04 August 2011

සුබ උපන්දිනයක් වේවා මල්ලි !!!!

අද මම් පෝස්ට් එකක් දාන්න හිටියේ නෑ. නමුත් මට අද උදේම මතක් උනා මගේ එකම මලයගේ උපන්දිනේ කියලා. සහෝදරයෝ කියලා තුන් හතර දෙනෙක් ඉන්න එකක් යෑ. ඉන්නේ එකම එකානේ. ඒ නිසා ඒකාගේ උපන්දිනේට සුබ පතලා පෝස්ට් එකක් දාන එක ආදරනීය අයියා කෙනෙක් ගේ යුතුකමක් නේ.:)

ඒ නිසා උදෙම්ම නැගිටපු වෙලේ අකුරු දහයක් පහලොවක් ටයිප් කරලා සුබ පතලා පෝස්ට් එකක් දාන්න හිතුනා. මුලින්ම කවියක් ලියන්න හිතුනත් මට කවි සිතුවිලි නෑ. ඒ නිසා වචනයෙන්ම සුබ පතනවා කියලා හිතුනා.

මාත් එක්ක දුක සැප බෙදාගන්න රණ්ඩු කරන්න හිනා වෙන්න ඉන්න එකම මලයට
සුබම සුබ උපන්දිනයක් වේවා !!!!


-----------------------------------------------------------------------
ප.ලි. - අද යාලුවෝ එක්ක බෙදාගෙන කන්න කියලා කිට් කැට් එකකුත් ඉස්සර කරගෙන යන්නයි ලෑස්තිය. හැබැයි අපරාදේ කියන්න බෑ මගේ පංගුව කලින්ම දීලයි ගියේ !!!!

49 comments:

  1. මල්ලිට සුබ උපන්දිනයක් වේවා! එහෙනම් අද රෑට පාර්ටියක් දෙයි අම්මා.


    මටත් මල්ලියෙක් හිටිය නම්:(

    ReplyDelete
  2. මධූගේ මල්ලිට සුබම සුබ උපන් දිනයක් වේවා !

    පෝස්ට් එකක් දාලාඅ ෂේප් වෙන්නෙ නැතුව කීයක් හරි දීලා තෑග්ගක් අරන් දෙන එක නෙමේද අයියගෙ යුතුකම ?

    ReplyDelete
  3. "මාත් එක්ක දුක සැප බෙදාගන්න රණ්ඩු කරන්න හිනා වෙන්න ඉන්න එකම මලයට"

    මටත් ඉන්නේ ඔච්චරයි. ඒක නිසා දන්නවා එකාගේ අගේ..මලයට සුභ උපන් දිනයක් කිව්වා එහෙනම් !

    ReplyDelete
  4. සුබ උපන්දිනයක් වේවා අයියා ! මධු අයියාගෙ මල්ලිට 23 කියන්නෙ මට එයත් අයියා තමයි ඕං

    ReplyDelete
  5. ඔයාගේ එකම සහෝදරයාට ඔන්න සුබ උපන් දිනයක් පතනවා!!

    ReplyDelete
  6. හැපී බර්ත් ඩේ මල්ලි...!!!

    ReplyDelete
  7. අපිත් ඔන්න සුභ ප්‍රාර්ථනා කලා :)

    ReplyDelete
  8. සුභ උපන්දිනයක් වේවා මධුරංග මලයගේ මලයට......ඔන්න මං කේක් කෑල්ලකුත් කෑව හොඳේ...:)

    ReplyDelete
  9. මලයා මගේ වයසෙනේ :) , මධුරංග අයියගේ මල්ලිට සුභම සුභ උපන්දිනයක් වේවා..
    මල්ලි ඉතින් අයියට කොච්චර උදව් පදව් කලාද නේද :) :)
    නරකද මල්ලිටත් බ්ලොග් ලියන ඒක බෝ කරොත් :D

    ReplyDelete
  10. මල්ලිට සුභ උපන් දිනයක් පතනවා.ඔබ දෙපළ හොද සහෝදරයන්.දිගටම ඒ බැදීමෙන් ඉන්න වාසනා වේවා!.

    ReplyDelete
  11. කෝ අපිට කිට් කැට්... ආ මල්ලි මගේ වයසෙමයි... හි හි හි...

    මල්ලිට සුභම සුභ උපන්දිනයක් සහ සුභ අනාගතයකට අපි සුභපැතුවා කියන්න...

