01 September 2011

අපිරිසිදුම කඩ කෑම

ලංකාවේ අපිරිසිදුම කෑම ජාතිය මොකද්ද කියලා ඇහුවොත් එක එක අය එක එක උත්තර දෙයි. සමහරු කියයි හෝටල් කෑම ඔක්කොම අපිරිසිදුයි නේ කියලා. ඇත්ත !!! ඔක්කොම හෝටල් කෑම අපිරිසිදුයි තමා. ඒත් මම් අහන්නේ මොකද්ද අපිරිසිදුම කෑම ජාතිය කියලා.

ලංකාවේ තියෙන අපිරිසිදුම කෑම ජාතිය තමයි ඉඳිආප්ප !!!!

" කොහොමද ඉඳිආප්ප අපිරිසිදුම කෑම ජාතිය වෙන්නේ ? " . වෙන්නේ මෙහෙමයි.

ඔය හොටල් වල ගොඩක් වෙලාවට ඉඳිආප්ප හෝටලේදි හදන්නේ නෑ. පිටින් ගෙනල්ලා විකුණන්නේ. ඉස්සෙල්ලාම ඉඳිආප්ප හදන ගෙදරදි ස්ටීමරෙන් ඉඳි ආප්ප ටික ඇතුල්පතට හරි වට්ටියට හරි හලනවා. ඊට පස්සේ අතින් අල්ලලා එක එක ඉඳිආප්ප තට්ටුවෙන් ගලවලා පිඟානකට හරි පෙට්ටියකට හරි දානවා. ඊට පස්සේ කවුරුහරි එක්කෙනෙක් ඒ ටික ගනන් කරලා පෙට්ටියක අඩුක් කරනවා.

ඉන්පස්සේ ගෙදර කවුරුහරි එකෙක් ගිහින් ඉඳිආප්ප ටික කඩේට දානවා.

"කොලුවෝ මේ ඉඳිආප්ප ටික ගැනලා ගනින් !!!!" කියලා මුදලාලි කිව්වම කොලුවත් ඒ ටික ගැනලා ෂෝකේස් එකක අඩුක් කරනවා.

ඊට පස්සේ ඒ ඉඳිආප්ප ගන්න කඩේට එකෙක් ආවම "මුදලාලි මට ඉඳිආප්ප හැටක් දෙන්න !!!!" කියලා ඉල්ලනවා. එතකොට අර කොලුවා අත්දෙක අර ඇදන් ඉන්න කිලුටු සරමෙන් පිහගෙන ඇවිත් ආයෙම අර ඉඳිආප්ප ටික ගැනලා පාර්සලයක් හදලා දෙනවා.

ඒ ටික ගෙදර ගෙනාවම "මෙන්න ලොකු පුතාට ඉඳිආප්ප 20ක් !!! මෙන්න පොඩි එකාට 20ක් !!!" කියලා ඒ ටික ආයෙම ගැනලා පිඟන් වලට දාල දෙනවා. ඊට පස්සේ කට්ටියම හොදි දාගෙන කනවා !!!!!

කොහොමද වැඩේ !!! කීදෙනෙක් කීපාරක් ගනන් කලාට පස්සෙද අපි ඉඳිආප්ප ටික බඩට යවා ගන්නේ !!!! ඉතින් අපිරිසිදුම කෑම නොවී තියේ යෑ !!!!
----------------------------------------------------------------
ප.ලි. - මේ කතාව මට මතක් උනේ අපේ අම්මා උදේට කන්න කියලා ඉඳිආප්ප ගෙනාපු වෙලාවේ.අද මං ඇහැරෙනකොට පරක්කු උනා.ඒ වෙනකොට මල්ලිට ගෙනාපු පාන් බාගේ මට තියලා මට ගෙනාපු ඉදිආප්ප ටික මල්ලි කාලා !!!!! අම්මෝ ඇති යාන්තන් මං බේරුනා !!!!

74 comments:

  1. අද ඉඳන් කඩෙන් ගේන ඉඳිආප්ප කන්නේම නෑ. ගෙදරම හදාගන්නවා........

