09 August 2012

ඇතෑන්ස්

කලින් ලිපියෙදි සියුස් දෙවියන්ගේ හිස දෙබෑ කරගෙන ඇතීනා දෙවඟන ඉපදුන කතාව කිව්වා මතක ඇති නේ. ඔන්න මේ දෙවඟන ටිකෙන් ටික තරුණ වියට එලඹෙනවා. මේ කාලෙදි පොසයිඩන් කියන මුහුදු වලට දෙවියයි ඇතීනයි  අතර අමුතු තරඟයක් ඇති වෙනවා.

ඒ තමයි තමන්ගේ නමින් නගරයකට නමක් දාන්න. !

කවුරුත් ආසයි නෙව තමන්ගේ නමින් නගරයක් තියෙනවා නම්.ඉතින් මේ පොසයිඩනුයි ඇතීනයි දෙන්නම කරට කර තරඟ කරනවා තමන්ගේ නමින් නගරය නම් කරගන්ඩ. ඉතින් මේ දෙන්නා අතර තියෙන තරඟය ගොඩක් උනුසුම් වෙනවා. කොටින්ම දේව සභාවෙත් මේ ගැන කතා වෙනවා.

අන්තිමේදි දෙවිවරු ඒක මතිකව තීරණය කරනවා මේ දෙන්නගෙන් කාට හරි දිනුම දීලා ඒ කෙනාගේ නමින් මේ නගරය නම් කරන්ඩ.

ඉතින් මේ දෙන්නටම කියනවා මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක් නිර්මාණය කරන්ඩ කියලා. මිනිස්සුන්ට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන දේ නිර්මාණය කරන කෙනාගේ නමින් නගරය නම් වේවි කියලා දෙවිවරු තීරණය කරනවා.

 දෙන්නම අභියෝගය බාර ගන්නවා !

මුලින්ම අහියෝගයට මුහුණ දෙන්නේ පොසයිඩන්. මෙයා තමන්ගේ  ත්‍රිශූලය පර්වතයක හිර කරලා එතනින් ජල ධාරවක් නිකුත් වෙන්ඩ සලස්වනවා. මිනිස්සු මේ ජල ධාරාව දැකලා සෑහෙන්ඩ සතුටු වෙනවා. ඒගොල්ලෝ වතුර ටිකක් අරගෙන බොන්න හදනවා. ඒත් බොන්න බෑ ලුණු රසයි... පොසයිඩන් කියන්නේ මුහුදු වලට අධිපති දෙවියා නිසා මුහුදු වතුර තමයි එවලා තියෙන්නේ.ඉතින් මිනිස්සුන්ට මේ නිර්මාණය එපා වෙනවා.

පොසයිඩන්


ඊට පස්සේ ඇතීනගේ වාරේ.එයා තමන්ගේ යෂ්ටිය බිම හිටවලා එතනින් ඔලිව් ගහක් හටගන්න සලස්වනවා. ඔලිව් ගහ දැකපු මිනිස්සු ගොඩක් සතුටු වෙනවා.මිනිස්සු මේ ඔලිවු ගහෙන් එක එක කෑම ජාති හදා ගන්නවා, දර, තෙල් වගේ දේවල් ලබා ගන්නවා.
 ඇතීනා

ඉතින් මේ දෙන්නගේ නිර්මාණ වලින් මිනිස්සුන්ට වඩාත්ම ප්‍රයෝජනවත් වෙන්නේ ඇතීනගේ නිර්මාණය නිසා මේ නගරය ඇතෑන්ස් කියලා නම් කරනවා. අදටත් ග්‍රීසයේ අගනුවර වෙලා තියෙන්නේ මේ ඇතෑන්ස් නගරයම තමා !

පහුකාලීනව මේ ඇතෑන්ස් නගරයේ ඇතීනා දෙවඟනටම වෙන් වෙච්ච දේවාලයක් හැදෙනවා. ඒක තමයි පාතිනන් දේවාලය කියන්නේ. !

49 දෙනෙක් අදහස් පලකලා .:

හරී said...

හොඳ කතාවක් කොලුවෝ.. බෝම ස්තුතියි!

හැබෑටම පොසයිඩන් මොකද කෝකාකෝලා ටින් එකක් එල්ලගෙන ඉන්නෙ?

....ජනියා.... said...

කොහොමද .. අද මම එකනේ...,
ඔය කතාව නම් ටිකක් පුරුදුයි වගේ...

සයුරි said...

ග්‍රීසියට ඔලිව් ගහත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙන්නේ ඒකයි එහෙනම්. අර සීසර් ලොක්කා ඔලුවේ දාගෙන ඉන්න ඔටුන්න හදල තියෙන්නෙත් ඔලිව් කොළ වලින් නේද?

2004 ඇතන්ස් නගරයේ තිබුණු ඔලිම්පික් සමාරම්භක උත්සවය බලන්නකෝ. එයාලා මේ කතා ගොඩක් නිරුපනය කරනවා.

තරියා අබේ said...

ඇතීනත් වැඩකාරී එහෙනං ඈ...

