ටීචරුත් හැමදාම දඩුවම් කරනවා. ඒත් මූ හැදෙන්නේ නෑ. කොහොමහරි බැරිම තැන ටීචර් මේකාගේ පොතක පොඩි සටහනක් දාලා එවලා තිබ්බා. ඒ සටහන ඒකගේ අම්මට පෙන්නන්න තමයි එවලා තිබ්බේ. ඒ සටහනේ තිබ්බේ මෙහෙමයි.
දගකාරයි !!!!
පාඩමට ඇහුම්කම් නොදේ !!!!
යාළුවන් සමග දබර කිරීමට පෙළඹේ.
ළමුන් රණ්ඩු කරවා නිහඩව බලා සිටියි !!!
මේක කියෙව්වට පස්සේ මට හිතුනෙම කවදහරි මූ දේසපාලකයෙක් වෙයි කියලා. මොකද ගොඩක් දේසපාලකයන් කරන්නේ දෙපැත්තක් රණ්ඩු කරන්න ඉඩ දීලා නිහඩවම බලාගෙන ඉන්න එකනේ. පොඩි කාලේ ඉදන්ම දේශපාලකයෙක්ගේ ගති ලක්ෂණ තියෙන නිසා ඒ පැත්තට යොමු කරවන එක හොදයි.
මොකද ඉතින් කවදහරි මගේ ළමයෙක්ව උනත් ජනප්‍රිය පාසලකට එහෙම බැරි උනොත් රජයේ රස්සාවකට උනත් ලේසියෙන්ම දාගන්න පුලුවන් නේ !!! හික්ස් :)
අනේ මන්ද තාම පොඩියිනේ ලොකුවෙනකොට ඕව අඩුවෙයි ..
ReplyDeleteවිශ්වාස කරන්න..මේ මට නෙමේ අපේ මාමගේ මලයට තිබ්බෙත් ඔය චෝදනාමයි...කන බොන දේක වැරැද්දක්ද මන්දා...හික්ස්
ReplyDeleteලොකු ගතිගුණ පොඩියට....
පොඩි ඈයෝ කොහොමත් දඟයිනෙ..සමහර වෙලාවට එයාලා දඟ කරන්නෙ අනිත් අයගෙ අවධාණය තමන් දිහාට ගන්න..පොඩි කාලෙ දඟ නොකර ලොකු උනාම කරන්නයෑ...
ReplyDeleteපොඩි උන්ගෙ කතා නම් තියෙනව බන් පොතක් ලියන්න තරමට... :)
ReplyDeleteඅපිත් ඔහොමම වෙන්න ඇති ඒ කාලෙ...
කොල්ලො ඔහොම තමා.පොඩි උන් නේ.
ReplyDeleteමලයෝ.. පොඩි එකාට මෙහෙම අවවාදයක් දීපන්... කීප් අප් ද ගූඩ් වර්ක් සනා
ReplyDeleteඅම්මපා මධුරංග අයියත් හිතලා තියෙන දුර.. අනේ එහෙනම් කොල්ලා ඇමති කෙනෙක්ම වේව!!!
ReplyDelete//මොකද ඉතින් කවදහරි මගේ ළමයෙක්ව උනත් ජනප්‍රිය පාසලකට එහෙම බැරි උනොත් රජයේ රස්සාවකට උනත් ලේසියෙන්ම දාගන්න පුලුවන් නේ !!! හික්ස් :) ?/
ReplyDeleteදැන් ඉඳන්ම ප්ලෑන් ගහලා වගේ.. ආ ආ හරි හරි!
මම මේ කල්පනා කරන්නේ අර පොඩි ලමයා අල්ලගන, අනාගත ප්ලෑන්ස් ගහන ලොකු ලමයා ගැන....:D
ReplyDeleteඉවසලා හිටහං බං... තාම හොඳ හෝටලයක් සැට් වෙලා නෑනේ...
ReplyDeleteමෙහෙම දේවල් ගැන ටිකක් අවදානය යොමු කරන එක හොඳයි , මොකද A.D.H.D.කියන රෝග තත්ත්වයේදිත් මේ වගේ වෙනවා , අපේ පැත්තේ ආවෙලාවක කියවන්නකො ඒ ගැන , කෙසේ වෙතත් ....රාජ්‍ය පාලනයේ ක්‍රම හතරෙන් එකක්නේ “බේද කිරීම “ (සාම ,දාන, දණ්ඩ , බේද ...) , එයින් අපේ බොහොමයක් දේශපාලඥයින් (හෝ පාළුවන්) කරන්නේ නම් ඔබ කියන දේ තමයි ...
ReplyDeleteපොඩි කාලේ දඟ ළමයි තමයි පහු කාලේ හොඳට ඉගෙනගෙන ලොකු ලොක්කො වෙන්නේ කියලයි අපේ අම්මානම් කියන්නේ. ඒ ළමයි ක්‍රියාශීලියිලු...
ReplyDeleteහැම එකාම ඔහොම තමා බං... හැබැයි ඔය කම්ප්ලේන් එන්නෙ නැත්නම් තමයි පොඩ්ඩක් ඌ ගැන හොයල බලන්න ඕනෙ.
