ලංකාවේ අපිරිසිදුම කෑම ජාතිය මොකද්ද කියලා ඇහුවොත් එක එක අය එක එක උත්තර දෙයි. සමහරු කියයි හෝටල් කෑම ඔක්කොම අපිරිසිදුයි නේ කියලා. ඇත්ත !!! ඔක්කොම හෝටල් කෑම අපිරිසිදුයි තමා. ඒත් මම් අහන්නේ මොකද්ද අපිරිසිදුම කෑම ජාතිය කියලා.
ලංකාවේ තියෙන අපිරිසිදුම කෑම ජාතිය තමයි ඉඳිආප්ප !!!!
" කොහොමද ඉඳිආප්ප අපිරිසිදුම කෑම ජාතිය වෙන්නේ ? " . වෙන්නේ මෙහෙමයි.
ඔය හොටල් වල ගොඩක් වෙලාවට ඉඳිආප්ප හෝටලේදි හදන්නේ නෑ. පිටින් ගෙනල්ලා විකුණන්නේ. ඉස්සෙල්ලාම ඉඳිආප්ප හදන ගෙදරදි ස්ටීමරෙන් ඉඳි ආප්ප ටික ඇතුල්පතට හරි වට්ටියට හරි හලනවා. ඊට පස්සේ අතින් අල්ලලා එක එක ඉඳිආප්ප තට්ටුවෙන් ගලවලා පිඟානකට හරි පෙට්ටියකට හරි දානවා. ඊට පස්සේ කවුරුහරි එක්කෙනෙක් ඒ ටික ගනන් කරලා පෙට්ටියක අඩුක් කරනවා.
ඉන්පස්සේ ගෙදර කවුරුහරි එකෙක් ගිහින් ඉඳිආප්ප ටික කඩේට දානවා.
"කොලුවෝ මේ ඉඳිආප්ප ටික ගැනලා ගනින් !!!!" කියලා මුදලාලි කිව්වම කොලුවත් ඒ ටික ගැනලා ෂෝකේස් එකක අඩුක් කරනවා.
ඊට පස්සේ ඒ ඉඳිආප්ප ගන්න කඩේට එකෙක් ආවම "මුදලාලි මට ඉඳිආප්ප හැටක් දෙන්න !!!!" කියලා ඉල්ලනවා. එතකොට අර කොලුවා අත්දෙක අර ඇදන් ඉන්න කිලුටු සරමෙන් පිහගෙන ඇවිත් ආයෙම අර ඉඳිආප්ප ටික ගැනලා පාර්සලයක් හදලා දෙනවා.
ඒ ටික ගෙදර ගෙනාවම "මෙන්න ලොකු පුතාට ඉඳිආප්ප 20ක් !!! මෙන්න පොඩි එකාට 20ක් !!!" කියලා ඒ ටික ආයෙම ගැනලා පිඟන් වලට දාල දෙනවා. ඊට පස්සේ කට්ටියම හොදි දාගෙන කනවා !!!!!
කොහොමද වැඩේ !!! කීදෙනෙක් කීපාරක් ගනන් කලාට පස්සෙද අපි ඉඳිආප්ප ටික බඩට යවා ගන්නේ !!!! ඉතින් අපිරිසිදුම කෑම නොවී තියේ යෑ !!!!
----------------------------------------------------------------
ප.ලි. - මේ කතාව මට මතක් උනේ අපේ අම්මා උදේට කන්න කියලා ඉඳිආප්ප ගෙනාපු වෙලාවේ.අද මං ඇහැරෙනකොට පරක්කු උනා.ඒ වෙනකොට මල්ලිට ගෙනාපු පාන් බාගේ මට තියලා මට ගෙනාපු ඉදිආප්ප ටික මල්ලි කාලා !!!!! අම්මෝ ඇති යාන්තන් මං බේරුනා !!!!