    ප.ලි. ඇත්තටම අපිට රු.2 චොකලට් එකක් වත් හම්බෙන්නැති වෙයිද???

    ReplyDelete
  12. මධුරංග මලයගෙ මලයට සුභ උපන් දියනක් වේවා කිව්ව... :)

    ReplyDelete
  13. මළ ජංජාලයයි... වෙලාවට යාලු මතක් කලේ..:O අනිද්දට අපේ එකාගේ උපන් දිනය.. අපේ එකා කිව්වේ අක්කි..:P මලයට සුබ පැතුම්.. මේ අයියත් එක්ක අවු: 23 ම එකට හිටියනේ හැබැට..:O තැග්ගක් දෙන්න වටිනවා මලයට :)

    ReplyDelete
  14. මලයට සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්තනා කරනව මචං..

    ජය,,,

    ReplyDelete
  15. මලයට සුභම සුභ උපන් දිනයක් වේවා!

    ReplyDelete
  16. අපිට කොහෙන්ද ඉතිං කිට් කැට්... හැමදාම චැහ් චැහ් තමා... අවුලක් නෑ..

    උඹගේ මලයාට සුභ උපන් දිනයක් වේවා....!

    ReplyDelete
  17. වාසනාවන්ත උපන් දිනයකට මාත් සුභ පැතුවා..කියන්නකෝ..මල්ලිට.

    ReplyDelete
  18. අපි කේක් එකේ ප්‍රින්ට් අවුට් එකක් අරන් කතුරෙන් කපාගෙන රස බැලුවා. ම්ම්ම් හරිම රසයි. සුභ උපන්දිනයක් වේවා පොඩි මධූට...

    ReplyDelete
  19. සුභ උපන්දිනයක් වේවා කොළුවෝ !

    ReplyDelete
  20. ඔයාගේ මලයට සුබ උපන් දිනයක් වේවා :D

    ReplyDelete
  21. හැපි බර්ත් ඩේ එකක් වේවා මධූ අයියගේ මල්ලිට

    ReplyDelete
  22. අපිත් සුභ පැතුවයි කියන්න,සුභ උපන්දිනයක් වේවා !!!!, තරහා උනොත් රෑට බස් හෝල්ට් එකේ තමයි දොයියන්න වෙන්නෙ නේද?? :D

    ReplyDelete
  23. මදුරංග මලයාගේ මල්ලිට සුබම සුබ උපන්දිනක් වේවා .... ක්සැන්ඩර් | Xander කටාරයේ සිට..

    ReplyDelete
  24. මලයෝ...සුබම සුබ උපන්දිනක් වේවා!!!

    අසනිටත් මලයෙක් හිටියන් කොච්චර හොදද..
    (මලයට සුබ පැතුම් එක් කරන්න පමා වුනාට අමනාප වෙන්න එපා ඕන්...දැන් විස්සවිද්‍යාලේ යන්න ඕනා නොවැ )

    ReplyDelete
  25. නිවාඩු සමය අවසානයි දුටුවේ දැන්ය, මලයාට සුභ උපන්දිනයක්..!! මන් එනවිට කේක් ගෙඩිය සියළුන දෙනා විසින් අනුභව කර කුඩු පමණක් ඉතිරිව තිබුණි, එම නිසා නැවත කේක් ගෙඩියක් මෙම කොමෙන්ටුව යටින් එල්ලන මෙන් ඉල්ලමි..

    ReplyDelete
  26. හැපි බර්ත් ඩේ බ්‍රදර්.. :D

    ReplyDelete
  27. මදුශංක අයියට සුභම සුභ උපන් දිනයක් වේවා....!!!!!!
    (This wish was send through snail mail.:) )

    ReplyDelete
  28. ආ...ඔන්න මගෙනුත් සුබ පැතුම්...මධුගෙ මල්ලියාට සුබම සුබ උපන්දිනයක් වේවා......

    ReplyDelete
  29. ඕං මගෙනුත් මළයට හද පිරි උණුසුම් සුභ පැතුම්.
    රහමෙර ඩිංගිත්තක් තොල ගාන්නැතෙයි සංතෝතෙට.

    ReplyDelete
  30. හලේ... මගේ උපන්දිනෙත් ලඟම එනවා,,
    මධුරංග අයියාගේ මල්ලිටත් සුභ උපන්දිනයක්.. :)

    ReplyDelete
  31. මගෙනෙත් සුබ පැතුම් කිව්වා. :)

    ReplyDelete
  32. මල්ලිට සුභ උපන්දිනයක් කිව්ව කියපන් මගෙනුත්.