    අන්තිමට මොනවා හැදෙයිද නම් දන්නේ නෑ...හී හී හී

    ReplyDelete
  2. මෙයාට හිතෙන එව්වා...දැන් ඉතින් පාන් කාලා ඉදින්කෝ..පෙරළුනු පිට හොදයි කිව්වලු...

    ReplyDelete
  3. කමක් නෑ බං එකතුවෙන තරමක් ප්‍රෝටීන්නෙ කියලා ඔන්නොහෙ කාපන්.ඔහොම හිතන්න ගියොත් කන්න වෙන්නෙම නෑ.

    ReplyDelete
  4. අනිත් කෑමත් ඔය වගේම තමා අය්යෙ.අනික හදන හෑටි උනත් අපි දන්නෙ නෑ නෙ.

    ReplyDelete
  5. ම්ල්ලි දෙයියා වගේ අයියගේ මූන බැලුව හින්ද හොදා...අනේ අසරන මල්ලි...හී හී

    ReplyDelete
  6. ඔය ඉඳිආප්ප හදන ගෙවල් වල උදේටම ඔක්කොම තම්බන්නේ නෑ... ඉස්සෙල්ලදා තම්බලා තෙත රෙද්දකින් වහලා තියනවා වේලෙන්නේ නැති වෙන්න.......

    ReplyDelete
  7. අම්මාපල්ලා සහත්ක ඇත්ත.

    ReplyDelete
  8. පිං අතේ වැඩක් තමා කොලේ.. අපිත් ඕක රහ කර කර කනවනේ... මලයට දෙයියංගෙම පිහිටයි!!!

    ReplyDelete
  9. මාර සොයාගැනීමක්නෙ මේක.

    ReplyDelete
  10. මේ කතාවම අපේ ආච්චි දවසක් කිව්වා මතකයි :)

    ReplyDelete
  11. අප්පා...ඔයාටත් හිතෙන දේවල්..හැබැයි කියපු කතාවනම් ඇත්ත වගේ.හොඳ වෙලාවට අපේ ගෙදරනම් ඉඳිආප්ප හදනවා..
    ඒක නෙවෙයි ඔයාගෙ විභාගෙ ඉවරද මේ පොස්ට් දාන්නේ....:O

    ReplyDelete
  12. ඇයි ඉඳි ආප්ප විතරක්, දවසක් අපේ ගෙදරට ගෙනාව පාන් ගෙඩියක හිටියා හංගොල්ලෙක්, එදා ඉඳලා අම්මා පාන් කන්නෙ නැහැ, අපි නං ඉතිං දවසක් දෙකක් නොකා ඉඳලා කන්න ගත්තා .........

    ReplyDelete
  13. ඔය කිව්වේ ඉතින් මමත් ඊයේ ඉදි ආප්ප කෑවා කඩෙන් ගෙනල්ලා..ඔහ්...දැන් නම් වමනේ යයි ද දන්නෙත් නෑ..ඕක නම් ලියලා තියෙන්නේ මල්ලී ඉදි ආප්ප ටික කාපු තරහටමයි..:O

    ReplyDelete
  14. අනේ පව් අර පොඩි එකා.පෙනේද මේකාගෙ තියන කුප්ප කොමක මහත.

    ඔය මොනවත් නෑනේ හාල් හුන්ඩුවක් ලිපේ තියල සම්බෝල ඩින්ගිත්තක් හදාගන කෑවනම්.හිතට බඩඩ දෙකටම හොදා.

    ReplyDelete
  15. හපෝ ඇත්ත නේන්නම්. ඈක්කා...

    ReplyDelete
  16. ඒ පාර...මල්ලී, ඉදි ආප්ප පිටි ..ත්‍රස්තවාදයට වත් බැස්ස ද....D.