අද ඉඳන් කඩෙන් ගේන ඉඳිආප්ප කන්නේම නෑ. ගෙදරම හදාගන්නවා........
ReplyDeleteඅන්තිමට මොනවා හැදෙයිද නම් දන්නේ නෑ...හී හී හී
මෙයාට හිතෙන එව්වා...දැන් ඉතින් පාන් කාලා ඉදින්කෝ..පෙරළුනු පිට හොදයි කිව්වලු...
ReplyDeleteකමක් නෑ බං එකතුවෙන තරමක් ප්‍රෝටීන්නෙ කියලා ඔන්නොහෙ කාපන්.ඔහොම හිතන්න ගියොත් කන්න වෙන්නෙම නෑ.
ReplyDeleteඅනිත් කෑමත් ඔය වගේම තමා අය්යෙ.අනික හදන හෑටි උනත් අපි දන්නෙ නෑ නෙ.
ReplyDeleteම්ල්ලි දෙයියා වගේ අයියගේ මූන බැලුව හින්ද හොදා...අනේ අසරන මල්ලි...හී හී
ReplyDeleteඔය ඉඳිආප්ප හදන ගෙවල් වල උදේටම ඔක්කොම තම්බන්නේ නෑ... ඉස්සෙල්ලදා තම්බලා තෙත රෙද්දකින් වහලා තියනවා වේලෙන්නේ නැති වෙන්න.......
ReplyDeleteඅම්මාපල්ලා සහත්ක ඇත්ත.
ReplyDeleteපිං අතේ වැඩක් තමා කොලේ.. අපිත් ඕක රහ කර කර කනවනේ... මලයට දෙයියංගෙම පිහිටයි!!!
ReplyDeleteමාර සොයාගැනීමක්නෙ මේක.
ReplyDeleteමේ කතාවම අපේ ආච්චි දවසක් කිව්වා මතකයි :)
ReplyDeleteඅප්පා...ඔයාටත් හිතෙන දේවල්..හැබැයි කියපු කතාවනම් ඇත්ත වගේ.හොඳ වෙලාවට අපේ ගෙදරනම් ඉඳිආප්ප හදනවා..
ReplyDeleteඒක නෙවෙයි ඔයාගෙ විභාගෙ ඉවරද මේ පොස්ට් දාන්නේ....:O
ඇයි ඉඳි ආප්ප විතරක්, දවසක් අපේ ගෙදරට ගෙනාව පාන් ගෙඩියක හිටියා හංගොල්ලෙක්, එදා ඉඳලා අම්මා පාන් කන්නෙ නැහැ, අපි නං ඉතිං දවසක් දෙකක් නොකා ඉඳලා කන්න ගත්තා .........
ReplyDeleteඔය කිව්වේ ඉතින් මමත් ඊයේ ඉදි ආප්ප කෑවා කඩෙන් ගෙනල්ලා..ඔහ්...දැන් නම් වමනේ යයි ද දන්නෙත් නෑ..ඕක නම් ලියලා තියෙන්නේ මල්ලී ඉදි ආප්ප ටික කාපු තරහටමයි..:O
ReplyDeleteඅනේ පව් අර පොඩි එකා.පෙනේද මේකාගෙ තියන කුප්ප කොමක මහත.
ReplyDeleteඔය මොනවත් නෑනේ හාල් හුන්ඩුවක් ලිපේ තියල සම්බෝල ඩින්ගිත්තක් හදාගන කෑවනම්.හිතට බඩඩ දෙකටම හොදා.
හපෝ ඇත්ත නේන්නම්. ඈක්කා...
ReplyDeleteඒ පාර...මල්ලී, ඉදි ආප්ප පිටි ..ත්‍රස්තවාදයට වත් බැස්ස ද....D.