    ReplyDelete
  33. මධුරංග අයියාගෙ මල්ලිට මමත් සුබම සුබ උපන් දිනයක් කියලා සුබ පතනවා...!!

    ReplyDelete
  34. හැපී බර්ත්ඩේ මධු මල්ලී ... කන්න පුලුවන් කේක් ගෙඩියක්වත් තිබුනා නම් ..

    ReplyDelete
  35. අයියටයි මල්ලිටයි දෙන්නටම සුභ අනාගතයක්.. !!!

    ReplyDelete
  36. මගෙනුත් සුභ පැතුම්...

    ReplyDelete
  37. @නදී :
    පාර්ටියක් නම් නැතිවෙයි අක්කා.

    @දිල් :
    මේ දිල් අක්කා තමයි අපේ මලයව නරක් කරන්නේ.මේක මලයා දැක්කොත් අනිවා තෑගි ඉල්ලනවනේ. :(

    @deeps :
    ඔයාටත් ඉන්නේ මල්ලි කෙනෙක් විතරද ? නියමයි නේ.

    @විසිතුරු :
    හයියෝ තවත් පොඩියි ද මල්ලි. එහෙනම් 22ක්වත් වෙන්න ඇති.

    @Gimhani :
    සුබ පැතුම් ටික මල්ලිට යවන්නම්. :)

    @මන්තරකාරි :
    මල්ලිට කියන්නම් මන්තර අක්කත් සුබ පැතුවා කියලා.

    @ස්වප්නා :
    ස්වප්නා අක්කගෙත් සුබ පැතුම් යවන්නම්කෝ මලයට.

    @Nisupa :
    හා කමක් නෑ කන්නකෝ. ඔයාලටම තමයි ගෙනාවේ.

    @ChammA :
    ලියන්න ආසාවෙන් ඉන්නවා. ඒත් වෙලාවක් නෑලු. අවුට් වෙච්ච හැටියේම පටන් ගන්නවලු.

    @JHOTHISHALANKA :
    බොහොම ස්තුතියි අයියා.

    @තාරා :
    ගෙනත් දෙන්නම්. ඇති චැට් චැට් කමු චිට් චැට්. ඒ කියන්නේ තාරාත් මට නංගි කෙනෙක් ද !!!

    @සාතන් :
    අයියත් සුබ පැතුවා කියලා කියන්නම් මලයට.

    @චතුමිතු :
    එහෙනම් අක්කා වෙනුවෙන් කවියක්වත් ලියන්න. නැත්නම් අක්කා තරහා වෙයි නේ.

    @Gayan Rupasinghe :
    සිංහයාත් සුබ පැතුවා කියලා කියන්නම්කෝ !!!

    @batti :
    බට්ටි නංගිත් මල්ලිගේ වයසේ ලූ නේහ් !!! මම් කියන්නම් මල්ලිට ඔයත් සුබ පැතුවා කියලා.

    @prasanna86k :
    අම්මට කියන්න ඇති චැට් චැට් කියලා !!!! එතකොට අරන් දේවි.

    @- නිල් අහස - :
    අනිවා මම් කියන්නම් අයියා.

    @පිණිබිඳු... :
    මම් හිනා කාලා මලා

    @nawammawatha :
    නවම් අයියත් කොලුවට සුබ පැතුවා කියලා කියන්නම්.

    @පිස්සු පුසා :
    මල්ලිගේ සුබ පැතුමුත් අපේ මලයට යවන්නම්.

    @ශානු :
    ශානුගේ සුබ පැතුමුත් මම මල්ලිට යවන්නම්. ආහ්... මට ඔයාගේ බ්ලොග් එක හොයාගන්න බැරි උනා. ඇත්තටම ඔයා ලියන බ්ලොග් එක මොකද්ද ?

    @ක්සැන්ඩර් | Xander :
    අයියා කටාරයේ ඉදලා සුබ පැතුවා කියලා කියන්නම්කෝ.

    @අසනි :
    අඩඩා කැම්පස් පටන් ගත්තැයි !!!! එහෙනම් ඉතින් දිගටම වැඩ කරන්න තියෙන්නේ.

    @චතුර....:
    අපි නම් කරන්නේ කැවුමක් නූලක ගැට ගහලා එල්ලන එක.

    @චතුවා (ළමයා):
    අයි විල් සෙන්ඩ් යුවර් විෂ් !!!