    ReplyDelete
  17. අපේ ගෙදරට නම් කඩෙන් ඉඳිආප්ප ගේන්නේම නෑ.. හැබැයි මම නම් මෙච්චර මේ සීන් එක ගැන හිතුවෙත් නෑ. අන්තිමට හිතුනේ ඉඳිආප්ප කඩෙන් කන එක නම් "ඊයා" කියලා :D

    ReplyDelete
  18. ඉඳිආප්ප ත්‍රස්තවාදය

    ReplyDelete
  19. ලියපු එකට පිං නම් තමයි. ඒත් මේ ටික නොලියා හිටියානම් හොදයි කියලා හිතෙනවා. මොකද දැනටමත් මට වමනෙට එනවා. ආයෙ කන්න හිතෙයිද මන්දා

    ReplyDelete
  20. දැන් එතකොට අර ඉතුරු 20 කාටද?

    ReplyDelete
  21. ඉඳි ආප්ප...හනේ මන්ද මේකෙ ඇති ඉඳි ගෙඩියකුත් නෑ..ඔයා කීව වගේ පිරිසුදුකමකුත් නෑ!

    ReplyDelete
  22. මධුරංග මල්ලි..

    අර මිදි ඇඹුලයි කියපු නරිය වගේ.. උදේ ඉඳි ආප්ප ටික මිස්වෙච හින්ද හදපු කතාවක හැටී...

    ReplyDelete
  23. ඇයි කඩේකට ඉඳිආප්ප කන්න ගියාම,

    කොළුවා ගනං කරල පිඟානකට දාල අරං එනව,
    කාලා අහවර උනාම ආයෙමත් ගනං කරල කාපු ගානට බිල හදනව.
    ර්ටපස්සෙ තව කෙනෙක් ආයෙ ඉල්ලුවම ඔය සෙල්ලම ම තමයි....

    ඔය කොච්චර උනත් ඉඳිආප්ප නම් නොකා ඉන්නෙ නෑ මම නං. :D

    ReplyDelete
  24. කඩ ඉඳිආප්ප ගෙදර හදන ඒවාට වඩා ලස්සනට සුදු පාටට තියෙන්නෙ ඇය් දන්නවද? ඉඳිආප්ප ස්ටීම් කරන බැරල් එකට කෝස්ටික් සෝඩා දානවා, ඒක විරන්ජකයක් හැටියට වැඩ කරනවා. ඒක කොය් තරං දුරට ශරීරයට විසද නැද්ද කියන්න නං දන්නෙ නැහැ, දන්න කෙනෙක් කිව්ව නං.

    ReplyDelete
  25. ඉඳිආප්ප හොඳයි කියල හිතෙයි මල්ලි පාන් හදන තැන ඉඳන් කඩේ වීදුරු පෙට්ටියට එන හැටි දැක්කනම් :)

    ReplyDelete
  26. බොල ඒකත් ඇත්න නොවැ බලන් ගියාම..හ්ම් හ්ම්

    ජය...

    ReplyDelete
  27. ඉඳි ආප්ප මම කන්න ආස කෑමක්. ඒත් ආයෙත් කන්න හිතෙයි ද දන්නෙ නෑ. මොනවා වුණත් කතාව නම් ඇත්ත.............

    ReplyDelete
  28. දැන් ඉඳිආප්ප මතක් වෙලා බඩගිනියි...

    ReplyDelete
  29. ඇත්තමයි ,,මටත් දවසක් කඩේකින් ඉඳිආප්ප ගන්න ගියාම ඕක හිතුනා.. ඇත්තටම අත් කීයක තියෙන ජරාව ගෑවෙනවද ඕකෙ,..

    ReplyDelete
  30. මදුරන්ගගේ වසරේ සොයාගැනිම :) :) :)

    ReplyDelete
  31. ඉදියාප්ප අම්මේ මතක් කරන්න එපා ගිය සති අන්තයෙත් හොද බඩේ අමාරුවකින් මට සංග්‍රහ කලා...
    දැන් නම් මට ඉදිආප්ප ඇලජික්... ඕකම තමා හේතුව...