ReplyDeleteඅපේ ගෙදරට නම් කඩෙන් ඉඳිආප්ප ගේන්නේම නෑ.. හැබැයි මම නම් මෙච්චර මේ සීන් එක ගැන හිතුවෙත් නෑ. අන්තිමට හිතුනේ ඉඳිආප්ප කඩෙන් කන එක නම් "ඊයා" කියලා :D
ReplyDeleteඉඳිආප්ප ත්‍රස්තවාදය
ReplyDeleteලියපු එකට පිං නම් තමයි. ඒත් මේ ටික නොලියා හිටියානම් හොදයි කියලා හිතෙනවා. මොකද දැනටමත් මට වමනෙට එනවා. ආයෙ කන්න හිතෙයිද මන්දා
ReplyDeleteදැන් එතකොට අර ඉතුරු 20 කාටද?
ReplyDeleteඉඳි ආප්ප...හනේ මන්ද මේකෙ ඇති ඉඳි ගෙඩියකුත් නෑ..ඔයා කීව වගේ පිරිසුදුකමකුත් නෑ!
ReplyDeleteමධුරංග මල්ලි..
ReplyDeleteඅර මිදි ඇඹුලයි කියපු නරිය වගේ.. උදේ ඉඳි ආප්ප ටික මිස්වෙච හින්ද හදපු කතාවක හැටී...
ඇයි කඩේකට ඉඳිආප්ප කන්න ගියාම,
ReplyDeleteකොළුවා ගනං කරල පිඟානකට දාල අරං එනව,
කාලා අහවර උනාම ආයෙමත් ගනං කරල කාපු ගානට බිල හදනව.
ර්ටපස්සෙ තව කෙනෙක් ආයෙ ඉල්ලුවම ඔය සෙල්ලම ම තමයි....
ඔය කොච්චර උනත් ඉඳිආප්ප නම් නොකා ඉන්නෙ නෑ මම නං. :D
කඩ ඉඳිආප්ප ගෙදර හදන ඒවාට වඩා ලස්සනට සුදු පාටට තියෙන්නෙ ඇය් දන්නවද? ඉඳිආප්ප ස්ටීම් කරන බැරල් එකට කෝස්ටික් සෝඩා දානවා, ඒක විරන්ජකයක් හැටියට වැඩ කරනවා. ඒක කොය් තරං දුරට ශරීරයට විසද නැද්ද කියන්න නං දන්නෙ නැහැ, දන්න කෙනෙක් කිව්ව නං.
ReplyDeleteඉඳිආප්ප හොඳයි කියල හිතෙයි මල්ලි පාන් හදන තැන ඉඳන් කඩේ වීදුරු පෙට්ටියට එන හැටි දැක්කනම් :)
ReplyDeleteබොල ඒකත් ඇත්න නොවැ බලන් ගියාම..හ්ම් හ්ම්
ReplyDeleteජය...
ඉඳි ආප්ප මම කන්න ආස කෑමක්. ඒත් ආයෙත් කන්න හිතෙයි ද දන්නෙ නෑ. මොනවා වුණත් කතාව නම් ඇත්ත.............
ReplyDeleteදැන් ඉඳිආප්ප මතක් වෙලා බඩගිනියි...
ReplyDeleteඇත්තමයි ,,මටත් දවසක් කඩේකින් ඉඳිආප්ප ගන්න ගියාම ඕක හිතුනා.. ඇත්තටම අත් කීයක තියෙන ජරාව ගෑවෙනවද ඕකෙ,..
ReplyDeleteමදුරන්ගගේ වසරේ සොයාගැනිම :) :) :)
ReplyDeleteඉදියාප්ප අම්මේ මතක් කරන්න එපා ගිය සති අන්තයෙත් හොද බඩේ අමාරුවකින් මට සංග්‍රහ කලා...
ReplyDeleteදැන් නම් මට ඉදිආප්ප ඇලජික්... ඕකම තමා හේතුව...
