1805 අවුරුද්දේදි තෝමස් මේට්ලන්ඩ් කියන එංගලන්ත හමුදා ජෙනරාල්වරයා ලංකාවට ගොඩ බහිනවා. මේට්ලන්ඩ් ජෙනරාල්වරයා , ලංකාවට එන්නේ ලංකාවේ ආණ්ඩුකාරවරයා බවට පත් වෙන්න.
ඉතින් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයට නවාතැන් ගන්ඩ ලැබෙන්නේ එච්චර සුවපහසු නවාතැනක නෙමෙයි. මේ නිසා මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ පුද්ගලික පරිහරණයට සුවපහසු මන්දිරයක් ඉදි කරනවා. 1806 අවුරුද්ද වෙනකොට මේ මන්දිරයේ වැඩ කටයුතු නිමවෙලා ආණ්ඩුකාරවරයා මන්දිරයේ පදිංචියට යනවා.
මන්දිරයේ ජීවත් වෙන මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා, තමන්ගේ මන්දිරයට mestizo නැටුං කණ්ඩායමක් ගෙන්වනවා. මේ අයගේ නැටුම් බලලා ආණ්ඩුකාරවරයා සතුටු වෙනවා. ඒත් එක්කම නැටුම් කණ්ඩායමේ හිටපු ලැවීනියා අපෝන්සුවා කියන ලස්සන තරුණියකට මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ඇහැ ගැටෙනවා.
mestizo නැට්ටුක්කාරියෝ
ලැවීනියා අපෝන්සුවා කියලා කියන්නේ අර්ධ සිංහල අර්ධ පෘතුගීසි රොඩී කුළයේ තරුණියක්. කුළයෙන් හීන තරුණියක් !
මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයට මේ තරුණියගේ නැටුම් හිතට අල්ලනවා.කොච්චර හිතට ඇල්ලුවාද කියනවනම් ආණ්ඩුකාරවරයට මේ තරුණිය කෙරෙහි ආලවන්ත හිතක් පහල වෙනවා. මේ වෙනකොටත් අවුරුදු 46ක් වෙච්ච ආණ්ඩුකාරවරයා කසාඳ බැඳලත් හිටියේ නෑ ලූ.
ඉතින් මේ තරුණිය ගැන කරුණු කාරණා හොයලා බලනකොට ඒ කෙනත් පදිංචි වෙලා ඉන්නේ ආණ්ඩුකාරවරයගේ මන්දිරයට ගොඩක් ලඟින්.
නමුත් මේ තරුණිය කුළයෙන් අඩු කෙනෙක් නිසා කෙලින්ම ගෑල්ලමයගේ ගෙදරට ගිහින් හම්බ වෙන්ඩ බෑ. ආණ්ඩුකාරවරයාට මේ ගෑල්ලමයව හම්බ වෙන්න ක්‍රමයක් කල්පනා කරනකොට හොද අදහසක් පහල උනා ලූ.
ඒ තමයි තමන්ගේ මන්දිරයේ බිම් මහලේ ඉදන් ඒ ගෑල්ලමයගේ ගෙදරට උමඟක් හාරන එක !. උමඟේ වැඩ ඉවර උනාට පස්සේ ආණ්ඩුකාරවරයා, තමන්ගේ පෙම්වතියව හම්බ වෙන්ඩ යනවා.
අවුරුදු හයක් තිස්සේ ආණ්ඩුකාරවරයා මේ උමඟ දිගේ ගිහින් ලැවීනියව හම්බ වෙලා එනවා.ලෝකයාට හොරෙන් මේ දෙන්නගේ ආදර කතාව උමඟ දිගේ හොර රහසෙම ගලාගෙන යනවා. ඔහොම කාලය ගත වෙනකොට මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ශරීර සෞඛ්‍යය දුර්වල වෙනවා.
මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයට තමන්ගේ මවු රටට යන්ඩ වෙනවා.
තමන්ගේ අදරයයි ඒ ආදරයට උදවු කරපු උමඟයි ඉතුරු කරලා මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා තමන්ගේ මවු රටට යනවා. ඒ යන්ඩ කලින් පොඩි කඳු මුදුනක් උඩ ඉදිවෙච්ච මේ මන්දිරයට "මවුන්ට් ලැවීනියා" කියලා නම් කරනවා.