    ReplyDelete
  32. අනේ අනේ පොඩි එකා ඉඳිආප්ප ඔක්කොම කෑවට මේකා ගොතපු කතාව... අද අපි කන බොන ගොඩක් කෑම යම්තරමකට හෝ අපිරිසිදුයි තමා ඊටත් වඩා භයානකම කතාව ගොඩක් කෑම වස විස දේවල් වීම... මොනා කරන්නද ඉතිං......

    ReplyDelete
  33. හැබැයි අය්යේ ඔහොම බැලුවොත් මෙහෙ කිසිම කෑමක් කන්න වෙන්නේ නැහැ නේ

    ReplyDelete
  34. නරියෙකුත් කීවාලු මිදි තිත්තයි කියලා ..

    ReplyDelete
  35. අනේ ඉතින් ඔය මොනව කිව්වත් ඉදි ආප්ප නම් නොකා ඉන්න බෑ

    ReplyDelete
  36. අපොයි මලයා බොට හොඳටම වැරදිලා..උඹ දන්නවනං පාන් බේකරියක වැඩ කෙරෙන්නේ කොහොමද කියලා උඹ ඉඳි ආප්ප වලට මලං තියලා වදිනනවා...

    ඔහොම තමා බං ඔය කොයි කෑමත්..කඩේ සෝකේස් එකෙන් අර යකඩ අල්ලුවකින් අල්ලලා සීරුවට අපිට දුන්නට..ඒක එතනට එනකල්ම එන්නේ පුදුම කුනක් කාලා..

    මල්ලි මොකද හිතන්නේ ගත්ත ගමන් කඩේ දාගන්න බුලත් විට ගැන එහෙම..?සෑහෙන්න පිරිසිදු ඇති නේද..?

    කෑමට අඳාළ නැති උනත් ඔය වගේම තව එකක් කියන්නං...

    මල්ලි පාරේ වැටිලා තියෙන කාගේ හරි ලේන්සුවක් ඔයාට අතින් අහුල ගන්න කිව්වට ඔයාට එක පාරටම ඒක ගන්න නිකං අප්පිරියා වගේ හිතෙන්නේ නැද්ද..?

    ඒත් රුපියල් සීයේ පණහේ බැරිනං විස්සේ දහයේ හරි සල්ලි නෝට්ටුවක් කොහේ වැටිලා තිබුනත් අපි නොගනීද..

    අර කලින් කිව්ව ලේන්සුව කෝටු කෑල්ලකින් අරගෙන නිකං අප්පිරියාවෙන් වගේ අහකට දාන අපිම අර සල්ලි කොලේ කිසි අවුලක් නැතිව අරගෙන දිග ඇරලා නවලා පර්ස් එකේ ඔබා ගන්නවා..ඒත් ඒ නෝට්ටුව මාළු කඩේ මුදලාලි..මසං කඩේ මස් කපන හාදයා එහෙම අත පිහලා..හෝදලා අල්ලපුවා නෙවෙයි..අනික සමහරු සාක්කුවේ දාන සල්ලි..තවත් සමහරු යට ඇඳුමේ හංගගෙන ඉන්නේ..

    ඒත් අපිට කොයි වෙලාවකවත් සල්ලි අප්පිරියා වෙන්නේ නැහැ නේද?

    ඔන්න බලන්න ඒකේ හැටි..

    ReplyDelete
  37. කඩ කෑම අතරින් මම නම් ආසම කෑම තමයි ඉඳි ආප්ප.. ඒත් ඉතින් පිරිසිදු කම බැලුවොත් ඔක්කොම කෑම ඔහොම තමයි මදුරංග...
    ඉස්සර ඉස්කෝලේ කැන්ටිමෙන් කැන්ද කොලේ ඔතපු ඉඳි ආප්ප 5 මුලක් සම්බෝලත් එක්කම දෙකයි පනහ ට කෑවේ.. ඒත් අද.....?

    ReplyDelete
  38. කිවුවත් වගේ මධුරංග අයියේ කතාව ඇත්තනේ.. ඒක නෙමෙයි බැරි වෙලාවත් මල්ලි පාන් කාලා අයියට ඉදි ආප්ප තියලා තිබුනනම් මොකද වෙන්නේ??