අනේ අනේ පොඩි එකා ඉඳිආප්ප ඔක්කොම කෑවට මේකා ගොතපු කතාව... අද අපි කන බොන ගොඩක් කෑම යම්තරමකට හෝ අපිරිසිදුයි තමා ඊටත් වඩා භයානකම කතාව ගොඩක් කෑම වස විස දේවල් වීම... මොනා කරන්නද ඉතිං......
ReplyDeleteහැබැයි අය්යේ ඔහොම බැලුවොත් මෙහෙ කිසිම කෑමක් කන්න වෙන්නේ නැහැ නේ
ReplyDeleteනරියෙකුත් කීවාලු මිදි තිත්තයි කියලා ..
ReplyDeleteඅනේ ඉතින් ඔය මොනව කිව්වත් ඉදි ආප්ප නම් නොකා ඉන්න බෑ
ReplyDeleteඅපොයි මලයා බොට හොඳටම වැරදිලා..උඹ දන්නවනං පාන් බේකරියක වැඩ කෙරෙන්නේ කොහොමද කියලා උඹ ඉඳි ආප්ප වලට මලං තියලා වදිනනවා...
ReplyDeleteඔහොම තමා බං ඔය කොයි කෑමත්..කඩේ සෝකේස් එකෙන් අර යකඩ අල්ලුවකින් අල්ලලා සීරුවට අපිට දුන්නට..ඒක එතනට එනකල්ම එන්නේ පුදුම කුනක් කාලා..
මල්ලි මොකද හිතන්නේ ගත්ත ගමන් කඩේ දාගන්න බුලත් විට ගැන එහෙම..?සෑහෙන්න පිරිසිදු ඇති නේද..?
කෑමට අඳාළ නැති උනත් ඔය වගේම තව එකක් කියන්නං...
මල්ලි පාරේ වැටිලා තියෙන කාගේ හරි ලේන්සුවක් ඔයාට අතින් අහුල ගන්න කිව්වට ඔයාට එක පාරටම ඒක ගන්න නිකං අප්පිරියා වගේ හිතෙන්නේ නැද්ද..?
ඒත් රුපියල් සීයේ පණහේ බැරිනං විස්සේ දහයේ හරි සල්ලි නෝට්ටුවක් කොහේ වැටිලා තිබුනත් අපි නොගනීද..
අර කලින් කිව්ව ලේන්සුව කෝටු කෑල්ලකින් අරගෙන නිකං අප්පිරියාවෙන් වගේ අහකට දාන අපිම අර සල්ලි කොලේ කිසි අවුලක් නැතිව අරගෙන දිග ඇරලා නවලා පර්ස් එකේ ඔබා ගන්නවා..ඒත් ඒ නෝට්ටුව මාළු කඩේ මුදලාලි..මසං කඩේ මස් කපන හාදයා එහෙම අත පිහලා..හෝදලා අල්ලපුවා නෙවෙයි..අනික සමහරු සාක්කුවේ දාන සල්ලි..තවත් සමහරු යට ඇඳුමේ හංගගෙන ඉන්නේ..
ඒත් අපිට කොයි වෙලාවකවත් සල්ලි අප්පිරියා වෙන්නේ නැහැ නේද?
ඔන්න බලන්න ඒකේ හැටි..
kanna aappa
ReplyDeleteකඩ කෑම අතරින් මම නම් ආසම කෑම තමයි ඉඳි ආප්ප.. ඒත් ඉතින් පිරිසිදු කම බැලුවොත් ඔක්කොම කෑම ඔහොම තමයි මදුරංග...
ReplyDeleteඉස්සර ඉස්කෝලේ කැන්ටිමෙන් කැන්ද කොලේ ඔතපු ඉඳි ආප්ප 5 මුලක් සම්බෝලත් එක්කම දෙකයි පනහ ට කෑවේ.. ඒත් අද.....?