    @MANIK :
    අදවත් සුබ පැතුම ඒවිද මන්දා. :)

    @ප්‍රසංග :
    මම කියන්නම්කෝ ප්‍රසංගත් සුබ පැතුවා කියලා.

    @sithuwam :
    බියර් එකක් වගේ නම් බොමු !!!!

    @ප්‍රාර්ථනා :
    මම් ඔන්න උදෙම්ම දත් මැදගත්තා ඔයාට සුබ පතන්න.
    ඒකෙන් කියවෙන්නේ නෑ අනිත් දවස්වල මම් දත් මදින්නේ නෑ කියලා. :)

    @සීතල අයියා :
    සීතල අයියගේ සුබ පැතුමුත් මම් මල්ලිට යවන්නම්කෝ.

    @Kasun :
    ඕකේ මම් කියන්නම්.

    @හංසි :
    නංගිගේ සුබ පැතුමුත් මම් මල්ලිට යවන්නම්කෝ.

    @හිස් අහස :
    සදරු මල්ලි ලඟ පාතකවත් හිටියනම් කේක් කෑල්ලක් දෙන්න තිබ්බා.

    @නදුන් උයන :
    බොහොම ස්තුතියි

    @StArry aNgeL :
    ඒන්ජලුත් සුබ පැතුවා කියලා කියන්නම්කෝ !!!!

    ReplyDelete
  38. සුභ පතන්ඩ පරක්කු උනාට සොරි වේවා!!!..මල්ලිට සුභම සුභ උපන් දිනයක් වේවා!!!

    ReplyDelete
  39. මලයා අයියට කරලා තියන උදව් වල හැටියට මෙහෙමෙ පොස්ට් 1 ක් දාලනම් මදි වෙයි.මල්ලිට සුභම සුභ උපන් දිනයක් වේවා!!!

    ReplyDelete
  40. මලයට හැපි බර්ත්ඩේ එකක් වේවා....

    ReplyDelete
  41. මල්ලිට කියන්න මල්ලි අපෙනුත් සුභ පැතුම් කියලා!!!

    ReplyDelete
  42. අයියෝ....පහු වෙලා නේ???සමාවෙන්න....මාත් මල්ලිට(ඔයාගෙ)සුභ පැතුවා කියන්නකෝ.... :)

    ReplyDelete
  43. @සනා :
    කොහොමහරි සුබ පතන්න සනා ආවනේ. ඒ ඇති.

    @Tharanga :
    කට !!! කට !!! කට !!!
    උබ දාන කමෙන්ට් දැක්කම මට වහ කන්න හිතෙන්නේ :)

    @පොඩි මෑන් :
    සුබ පැතුම් ටික මම් මල්ලිට දෙන්නම්.

    @පැණි දොඩම් - [නුවන් කුමාරනායක] :
    අනිවා කියන්නම්.

    @හිතුවක්කාරි :
    හරි හිතූ !!!! මම් කියන්නම්

    ReplyDelete
  44. මල්ලිගේ උපන්දිනේට සුබ පතමු හැමෝටම ගොඩක් ස්තුතියි කියලා කියන්න කිව්වා !!!

    -බුද්ධික මධුසංඛ-

    ReplyDelete
  45. මලය මරුමුස් උනාට, අයියන්ඩි මලයට ආදරෙයි වගේ.. මොනවා උනත් කකුල පැනපු ටොයිලට් එකට උනත් එක්ක ගිය එකානේ නේද... ඔන්න මලයට අපෙනුත් සුබ පැතුම්...

    ReplyDelete
  46. ඔයාගේ මල්ලීට සුභ උපන් දිනයක් වේවා . . .!

    මධුරංග මල්ලී වගේ ආදරණීය අයිය කෙනෙක් ඉන්න ඒ මළයා ඇත්තෙන්ම වාසනාවන්තයෙක් . .

    ReplyDelete
  47. හි හි... ඔව් නේ...

    ReplyDelete
  48. @ADK කොලුවා :
    මලයා එච්චර අවුලක් නෑ. වෙලාවකට පිස්සා වගේ කෑ ගහනවා මිසක්.

    @දුකා :
    අම්මෝ අයියා මේම කිව්වම මොකද්ද වගේ. හික්ස් :)

    @තාරා :
    ඒකනේ නංගි.

    ReplyDelete
  49. ඔන්න පරක්කු වෙලා හරි මගෙනුත් සුබ පැතුම් .....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.