05 November 2014

මෝස් ගණකය

මීට මාස කිහිපයකට විතර උඩදි අපේ කන්තෝරුවේ වැඩ කරන කමල් අයියා ලැප්ටොප් එකෙන් සර්කීට් එකක රූපයක් බලාගෙන ඉන්නවා. මාත් ටික වෙලාවක් ඒ සර්කීට් එක දිහා බලාගෙන ඉදලා "මොකද්ද කමල් අයියා ඔය සර්කිට් එක ?" කියලා ඇහැව්වා.

කමල් අයියා ගැන කියනවා නං අවුරුදු 54ක් වයස අවුරුදු තිහක විතර පරිගණක ක්ෂේත්‍රයේ පලපුරුද්ද තියෙන ප්‍රවීනයෙක්. ඒ වගේම විවිධ විවිධ දේ අත්හදා බැලීම් කරලා බලන්න ආස කරන ගතින් වයස උනත් හිතින් තරුණ මනුස්සයෙක්.

ඉතින් මුන්දෑ මට ඒ සර්කීට් එක ටිකක් විස්තර කලා.

ඒක මෝස් ගණකයේ සර්කීට් එකලු.මෝස් ගණකය කියන්නේ මීට සෑහෙන අවුරුදු ගාණකට කලින් ටෙලිග්‍රාප් පණිවිඩ යවන්ඩ භාවිතා කරපු උපකරණයකට. මේ වෙනකොට දුරකතන හොයාගෙන තිබිලා නෑ.. මේ ගණකයේ තියෙන්නේ එක බොත්තමයි.ඒක තද කිරීමෙනුයි විවිධ විවිධ සංඥා නිකුත් කරන්නේ.

පහලින් තියෙන්නේ මෝස් ගණකයේ රූපයක්.

මේ උපකරණයෙන් පණිවිඩ යවන්නේ මෙහෙමයි.අපි උදාහරණයකට  ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් A අකුර යවන්න ඕන කියලා හිතමු. A අකුර යවන්න ඕන නං අදාල උපකරණයේ බොත්තම එක පාරක් ඔබලා තව පාරක් දීර්ඝ එබීමක් සිදු කරන්ඩ ඕන. තවත් සරලව කියනවා නම් ඉංග්‍රීසි හෝඩියේ A අකුරට අදාල මෝස් කෝඩ් එක බීප් බීඊඊඊඊඊප්ප්ප්ප්ප් !

ඔය වාගේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු ගානට මෝස් කෝඩ් ගොඩක් තියෙනවා. පහලින් තියෙන්නේ ඒ එක් එක්  අකුරට අදාල මෝඩ් කෝඩ් ටික.

ඉංග්‍රීසි හෝඩියේ B අකුර ටයිප් කරනවා නම් කෙටි එබීම් තුනයි දීර්ඝ එබීම් එකයි. ඒ කියන්නේ බීඊඊඊඊඊඊඊප්ප්ප්ප්ප් එකයි බීප් තුනයි. බීඊඊඊඊඊප්ප්ප් බීප් බීප් බීප්

පොඩ්ඩක් හිතලා බලන්ඩකෝ එක වචනයක් යවන්න කොච්චර වාර ගණනක් මෝස් ගණකයේ බොත්තම ඔබන්ඩ ඕනද කියලා. ඒ කාලෙට අනුව ටෙලිග්‍රාප් පණිවිඩයක් යවන එකත් ලේසි නෑ. මේ මෝස් කෝඩ් ක්‍රමය ලෝකයට හඳුන්වලා දුන්නේ සැමුවෙල් මෝස් කියන ඇමරිකන් ජාතික විද්‍යාඥයා. මේ මෝස් ගණකයේ තියෙන අවාසිය තමයි මේකෙන් පණිවිඩ යවන්න පුලුවන් ස්ථාන දෙකක් අතරේ විතරයි.

මීට මාස ගණනාවකට කලින් කමල් අයියා පහදලා දීපු මෝස් ගණකයේ සර්කීට් එක ආයෙම මගේ මතකයට ආවේ පහේ පංතියේ ඉංග්‍රීසි පොතේ තිබ්බ පාඩමක් නිසා. මට මතක විදිහට පහේ ඉංග්‍රීසි අච්චු පොතේ තොරතුරු සන්නිවේදනය ගැන පාඩමක් තියෙනවා. ඒකේ සදහන් වෙනවා ඔය මෝස් කෝඩ් ක්‍රමය ගැන. මම ඒ පාඩම උගන්නනකොට මේ මෝස් කෝඩ් කතාවත් සරලව පැහැදිලි කලා.

