මේ සති අන්තයේ සෙනසුරාද දවසේ අපේ නෝනා කැමැත්තෙන් උන්නේ මාරවිල කුරුස පල්ලියට ගිහින් එන්ඩ. ඉතින් එයාගේ ආසාව හන්දා මායි අපේ එක්කෙනායි උදෙන්ම ගෙදරින් පිටත් උනා.
අපි දෙන්නා උදේ අටට විතර වත්තලට ආවා. වත්තලින් මීගමු පාරේ යන හලාවත කොළඹ බස් එකක් අල්ල ගත්තා. බස් එක පෑ දෙකක් විතර අරගෙන මාරවිලට ආවා.
කුරුස පල්ලිය ගැන කියනවා නම් ඒ පල්ලිය තියෙන්නේ මාරවිල. පුත්තලම කොළඹ පාරේ මාරවිල ටවුමෙන් බැහැලා ටික දුරක් හලාවත පැත්තට ඇවිදගෙන ආවහම මාරවිල හතරමං හන්දියෙන් වම් අත පැත්තේ පාරෙන් කිලෝමීටර් එකහමාරක් විතර යන්න ඕන. ත්‍රීවිල් එකෙ ගියොත් රුපියල් සීයයක් විතර ගන්නවා.
අවු රස්මියත්තෙක්ක පයින් යන එක අමාරු නිසා අපි දෙන්නා ත්‍රී වීල් එකේ පල්ලිය ගාවට ආවා.
පල්ලිය ඉදිරිපස පෙනුම මෙහෙමයි.
පල්ලියේ ඉදිරිපස ගහලා තියෙන පාඨය තියෙන්නේ ලතින් භාෂාවෙන්. ඒකේ තේරුම "මේ සලකුණෙන් ඔබ ජය ගනී" කියන එකලූ. ඉංග්‍රීසියෙන් කියනවා නං In this sign you will conquer. කියන එකලූ.
මේක පල්ලියක් උනාට මීට කලින් තිබුනේ කුරුසයේ ඇන ගහපු ජේසු තුමාගේ සුරුවමක් (පිළිමයක්) විතරයි ලූ. මිනිස්සු ඒ සුරුවම ඉස්සරහා වැද වැටිලා යාච්ඥා කලා ලු. පස්සේ කාලෙක තමයි මේ සුරුවම වට කරලා පල්ලිය ගොඩ නගලා තියෙන්නේ.
පල්ලියේ මැද ඔය තියෙන කළුපාට සිමෙන්ති තීරුවේ කිතුනු බැතිමතුන් දන ගහගෙන ඇවිදගෙන යනවා. ඒ යන ගමන් එයාලගේ ප්‍රාර්ථනාත් හිතේ තියාගෙන දෙවියන්ට ඉදිරිපත් කරනවා.
මේ පල්ලිය තියෙන්නේ කනත්තක් මැදි කරගෙන. මාරවිල කුරුස පල්ලියේ වාර්ශික මංගල්ලය පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසේ. පහලින් තියෙන්නේ පල්ලියේ පැත්තකින් පෙනෙන කනත්ත.
මාරවිල පල්ලියේ ටික වෙලාවක් ගත කරලා අපි දෙන්නා මූද පැත්තට ආවා. ලස්සන මුහුදු වෙරලක් මාරවිලට තියෙන්නේ. හලාවත මූදු තීරයට කියන්නේ මුතු පංතිය කියලා නෙව. මේ හරියේ ධීවර මාදැල් වලින් මාළු අල්ලනවා. අපි එනකොට මාදැල ගොඩට ඇදලා. ඒ නිසා මාදැල් අදින එකේ පින්තූරයක් ගන්ඩ ලැබුනේ නෑ..
එහෙනං පින්තූර ටිකක් බලලා ඉම්මු.
පහලින් තියෙන්නේ මූදු වෙරලට එනකොටම වාගේ තියෙන දේව මැනියන්ගේ සුරුවම (පිළිමය)
පහලින් තියෙන්නේ මූදු ගිහින් ආපු බෝට්ටු.
මූද මැද්දේ තිබ්බ ගොඩ නැගිල්ලක්. සංඥා නිකුත් කරන තැනක් වෙන්ඩෑ. සුනාමි අනතුරු දැනුම් දීමේ මධ්‍යස්ථානයක්ද දන් නෑ.. මොනා උනත් මටත් ආස උනා මූදේ බැහැගෙන ගිහිං ගිහින් ඔය පඩිපෙලෙන් නැගලා ඔය පැලට ගොඩ වෙන්ඩ.