    ReplyDelete
  39. මම දන්න තරමට මේ ලොකේ තියන අපිරිසිදුම කැම තමා අර ඔබා අය්යාගේ ඔම්ලට් එක....

    ReplyDelete
  40. ඊක්කා... දැන් ඉතින් මොන හිතකින් ඉඳිආප්ප කන්නද?

    ReplyDelete
  41. උඹ අපිට ඉඳිආප්ප එපා කරවනවා බං....

    ReplyDelete
  42. මාරයා හරි ලෝකේ තියෙන ජරාම ජරා දේ තමයි සල්ලි..
    ඒ උනාට ඔය ඉඳි ආප්ප විසිපහක් පිඟානට දාගෙන රතුපාට පොල් සම්බෝලෙයි කිරි හොදයි දාගත්තම මට ඔය මොකවත් හිතෙන්නේ නැහැ ආයිබෝවන්.. බඩ පැලෙනකන් කන්න තමයි හිතෙන්නේ ..

    ReplyDelete
  43. හික්... මමත් ඔය කතාව අහලා තියනවා මීටකළින්...:)
    අයියාට ඉඳිආප්ප 20ක් ඇතිද?? හික්ස්ස්... පුදුමයි ;)

    ReplyDelete
  44. මම ඔය කතාව මීට කලින් අහලා තිබුනා, කොහෙන්ද කියලා මතකයක් නෑ..ඒත් ඉතින් කිරි හොදි සහ ඉඳි ආප්ප මතක් වෙනකොටත් කටට කෙල උනනවා..

    ReplyDelete
  45. දවසක් අපි ඇන්ටි කෙනෙක්ට ඉදි ආප්ප ගෙනත් දෙන්න කියලා පරක්කු නිසා ඒ ගෙදරට ගියා බලන්න. ආයිනම් ඒ ගෙදරින් ඉදි ආප්ප කෑවෙ නෑ, එයා කඩේට දාන එව්වා මිසක්...

    ReplyDelete
  46. කලබල පැංචාSeptember 2, 2011 at 9:26 PM

    කුණු කන ඌරන්ට මොන සවුක්යද බන් අවුලක් නැ ඉඳිආප්ප නූලත් බඩටනෙ නේද?

    ReplyDelete
  47. කලබල පැංචාSeptember 2, 2011 at 9:26 PM

    කුණු කන ඌරන්ට මොන සවුක්යද බන් අවුලක් නැ ඉඳිආප්ප නූලත් බඩටනෙ නේද?

    ReplyDelete
  48. ඉතින් බං පානුත් ගනන් කරනවනෙ.:D ඕව ගැන වැඩිය හිතුවොත් කැන්ටිමේ කෑම කන්න වෙන්නෙ නෑ බං. දැක්කෙ නෑ වගේ ඉන්න එක තමයි කරන්නෙ. කොහොමද විභාගෙ?

    ReplyDelete
  49. ඇත්ත කතාව . අයියටත් මාර දේවල් තමයි හිතෙන්නේ. ඒ වුනාට ඉදි ආප්ප විතරක් නෙමෙයි පාන් , බනිස් , වඩේ වගේ ගොඩක් කෑම කඩවල හදන අපිරිසිදුකම දැක්කම එපාවෙනවා. ඉස්සරහ දිව්ය ලෝකේ වගේ තියෙන ගොඩක් කඩවල කුස්සිය අපායක් වගේ. මේවයේ උයන ඒවනේ මිනිස්සු කන්නේ කියලා හිතෙනවා. ඊක්.

    ReplyDelete
  50. @Podi Kumarihami :
    එකනේ අක්කා. මොන දේ උනත් ගෙදර හදලා කන එක තරම් පිරිසිදු නෑ !!!

    @අසනි :

    ඔන්න මම එහෙමයි.
    පෙරලුන පිට හොදයි කියනවා. හික් හික් :)

    @දිනුක ජයකොඩි :
    එහෙම හිතන්න ගියොත් නම් කන්න වෙන්නේ නැ.
    මාත් ඕවා හිතන්න යන්නේ නෑ

    ReplyDelete
  51. @හිම හංසි :
    මොන කඩ කමක් උනත් හදන හැටි දන්නවා නම් කවුරුත් කන්න නෑ.