කිවුවත් වගේ මධුරංග අයියේ කතාව ඇත්තනේ.. ඒක නෙමෙයි බැරි වෙලාවත් මල්ලි පාන් කාලා අයියට ඉදි ආප්ප තියලා තිබුනනම් මොකද වෙන්නේ??
ReplyDeleteමම දන්න තරමට මේ ලොකේ තියන අපිරිසිදුම කැම තමා අර ඔබා අය්යාගේ ඔම්ලට් එක....
ReplyDeleteඊක්කා... දැන් ඉතින් මොන හිතකින් ඉඳිආප්ප කන්නද?
ReplyDeleteඋඹ අපිට ඉඳිආප්ප එපා කරවනවා බං....
ReplyDeleteමාරයා හරි ලෝකේ තියෙන ජරාම ජරා දේ තමයි සල්ලි..
ReplyDeleteඒ උනාට ඔය ඉඳි ආප්ප විසිපහක් පිඟානට දාගෙන රතුපාට පොල් සම්බෝලෙයි කිරි හොදයි දාගත්තම මට ඔය මොකවත් හිතෙන්නේ නැහැ ආයිබෝවන්.. බඩ පැලෙනකන් කන්න තමයි හිතෙන්නේ ..
හික්... මමත් ඔය කතාව අහලා තියනවා මීටකළින්...:)
ReplyDeleteඅයියාට ඉඳිආප්ප 20ක් ඇතිද?? හික්ස්ස්... පුදුමයි ;)
මම ඔය කතාව මීට කලින් අහලා තිබුනා, කොහෙන්ද කියලා මතකයක් නෑ..ඒත් ඉතින් කිරි හොදි සහ ඉඳි ආප්ප මතක් වෙනකොටත් කටට කෙල උනනවා..
ReplyDeleteදවසක් අපි ඇන්ටි කෙනෙක්ට ඉදි ආප්ප ගෙනත් දෙන්න කියලා පරක්කු නිසා ඒ ගෙදරට ගියා බලන්න. ආයිනම් ඒ ගෙදරින් ඉදි ආප්ප කෑවෙ නෑ, එයා කඩේට දාන එව්වා මිසක්...
ReplyDeleteකුණු කන ඌරන්ට මොන සවුක්යද බන් අවුලක් නැ ඉඳිආප්ප නූලත් බඩටනෙ නේද?
ReplyDeleteකුණු කන ඌරන්ට මොන සවුක්යද බන් අවුලක් නැ ඉඳිආප්ප නූලත් බඩටනෙ නේද?
ReplyDeleteඉතින් බං පානුත් ගනන් කරනවනෙ.:D ඕව ගැන වැඩිය හිතුවොත් කැන්ටිමේ කෑම කන්න වෙන්නෙ නෑ බං. දැක්කෙ නෑ වගේ ඉන්න එක තමයි කරන්නෙ. කොහොමද විභාගෙ?
ReplyDeleteඇත්ත කතාව . අයියටත් මාර දේවල් තමයි හිතෙන්නේ. ඒ වුනාට ඉදි ආප්ප විතරක් නෙමෙයි පාන් , බනිස් , වඩේ වගේ ගොඩක් කෑම කඩවල හදන අපිරිසිදුකම දැක්කම එපාවෙනවා. ඉස්සරහ දිව්ය ලෝකේ වගේ තියෙන ගොඩක් කඩවල කුස්සිය අපායක් වගේ. මේවයේ උයන ඒවනේ මිනිස්සු කන්නේ කියලා හිතෙනවා. ඊක්.
ReplyDelete@Podi Kumarihami :
ReplyDeleteඑකනේ අක්කා. මොන දේ උනත් ගෙදර හදලා කන එක තරම් පිරිසිදු නෑ !!!
@අසනි :
ඔන්න මම එහෙමයි.
පෙරලුන පිට හොදයි කියනවා. හික් හික් :)
@දිනුක ජයකොඩි :
එහෙම හිතන්න ගියොත් නම් කන්න වෙන්නේ නැ.