ReplyDeleteහ්ම්ම්ම්.... දේසපාලනේටම තමා ගැලපෙන්නෙ.... 18 උන ගමන්ම ප්‍රාදේශිය සබා දාන්න බලපන්.... උගන්නන්න මහන්සිවෙන්න එපා. ඒක අත්‍යාවශ වෙන්නෙ නෑ නේ...
ReplyDeleteඅන්තිම චෝදනාව තමා මරු.
ReplyDelete@Sanjaya සිතුවිලි :
ReplyDeleteඑහෙම තමයි අයියා හිතන් ඉන්නේ. මොකා වෙයිද දන්නේ නෑ.
@අසනි :
හැම පොඩි එකාම ඔහොමද දන්නේ නෑ නේද ආසනි ?
@දිල් :
පොඩි අය දග කරන්නේ නැතිව අපි දග කරන්න යෑ. එක්කා කියන කතාවත් හරි වෙන්න පුලුවන්.
@සාතන් :
ReplyDeleteසාතන් අයියත් දරුවෝ ඉන්න තාත්තෙක් කියලා අද නේ දන්නේ. හික්ස් :)
@නදී :
නදී අක්කලාගේ බබා කරපු දේවල් ඇහුවම මටත් ඔහොම හිතුනා.
@ක්සැන්ඩර් | Xander :
අනිවාර්යෙන්ම මම් එහෙම කියන්නම්. හික්ස් :) මරු අවවාද
@Dinesh :
ReplyDeleteඅපි ඉතින් ලඟ හිතන්නේ නෑනේ. දුර නේ හිතන්නේ :)
@Podi Kumarihami :
අක්කටත් තියෙන්නේ පුදුම ප්‍රශ්න නේ. හික්ස් :)
@prasanna86k :
හෝටලයක් සෙට් උන දාට හොදටම කයි නේ.
@මහේෂ් නිශාන්ත :
ReplyDeleteමම් එහෙනම් අයියලෑ පැත්තේ ආවම මේ සීන් එක අහන්නම්කො.
@මන්තරකාරි :
ඔවු හරිම ක්‍රියාශිලියි තමා. පවර් බූස්ටර් තියෙන කිරි නේ බොන්නේ. හික්ස් :)
@පැණි දොඩම් :
ඒ උනාට කම්ප්ලේන් ගොඩයි.
@ප්‍රසංග :
ReplyDeleteඅන්නිවාර්යෙන්ම ඡන්දේ ඉල්ලන්න යවයි මේම ගියොත්.
@හරී- පිණිපළස :
හික්ස් :) මටත් හිතුනා ඒක මරු කියලා.
පොඩි උන් දඟලන්නෙ නැත්තන් තමා බය වෙන්න ඕනෙ.
ReplyDeleteඅනේ පවු පොඩි එකා.. පොඩි කාලෙ දග ළමයි ලොකු වෙද්දි හොද වෙනවා... අපේ මල්ලිත් ඉස්සර ඔහොමයි.. දැන් නම් එහෙම නෑ..(දග වුනත් ගානකට) ;)
ReplyDeleteහැබැයි මධුරංග අයියා පොඩි එකාගෙ පිහිටෙන් අයියාගෙ ප්ලෑන් ගහන්න හදපු එකනම් කැතයි හරී....හික් හික් හික් ;)
අනේ ඉතිං ඔය පොඩි එවුන්ගෙ හැටිනෙ මල්ලි. මාත් පොඩි කාලෙ ඔය වගේ තමයි...:))
ReplyDelete@පිණිබිඳු... :
ReplyDeleteඒකනේ. ඔය කියන්නේ අද්දැකීම් වලින්. හික්ස් :)
@හිතුවක්කාරි :
අපෝ එහෙම ප්ලෑන් ගැහුවේ නෑ නංගි. නිකන් ගලාගෙන යන වතුරෙන් දිය දෝතක් ගන්නයි හැදුවේ හික්ස් :)
@නිසුපා :
අපෝ ඒක නම් මටත් හිතාගත්තෑකි. කරලා තියෙන වැඩ හැටියට. හික්ස් :)
අනේ ඌ දේශපාලකයෙක් වෙයි කියල පොඩි එකාට අපහාස කරනවාටනම් කම විදුද්දයි ඔන්න
ReplyDeleteමධුරංග මල්ලිටත් එන්නේ මරේ මරු අදහස් නේ.
ReplyDeleteඇත්ත ..ඇත්ත... තව පරම්පරා 2,3ක් ගියත්...අපේ දේශපාලනේ නම් වෙනසක් වෙන එකක් නෑ.
හිකිස්... ඒක නම් ඇත්ත, ඔක්කෝටම වඩා "ළමුන් රණ්ඩු කරවා නිහඩව බලා සිටියි" කියන එක නම් ඒකට හොඳම සුදුසුකමක්..
ReplyDelete@සරත් ලංකාප්‍රිය :
ReplyDeleteහා අයියා. මම් ඒකාට එහෙම නොකියා ඉන්නම්.
