17 August 2012

මවුන්ට් ලැවීනියා

අද කතාව මේකයි !

1805 අවුරුද්දේදි තෝමස් මේට්ලන්ඩ් කියන එංගලන්ත හමුදා ජෙනරාල්වරයා ලංකාවට ගොඩ බහිනවා. මේට්ලන්ඩ් ජෙනරාල්වරයා , ලංකාවට එන්නේ ලංකාවේ ආණ්ඩුකාරවරයා බවට පත් වෙන්න.

ඉතින් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයට නවාතැන් ගන්ඩ ලැබෙන්නේ එච්චර සුවපහසු නවාතැනක නෙමෙයි. මේ නිසා මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ පුද්ගලික පරිහරණයට සුවපහසු මන්දිරයක් ඉදි කරනවා. 1806 අවුරුද්ද වෙනකොට මේ මන්දිරයේ වැඩ කටයුතු නිමවෙලා ආණ්ඩුකාරවරයා මන්දිරයේ පදිංචියට යනවා.

මන්දිරයේ ජීවත් වෙන මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා, තමන්ගේ මන්දිරයට mestizo නැටුං කණ්ඩායමක් ගෙන්වනවා. මේ අයගේ නැටුම් බලලා ආණ්ඩුකාරවරයා සතුටු වෙනවා. ඒත් එක්කම නැටුම් කණ්ඩායමේ හිටපු ලැවීනියා අපෝන්සුවා කියන ලස්සන තරුණියකට මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ඇහැ ගැටෙනවා.

 mestizo නැට්ටුක්කාරියෝ

ලැවීනියා අපෝන්සුවා කියලා කියන්නේ අර්ධ සිංහල අර්ධ පෘතුගීසි රොඩී කුළයේ තරුණියක්. කුළයෙන් හීන තරුණියක් !

 මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයට මේ තරුණියගේ නැටුම් හිතට අල්ලනවා.කොච්චර හිතට ඇල්ලුවාද කියනවනම් ආණ්ඩුකාරවරයට මේ තරුණිය කෙරෙහි ආලවන්ත හිතක් පහල වෙනවා. මේ වෙනකොටත් අවුරුදු 46ක් වෙච්ච ආණ්ඩුකාරවරයා කසාඳ බැඳලත් හිටියේ නෑ ලූ.

ඉතින් මේ තරුණිය ගැන කරුණු කාරණා හොයලා බලනකොට ඒ කෙනත් පදිංචි වෙලා ඉන්නේ ආණ්ඩුකාරවරයගේ මන්දිරයට ගොඩක් ලඟින්.

නමුත් මේ තරුණිය කුළයෙන් අඩු කෙනෙක් නිසා කෙලින්ම ගෑල්ලමයගේ ගෙදරට ගිහින් හම්බ වෙන්ඩ බෑ. ආණ්ඩුකාරවරයාට මේ ගෑල්ලමයව හම්බ වෙන්න ක්‍රමයක් කල්පනා කරනකොට හොද අදහසක් පහල උනා ලූ.

ඒ තමයි තමන්ගේ මන්දිරයේ බිම් මහලේ ඉදන් ඒ ගෑල්ලමයගේ ගෙදරට උමඟක් හාරන එක !. උමඟේ වැඩ ඉවර උනාට පස්සේ ආණ්ඩුකාරවරයා, තමන්ගේ පෙම්වතියව හම්බ වෙන්ඩ යනවා.

අවුරුදු හයක් තිස්සේ ආණ්ඩුකාරවරයා මේ උමඟ දිගේ ගිහින් ලැවීනියව හම්බ වෙලා එනවා.ලෝකයාට හොරෙන් මේ දෙන්නගේ ආදර කතාව උමඟ දිගේ හොර රහසෙම ගලාගෙන යනවා. ඔහොම කාලය ගත වෙනකොට මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ශරීර සෞඛ්‍යය දුර්වල වෙනවා.

මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයට තමන්ගේ මවු රටට යන්ඩ වෙනවා.

තමන්ගේ අදරයයි ඒ ආදරයට උදවු කරපු උමඟයි ඉතුරු කරලා මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා තමන්ගේ මවු රටට යනවා. ඒ යන්ඩ කලින් පොඩි කඳු මුදුනක් උඩ ඉදිවෙච්ච මේ මන්දිරයට "මවුන්ට් ලැවීනියා" කියලා නම් කරනවා.
 ගල්කිස්ස හෝටලය 

ගල්කිස්ස මුහුදු වෙරළේ ආසන්නයේම දිස් වෙන හෝටලය, මේ දෙන්නගේ ආදර කතාවට අදටත් සාක්ෂි දරනවා !

