මතකනේ මම එක ලිපියක කිව්වා බැබිලෝනියානු එල්ලෙන උයනක් ගැන. අන්න ඒ ලිපිය කියවපු සමහර අය එක එක ප්‍රශ්නත් අහලා තිබ්බා. ඒ අහපු එක ප්‍රශ්නයක් තමයි ඇත්තටම ඒ උයන එල්ලෙනවද කියලා.
සරලම උත්තරේ තමයි 'නැහැ' කියන එක ! ඇත්තටම මේ උයන එහෙම කිසිම දෙයකින් එල්ලෙන උයනක් නෙමේ.ඒක වෙලා තියෙන්නේ kremastos කියන ග්‍රීක වචනේ පරිවර්ථනය කරන කොට වෙච්ච වැරැද්දක් ලූ. මේ උයනට ඇත්තටම 'එල්ලෙන' කියන වචනයට වඩා ගැලපෙන්නේ 'ලම්බක' කියන වචනෙලු.
එතකොට මේ උයන පුදුමයක් වෙන්නේ මේ හැම තට්ටුවකටම ජලය ගෙන ගියපු තාක්ෂණය ලූ. ඒකට පාවිච්චි කරලා තියෙන්නේ චේන් පොම්ප , ස්කුරුප්පු පොම්ප වගේ තාක්ෂණයන් ලූ.
ඊලඟ ප්‍රශ්නේ තමයි දැන් එහෙම උයනක් තියෙනවද කියන එක.ඇත්තටම දැන් එහෙම උයනක් කියලා නෑ ලූ.මුළු බැබිලෝනියානු නගරයම එකම සුන්බුන් ගොඩක් වෙලා තියෙනවා. අන්න ඒ සුන්බුන් ගොඩෙන් එල්ලෙන උයන තිබ්බ තැන මෙතනයි කියලා හොයාගන්න පුරාවිද්‍යාඥයෝ වාද හිටන් කරලා තියෙනවා ලූ.
නගරයම මෙහෙම සුන්බුන් වෙලා තියෙනකොට උයනක් හොයලා වැඩක් නෑ කියලා කාටත් තේරෙනවනේ..
සියල්ල අනිත්‍යයි... අවසාන වශයෙන් මට හිතුනේ එහෙමයි..
---------------------------------------------------------
ප.ලි. - මේ දවස්වල මම් ඇතීනා දෙවඟනට පිස්සු වැටිලා ඉන්නේ. ඒ ගැන ඉදිරියේදි ලියවෙයි. :)
06 August 2012
ප්‍රශ්න වලට පිලිතුරු
Subscribe to:
Post Comments (Atom)



36 දෙනෙක් අදහස් පලකලා .:
අඩේ ඇත්තටම එහෙම එකක් නැද්ද?
උඹ මාව රැවැට්ටුවේ ඇයි මෙහෙම...?
ඇතීනා ගැනත් රස කතා ගොඩක් තියෙනවා නේද? නියමයි!!
"නැති" දෙයක් පුදුම 7ට නම් කිරීම ම පුදුමයක් තමයි.
ඇතීනා කිව්වේ අර ගෙට එහා පැත්තේ කෙල්ලද....
ඒකත් එහෙමද....
අපොයි දැන් ඒක නැද්ද?....හ්ම් කමක් නෑ....
සියල්ල අනිත්‍යයි...
ඇතීනා දෙවගන කිරි වලින්ද නාන්නෙ...
පරිවර්තන දෝෂ නිසා සිදුවන අවුල්, එදාටත් අදටත් හෙටටත්, අදාලයි. සරල උදාහරණයක් තමයි 'සිංගර්' මහන මැෂින් වල ඒ නම. ඇත්ත නම වියයුත්තේ 'සිඟර්'
අසමි දකිමි සොයමි ලියන විචාරක
දන්නැති ගොඩක් දේ දැන ගත්තා...ලිපි පෙලම හොදයි...