@- නිල් අහස - :
ඒකනේ. මොක වෙනස් උනත් දේශපාලනේ නම් වෙනස් වෙන්නේ නැතිවෙයි.
@ප්‍රාර්ථනා :
ඒකනේ නංගි. සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි.
හිකිස් සිරා කොල්ලෙක්නේ..පොඩි එකාගේ හැකියාවන් වැඩිදියුනු කරල කොහොම හරි ප්ලෑන් එකත් ගොඩ දාගන්න අයියා..ලොල් ;) :D
ReplyDeleteඅය්යා හිතලා තියන දුර.............
ReplyDeleteළමයි හදලාත් ඉවරයිනේ..
හිකිස්
හැබැයි ගොඩක් වෙලාවට පොඩි කාලෙ ඔහොම එවුන් ලොකු වෙද්දි හිතුවටත් වඩා තැන්පත් එවුන් වෙනව.
ReplyDelete@පිස්සු පුසා :
ReplyDeleteඅනිවා අනිවා. මල්ලිලාටත් මොනාහරි ඕන් නම් කියන්න. මාව කන්ටෑක් කරන්න.
@දේවා ගේ අඩවිය :
අපි ඉතින් දුර හිතන්නෙපෑ. නැත්නම් කොහොමෙයි.
@``` Outsider``` :
එහෙම උනොත් හොදයි අයියා. නැත්නම් තමා ප්‍රශ්නේ.
උඹටත් හෙන ආස ඇතිනෙ මලය දේශපාලුවෙක් වෙනවට. :D
ReplyDeleteඒකනේ බං උන්ට පොඩි එවුං කියන්නේ .. මට නම් තේරෙන්නේ ඔය පොඩි එකා හොඳටම නිරෝගී එකෙක් ,
ReplyDeleteඅපේ නැන්දගේ පොඩි එකත් 5-6 වයසෙදී ඔහොමමයි... කට ඇරියොත් කියන්නේ කට කැඩිච්චි කථාවක්... හිමින් වැඩක් නෑ... දඟ ගෝනියක් ! කථා කරන්නේ හන්දියට ඇහෙන්න. පස්සේ පස්සේ ඕවා නිකම්ම නැතිවෙලා ගියා. දැන් ඌට 12 යි. දැන් මිනිහා හොඳම මීටරයක්... ඕන වැඩකට එවරෙඩි...!
ReplyDeleteමම හිතන්නෙත් පොඩි කාලේ දඟ ළමයි ලොකු වුනාම හොඳ වෙනවා කියලා...!
අපෝ අපේ චූටි මල්ලියාත් හරි දඟයි. එයා එක්ක ඉන්න නම් ඉවසීම අන්තයටම ප්‍රගුණ කරන්න වෙනවා. මේ ලඟදි දවසක එයාව බලාගන්න ඉන්න ලොකු අම්මාව වෙලකට තල්ලු කරා. වැටුනා නම් කොන්දත් කැඩෙනවා. පුංචි එවුන් කොහොමත් දඟයි නේ.
ReplyDeleteඅනින ගොනා වැඩ ට හොඳයි ලු නේ.... හි හී... ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා. ලොකු වෙනකොට ඔය දඟකම් අඩු වෙයි...........
ReplyDeleteනෑදෑ වෙන කෙනෙක්නං උඹටත් නැතෑ ඒ ජාන ම. හඃ හඃ හා....
ReplyDelete@Kasun :
ReplyDeleteනැතුව නැතුව. මම් මාරම ආසයි. හික්ස් :)
@හිස් අහස :
නිරෝගී වැඩිද මන්දා. ඒකනේ ඔහොම ගහ ගන්නේ.
@චතුරංග පෙරේරා | chathuranga Perera :
අපි එහෙමවත් හිතමු මල්ලි. මොක වෙයිද මන්දා මේ පොඩි එකා ලොකු වෙනකොට.
@හංසි :
ReplyDeleteඅම්මෝ ඒකාත් දඟ මල්ලක් නේ. අපේ එකා මට ඇරෙන්න වෙන ලොකු එවුන්ට ගහන්නේ නෑ. හික්ස් :)
@මහි :
හික්ස් :0
ඒ කියන්නේ මේකා ගොනෙක්ද. ඒකත් වෙන්න පුලුවන් වෙන්න පුලුවන්.
@දිනුක ජයකොඩි :
අම්මෝ උබලටත් හිතෙන දේවල්. හික්ස් :)
වෙන්න පුලුවන්....
නියම මල්ලි කෙනෙක්....
ReplyDeleteඔහොම පොඩි අය ලොකු උනාම ඉහල පොස්ට් වලට යනවා
අත්දැකිමෙන් කියන්නේ...
පොඩි කාලේ මාත් ඔය වගේ තමා, හැමදාම ඉස්කෝලේ යනකොට ඇඳුම් දෙකක් දාලා යවනවා, එකක් උදේට අනික ඉන්ටර්වල් එකෙන් පස්සෙ අඳින්න .......
ReplyDeleteඕවා ලොකු වෙනකොට හරි යනවා ......