මේ සති අන්තයේ ගල්කිස්ස මුහුදු වෙරලට යනවා නම් මේ කතාව මතක තියාගෙන යන්ඩ හොදේ.. තමන්ගේ ආදරවන්තියට / ආදරවන්තයාට කියලා දෙන්ඩ බැරි යෑ... :)

හැමෝටම විනෝදයෙන් පිරුණ සති අන්තයක් !!!
-----------------------------------------------------------------

 ප.ලි. - මේ කතාව මතක් කරලා දීපු අමානිට (අමා ට) ස්තුතියි !

ප.ප.ලි - කතාව කලින් අහලා තියෙනවා නම් කොරන්ඩ දෙයක් නෑ.. කම්මැලිකමට ලියන්ඩත් දෙයක් තියෙන්ඩ එපායෑ... :)

41 දෙනෙක් අදහස් පලකලා .:

මඩිස්සලේ නිශාන් said...

ප.ප.ලි කෑල්ලට අනුව ශබ්ද නැතුව ඉන්නම්

ළිහිණි said...

එහෙනම් ඉතින් මාත් සද්ද නැතුව ඉන්නම් :)

අඩවි රජ said...

අපි ඉතින් ගල්කිස්සට වෙලා ඕක දිහා බලාගෙනම ඉන්න උන්නේ...

ඔය උමග තාම තියනවා කියන්නේ.. :0
අහලා තියන විදිහට උසස් බාලිකාවත් ඔය කතාවට ගෑවෙනවා :-)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

සයුරි said...

අහා මේ කතාව නේද පොඩ්ඩිත් දවසක් ලියල තිබුනේ. මතකය ආපහු අළුත් උනා. ලැවිනියා ආණ්ඩුකාරයාගෙන් ඉල්ලීමක් ඉල්ලුවලු නේද. රොඩී කුලයේ අයට උඩුකය වැසීමේ අයිතිය..

තරියා අබේ said...

දැං උමග සම්පූර්ණයෙන්ම නෑ..
කෝච්චි පාර ගාවිං වහලා තියෙන්නේ.
ගල්කිස්ස හෝටලේ ඒක හොදට නඩත්තු කරනවා.

ලහිරු said...

සැහ්... උමග තිබ්බනම් පෙම්වතුන් ට කොයිතරම් නම් ප්‍රයෝජනවත් වෙනවද මං අහන්නෙ!

අවතාර් said...

අදමයි ඇහුවේ ඉස්සරලම නියම ආදරවන්තයෙක්

arunishapiro said...

සයිඩ් එකකින් මුහුදට යන්න තියෙන පැත්තෙ බිත්තියේ පින්තූර ගොඩකුත් එක්ක කතාව කියවන්න පුළුවන්.

කොච්චර වතාවක් කතාව ඇහැව්වත් මේක නම් ආයෙත් අහන්න කැමති කතාවක්!!!

Alexander Cage said...

අදටත් එහෙම උමගක් තියනවද? ඒ උමග කොහේ ඉඳං කොහෙටද තිබිලා තියෙන්නේ? නරඹන්න පුලුවන්ද?

Dinesh said...

උමග ගැන කතාව අදනේ මම ඇහුවේ...

හිරුහිමාවී said...

හ්ම්ම්..මතක තියන් කියන්නම්කො එයාට හ්ම්ම් :)

මිස්ටර් හයිඩ් said...

ඔය කතාව වටින් ගොඩින් අහලා තිබුනට අද තමයි සම්පූර්ණ කතාව ඇහුවේ

නදී said...

මාරයි නේද.මමත් උමගක් හාරන්න ඕනෙ :)

Podi Kumarihami said...

මේ කතාව මමත් 'හුලවාලි' කියන පෝස්ට් එකේ සඳහන් කලා මතකයි. 'ටජ්මහල' මතක් වෙනවා නේද?

හැබෑට අපේ රටේ මේ වගේ පෙම්වතුන් හිටපු කාලෙකුත් තිබිලනේ.:D

prasanna86k said...

කතාව අහල තිබුනට මතක තියෙන එකක්යැ බං... මතක් කරපු එකට ස්තූතියි...


මට කියපංකෝ අර උමග තාම තියෙනවද කියලා.... දැන් ඒකෙ වවුල්ලු එහෙම සෑහෙන්න ඇති නේද... ;)

A.Wickz said...