මූදු වෙරලේ පෑ එකහමාරක් විතර ගත කරලා අපි හලාවත ටවුමට ගියා.ටවුමේ පොඩ්ඩක් ඇවිදලා මුන්නේශ්වරම් පැත්තේ යන්ඩ කියලා හිතුවා. ඒත් අපේ එක්කෙනා කකුල් කඩිත්තුව හැදිලා කියලා කෙඳිරි ගෑව නිසා ඒ ගමනට විරාමයක් තියලා ගෙදර ආවා. ආයේ දවසක මුන්නේස්වරම් ගිහින් එහෙම්මම පඬුවස් නුවර ඇත්තෙත් ගිහින් එන්ඩ බැරුව යෑ..
එහෙනං මං ගියාවේ.. ජය වේවා !
තක්කෙටම අර අට්ටාලේ මොකක්ද දන්නේ නැනේද
ReplyDeleteහ්ම්.. ඒක නං දන්නේ නෑ..
Deleteකුරුස පල්ලිය කියල නම හැදිල තියෙන්නේ මුලින් කුරුසයක් තිබ්බ නිසා වෙන්නැති නේද? මොනව උනත් අර දන ගා ගෙන යන දේවල් වගේ ඒවනම් මෝඩ චූන් කියල හිතෙනවා.. මුන්නේශ්වරම් ගියාම අපිවත් මතක් කරල පඬුරක් දාපන් එහෙනම්.. ජය ශ්‍රී!
ReplyDeleteදන ගාගෙන යන එක ඉතින් එක එක අයගේ විස්වාස නෙව. ඔය දේවාල වල කටු ගහගෙන යන්නේ, ගිනි පාගගෙන යන්නේ.. :)
Deleteඑහෙනම් මුන්නෙස්වරම් කියන්නෙත් බොරුවක් නෙමෙයිද බං 😂😂
Deleteදණ ගහගෙන යන කතාව දැක්කාම මතක් වුණේ කතරගම පැත්ත. එහෙන් මෙහාට ආපු නැත්නම් මෙහෙන් එහාට ගිය එකක්ද දන්නේ නෑනේ.
ReplyDeleteලස්සණ පැත්තක්. 'අපේ එක්කෙනාගේ' කකුල් රිදුණා නම් වඩාගෙන යන්ට තිබුණා නේ...:P
ඒක නං දන්නේ නෑ. කවුරු හරි කරගෙන ආපු දෙයක් වෙන්ඩෑ..
Deleteඅපේ එක්කෙනාව වඩාගෙන බස් එකට ගොඩ කලෑකි. ඒත් වඩාගෙන ඇවිදින්නේ කෝම ? :O
දවසක යන්න ඕනේ කියලා හිතුනා.. ලස්සන තැනක්..
ReplyDeleteවෙලාවක ගිහිං එන්ඩ..
Deleteඅන්න ජීවිතේ..ඒකාකාරීතවයෙන් මිදිල ජීවිතේ විඳිනවා කියන්නෙ මේකට තමයි.
ReplyDeleteඒකම තමයි මගෙත් අරමුණ.. ඒත් අපේ එක්කෙනා වැඩිය ඇවිදින්ඩ කැමති නෑ නෙව. :)
Deleteවටිනා ලිපියක්................ අත්දැකීම් අපිත් ඒක්ක බෙදාගත්තාට තුති........
ReplyDeleteකියවලා සටහනක් දැම්මටත් ස්තූතියි.
Deleteඅට්ටාලේ හදල තියෙන්නෙ මාළු බෝට්ටු වලට සිග්නල් දෙන්න කියල තමයි මම අහපුවහම කිවුවෙ . උඩ අටවල තියෙන්නෙ ට්‍රෝලර් එකක කැබින් එකක්ලු.
ReplyDeleteමිනී වලවල් උඩ ඉදන් කෑම කන , පොඩි උන් වලවල් උඩ සෙල්ලම් කරන තැනක් තමයි කුරුස පල්ලිය.
පල්ලිය ඉස්සරහ තියන අච්චාරු කඩේ වන්දනා කලේ නැතෙයි.
ආහ්.. අච්චාරු කඩේට ගියා.. ඒකට නොගිහින් කොහොමද..
Deleteමාරවිල පහු කරගෙන ගිහින් තිබ්බට කවදාවත් නතරවෙලා බලලා නැහැ..අපි නොදුටු දේ අපි යන එන මාවත්වලම කොච්චට්‍ර ඇත්ද ?
