21 November 2014

එපා වීම

කෝට්ටේ ගැන ලියන්ඩ තියෙන අන්තිම ලිපියට ඕන කරන කරුණු ටිකක් හොය හොයා ඉන්නකොට තමා මේ ටිකේ මම දකින දේවල් ගැන පොඩ්ඩක් ලියන්ඩ හිතුනේ. මම දකින දේ කියන්නේ මම මේ ටිකේ වැඩියෙන්ම දකින දේ... මම විතරක් නං නෙමේ රටේ මහජනතාව මේ දවස්වල වැඩිපුරම දකින්නේ පූර්ව ජනාධිපතිවරණ ප්‍රචාරණ උපක්‍රම.

මුලින්ම මෙහෙමයි. අපි කියවන්ඩ කියලා පත්තරයක් ගත්තත්, මොනාහරි බලන්ඩ කියලා රූපවාහිනිය දැම්මත් වැඩිපුරම දකින්නේ මහින්ද මාමගේ හොඳ විතරමයි. මාමා බලයට ආපු දා ඉදලා මේ වෙනකන් කරපු හොඳ වැඩමයි පෙන්නන්නේ. උදේ හිටන් හවස් වෙනකන් මේවා දැකලා දැකලා ඔලුවත් කුරුවල් වෙනවා.

මේං බලන්ඩ  උදාහරණ. මූණුපොතේ ෂෙයාර් කරලා තිබ්බ එකකින් තමයි මේ පින්තූරේ ගත්තේ.

ඒ විතරක් නං මදෑ කියමුකෝ. ජීවත් වෙන්ඩ කරන රස්සාවට යන්ඩ පාරට බැස්සත් පතරංග සයිස් බෝඩ් වල මහින්ද මාමා හදපු දේවල් ගැන කියලා තියෙනවා. හදපු දේවල් විතරක් නෙමේ ඉදිරියට හදන්න යන දේවල් ගැනත් කියලා දාපු බෝඩ් දකින්ඩ පුලුවන්.

පාරේ අඩි දහයෙන් දහයට මේ ජාතියේ බෝඩ් පුරෝලා. ඒ විතරක් නං නෙමේ බිත්තිවලයි ලයිට් කණු වලයි පෝස්ටර් පුරෝලා.

මේ විසූක දස්සන බලාගෙන ඉක්මනින් වැඩට යා ගන්ඩ ලංගම බස් එකකට ගොඩ උනා. පුද්ගලික බස් වලට වඩා ලංගම බස් ඉක්මනින් යන නිසයි ලංගමයකට ගොඩ උනේ. ලංගම බස් එකකට නැගලා වාඩි උනා විතරයි මම දැක්කේ අහවල් අයවැයෙන් අහවල් එක අඩු කරපු නිසා ස්තූතියි කියලා අලවපු පෝස්ටරයක්.

සංසාරේ එපා වෙනවා අප්පා... ටික දවසකට ලංකාවෙන් පිට වෙලා ඉන්න තියෙනවා නම් ඒකත් සැපක්. මොකද ඉතින් එකම දේ හැම වෙලාවෙම දකිනකොටයි අහනකොටයි පුදුම එපා වීමක් තියෙන්නේ.

එක වෙලාවකට හිතෙනවා ඔය තියෙනවයි කියන මෙව්වා එක ඉක්මනින්ම තියලා ඉවර කරනවා නං හොඳයි කියලා.

12 comments:

  1. උඹල හදාගත්ත ක්‍රමය දැං බොලාටම එපා වෙලාද?? අනේ අපොයි

    ReplyDelete
  2. කෝ යකෝ රිප්ලයි බටොන් එක.. අිැඩ්‍රස් එක කියහං මං බොට ඇන්තරැක්ස් ඩිංගක් තෑග්ගට එවන්න. ඇයි වදේ.. කියල කියල එපා වෙලා තියෙන්නේ දැං

    ReplyDelete
  3. හෙහ් හෙහ් .... අපිට මෙහෙම නම් උන්නැහෙට කොහොම ඇත්ද? මම හිතන්නෙ ලොකු අයියට දැන් කණ්නාඩියෙන් පොරගෙ මූණ දකින කොටත් උරු ජුවල් ඇති.

    ඔව් බං, මාතරත් ටවුන් එකට යනකන් කිලෝමීටර් ගානක් එක දිගට පාර මැද කනුවල ලොකු කටවුට් ගහල තියෙනව. ටවුන් එක පුරාම ලොකූ ................ බෝඩ්, දැයට කිරුළටත් එක්ක ගහපුවා. අපරාදෙ සල්ලි.

    ReplyDelete
  4. පොඩ්ඩක් ඉවසල හිටිං. මාස දෙකක් යද්දි ඕව ඉවරයි දෙන්නගෙන් කවුරු දිනුවත්

    ReplyDelete
  5. සිරාවට මාර පම්පෝරි ගැහිල්ලක් තියෙන්නෙ.....

    ReplyDelete
  6. මටනම් එපාවෙලා සෑහෙන්න කල්..

    ReplyDelete
  7. මෙහෙම යුගයක් මේ ලංකාවෙ මීට කලින්නම් තියෙන්න නැතිව ඇති.

    ReplyDelete
  8. දැන් ඉතින් ඉස්සරහට තරගෙට මේවා බලාගන්න පුළුවන් වේවි..

    ReplyDelete
  9. අලුත් මනමාලයට ඔය ඩිංගට එපා උනාද?

    ReplyDelete
  10. ඔය කියන හොස්පිටිතාලේ මගෙත් යාලුවෙක් ඉන්නවා...
    මලයට හොඳ අත්දැකිම් ටිකක් ගන්න පුළුවන් වේවි... අයියත් ඒ පානෙන්ම එළිය බලපුදෙන්කෝ...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.