කතාවනම් අහලා තියනවා.මම දිනපතා ඕක ගාවින් යන කෙනානේ.බාගෙට වහපු උමග රේල් පාර පැත්තෙන් යනකොට තාමත් දකින්න පුළුවන්..:D

Hasitha said...

ගල්කිස්ස මහ හෝටලයෙන් මේ උමඟ සංරක්ෂණය කරලා තියෙන්නේ. මේ link එකෙන් ගිහින් ඒ උමඟේ ඡායාරූප කීපයක් බලන්න පුලුවන් වේවි.

http://www.facebook.com/media/set/?set=a.10150134617332929.295380.521332928&type=3

ලැවීනියා වගේ පහත් කුලේ ස්ත්‍රීන්ට් උඩුකය වසන්න අවසරයක් ඒ කාලේ සිංහල නීති අනුව තිබිලා නැහැ. ඒක නිසා මේට්ලන්ඩ් ආපහු යන්න කලින් සියලුම කුලවල ස්ත්‍රීන්ට උඩුකය වැසීමේ අවසරය ලබාදෙන්නත් කටයුතු කළා කියලා කියනවා.

රූ.... said...

දැනං හිටියෙ නැති දෙයක් කියලා දුන්නට පින්..
ඒ පැත්තෙ ගිය වෙලාවක බලන්නෝනැ...මධුටත් සුභ සති අන්තයක්..

අනූ said...

මම නම් ඉතිං ඇත්තටම මේ කතාව දැනන් උන්නේ නෑ!

සිතුවිලි සිතූ said...

මේ කතාව සම්පූර්ණයෙන්ම දැන ගත්තේ අද තමයි....

ඉන්ද්‍රජිත් said...

ඔහොම කතාවක් ලාවට අහල තිබුනට උමග ගැන ඇහුවෙ අද....

දඟ මල්ල said...

කතාව ඇහුව ට පස්සේ ආයෙත් මවුන්ට් පැත්තේ යන්න හිතුණා, පාරේ යන එනකොට දකිනවා මිසක්, මං හිතන්නේ මං ගිහිල්ල ම නෑ....

araliya said...

ehen mehen ahala thibunata ada tama hariyatama kathawa danagaththe ayya.laga hitiyata wadiya a paththenam yanne ne appa......

දුකා said...

කලින් අහලා තියෙනවා . . එත් මෙහෙම කියෝපුවාම රසවත් . . .

හරී said...

උමඟකුත් තියෙනවාද? කවදාවත් දැකලා නෑනෙ.. ඔන්න කතාව මතක තියාගත්තා.. දැන් කියන්නෙ කාටද කියන එකයි ප්‍රශ්නෙ.. :)

පුබුදු said...

පට්ට කතාව කලින් දානං හිටියෙ නෑ...

Anonymous said...

Another Taj Mahal

දිනුක said...

අහලා තියෙනවනෙ බොලේ කතාව.....

hansakinkini said...

ස්තුතියි මලේ මේ විස්තරේට.. මං අහල තියෙනව... ඒත් විස්තරාත්මකව දැනගත්ත අද...!!!

මධුරංග said...

@මඩිස්සලේ නිශාන් :
මල්ලි එහෙනම් සීන් එක දන්නවා නෙහ්.. හොර ගෙඩියා !

@ළිහිණි :
ඔයත් කතාව අහලා තියෙනවා නෙ. :)

@අඩවි රජ :
වෙලාවක කට්ටිය සෙට් කරගෙන යන්ද මලේ !

මධුරංග said...

@සයුරි :
එහෙම ඉල්ලීමක් තිබ්බා ලූ. එච්චර ගොඩක් කියවන්ඩ ගියේ නෑ..
ගල්කිස්ස මහ හෝටලේ වෙබ් අඩවියට ගියා නම් කතාව කියෝ ගත්තෑකි.

@තරියා අබේ :
මම ලඟදි නම් දැකලා නෑ.. බලන්ඩත් ආසයි.

@ලහිරු :
අනේද කියන්නේ..
වෙරළු මල් සුවඳෙන් මුළු උමඟම පිරේවි... :)

මධුරංග said...

@අවතාර් :
අම්බෝ ඇති යන්තන් අහලා නැති එකෙක් හරි ඉන්නවා. සතුටුයි සතුටුයි

@arunishapiro :
අම්බෝ මට මාර සතුටුයි.... බිත්තරේ නොකඩා ඔම්ලට් හදන්ඩ පුලුවන් අක්කා කෙනෙක්ගේ කමෙන්ට් එකක් දකින්නත් ආසයි..
මේ පැත්තේ ගොඩ වැදුනට ස්තුතියි !

