අද සිකුරාද දවසක් !
ඒ වගේම අපේ පැත්තට උදේ ඉඳන්ම සෑහෙන්ඩ වහිනවා. අද වැඩට යන්ඩ මාරම කම්මැලිකමේ හිටියේ... ඒත් ලෙඩ නිවාඩු ඇරෙන්ඩ වෙන නිවාඩු ඉතුරු වෙලා නැති හින්දා අකමැත්තෙන්ම හරි ගෙදරින් පිටත් වෙලා ආවා.
ගෙදරින් අකමැත්තෙන් ආවට මොකෝ වැඩපොලට ආවට පස්සේ වැඩ කරන්ඩ සෑහෙන උද්යෝගයක් තියෙන්නේ. ඇයි ඉතින් හෙට සෙනසුරාදා නෙව.
ඒ උනාට මම් කියන්ඩ ආව කාරණේ ඒක නෙමෙයි !
ඔන්න මේ සති අන්තයේ විවේකයක් තියෙනවා නම් බොරැල්ල YMBA ශාලාවට ආවොත් එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ නාට්ටි වගයක් බලාගත්තෑකි.. සරත්චන්ද්‍රයන්ගේ 16 වෙනි ගුණ සමරුව වෙනුවෙන් තමයි මේ නාට්ටි පෙන්වන්නේ.
18 වෙනිදා ඉඳන් දවස් දහයක් එක දිගට නාට්ටි 10ක් පෙන්වනවා. දැන් නම් නාට්ටි උලෙලේ අන්තිම හරිය යන්නේ. ඊයේ 'කපුවා කපෝති ' නාට්ටිය තිබ්බා. යාන්තන් ඊයේ නාට්ටිය නම් බලාගත්තා. කට්ටියත් එක්ක සෙට් වෙලා අදත් යන්ඩ හිතන් ඉන්නේ.
ඉදිරි දවස් ටිකේ නාට්ටි පෙල ගැස්ම මෙහෙමයි.
අගෝ. 24 - කදා වළලු, එලොව ගිහින් මෙලොව ආවා
අගෝ 25 - හස්තිකාන්ත මන්තරේ
අගෝ. 26 - සිංහබාහු
අගෝ. 27 - මනමේ
නාට්ටි පටන් ගන්නේ හවස 6.30ට. ඒ උනාට ටිකක් වේලපහ එන එක තමයි හොඳ. මොකද සීට් ගාන සෑහෙන සීමිතයි. (ටිකට් එක රුපියල් 100ක් වෙනවා).
එහෙනම් සියළු දෙනාට විනෝදයෙන් පිරුණු සති අන්තයක් !
24 August 2012
නාට්ටි දහයක් !
Subscribe to:
Post Comments (Atom)
35 දෙනෙක් අදහස් පලකලා .:
ධර්මාලෝකීය අදිශිෂ්‍යයෙක් !
ඔව්වා නාට්ටිද බං.. හවසට ටී වී බලපන්කො.. අන්න නාට්ටි..
අපි ඉතිං නුවරනෙ...එන්න වෙන්නෙ නෑ...
මටත් එන්න ආසයි.එන්න කෙනෙක් හොයාගන්න ඕනි.
බොහොම ස්තුතියි තොරතුරු බෙදා ගත්තට.
වහිනවනේ බං...
ස්තුතියි මධුරංග නොදන්න තොරතුරු ටිකක් දැන ගත්ත මමත්..
නිකං ටිකට් ඉල්ලගන්න නේද හදන්නෙ මාකටිං කරලා මෙහෙම ඈ.... මමත් බොරැල්ලෙ වැඩ, ඒත් අද හවසට ගෙදර යන්න එපැයි. බලමුකො සඳුදා එකවත් බලන්න. ස්තූතියි කිව්වට!
මාත් අද එන්න ඕන හින්දම ආව... ගෙදර හිටියනම් හොඳට පොරවන් නිදාගන්න තිබුන...
වහින්නේ නෑනේ අපිට ! අපි ඔය නාට්‍යය හොය හොයා ගිහින් බැලුවේ O/L Drama නේ කලේ . අනේ මන්දා මම මනමේ ටනම් කැමති නෑ
අපොයි දෙයියනේ..ඕකට යනවාමයි කියලා හිතාගෙන හිටියේ..හොඳ වෙලාවට අයියා පෝස්ට් එක දැම්මේ..නැත්නම් අමතක වෙනවා..
බලන්න නම් ආසයි!! එන්න විදියක් හොයාගන්න ඕනෙ.
ස්තූතියි මම මේක දැක්කේ පරක්කුවෙලා..!
ඒ නිසා පමා වැඩී..!
අපි ඉතින් කෝම බලන්නද?
asai ewa balanna yanna.eth itin bane ayya......dancing practis gihilla awama ayeth kohewath yanna tiya kakul deka bima thiya gannawath pana ne.......duka tama itin.
ඔය එකක්වත් බලල නෑ
ගොඩ කාලෙකින් නාට්‍යක් බැලුවේ නෑ !!!
මරු අයිඩියා එක..ට්‍රයි එකක් දීල බලන්න ඕනි යන්න බෝඩිමේ එවුන් ටික කුදලාගෙන
පිස්සුද මලේ ඔයතරම් දුර යන්නේ මක්කටෙයි ටැලිවිසොන් එකේ අම්මපා 6.00 ඉදන්ම පෙන්නන්නේ නාට්ටි නෙව. අරවද මෙව්වද නාට්ටි මහ ගොඩයි. ගොඩම රුපියලයි.