මාත් පොඩි කාලෙ හෙන කට්ටක් කෑවා සිරාවටම මොකක්ද මේ එල්ලෙන උයන කියලා හොයන්න..
:(
හපොයි එල්ලෙන උයන එල්ලෙන්නේ නැද්ද එතකොට ?
බොලේ මම හිතුවේ අපේ රටේ විතරයි මේ ඉතිහාසය කතාවලින් නිර්මාණය කරන්නේ කියලා.බැලින්නං ඒකත් අපි මේ වෙන කොහෙන්ද කොපි කරපු එකක්නේ.
ඇතීනා යනු ඇතින්න යන්න හ්‍රස්ව වීමෙන් සෑදුනු පදයකි.
ම්..ස්තුතියි මල්ලි විස්තරේට..
චේන් පොම්ප නම් තාමත් භාවිතයේ තියනවා මම හිතන්නෙ..අපේ රටේ නෙවියි..
(බකට් කන්වේයර් වැඩ කරන්නෙත් මීට සමාන විදිහකට..)
පුදුම හතට එකතු වුනේ කොහොමද එහෙම දෙයක් දැනට නැත්තම්?
athina dewagana ganath ikmanata liyanna......mama eka kiyawanna asawen innawa hodada maduranga ayye..........(batar tikak ayeth gaunada manda....??? :))
ඇතීනා අක්කා ගැනත් ඉක්මනට ලියමු,එල
" මේ දවස්වල මම් ඇතීනා දෙවඟනට පිස්සු වැටිලා ඉන්නේ. ඒ ගැන ඉදිරියේදි ලියවෙයි. :)"
එහෙම නම් ඉක්මන්ට ප්‍රඥාව පෑදෙයි වගේ :D
බැබිලෝනියන් ශිෂ්ඨාචාරය දියුණු වීමත් එක්ක මේක මනඃකල්පිත එකක් කියලයි මට හිතෙන්නෙ
පිළිතුරුවලට ස්තුතියි....ඇතීනා ගැනත් කියයි නේ එහෙනම්...
ඇතීනා දෙව්දුව ගැන මම ලස්සන කතාවක් දන්නව..හා කියමුකො බලන්න ඔයාගෙ ඒවා අපි අපස්සෙ කියන්නම්...
ඔය උයන පරණ ලොක පුදුම 7 ලිස්ට් එකේ තිබ්බා කියලා මම අහලා තියෙනවා..
නගර වගේම ඒවා ගැන කලින් කලට කරන සොයාගැනීමුත් පරස්පර විරෝධීයි.. ඇත්ත.. හැමදේම අනිත්‍යයි
ඇතීනා දෙවගන..... නරකම නෑ නෙ...:D
ඇතීනා දෙවඟනට වඩා ලස්සන කෙනෙක් හිටියෙම නැද්ද? :D
අනේ ඒ උයන දැන් නැද්ද? එතකොට එක ලෝක පුදුම වලින් එකක් ලු නේද? මම යන්න හිටියේ ඒ උයන බලන්න. තව කෙනෙක්ගේ අතින් අල්ලාගෙන.
ඔය යන්නේ නියම ලිපි සෙට් එකක් කාලෙකින්.. :) එල එල.. ජයවේවා!!!
මරු ලිපි ටිකක් එයි වගේ...නියමයි මධුරංග..
@sithuwam :
නෑ නෑ.. මම රැවැට්ටුවේ නෑ. එහෙම එකක් තියෙනවා. තිබිලා තියෙනවා. ඔඅ සේරම ක්‍රිස්තු පූර්ව කාලෙක ආපු භූමිකම්පාවකින් විනාශ වෙලා ලූ.
@Pramudi :
අන්න ඒ ටික තමා ඉදිරියේදි කියන්ඩ තියෙන්නේ. :)
@රාජ් :
නෑ ඒක තිබිලා තියෙනවා කියලා සාක්ෂි තියෙනවා.