ගල්කිස්ස හෝටලය
ගල්කිස්ස මුහුදු වෙරළේ ආසන්නයේම දිස් වෙන හෝටලය, මේ දෙන්නගේ ආදර කතාවට අදටත් සාක්ෂි දරනවා !
මේ සති අන්තයේ ගල්කිස්ස මුහුදු වෙරලට යනවා නම් මේ කතාව මතක තියාගෙන යන්ඩ හොදේ.. තමන්ගේ ආදරවන්තියට / ආදරවන්තයාට කියලා දෙන්ඩ බැරි යෑ... :)
හැමෝටම විනෝදයෙන් පිරුණ සති අන්තයක් !!!
-----------------------------------------------------------------
ප.ලි. - මේ කතාව මතක් කරලා දීපු අමානිට (අමා ට) ස්තුතියි !
ප.ප.ලි - කතාව කලින් අහලා තියෙනවා නම් කොරන්ඩ දෙයක් නෑ.. කම්මැලිකමට ලියන්ඩත් දෙයක් තියෙන්ඩ එපායෑ... :)
ප.ප.ලි කෑල්ලට අනුව ශබ්ද නැතුව ඉන්නම්
ReplyDeleteඑහෙනම් ඉතින් මාත් සද්ද නැතුව ඉන්නම් :)
ReplyDeleteඅපි ඉතින් ගල්කිස්සට වෙලා ඕක දිහා බලාගෙනම ඉන්න උන්නේ...
ReplyDeleteඔය උමග තාම තියනවා කියන්නේ.. :0
අහලා තියන විදිහට උසස් බාලිකාවත් ඔය කතාවට ගෑවෙනවා :-)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අහා මේ කතාව නේද පොඩ්ඩිත් දවසක් ලියල තිබුනේ. මතකය ආපහු අළුත් උනා. ලැවිනියා ආණ්ඩුකාරයාගෙන් ඉල්ලීමක් ඉල්ලුවලු නේද. රොඩී කුලයේ අයට උඩුකය වැසීමේ අයිතිය..
ReplyDeleteදැං උමග සම්පූර්ණයෙන්ම නෑ..
ReplyDeleteකෝච්චි පාර ගාවිං වහලා තියෙන්නේ.
ගල්කිස්ස හෝටලේ ඒක හොදට නඩත්තු කරනවා.
සැහ්... උමග තිබ්බනම් පෙම්වතුන් ට කොයිතරම් නම් ප්‍රයෝජනවත් වෙනවද මං අහන්නෙ!
ReplyDeleteඅදමයි ඇහුවේ ඉස්සරලම නියම ආදරවන්තයෙක්
ReplyDeleteසයිඩ් එකකින් මුහුදට යන්න තියෙන පැත්තෙ බිත්තියේ පින්තූර ගොඩකුත් එක්ක කතාව කියවන්න පුළුවන්.
ReplyDeleteකොච්චර වතාවක් කතාව ඇහැව්වත් මේක නම් ආයෙත් අහන්න කැමති කතාවක්!!!
අදටත් එහෙම උමගක් තියනවද? ඒ උමග කොහේ ඉඳං කොහෙටද තිබිලා තියෙන්නේ? නරඹන්න පුලුවන්ද?
ReplyDeleteඋමග ගැන කතාව අදනේ මම ඇහුවේ...
ReplyDeleteහ්ම්ම්..මතක තියන් කියන්නම්කො එයාට හ්ම්ම් :)
ReplyDeleteඔය කතාව වටින් ගොඩින් අහලා තිබුනට අද තමයි සම්පූර්ණ කතාව ඇහුවේ
ReplyDeleteමාරයි නේද.මමත් උමගක් හාරන්න ඕනෙ :)
ReplyDeleteමේ කතාව මමත් 'හුලවාලි' කියන පෝස්ට් එකේ සඳහන් කලා මතකයි. 'ටජ්මහල' මතක් වෙනවා නේද?
ReplyDeleteහැබෑට අපේ රටේ මේ වගේ පෙම්වතුන් හිටපු කාලෙකුත් තිබිලනේ.:D
කතාව අහල තිබුනට මතක තියෙන එකක්යැ බං... මතක් කරපු එකට ස්තූතියි...