ස්තුතියි මල්ලි පෝස්ටුවට. වැස්සේ නැත්නම් යන්න බලන්න ඕනේ. ඒකටත් ඉතිං ලොක්කාගෙන් අවසර අරන් එයැයි එක්ක එපැයි යන්න.
YMBA ශාලාව අවුල් නේ ටිකක්???
හ්ම්ම්..ස්තුතියි කිව්වට සහෝ :)
හස්තිකාන්ත මන්තරේ ඇර අන්ක් ඒවා බලල තියෙනවා. මටනම් හිතෙන්නේ වයිඑම්බීඒ.ශාලාව සඑච්චන්දුයන් වගේ කෙනෙක්ගේ ගුණ සමරුවට ගැලපෙන්නෙ නැති තැනක් කියලා. අඩුම තරමින් ජෝන්ද සිල්වා රගහල වත් ගත්තනම් හොඳයි.
ඔය ශාලාවේනං නාට්‍ය බලලා නෑ.මනමේ සිංහබාහු ඇරුනම සරච්චන්ද්‍රගේ අනිත් නාට්‍ය බලලා නෑ.කපුවා කපෝති එහෙම එච්චර දෙයක් ඇති නාට්‍යයක් නෙමෙයි කියලයි අහලා තියෙන්නේ.ඔන්න දෙවෙනිදා තාරාවෝ ඉගිලෙති යනවලු ඔය ශාලාවේම.ඔය ගමන්ම ඒකත් බලන්ඩ සෙට් වෙන්ඩ
අම්මපා ඒකත් එහෙමද....
@sAm (සෑම්) :
ඒක දන්නේ අද නේ මම...
@හරී :
ඒකත් හරි නේ හරීඊඊඊ !!!
@ඉන්ද්‍රජිත් :
නුවර කට්ටිය කොළඹ එන්නේ මොකෑ... පේරාදෙනි කැම්පස් එකේ වලට සෙට් උනා නම් හරි නේ !
@Pramudi :
මට අහන්ඩත් මොකද්ද වගේ... කමක් නැද්ද මන්දා... හිකිස් :)
@පොත් ගුල්ලා :
ඔන්න වෙලාවක් තිබ්බොත් යන්ඩ හොදේ !!
@prasanna86k :
වැස්ස නම් මොකද්ද අප්පා.... :)
@දිනිති දීපිකා :
දිනිති ලංකාවට ආවද... එහෙනම් බලන්ඩ සෙට් වෙන්ඩ :)
@ලහිරු :
සඳුදා එන්ඩ පුලුවන් නම් බුකියේ මැසේජ් එකක් දාන්ඩ... මාත් සෙට් වෙන්නම්...
@සාතන් :
අපරාදේ නිවාඩු තිබ්බා නම් නෙහ්...
@චූටි පුතා :
අඩේ චූටි පුතා කියන්නේ ඕලෙවල් වලට නාට්‍ය හා රංගකලාව කරපු කොල්ලෙක් නෙ.. එලකිරි කොල්ලෙක් !!!
@Red Riding Hood :
එහෙනම් ඉතින් යාළුවෝ සෙට් එකත් එක්ක යන්ඩ බැරුව යෑ..
@සිතුවිලි සිතූ :
එන්න විදිහක් හම්බ උනොත් අනිවා බලන්ඩ යන්ඩ..
@Lishan Puwakowita :
අපරාදේ..
මටත් ආරංචි වෙනකොට සෑහෙන දවසක් ගිහින් !
@Dinesh :
ලංකාවට ආපු කාලෙක බලන්ඩ බැරුව යෑ.. :)
@araliya :
ඔයා නැටුං පන්තිත් යනවද.. මරු නේ..
දේශීය නර්තනයද කරන්නේ ???
@සයුරි :
අපරාදෙනේ හලෝ...
ලංකාවට ආපු කාලෙක ටවර් එකේවත් බලමු !!
@පැතුම් [සිතුම් පැතුම්] :
එහෙනම් මලයට තනියෙන් තමා යන්ඩ වෙන්නේ...
උන් එන එකක් නෑ... දන්නැද්ද බෝඩිං වල උන් ගැන !! :)
@malmi :
ලොක්කා කිව්වේ මහත්තයා ගැන වෙන්ටෑ... ඔවු ඔවු වචනේ දාලා බලන්ඩ !!
@තරියා අබේ :
අපොයි ඔවු.. හෙන හින්නිකිතර හෝල් එකක් !
@හිරුහිමාවී :
එහෙනම් එන්ඩම ඕනේ හරි ද..
@දයානන්ද රත්නායක :
හෝල් එක කෙසේ වෙතත් සීට් ගාන නම් සෑහෙන සීමිතයි !!!
අර කිව්වත් වගේ හොඳ හෝල් එකක් ගත්තා නම් මරු
@දිනුක :
ඒක මම් අපේ වලේ නාට්ටි උළෙලකදී බැලුවා. ඒකත් මරු නාට්ටිය.. වෙලාවක් හොයගෙන ආයෙමත් ගිහින් එන්ඩ ඕනේ !!
@තරුවා :
එහෙමයි එහෙමයි !
තොරතුරු ගෙන ආවාට ස්තූතියි !
මම එනකොට කට්ටිය නාට්ටි බලලා ගිහිල්ලත් ඉවරයි වගේ.:(
ඉවරායි!!!
@සිරාගේ කාමරේ :
අපරාදේ එන්ඩ උනේ නෑ නෙව..
@Podi Kumarihami :
ඔවු... අපි ගෙදර ඇවිත් ඇඳුනුත් මාරු කලා !
@අනූ :
හ්ම්.... මේ දැන් ඉවර උනේ !
කමෙන්ට් එකක් දාලම යමුද ??
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.