    @චතූ...... :
    එකනේ !!!
    හොද වෙලාවට මල්ලි දෙයියෝ වගේ ආවේ. නැත්නම් මම අර ජරාව කනවනේ.

    @හරී :
    එක නම් මම දැනගෙන හිටියේ නැහැ හරි. ආප්ප හදනකොට පාස්ටර් පැරිස් දානවා කියලා නම් අහලා තියෙනවා.

    ReplyDelete
  52. @රාජ් :
    එකනේ අයියා !!
    අයියාගේ පලවෙනි පැමිණීම. සාදරයෙන් පිලිගන්නවා මගේ අඩවියට.

    @සනා :
    අපේ මල්ලි කොහොමත් පින් අතේ වැඩ කරනවනේ.
    මල්ලිට බුදු සරණයි !!!!

    @Praසන්ன :
    ඔන්න මම නම් නෙමෙයි මේක හොයාගත්තේ.

    ReplyDelete
  53. @deeps :
    එකනේ නංගි. වදිහියෝ දන්නවා හොද නරක.

    @නිසුපා :
    විභාගේ ඉවර නෑ අක්කේ. මේක මම ලියලා ගොඩක් කල්.draft එකේ තිබ්බේ. නිකන් පොස්ට් කළා.

    @පන්සල් හංදිය :
    හන්ගොල්ලෝ කියන්නේ මම අප්පිරිය කරනම සත්තු ජාතිය

    ReplyDelete
  54. @චතුමිතු :
    අපෝ මල්ලිත් එක්ක මොකට තරහා වෙන්නද. ඉදිආප්ප කන එක නවත්වන්න එපා.

    @නදී :
    ගොඩක් වෙලාවට එහෙම තමයි අක්කා අපි කරන්නේ. පාන් එහෙම ගේන්නේ නැති තරම්

    @පිණිබිඳු... :
    ඔයා ඔය අප්පරිය කරන විදිහට මටත් ආයේ ඉදිආප්ප කන්න හිතෙන්නේ නෑ.

    ReplyDelete
  55. @- නිල් අහස -:
    ත්‍රස්ත්‍රවාදය නෙමෙයි. !!!

    @චතුවා (ළමයා):
    එහෙනම් ගෙදර හදාගෙන කන්න. එතකොට අවුලක් නැහැනේ :)

    @blog gadol :
    හික්ස් :)

    ReplyDelete
  56. @malmi :
    වමනේ දාන්නේ මොකෝ. මම මේක විහිලුවටනේ කීවේ !!!!

    @රජිත් :
    මමත් ඔය ලුණු දාන සීන් එක අහලා තියෙනවා. මතක් වෙනකොටත් පාන් කන්න හිතෙන්නේ නැහැ.

    @සීතල අයියා :
    එක අම්මට !!!!

    ReplyDelete
  57. @ඉන්දික :
    එකනේ. ගල් බනිස් කිව්වට ගල් තියෙනවා යෑ. එතනින් ගියහම මාළු බනිස් කිව්වට මාළු තියෙනවා යෑ

    @සපතේරු උන්නැහේ :
    මට හිතුනා අයියා ඔහොම කියයි කියල. හික්ස් :)

    @nawammawatha :
    මාත් ඔය කිව්වට ඉදිආප්ප කන එක නවත්වන්නේ නෑ. හික්ස් :)

    ReplyDelete
  58. @Observer :
    කෝස්ටික් සෝදා දාපු කම කාපුවාම උගුර හැම යන්නේ නැද්ද අප්පා.
    අම්මෝ !!!! මෙහෙම කියනකොට කම කන්නත් එපා වෙනවා.

    @``` Outsider``` :
    වෙලාව හොද කමට පාන් හදන හැටි නම් දැකලා නෑ

    @Gayan Rupasinghe :
    ඇත්ත තමා. හ්ම් හ්ම්...
    ජය...