ReplyDeleteමට කියපංකෝ අර උමග තාම තියෙනවද කියලා.... දැන් ඒකෙ වවුල්ලු එහෙම සෑහෙන්න ඇති නේද... ;)
කතාවනම් අහලා තියනවා.මම දිනපතා ඕක ගාවින් යන කෙනානේ.බාගෙට වහපු උමග රේල් පාර පැත්තෙන් යනකොට තාමත් දකින්න පුළුවන්..:D
ReplyDeleteගල්කිස්ස මහ හෝටලයෙන් මේ උමඟ සංරක්ෂණය කරලා තියෙන්නේ. මේ link එකෙන් ගිහින් ඒ උමඟේ ඡායාරූප කීපයක් බලන්න පුලුවන් වේවි.
ReplyDeletehttp://www.facebook.com/media/set/?set=a.10150134617332929.295380.521332928&type=3
ලැවීනියා වගේ පහත් කුලේ ස්ත්‍රීන්ට් උඩුකය වසන්න අවසරයක් ඒ කාලේ සිංහල නීති අනුව තිබිලා නැහැ. ඒක නිසා මේට්ලන්ඩ් ආපහු යන්න කලින් සියලුම කුලවල ස්ත්‍රීන්ට උඩුකය වැසීමේ අවසරය ලබාදෙන්නත් කටයුතු කළා කියලා කියනවා.
දැනං හිටියෙ නැති දෙයක් කියලා දුන්නට පින්..
ReplyDeleteඒ පැත්තෙ ගිය වෙලාවක බලන්නෝනැ...මධුටත් සුභ සති අන්තයක්..
මම නම් ඉතිං ඇත්තටම මේ කතාව දැනන් උන්නේ නෑ!
ReplyDeleteමේ කතාව සම්පූර්ණයෙන්ම දැන ගත්තේ අද තමයි....
ReplyDeleteඔහොම කතාවක් ලාවට අහල තිබුනට උමග ගැන ඇහුවෙ අද....
ReplyDeleteකතාව ඇහුව ට පස්සේ ආයෙත් මවුන්ට් පැත්තේ යන්න හිතුණා, පාරේ යන එනකොට දකිනවා මිසක්, මං හිතන්නේ මං ගිහිල්ල ම නෑ....
ReplyDeleteehen mehen ahala thibunata ada tama hariyatama kathawa danagaththe ayya.laga hitiyata wadiya a paththenam yanne ne appa......
ReplyDeleteකලින් අහලා තියෙනවා . . එත් මෙහෙම කියෝපුවාම රසවත් . . .
ReplyDeleteඋමඟකුත් තියෙනවාද? කවදාවත් දැකලා නෑනෙ.. ඔන්න කතාව මතක තියාගත්තා.. දැන් කියන්නෙ කාටද කියන එකයි ප්‍රශ්නෙ.. :)
ReplyDeleteපට්ට කතාව කලින් දානං හිටියෙ නෑ...
ReplyDeleteAnother Taj Mahal
ReplyDeleteඅහලා තියෙනවනෙ බොලේ කතාව.....
ReplyDeleteස්තුතියි මලේ මේ විස්තරේට.. මං අහල තියෙනව... ඒත් විස්තරාත්මකව දැනගත්ත අද...!!!
ReplyDelete@මඩිස්සලේ නිශාන් :
ReplyDeleteමල්ලි එහෙනම් සීන් එක දන්නවා නෙහ්.. හොර ගෙඩියා !
@ළිහිණි :
ඔයත් කතාව අහලා තියෙනවා නෙ. :)
@අඩවි රජ :
වෙලාවක කට්ටිය සෙට් කරගෙන යන්ද මලේ !
@සයුරි :
ReplyDeleteඑහෙම ඉල්ලීමක් තිබ්බා ලූ. එච්චර ගොඩක් කියවන්ඩ ගියේ නෑ..
ගල්කිස්ස මහ හෝටලේ වෙබ් අඩවියට ගියා නම් කතාව කියෝ ගත්තෑකි.
@තරියා අබේ :
මම ලඟදි නම් දැකලා නෑ.. බලන්ඩත් ආසයි.
@ලහිරු :
අනේද කියන්නේ..
වෙරළු මල් සුවඳෙන් මුළු උමඟම පිරේවි... :)
@අවතාර් :
ReplyDeleteඅම්බෝ ඇති යන්තන් අහලා නැති එකෙක් හරි ඉන්නවා. සතුටුයි සතුටුයි
@arunishapiro :
අම්බෝ මට මාර සතුටුයි.... බිත්තරේ නොකඩා ඔම්ලට් හදන්ඩ පුලුවන් අක්කා කෙනෙක්ගේ කමෙන්ට් එකක් දකින්නත් ආසයි..