@Alexander Cage :
උඩ ඉන්න කට්ටිය කියලා තියෙන විදිහට නරඹන්න පුලුවන් ලූ. ඒක හෝටලයෙන්ම නඩත්තු කරනවා ලූ.

මධුරංග said...

@Dinesh :
ඒ කියන්නේ කතාවෙන් බාගයක් අහලා තියෙනවා කියන එකනේ.. එල එල :)

@හිරුහිමාවී :
අනිවාර්යෙන්ම... කියන්ඩ.. :)

@මිස්ටර් හයිඩ් :
එල එල !
ඔන්න මාත් හයිඩ්ගේ අඩවිය පැත්තට ගියා...

මධුරංග said...

@නදී :
කොහේ ඉඳන් කොහාට්ටද ? හික්ස් :)
මේයැයිටත් හිතෙන එවුවා

@Podi Kumarihami :
අපට වඩා සතුටු හිතෙන්නේ ඔහේලාට නෙහ්... ඉතින් ඔයාට සතුටුයිද පොඩ්ඩෝ !
(ආදරේට පොඩ්ඩෝ කියලා කිව්වේ හරි.. :) )

@prasanna86k :
මාළුවාගේ ගොරකා මදී මාව තම්බන්ඩ...
මේ පොත් ප්‍රදර්ශනයක් ලඟ ලඟ එන කාලේ මොකට මෙහෙම කතා කියනවද මන්දා. ... හික්ස් :)

මධුරංග said...

@A.Wickz :
දවසක බලන්ඩ යන්ඩ වටිනවා...

@Hasitha :
ස්තුතියි.... ලින්ක් එකටයි පෝස්ට් එකට අඩුවැඩිය එකතු කලාටයි !

@රූ.... :
අනිවාර්යෙන්ම අක්කේ..
ඉරිදා දවසක රූ මහත්තයත් එක්ක ඇවිදින්ඩ යන්න පුලුවන් නෙ..

මධුරංග said...

@අනූ :
නොදන්න දෙයක් කියලා දෙන්ඩ ලැබුන එකට සතුටුයි !

@සිතුවිලි සිතූ :
සතුටුයි සතුටුයි... :)

@ඉන්ද්‍රජිත් :
මල්ලිත් එහෙනම් දිනේශ් මලයා වගේ. කතාව බාගෙට අහලා තියෙනවා.

මධුරංග said...

@දඟ මල්ල :
ගෙදර කට්ටියත් එක්ක දවසක මූදු වෙරලේ ගියහම ඕකත් බලන්ඩ යන්න..

@araliya :
වෙලාවක ගෙදර අයත් එක්ක (හෝ තමන්ගේ එක්කෙනත් එක්ක) ගිහින් එන්ඩ.... :)

@දුකා :
තැන්කූ තැන්කූ දුකා අයියා.. :)

මධුරංග said...

@හරී :
ඔය ප්‍රශ්නෙම මටත් තියෙනවා. ඒ නිසාම කතාව පෝස්ට් එකේ සෑහෙන කාලයක් තියේවිද මන්දා..

@පුබුදු :
දවසක ගෑල්ලමයත් එක්ක ගියොත් ඒයැයිට මේ කතාව මතක් කරලා දෙන්ඩ... හික්ස් :)

@Anonymous :
යෙස්.. එනද ටාජ් මහල් ! :)

මධුරංග said...

@දිනුක :
මලයලා (ආදරේ කරන එවුං) අහලා නැත්තං ආයේ වෙන කවුරු අහන්ද දෑ... :)

@hansakinkini :
ඔබතුමියගේ කමෙන්ට් එකක් දකින්ඩත් ආසයි.. :)

නන්ඳු said...

උමගය ගැන කතාව අහලා තිබුණත් සම්පූර්ණ කතාව දැනගත්තෙ අදනෙ..
ස්තූතියි ගොඩක්..!තවත් මෙවැනිම උමග තියෙනවලු ඉංග්‍රීසි ආණ්ඩුව කාලෙ තැනුව.. එකක් එක්තරා මුහුදු තීරයකට වෙනකල්ම..

ටියුලිප් මල් කැකුලී said...

ඇත්තටම කොච්චර ඇහුවත් ආයෙ අහද්දි එපා නොවෙන කතාවක්.

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.