    ReplyDelete
  59. @මහි :
    කන්න ගියහම හිත හිත ඉන්න එපා.
    එතකොට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. :(
    මම වගේ ගිලලා ගිලලා දාන්න.

    @තාරක Dilsh@n :
    කන්න යනවනම් මාත් එන්නම්... :)

    @ප්‍රාර්ථනා :
    එකනේ නංගි. ඇත කියක් නම් පාවිච්චි වෙනවද.

    ReplyDelete
  60. @සාටර් :
    හෙහෙහෙහෙ. එහෙමවත් කියමු. :)

    @දේවා ගේ අඩවිය :
    මට නම් කොත්තු තමා ඇලජික් වෙන්නේ.
    කාපුදාට පහුවෙනිදා ටැප් එක ඇරියා වගේ....

    @ප්‍රසංග :
    අන්න හරි !!!!
    විස කෑම කන එක ගොඩක්ම භයානකයි.

    ReplyDelete
  61. @ChammA :
    කන්නේ නැති වෙලාවට මෙහෙම හිතුවට කන වෙලාවට ඔය මුකුත්ම හිතන්න හොද නෑ.
    එතකොට බඩගින්නේ ඉන්න වෙනවා.

    @හිස් අහස :
    එහෙම කිව්වලු නම් තමා. හික්ස් :)

    @saj!th@W!zdOm :
    ඔය කිව්වට මටත් නොකා ඉන්න නම් බෑ.

    ReplyDelete
  62. @මාරයාගේ හෝරාව :
    එක හරි අයියා. කොච්චර පිරිසිදුවට පෙන්නුවත් ඔය ෂෝ කෙස් එකට කෑම එන විදිහ දැක්කා නම් කන්න හිතෙන්නේ නැහැ. මම නම් කියන්නේ අපි කඩ කෑම කන එක පොඩ්ඩක් විතර අඩු කරලා පුළුවන් තරම් ගෙදරින් කෑම හදාගෙන කන එක තමයි කරන්න ඕනේ.

    අයියා කිව්වත් වගේ සල්ලි කොච්චර නම් මිනිස්සු ගාවට යනවද. ඉස්සර අපේ අම්මලා සල්ලි කටේ දාන්න එපා කියලා කියන්නෙත් ඕක හින්දා කියලා මට මතක් උනා.
    මේ පැත්තේ ඇවිත් කමෙන්ට් කලාට අයියට ගොඩක් ස්තුතියි.

    @Tharinduhw122 :
    හා කමුකෝ !!! :)

    @නදුන් උයන :
    දවසින් දවස කෑම ගණන් යන එක තමයි කාලා ඉන්න බැරි. ඔහොම ඉදිආප්ප විකුණන කෙනෙක් කොච්චි වල යනවා මම දැකලා තියෙනවා.

    ReplyDelete
  63. @Dinesh :
    මොනා කරන්නද මල්ලි. එතකොට මේ පෝස්ට් එක පාන් තමා අපිරිසිදුම කෑම කියලා ලියලා තියෙයි. හික්ස් :)

    @Gimhani :
    ඇයි ඒ ඔබා අයියගේ ඔම්ලට් එක එච්චරටම අප්සට් ද !!!

    @පැණි දොඩම් - [නුවන් කුමාරනායක] :
    කන්න යනකොට ඔය කිසිම එකක් නොහිත මං වගේ ගිලලා ගිලලා දාමු. !!! :)

    ReplyDelete
  64. @prasanna86k :
    අපෝ නෑ අයියා. මම එහෙම දේවල් නම් කරන්නේ නැහැ.
    හික්ස් :)

    @සරත් ලංකාප්‍රිය :
    මාත් එහෙම තමා යියේ.
    කන්න ගියාකම කන එක ඇරෙන්න කිසිම දෙයක් හිතන්නේ නැහැ. හැබැයි මට නම් ඉදිආප්ප විසි පහක් හොදටෝම මදි !!! අඩුම ගානේ තිහ හතලික්වත් තියෙනවා නම්.....