@prasanna86k :
ඒකි ඇතීනා නෙමෙයි. හික්ස් :)
@තරුවා :
එහෙමයි එහෙමයි.. :)
@සිත්තමී :
ඒක තමා නංගි. දැන් ඒක එතන නෑ..
@සිරාගේ කාමරේ :
ඒක නම් දන්නේ නෑ.. ඔන්න ක්ලියෝපැට්‍රා නම් කිරිවලින් නානවලු..
@විචාරක Wicharaka :
ස්තුතියි මේ පැත්තේ ගොඩ උනාට !!!
ජය වේවා !
@ඉන්ද්‍රජිත් :
තැන්කූ මල්ලි !!
ඉදිරි ලිපිත් එක්කත් එකතු වෙලා ඉන්ඩ !
@තරියා අබේ :
ඔන්න එහෙනම් මම ඒ ගැන ලිව්වා. :)
@පැතුම් [සිතුම් පැතුම්] :
නෑ එල්ලෙන්නේ නෑ.. ඒක නිකන්ම උයනක් විතරයි.
@දිනුක :
අම්බේ මල්ලිත් දන්න දේවල්... :)
මල්ලි රාවණා පාක්ෂිකයෙක් ද.. මාත් රාවනා පාක්ෂික හෙලයෙක් !
@රූ.... :
බකට් කන්වේයර් ගැන අහලා නෑ නෙව. අක්කගෙන් තමා අහ ගත්තේ.
@මඩිස්සලේ නිශාන් :
ඒ ගැන ලිඛිත සාක්ශි තියෙනව මලේ. ඒකයි එකතු උනේ..
@araliya :
අරලියාගේ බටර් ගෑවිල්ල පුරුද්දකට ගිහිල්ලා වගේ... හික්ස් :)
@පුබුදු :
ඔන්න ලියලා තියෙන්නේ..
@Hasitha :
ප්‍රඥාව පෑදේගෙන යන්නේ... නලල හරියෙන් තමා පටන් ගන්නේ.. තව අවුරුද්දක් දෙකක් යනකොට හොඳටම පෑදිලා තියේවි.
@දයානන්ද රත්නායක :
ඒක නම් කොහොමද දන්නේ නෑ අයියා. :)
@සයුරි :
ඇතීනා ගැන එක කතාවක් කියලා තියෙන්නේ. තව කතා එකක් හෝ දෙකක් විතරයි කියන්ඩ තියෙන්නේ :)
@වින්චැට් කිරිල්ලි. :
ඔන්න ඔයා කියන්ඩ ඕන හරි ද.. බලමු මම කියන්ඩ යන කතාවයි ඔයා කියන කතාවයි එකක් ද කියලා
@Dinesh :
තියෙනවා තියෙනවා :)
@සරත් ලංකාප්‍රිය :
ඒකනේ ජයියා අයියේ.
ඔයා කියන කතාවත් හරි !
@නිසුපා :
ඔවු නරකමත් නෑ.. ඒ උනාට... එක්කෝ පස්සෙම කියන්නම් :)
@Podi Kumarihami :
අපෝ නෑ.. මට මෙයාව ගොඩක් ලස්සනයි !
ඔයත් ලස්සනයි.. මෙයා ඊට වඩා ලස්සනයි :)
@අසරණයා :
අපරාදේ.. තව කෙනෙක් කිව්වේ අසරණී ද .. හික්ස් :)
පවු අසරණී... මම් කිව්වේ මේක බලන්ඩ යන්ඩ බැරි වෙච්ච එක ගැන
@ක්සැන්ඩර් | Xander :
ටැංකූ ටැංකූ !!! :)
@දිනිති දීපිකා :
තෑන්ක්ස් දිනිති.... :)
කමෙන්ට් එකක් දාලම යමුද ??
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.