිටියේ නෙමෙයි. කුරුනෑගලත් නෙමෙයි. ඔය දෙකටම යන පාරේ. අයිති වෙන්නේ ලුනුවිල වෙන්නප්පුව කියන පලාතට. ලස්සන කුඹුරු යායක් තියෙනවා පාර අයින දිගට පොල්වතු අස්සෙන්.
ReplyDeleteකොහොමත් අපි පොඩි කාලවල කරපු සමහර දේවල් හිතුවම හිතට හරිම දුකයි. ඒත් ඉතින් තමන්ගේ දරුවෝ තරම් වටින දෙයක් අම්මලාට නෑ. ඒක නිසා ඒ අය ඒ ඒ කාලවල ඒ දේවල් සතුටින් කරන්න ඇති දෙපාරක් නොහිතාම.
දැන් කාලේ එවුන්ට ඔහොම නෙලුවනම් ලමා හිංසනය කියලා නඩු දාන රටක් නේ මේක .............
ReplyDeleteකුලියාපිටිය කිව්වම මතකයන් ගොඩක් එළියට ආවා.... හීන් සීරුවේ ලියන්න ඕනෙ ඒ ටික. ........
ReplyDeleteකොල්ල වෙට්ට පිත්තලයෙක් වගේ නේද ඉස්සර
මට නම් තාමත් ගොඩාක් වෙලාවට ඔහොමයි පිති හරඹයක් නැති වුනොත් දවස් දෙක තුනක් යනකම් නෝ සිනා නෝ කතා ඒක පිති හරඹෙට වැඩිය දරුණුයි..
ReplyDeleteකොමෙන්ටු ටික බලාගෙන ගියාම හැමෝම කුලියාපිටියෙනෙ... :)
ReplyDeleteහි හි.. හොඳ වැඩේ අයියටත් හිතුවක්කර වැඩ කරනවට...
ReplyDeleteපට්ට අයියයි,මලයයි.
ReplyDeleteඅපුරු සහෝදර බැදියාවක් නේ...
@අසනි :
ReplyDeleteඅසනි කෝමද දන්නේ අපේ අම්ම මාව කම්පස් එකේ දාල එනකොට ඇඬුවයි කියලා. ඇත්තටම ඇඬුවා නේන්නම්.
@නදුන් උයන :
පිස්සු කොල්ලෙක් නේන්නම්. නැත්නම් ඔහොම පිස්සු වැඩ කරයි යෑ.
@හිස් අහස :
අනිවාර්යෙන්ම මල්ලි. ගෙවන්න ඕනේ නැත්නම් ඒ පවෙන් නිදහස් වෙන්න බෑ.
@Il mondo di una povera pazza :
ඔවු ඇත්තටම ලස්සන පලාතක්. අර කියනවා වගේ කුලියාපිටියට ගොඩක් ඈත ඇති.
@වේලාව ලගයි :
ReplyDeleteඒක හරි. අපි නම් කට පියාන හිටියා මිසක්කා මුකුත් කියන්න ගියේ නෑ.
@දිල් :
අක්කා ලිව්වොත් අනිවාර්යෙන්ම මම් කියවලා ඇති. ලියන්න අක්කේ. අක්කා ලියන ස්ටයිල් එක නියමයි.
@චතුර.... :
අපට එහෙමත් වෙලා තියෙනවා.
@මන්තරකාරි :
ඒකනේ මන්තරේ. ඔක්කොම එහේ ඉන්න අයනේ.
@හිතුවක්කාරි :
මම් පවු නැද්ද අප්පා. :(
මට හොද වැඩේ කියන්නේ මොකෑ.
@මි හරක් පිඩියා :
තාමත් ඒ සහෝදර බැම්ම එහෙම්මමයි !!!!! :)
ජීවිතේ ගොඩක් දේවල් මගේ හිතෙන් මැකෙන් නෑ..ඒ නිසා මට ඒක මතකයි..
ReplyDeleteඅයියයි මල්ලියි එළකිරි ඩබලක් වගේ නේ බලන් යනකොට. .
ReplyDeleteගුටි කන එක සැපයි කියල දන්නේ අදනේ !
ReplyDeleteමේ අයියයි මල්ලියි මාර වැඩනේ කරන්නේ.......
ReplyDeleteපව් අම්මලව බය කරලනේ......
@අසනි :
ReplyDeleteඅන්න හොදයි. මම් වගේම තමයි මගේ යාළුවොත් !!!
@ChammA :
එලකිරිද කියලත් අහනවා.
@සරත් ලංකාප්‍රිය :
අම්මෝ මොන සැපක්ද අයියා.
@සුදු මැණිකේ(මැණික්) :
අම්මලා බය කලා නෙමෙයි. අම්මලා බයවෙලා. අපි ඉතින් ඒකට මක්කා කරන්නද.
කුලියාපිටියට ඔච්චර ආසානම් අපේ ගෙදර එන්න......
ReplyDelete