මාත් ඕවා හිතන්න යන්නේ නෑ
@හිම හංසි :
ReplyDeleteමොන කඩ කමක් උනත් හදන හැටි දන්නවා නම් කවුරුත් කන්න නෑ.
@චතූ...... :
එකනේ !!!
හොද වෙලාවට මල්ලි දෙයියෝ වගේ ආවේ. නැත්නම් මම අර ජරාව කනවනේ.
@හරී :
එක නම් මම දැනගෙන හිටියේ නැහැ හරි. ආප්ප හදනකොට පාස්ටර් පැරිස් දානවා කියලා නම් අහලා තියෙනවා.
@රාජ් :
ReplyDeleteඑකනේ අයියා !!
අයියාගේ පලවෙනි පැමිණීම. සාදරයෙන් පිලිගන්නවා මගේ අඩවියට.
@සනා :
අපේ මල්ලි කොහොමත් පින් අතේ වැඩ කරනවනේ.
මල්ලිට බුදු සරණයි !!!!
@Praසන්ன :
ඔන්න මම නම් නෙමෙයි මේක හොයාගත්තේ.
@deeps :
ReplyDeleteඑකනේ නංගි. වදිහියෝ දන්නවා හොද නරක.
@නිසුපා :
විභාගේ ඉවර නෑ අක්කේ. මේක මම ලියලා ගොඩක් කල්.draft එකේ තිබ්බේ. නිකන් පොස්ට් කළා.
@පන්සල් හංදිය :
හන්ගොල්ලෝ කියන්නේ මම අප්පිරිය කරනම සත්තු ජාතිය
@චතුමිතු :
ReplyDeleteඅපෝ මල්ලිත් එක්ක මොකට තරහා වෙන්නද. ඉදිආප්ප කන එක නවත්වන්න එපා.
@නදී :
ගොඩක් වෙලාවට එහෙම තමයි අක්කා අපි කරන්නේ. පාන් එහෙම ගේන්නේ නැති තරම්
@පිණිබිඳු... :
ඔයා ඔය අප්පරිය කරන විදිහට මටත් ආයේ ඉදිආප්ප කන්න හිතෙන්නේ නෑ.
@- නිල් අහස -:
ReplyDeleteත්‍රස්ත්‍රවාදය නෙමෙයි. !!!
@චතුවා (ළමයා):
එහෙනම් ගෙදර හදාගෙන කන්න. එතකොට අවුලක් නැහැනේ :)
@blog gadol :
හික්ස් :)
@malmi :
ReplyDeleteවමනේ දාන්නේ මොකෝ. මම මේක විහිලුවටනේ කීවේ !!!!
@රජිත් :
මමත් ඔය ලුණු දාන සීන් එක අහලා තියෙනවා. මතක් වෙනකොටත් පාන් කන්න හිතෙන්නේ නැහැ.
@සීතල අයියා :
එක අම්මට !!!!
@ඉන්දික :
ReplyDeleteඑකනේ. ගල් බනිස් කිව්වට ගල් තියෙනවා යෑ. එතනින් ගියහම මාළු බනිස් කිව්වට මාළු තියෙනවා යෑ
@සපතේරු උන්නැහේ :
මට හිතුනා අයියා ඔහොම කියයි කියල. හික්ස් :)
@nawammawatha :
මාත් ඔය කිව්වට ඉදිආප්ප කන එක නවත්වන්නේ නෑ. හික්ස් :)
@Observer :
ReplyDeleteකෝස්ටික් සෝදා දාපු කම කාපුවාම උගුර හැම යන්නේ නැද්ද අප්පා.
අම්මෝ !!!! මෙහෙම කියනකොට කම කන්නත් එපා වෙනවා.
@``` Outsider``` :
වෙලාව හොද කමට පාන් හදන හැටි නම් දැකලා නෑ
@Gayan Rupasinghe :
ඇත්ත තමා. හ්ම් හ්ම්...