පස්සේ දවසක අපේ කමල් අයියා මෝස් කෝඩ් ගණකයක් හැදුවයි කියලා කිව්වා. ඒ ගණකය මට ගෙනත් පෙන්නනවා කියලත් කිව්වා. ඒත් මේ වෙනකන් තාම ඒ මෝස් කෝඩ් ගණකය ගෙනාවේ නෑ... :)

අන්තර්ජාලය චුට්ටක් පීරලා බැලුවා නං මෝස් කෝඩ් (Morse Code) ගැන ලිපි ගොඩාක් හොයා ගත්තෑකි.  එහෙනං අදට මං නවතිනවා. ෂා.... හෙට පෝය නිවාඩුවකුත් තියෙනවා නෙව.. :)

9 comments:

  1. //පොඩ්ඩක් හිතලා බලන්ඩකෝ එක වචනයක් යවන්න කොච්චර වාර ගණනක් මෝස් ගණකයේ බොත්තම ඔබන්ඩ ඕනද කියලා.// හිතන්න ගියාමත් පික්ෂු වගේ :-))

    ReplyDelete
  2. මා දන්නා තරමින් 1960 දශකයේ අගදීත් මේ ක්‍රමය අපේ රටේ භාවිත කෙරුණා. විශේෂයෙන් වෙළඳ නැව් හැසිරවීමීදී තමයි පාවිච්චි කෙරුනේ. වරාය සහ නැව් අතර පණිවිඩ හුවමාරුව සඳහා. ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුවේ විදුලි පණිවිඩ යැවීම සඳහා. ත්‍රිවිධ හමුදාවත් පාවිච්චි කරලා තියනවා. මෙයින් පණිවිඩ යවන හැටි මා පාසල් සිසුවකුව සිටියදී 1960 ගණන්වල කෑගල්ල තැපැල් කාර්යාලයේදී දැක තිබෙනවා.

    මේ සංකේත ක්‍රමයේ තිත 'ඩිඩ්' යනුවෙනුත් ඉර 'ඩා' යනුවෙනුත් තමයි හඳුන්වන්නේ. අපි හිතමු You කියන වචනය යවන්න ඕනෙ කියලා එතකොට මෙහෙමයි. ඩා ඩිඩ් ඩා ඩා, ඩා ඩා ඩා, ඩිඩ් ඩිඩ් ඩා,

    ඔබට මතකද ආතර් සී ක්ලාක් මහතාගේ නවකතාවක් තිබෙනවා සඳ මතුපිටදී ගුවන් යානයක් සඳේ දූවිලි වල ගිලා බසින අවස්ථාවක් විස්තර කෙරෙන. අන්න එතනදී යකඩ පයිප්පයක් ඒ දූවිලි යටට යවනවා අර යානයේ වදින තුරු. ඊට පස්සේ මෝස් කේත මගින් ඒ පයිප්පයට තට්ටු කරලා පණිවිඩ හුවමාරු කරගන්නවා.

    ReplyDelete
  3. ෂර්ලොක් හෝම්ස් පොත්වල මේ ක්‍රමේ පාවිච්චි කරලා තියෙනවා නේද? යන්ත්‍රය වැඩ කරවන කෙනාගේ ඇඟිලි ගෙවිලා ඇති ඔබලා ම!

    ReplyDelete
  4. මේ මෝස් කෝඩ් වගේ බේසික් කෝඩ් එකක් පොඩ්ඩක් හරි දැනගෙන ඉන්න එක වටිනවා ... මොකුත් ම සම්බන්ධයක් නැති වෙච්ච වෙලාවක තට්ටු කරලා හරි පණිවිඩයක් යවා ගන්න පුළුවන් .. හොඳ මතක් කිරීමක් ..

    ReplyDelete
  5. ගොඩක් නැවු වලත් මේ ක්‍රමේම තිබුනා කියලා මම අහලා තියෙනවා.. එක අතකට රහස් පණිවිඩයක් යවන්න්න දැනුත් මේක හොදයි.. මොකෝ හැමෝම දන්නේ නෑනේ මේක පාවිච්චි කරන්න දැන්නම්..

    ReplyDelete
  6. //ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් A අකුර යවන්න ඕන කියලා හිතමු. A අකුර යවන්න ඕන නං අදාල උපකරණයේ බොත්තම එක පාරක් ඔබලා තව පාරක් දීර්ඝ එබීමක් සිදු කරන්ඩ ඕන.// එහෙම බැලුවොත් දීර්ඝ එබීමක් පෙන්වන්නෙ - ලකුණෙන් නේ. එතකොට B ගැන සටහනේ ලියල තියන එක පරස්පරයි වගෙ නෙ මට පේන්නෙ. //ඉංග්‍රීසි හෝඩියේ B අකුර ටයිප් කරනවා නම් කෙටි එබීම් එකයි දීර්ඝ එබීම් තුනයි.// ????

    කොහොම වුනත් හොඳ සටහනක් මේක.

    ReplyDelete
  7. කුරුටු ගෑ ගී පොත :
    ඒක නේන්නං... පික්ෂු හැදෙනවා..

    විචාරක - Wicharaka :
    තව තවත් විස්තර එකතු කලාට බොහොම ස්තූතියි !

    ධාරා :
    ඔවු.. සමහර කතා වල ටෙලිග්‍රාප් පණිවිඩ ගැන සඳහන් වෙනවා.

    ReplyDelete
  8. Pathum Herath :
    ඒක තමයි... ඒ කාඒ බොත්තමක් ඔබලත් පණිවිඩ යවලා තියෙනවා.

    Dinesh :
    දැන් කාලේ නං ලේසියෙන්ම මේක පාවිච්චි කලෑකි.

    Chandana :
    ඔන්න ලිපියේ තිබ්බ වැරැද්ද හැදුවා. අඩුපාඩු පෙන්නලා දුන්නට බොහොම ස්තූතියි !

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.