    @හිතුවක්කාරි :
    ඔයා මේක කලින් අහලා තියේද...
    මට නම් ඉදිආප්ප විස්සක් මදි. ඔයාට එක තමයි නේ ලොකුම ප්‍රශ්නේ... හික්ස්ස්ස්ස් :)

    ReplyDelete
  65. @චතුර.... :
    මටත් ඉදිආප්ප තියෙනවනම් අනිවාර්යෙන්ම කිරි හොදි ඕනා..

    @මන්තරකාරි :
    ඔයාලටත් පුදුම වැඩ තමයි වෙන්නේ. ඇයි එයාලගේ ගෙදරින් ඉදිආප්ප කන්න එපා උනේ..

    @කලබල පැංචා :
    අනිවාර්යෙන්ම. මොන දේ උනත් බඩට නම් මම ඔඅනම දෙකට ඔට්ටුයි.

    ReplyDelete
  66. @Kasun :
    ඔය කොයි කමත් ඔහොම තමයි බං.
    මම නම් කනකොට ඔය කිසිම එකක් හිතන්න යන්නේ නෑ. එතකොට කන්න වෙන්නේ නැහැනේ.
    විභාගේ යමින් පවතී. තව සබ්ජෙක්ස්ට් හතරක් තිබෙයි.

    @සුදු මැණිකේ(මැණික්) :
    එක හරි නංගි. ගොඩක් කඩවල් වල ඉස්සරහා ලස්සනට තිබ්බට පිටිපස්ස ගන්න දෙයක් නැහැ.
    කඩ කෑම නම් නොකන තරමට තමයි හොද..

    ReplyDelete
  67. ඔය කොයි කැමත් එහෙමය් බන්

    ReplyDelete
  68. ඉඳි ආප්ප විතරක් නෙමෙයි තව කොච්චර කෑම ඔහොම වෙනවද.
    අනිත් එක අර මර ය කීව වගේ, මුදල් කියන්නෙ කොතරම් අපිරිසිදු දෙයක්ද? ඇයි ෆෝන් එකේ හෑන්ස්සෙට් එකේ මයික් එක ගාව. ඒකත් පට්ටම අපිරිසිදු තැනක්.
    මම දවසක් ඩිස්කවරි එකේද මන්ද වැඩසටහනක් බැලුව, ඒකෙ කිව්ව අපි හැම වෙලේම නිරාවරණය වෙන තැන් ගොඩකට (උදා: මේසය මත, දුරකථනය, ...) වඩා ටොයිලට් එකේ කොමඩ් එක පිරිසිදුයි කියල. (එයාල පරීක්ෂණ කරල හොයාගත්තු එකක් ඒක)

    ReplyDelete
  69. අම්මෝ මදුරංග මල්ලි.. උඹ මට ඉදියප්ප කන එක අප්පිරිය කරලා තිබ්බේ... එත් අර පොල්සම්බෝලේ කතාවයි කිරිහොද්දයි මතක් උනාම අම්ම හදන ඉදියප්ප තිබ්බනම් දැන් උනත් කනවා බඩ පැලෙන්නම..

    ReplyDelete
  70. Gedara hadana Kemal era anith Hama jathiyakma ohoma thama bans.....

    ReplyDelete
  71. කඩ කෑම කොයිකත් ඔහොම තමයි... ඒත් ඉතින් ඔව්ව කෑව කියල ඔය කලාතුරකින් මිසක් ලෙඩක් දුකක් හැදෙන එකෙක් ඉන්නවය... ඌරන්ට මොන සව්වුක්කියද බන්.... හික් හික්...

    මාරයාගේ කොමෙන්ටුව සුපිරිය

    ReplyDelete
  72. pan hadena hati dakala nathai.

    ReplyDelete
  73. මොනව උනත් හොඳට තෙම්පරාදු කරල පරිප්පු හොදි ටිකක් එක්ක නම් ඉදි ආප්ප මරු බඩට යනච දැනෙන්නෙම නෑ..!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.