ජය...
@මහි :
ReplyDeleteකන්න ගියහම හිත හිත ඉන්න එපා.
එතකොට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. :(
මම වගේ ගිලලා ගිලලා දාන්න.
@තාරක Dilsh@n :
කන්න යනවනම් මාත් එන්නම්... :)
@ප්‍රාර්ථනා :
එකනේ නංගි. ඇත කියක් නම් පාවිච්චි වෙනවද.
@සාටර් :
ReplyDeleteහෙහෙහෙහෙ. එහෙමවත් කියමු. :)
@දේවා ගේ අඩවිය :
මට නම් කොත්තු තමා ඇලජික් වෙන්නේ.
කාපුදාට පහුවෙනිදා ටැප් එක ඇරියා වගේ....
@ප්‍රසංග :
අන්න හරි !!!!
විස කෑම කන එක ගොඩක්ම භයානකයි.
@ChammA :
ReplyDeleteකන්නේ නැති වෙලාවට මෙහෙම හිතුවට කන වෙලාවට ඔය මුකුත්ම හිතන්න හොද නෑ.
එතකොට බඩගින්නේ ඉන්න වෙනවා.
@හිස් අහස :
එහෙම කිව්වලු නම් තමා. හික්ස් :)
@saj!th@W!zdOm :
ඔය කිව්වට මටත් නොකා ඉන්න නම් බෑ.
@මාරයාගේ හෝරාව :
ReplyDeleteඑක හරි අයියා. කොච්චර පිරිසිදුවට පෙන්නුවත් ඔය ෂෝ කෙස් එකට කෑම එන විදිහ දැක්කා නම් කන්න හිතෙන්නේ නැහැ. මම නම් කියන්නේ අපි කඩ කෑම කන එක පොඩ්ඩක් විතර අඩු කරලා පුළුවන් තරම් ගෙදරින් කෑම හදාගෙන කන එක තමයි කරන්න ඕනේ.
අයියා කිව්වත් වගේ සල්ලි කොච්චර නම් මිනිස්සු ගාවට යනවද. ඉස්සර අපේ අම්මලා සල්ලි කටේ දාන්න එපා කියලා කියන්නෙත් ඕක හින්දා කියලා මට මතක් උනා.
මේ පැත්තේ ඇවිත් කමෙන්ට් කලාට අයියට ගොඩක් ස්තුතියි.
@Tharinduhw122 :
හා කමුකෝ !!! :)
@නදුන් උයන :
දවසින් දවස කෑම ගණන් යන එක තමයි කාලා ඉන්න බැරි. ඔහොම ඉදිආප්ප විකුණන කෙනෙක් කොච්චි වල යනවා මම දැකලා තියෙනවා.
@Dinesh :
ReplyDeleteමොනා කරන්නද මල්ලි. එතකොට මේ පෝස්ට් එක පාන් තමා අපිරිසිදුම කෑම කියලා ලියලා තියෙයි. හික්ස් :)
@Gimhani :
ඇයි ඒ ඔබා අයියගේ ඔම්ලට් එක එච්චරටම අප්සට් ද !!!
@පැණි දොඩම් - [නුවන් කුමාරනායක] :
කන්න යනකොට ඔය කිසිම එකක් නොහිත මං වගේ ගිලලා ගිලලා දාමු. !!! :)
@prasanna86k :
ReplyDeleteඅපෝ නෑ අයියා. මම එහෙම දේවල් නම් කරන්නේ නැහැ.
හික්ස් :)
@සරත් ලංකාප්‍රිය :
මාත් එහෙම තමා යියේ.
කන්න ගියාකම කන එක ඇරෙන්න කිසිම දෙයක් හිතන්නේ නැහැ. හැබැයි මට නම් ඉදිආප්ප විසි පහක් හොදටෝම මදි !!! අඩුම ගානේ තිහ හතලික්වත් තියෙනවා නම්.....