මේ පැත්තේ ගොඩ වැදුනට ස්තුතියි !
@Alexander Cage :
උඩ ඉන්න කට්ටිය කියලා තියෙන විදිහට නරඹන්න පුලුවන් ලූ. ඒක හෝටලයෙන්ම නඩත්තු කරනවා ලූ.
@Dinesh :
ReplyDeleteඒ කියන්නේ කතාවෙන් බාගයක් අහලා තියෙනවා කියන එකනේ.. එල එල :)
@හිරුහිමාවී :
අනිවාර්යෙන්ම... කියන්ඩ.. :)
@මිස්ටර් හයිඩ් :
එල එල !
ඔන්න මාත් හයිඩ්ගේ අඩවිය පැත්තට ගියා...
@නදී :
ReplyDeleteකොහේ ඉඳන් කොහාට්ටද ? හික්ස් :)
මේයැයිටත් හිතෙන එවුවා
@Podi Kumarihami :
අපට වඩා සතුටු හිතෙන්නේ ඔහේලාට නෙහ්... ඉතින් ඔයාට සතුටුයිද පොඩ්ඩෝ !
(ආදරේට පොඩ්ඩෝ කියලා කිව්වේ හරි.. :) )
@prasanna86k :
මාළුවාගේ ගොරකා මදී මාව තම්බන්ඩ...
මේ පොත් ප්‍රදර්ශනයක් ලඟ ලඟ එන කාලේ මොකට මෙහෙම කතා කියනවද මන්දා. ... හික්ස් :)
@A.Wickz :
ReplyDeleteදවසක බලන්ඩ යන්ඩ වටිනවා...
@Hasitha :
ස්තුතියි.... ලින්ක් එකටයි පෝස්ට් එකට අඩුවැඩිය එකතු කලාටයි !
@රූ.... :
අනිවාර්යෙන්ම අක්කේ..
ඉරිදා දවසක රූ මහත්තයත් එක්ක ඇවිදින්ඩ යන්න පුලුවන් නෙ..
@අනූ :
ReplyDeleteනොදන්න දෙයක් කියලා දෙන්ඩ ලැබුන එකට සතුටුයි !
@සිතුවිලි සිතූ :
සතුටුයි සතුටුයි... :)
@ඉන්ද්‍රජිත් :
මල්ලිත් එහෙනම් දිනේශ් මලයා වගේ. කතාව බාගෙට අහලා තියෙනවා.
@දඟ මල්ල :
ReplyDeleteගෙදර කට්ටියත් එක්ක දවසක මූදු වෙරලේ ගියහම ඕකත් බලන්ඩ යන්න..
@araliya :
වෙලාවක ගෙදර අයත් එක්ක (හෝ තමන්ගේ එක්කෙනත් එක්ක) ගිහින් එන්ඩ.... :)
@දුකා :
තැන්කූ තැන්කූ දුකා අයියා.. :)
@හරී :
ReplyDeleteඔය ප්‍රශ්නෙම මටත් තියෙනවා. ඒ නිසාම කතාව පෝස්ට් එකේ සෑහෙන කාලයක් තියේවිද මන්දා..
@පුබුදු :
දවසක ගෑල්ලමයත් එක්ක ගියොත් ඒයැයිට මේ කතාව මතක් කරලා දෙන්ඩ... හික්ස් :)
@Anonymous :
යෙස්.. එනද ටාජ් මහල් ! :)
@දිනුක :
ReplyDeleteමලයලා (ආදරේ කරන එවුං) අහලා නැත්තං ආයේ වෙන කවුරු අහන්ද දෑ... :)
@hansakinkini :
ඔබතුමියගේ කමෙන්ට් එකක් දකින්ඩත් ආසයි.. :)
උමගය ගැන කතාව අහලා තිබුණත් සම්පූර්ණ කතාව දැනගත්තෙ අදනෙ..
ReplyDeleteස්තූතියි ගොඩක්..!තවත් මෙවැනිම උමග තියෙනවලු ඉංග්‍රීසි ආණ්ඩුව කාලෙ තැනුව.. එකක් එක්තරා මුහුදු තීරයකට වෙනකල්ම..
ඇත්තටම කොච්චර ඇහුවත් ආයෙ අහද්දි එපා නොවෙන කතාවක්.
ReplyDelete