Dinesh said...

මේ අයියේ අර මුල්ම පින්තූරේ කොකාකෝලා ටින් එකකුත් තියෙනවනේ...

විසිතුරු said...
This comment has been removed by the author.
විසිතුරු said...

ඇතැන්ස් වල ආරම්භය දැන ගත්තේ අදයි!

අයියා දාපු මුල් පින්තුරෙ මරු. සමුද්‍ර දූෂණය ගැන කියවෙන එකක් නේද?

සරත් ලංකාප්‍රිය said...

මේ දේවකතාවලට පාදක උන මනුස්ස කතා ඇති..

ලහිරු said...

පොසයිඩන් දෙයියෙක් වුණාට මොළේ පොඩ්ඩක්වත් තිබිලා නෑ වගේ!

prasanna86k said...

මං අහලා තියෙන විදියට ලස්සනම දෙවඟනත් ඇතීනලු....

sAm (සෑම්) said...

කිව්වත් වගේ මූට කොකා කෝල එකෙන් ගෙවන්න ඇති මේ ඇඩ් එකට :))

රූ.... said...

බලන්නකෝ ගහක් හිටවන එකේ වාසිය..
මාත් කොහේ හරි තැනක ගහක් හිටවලා බලන්න ඕනෑ....:)

ඉන්ද්‍රජිත් said...

එල කතාව අයියෙ...

නිසුපා said...

අඩේ දැන් කියන්නෙම ඇතීනා ගැනමයි.හැබැයි ලස්සන කතා මේවා.මං හරි ආසයි. :)

Red Riding Hood said...

ම්ම්ම්.. ඔන්න ඔහොමයි වුනේ එහෙනම්..

රාජ් said...

කොකාකෝල මැව්වෙත් පොසයිඩන්ද? :)

සිරාගේ කාමරේ said...

ලස්සන විස්තරයක් අදමයි ඇහුවෙ.. ඇතීනා සෙල්ලම් නෑ වගෙයි...

araliya said...

hmm......me kathawath lassanai ayya......ah.....a kale cocacolath tibila thiyenawada ayya.......?? :D:D

Pramudi said...

ඇතීනා අදහන්න වටිනවනේ අප්පා..

හිරුහිමාවී said...

මෙන්න මේ වගේ කතා නියමයි හලෝ....ස්තුතියි හ්ම්ම්,,

පැතුම් [සිතුම් පැතුම්] said...

නියමයි මධුරංග අයියේ. නියමයි. ඒ කතා කියවනකොට මාරම ගති .

malmi said...

එතකොට අර කොකා කෝලා ටින් එකත් එයාගෙම වැඩක්ද හැබෑට????

තරුවා said...

පට්ටනේ ඈ...

Podi Kumarihami said...

ගෑනු කෙනෙක් කලොත් කරන්නේ නුවණ තියන වැඩක් අනේ හී හී....

සිඳු said...

ඔන්න බලන්න...කොතනත් දිනන්නෙ ගැහැණිය. පිරිමින්ට මොලේ නෑ

දිනුක said...

ප්‍රොසේඩන්ට පොඩ්ඩක් කොහොමත් මොළේ අවුලක් තියෙනවා නේද? මිනිහනේ අර ඔඩිසියස්ව මරන්න සෑහෙන කට්ටක් කෑවෙ.

දයානන්ද රත්නායක said...

ඇතීනා දිනුම්.. අන්න බලන්න තැනේ හැටියට ඇණේ ගැහුවා... නම දාගත්තා

මඩිස්සලේ නිශාන් said...

ඇතීනා තමා ඇතීනා

෴නිමිල හිරණ්‍ය෴ said...

ඇතීනාට තමා වැඩේ තේරුනෙ! :P

෴සිද්ධිය෴

පුබුදු said...

හොඳ විස්තරයක් සහෝ

අසරණයා said...

ගොඩාක් ලස්සන කතාවක්.

Roshan Herath said...

ගිහින් බලන්න හිතෙනවා..

මධුරංග said...

@හරී :
සමුද්‍ර දූෂණය මචං !!
ඒකයි ඔය කෝලා ටින් එක තියෙන්නේ.

@....ජනියා.... :
මල්ලි එහෙනම් කලින් අහලා ඇති මේ කතාව !

@සයුරි :
අක්කා කියනවා නම් බලන්ඩ ඕනේ..

මධුරංග said...

@තරියා අබේ :
එහෙනං එහෙනං !
වැඩකාරි නේන්නම්...

@Dinesh :
හික්ස් :)
මොනා කරන්න ද සමුද්‍ර දූෂණය හන්දා...

@විසිතුරු :
ඒක නේන්නම් මල්ලි.
මම් ඕක මුලින් නම් දැක්කේ නෑ. දැන් එහෙමවත් කියන්ඩෝන...

මධුරංග said...

@සරත් ලංකාප්‍රිය :
එහෙම ඇති අයියා. නැත්නම් කොහොමෙයි නගරෙකට නමක් දාන්නේ..