@හිතුවක්කාරි :
ඔයා මේක කලින් අහලා තියේද...
මට නම් ඉදිආප්ප විස්සක් මදි. ඔයාට එක තමයි නේ ලොකුම ප්‍රශ්නේ... හික්ස්ස්ස්ස් :)
@චතුර.... :
ReplyDeleteමටත් ඉදිආප්ප තියෙනවනම් අනිවාර්යෙන්ම කිරි හොදි ඕනා..
@මන්තරකාරි :
ඔයාලටත් පුදුම වැඩ තමයි වෙන්නේ. ඇයි එයාලගේ ගෙදරින් ඉදිආප්ප කන්න එපා උනේ..
@කලබල පැංචා :
අනිවාර්යෙන්ම. මොන දේ උනත් බඩට නම් මම ඔඅනම දෙකට ඔට්ටුයි.
@Kasun :
ReplyDeleteඔය කොයි කමත් ඔහොම තමයි බං.
මම නම් කනකොට ඔය කිසිම එකක් හිතන්න යන්නේ නෑ. එතකොට කන්න වෙන්නේ නැහැනේ.
විභාගේ යමින් පවතී. තව සබ්ජෙක්ස්ට් හතරක් තිබෙයි.
@සුදු මැණිකේ(මැණික්) :
එක හරි නංගි. ගොඩක් කඩවල් වල ඉස්සරහා ලස්සනට තිබ්බට පිටිපස්ස ගන්න දෙයක් නැහැ.
කඩ කෑම නම් නොකන තරමට තමයි හොද..
ඔය කොයි කැමත් එහෙමය් බන්
ReplyDeleteඉඳි ආප්ප විතරක් නෙමෙයි තව කොච්චර කෑම ඔහොම වෙනවද.
ReplyDeleteඅනිත් එක අර මර ය කීව වගේ, මුදල් කියන්නෙ කොතරම් අපිරිසිදු දෙයක්ද? ඇයි ෆෝන් එකේ හෑන්ස්සෙට් එකේ මයික් එක ගාව. ඒකත් පට්ටම අපිරිසිදු තැනක්.
මම දවසක් ඩිස්කවරි එකේද මන්ද වැඩසටහනක් බැලුව, ඒකෙ කිව්ව අපි හැම වෙලේම නිරාවරණය වෙන තැන් ගොඩකට (උදා: මේසය මත, දුරකථනය, ...) වඩා ටොයිලට් එකේ කොමඩ් එක පිරිසිදුයි කියල. (එයාල පරීක්ෂණ කරල හොයාගත්තු එකක් ඒක)
අම්මෝ මදුරංග මල්ලි.. උඹ මට ඉදියප්ප කන එක අප්පිරිය කරලා තිබ්බේ... එත් අර පොල්සම්බෝලේ කතාවයි කිරිහොද්දයි මතක් උනාම අම්ම හදන ඉදියප්ප තිබ්බනම් දැන් උනත් කනවා බඩ පැලෙන්නම..
ReplyDeleteGedara hadana Kemal era anith Hama jathiyakma ohoma thama bans.....
ReplyDeleteකඩ කෑම කොයිකත් ඔහොම තමයි... ඒත් ඉතින් ඔව්ව කෑව කියල ඔය කලාතුරකින් මිසක් ලෙඩක් දුකක් හැදෙන එකෙක් ඉන්නවය... ඌරන්ට මොන සව්වුක්කියද බන්.... හික් හික්...
ReplyDeleteමාරයාගේ කොමෙන්ටුව සුපිරිය
pan hadena hati dakala nathai.
ReplyDeleteමොනව උනත් හොඳට තෙම්පරාදු කරල පරිප්පු හොදි ටිකක් එක්ක නම් ඉදි ආප්ප මරු බඩට යනච දැනෙන්නෙම නෑ..!!
ReplyDelete