ReplyDeleteහ්ම්.. ඒක නේන්නම්... !
Deleteආයෙ ඔය පැත්තෙ ආපු වෙලාවක බලන්න ඕන එහෙනං.
ReplyDeleteමම හලාවත ආපු වෙලාවක මුන්නේස්වරමටනං ගිහිල්ල තියෙනව.
අර අට්ටාලෙ සුනාමියක් ආවොත්නං ඉතුරු වෙන එකක් නෑ.
සුනාමියක්ම ඕන නෑ.. මුහුදු කුණාටුවක් ආවත් ඇති මහිතේ. පෙනේද පැත්තකින් අලවෙලා තියෙන හැටි !
Deleteඅර මූද මැද අට්ටාලෙනං අට්ටාලයක්ම තමා..
ReplyDeleteමාරවිල කියල හැදෙන්නෙ අනතුරු වැඩි විලක්වත් තිබුන හින්ද වෙන්න ඇති නෙහ්.. :P
බොහොම කාලයක ඉඳං පල්ලියක් ඇතුලට ගිහිල්ල බලන්න ආසාවක් තියේ..ඒ වුනාට තාම යන්න බැරි වුනා..
මාර විල කියන නම හැදිච්ච හැටි කිව්ව එකත් මරු ඈ.. මම හිතන් උන්නේ මාර ගස් තිබ්බ විලක් හින්දා කියලා.. හිහ් හිහ් හි...:P
Deleteකුරුස පල්ලියේ මංගල්ලේ තියෙන්නේ ජූලි මාසේ කියලයි මට මතක තිබුනේ.
ReplyDeleteඅනේ මන්දා... සැප්තැම්බර් එකෙත් මංගල්ලයක් තිබ්බා..
Deletekurusa palliya gena liuwata sthuthi. mama marawila kenek. palliye ithihase gena liyapu pothak issaraha kadawala thiyenawa. Kithunuwan vishwasa karanne methana haskam wena thenak lesatai, hungak aya asaneepavalin hodawena, prasna visadena thenak. bara walata danagagena yanne, eyalage vishwase.
ReplyDeleteආයේ ගිය වෙලාවක ඒ පොත ගන්ඩ ඕන. ස්තූතියි විස්තර වලට !
Deleteලංකාවෙ ඉන්නවා නම් හැම සිකුරාදම කුරුස පල්ලිය වරදින්නෙ නෑ,,ඔතන ආගම් බේදයක් නැතුව මිනිස්සු විශ්වාසයෙන් එන පල්ලියක්,,මම හිතන්නෙ අන්යාගමිකයින් වැඩියෙන්ම එන පල්ලියක් අපේ රටේ තියන..
ReplyDeleteසිකුරාද උදේ 11ට පූජාවක් තියෙනවාලු.
Deleteමුතු පන්තිය කියල කියන්නෙ හලාවතට ටිකක් එහා ආනවිලුන්දාව කිට්ටුව තියෙන දූපතකට.
ReplyDeleteආහ්... මට යාලුවෙක් කිව්වේ මුතු පංතිය කියන්නේ එහේ මූදු වෙරලය කියලා. මම කතාව අප්ඩේට් කරන්නම්.
Deleteකුරුස පල්ලියේ කියන්නේ ගොඩක් හාස්කම් ප්‍රාතිහාර්ය තියෙන තැනක්..
ReplyDeleteලංකාවේ තියෙන වටිනා සිද්ධාස්ථානයක්..
කොහොම නමුත් මදුරංග අයියා එහෙනම් අපේ ඒරියා ඒකට ඇවිත් අපිට නොකියාම ගිහින් වගේ :p
ආයේ ආපු වෙලාවක ඔයාලෑ ගෙවල් පැත්තටත් ඇවිල්ලා යන්ඩ එන්නංකෝ... !
Deleteඅපිත් නිතර යන... මමත් කැමති පල්ලියක්... මතක සටහන් බොහොමයි...
ReplyDeleteඑලාවක ඒ මතක සටහන් ටික මතක් කරමු.. !
Deleteme link eke thiyenne mama Kurusa palliya gena asiyanu katholika puwath sevayata liyapu warthawak
ReplyDeletehttp://www.ucanews.com/story-archive/?post_name=/2008/09/25/catholic-miracle-shrine-attracts-multitude-of-buddhists-hindus-catholics&post_id=49223