@ලහිරු :
අපරාදේ.. එහෙම තිබ්බා නම් පොසිඩෝනියාව කියලා නම් කරන්ඩ තිබ්බා.

@prasanna86k :
ඒකනේ මමත් පිස්සු වැටිලා ඉන්නේ.. :)

මධුරංග said...

@sAm (සෑම්) :
ගෙවනවා නෙමෙයි මචං මට නඩු දායි. සමුද්‍ර දූෂණය වෙන්නේ කොකාකෝලා නිසා කියලා

@රූ.... :
අනිවාර්යෙන්ම...
ගහක් හදන්න.
පොතක් ලියන්ඩ
පුතෙක් හදන්ඩ.. (දැනටමත් පුතෙක් ඉන්නවද මන්දා)

@ඉන්ද්‍රජිත් :
තැන්කු මලයා !!!

මධුරංග said...

@නිසුපා :
අපේ අක්කා ආස නම් මම් කතා නැවක් හරි කියන්නම්.. අපේ අක්කනේ ඉතින්.. හික්ස් ;)

@Red Riding Hood :
එහෙම නේන්නම් රතු නංගි !!!

@රාජ් :
හ්ම්ම්... වැදගත් ප්‍රශ්නයක්... :)

මධුරංග said...

@සිරාගේ කාමරේ :
සෙල්ලම් නෑ නේන්නම්. දෙවඟනක් නේ !

@araliya :
ඔයාටත් මාර ප්‍රශ්න නේ තියෙන්නේ අරලියා !
හික්ස් :) තියෙන්න ඇති නේ.. නැත්නම් කොහොමද ත්‍රිශූලේ කොකාකෝලා එකක් ඇමිණෙන්නේ... :)

@Pramudi :
අදහන්ඩ වටිනවා නේන්නම්.. :)

මධුරංග said...

@හිරුහිමාවී :
අපෝ දිගටම ලියන්ඩ නම් බැරි වෙයි...

@පැතුම් [සිතුම් පැතුම්] :
තව කතා දෙක තුනක් ලියවෙයි.. ඊට පස්සේ නම් කතා ලියවෙන්නේ නැතුව යයි !

@malmi :
ඒක නම් මුහුදු ගියපු එකෙක් බීලා දාපු එකක් !!!

මධුරංග said...

@තරුවා :
තෑන්ක්ස් .. :)

@Podi Kumarihami :
අපෝ ඒ ගැන නම් කවර කතා ද... :)

@සිඳු :
මේගොල්ලෝ මෙතන කාන්තා විමුක්තිය ගැන සටන් කරන්ඩ වගේ යන්නේ... :)

මධුරංග said...

@දිනුක :
අන්න ඒක නම් හොයන්ඩ වටිනවා මල්ලි. මම නම් ඒ ගැන දන්නේ නෑ..

@දයානන්ද රත්නායක :
බලාගෙන ගියහම තැනේ හැටියට ඇනේ ගහන අය කොහෙත් දිනනවා නේන්නම්... :)

@මඩිස්සලේ නිශාන් :
අනිවාර්යෙන්ම... :)

මධුරංග said...

@෴නිමිල හිරණ්‍ය෴ :
ඒක නම් එහෙම තමා.
සාදරයෙන් පිලිගන්නවා මගේ අඩවියට !!

@පුබුදු :
ස්තුතියි මල්ලි !!!

@අසරණයා :
ස්තුතියි අසරණයා අයියා !! :)

මධුරංග said...

@Roshan Herath :
ඔන්න යනවා නම් මාත් එනවා.. :)

දොඩන් said...

මේ ග්‍රීක දෙව කතාවල් මට හරිම ප්‍රෙහ්ලිකාවක්. ඒව හරි අමුතුයි විතරක් නෙවෙයි මතකයෙ හිටින්නෙත් නෑ

Alexander Cage said...

ලස්සන කතාව.. මම හරි ආසයි මේ වගේ කතා අහන්න.. :)

නදීර සඳරුවන් ලියනගේ said...

ඉතිහාස කතා නේ.මාත් ආසයි මේවා කියවන්න.ඊටත් වැඩිය ආසයි මේවා යොදා ගෙන හදපු ‍ෆිල්ම් බලන්න.

Anonymous said...

Thanks fοr your peгѕonаl marvelοus рosting!
I quite enjoуed reading іt, yоu're a great author. I will ensure that I bookmark your blog and definitely will come back in the future. I want to encourage continue your great work, have a nice evening!
My homepage :: Terry Sawyer

Anonymous said...

Thanks , I have just bеen looking for іnfo аbout this subjеct for ages and
уouгs іs the greatеst I hаѵе came upon till now.

However, what in regards tο the bоttom line?

Are уou pοsіtive сοnсerning the suρplу?
Check out my weblog ; terry sawyer

Anonymous said...

Hello there, just becаme alert to your blog thrοugh Google, and fоund that іt is truly informаtive.
I am going to watch οut foг brussels. I wіll
be gratеful if you continue this in future.
Many people will be benefitеd from your ωriting.

Cheers!
My page Terry Sawyer

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.