14 August 2012

ඩාවින්සි දුටු අනාගතය

"මිනිසා විසින් නිෂ්පාදනය කළ සෑම නව නිර්මාණයක්ම මුලින්ම උපදින්නේ ඔහුගේ හිතේ ය. "

මම් ඉස්කෝලේ යන දවස්වල දවසේ ආදර්ශ පාඨය විදිහට පංතියේ කළු ලෑල්ලේ ඔහොම ලියලා තිබ්බා මතකයි. තමන්ගේ හිතේ උපදින සෑම සිතුවිල්ලක්ම නව නිර්මාණයක් කරගැනීම හැමකෙනාටම එකවිදිහට කරගන්න නම් බෑ. ඒකට උත්සහයත් කැපවීමත් ඕන කරනවා.

ඒ උනත් අඩුම තරමේ තමන්ගේ හිතේ උපදින හැම අළුත් සිතුවිල්ලක්ම චිත්‍රයට නගන්න පුලුවන් නම්, එතකොට කවදාහරි ඒ කෙනාට තමන්ගේ හිතේ මෙහෙම සිතුවිල්ලක් ඇති උනා ය කියලවත් සතුටු වෙන්ඩ පුලුවන්.

අපි නොදන්නවා උනාට තමන්ගේ හිතේ ඇති වෙච්ච හැම සිතුවිල්ලක්ම චිත්‍රයට නගපු මිනිස්සුත් ලෝකයේ ඉදලා තියෙනවා. එහෙම කෙනෙක් තමා ලියනාඩෝ ඩාවින්චි කියලා කියන්නේ.

ඔහු තමන්ගේ ජීවිත කාළයේදී හිතුන හැම දෙයක්ම වගේ චිත්‍රයට නගලා තියෙනවා. ඒත් ඒ හැම සිතුවිල්ලක්ම ඔහුගේ ජීවිත කාළය ඇතුලතදී නව නිර්මාණයක් වෙලා නම් නෑ...

 ඔහුගේ හිතේ ඇති වෙච්ච හොඳම සිතුවිලි දහයෙන් කීයක් නම් නිර්මාණයක් බවට පත්වෙලා තියෙනවද කියලා බලන්න.

1. බෝල බෙයාරිම් (Ball Bearing )










පහලින් තියෙන්නේ බෝල බෙයරිම් එකක පින්තූරයක්











2. පැරෂුට්( Parachute )












3. අහසින් පියාසර කළ හැකි ornithopter-(නූතන ගුවන් යානා වලට සමානය )










4. මැෂින් ගන් (Machine Gun)












5. කිමිදුම් ඇඳුම්


6. යුද්ධ ටැංකි











7. ස්වයංක්‍රීයව ක්‍රියා කරන කරත්ත












8.  අනාගත නගර සැලසුම්














9. වායුමය අවර පෙත්ත - නූතන හෙලිකොප්ටර් වලට සමානය











10. රොබෝ නයිට්වරු (රොබෝ මිනිසුන්)











එක අතකට ඩාවින්සි කියන්නේ නිකන්ම නිකන් චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙමෙයි වර්තමානයේදි අනාගතයේ ඇතිවිය හැකි දෑ නිර්මාණය කරපු නිර්මාණ ශිල්පියෙක් !

-------------------------------------------------
ප.ලි. - මේකත් අහම්බෙන් කියවන්න ලැබුන ලිපියක්. පරිවර්තනය කරන්න කම්මැලි නිසාම පින්තූර ටික විතරක් දැම්මා. :)

51 දෙනෙක් අදහස් පලකලා .:

හරී said...

සත්සමුදුරේ මේ ගැන ඉස්සරහට කියනවයි කියලා තිබ්බා..

Red Riding Hood said...

ම්ම්ම් නියම ලිපියක් අයියේ.. කම්මැලි නැතුව විස්තර ටිකත් දැම්මා නම් පංකාදුයි.. හිහි..
ජය වේවා!!!!

මඩිස්සලේ නිශාන් said...

නියම ලිපියක් අයියේ
ඇත්තටම ඩාවින්සි ආනාගතය දැක්ක කෙනෙක් හැටියටයි මම නම් සලකන්නේ

Loku John said...

ඔය කම්මැලිකම තියනව නේද ඒක ඩාවින්සිට තිබුනෙ නැලු

සයුරි said...

ඩාවින්චි ත් ඔයා වගේ කම්මැලි උනානම් කොයි තරම් අපරාදයක්ද? :)

තරියා අබේ said...

ඩාවින්සිද ඩාවින්චිද?????
මනුස්සයා මාර මොලකාරයෙක් නේ????

Dinesh said...

කම්මැලි නැතුව අනිත් විස්තරත් දාන්නනේ තිබ්බේ අයියේ...

බට්ටි said...

ඔහොම කම්මැලි වෙලා බෑ අලිද?
මාමේ මේ මම හිතන් හිටියෙ චාල්ස් ඩාවින් කිව්වේ බයිලා කියලනේ.අර සිංදුවකත් තියෙන්නේ....

Podi Kumarihami said...

මේ ලෝකේ තියන හැම දෙයක්ම බිහිවෙලා තියෙන්නේ සිතුවිල්ලකින්. පොඩ්ඩක් හිතලා බලන්ට. :D

චූටි පුතා said...

අතීතයේ මිනිසුන්ගේ සිතුවිලි මේ විදියට යථාර්ථ වුනා වගේ අද මිනිසුන්ට තියන සිතුවිලි අනාගතයේ ඇත්ත වේවි !
වැදගත් ලිපියක් සහෝ කිව්වත් වගේ ඩාවින්චිත් ඔයා වගේ කම්මැලි වුනානම් !!
ජය!!!!1

හරී said...

@ බට්ටි,

ඔය කියන්නෙ චාල්ස් ඩාවින් ගැන නෙමෙයි ලියනාඩෝ ඩාවින්සි ගැන..

හිරුහිමාවී said...

හ්ම්ම්,,අපූරු ලිපියක් සහෝ..:)

ලහිරු said...

මාර මනුස්සයෙක්නෙ. මේ ඒක නෙවෙයි නරකද කොළයක් පෑනක් අරන් මොනවත් කුරුටු ගෑවොත් ඉස්සරහට එන්න තියෙන දෙයක්? එතකොට අනාගතේදි කියයි කවුරුහරි මධුරංගත් මාර මනුස්සයෙක් කියලා!!!

Hasitha said...

ඩාවින්සි විශ්ම කර්මයෙක්...

පිණිබිඳු... said...

මොනා උනත් දක්ෂ චිත්‍ර ශිල්පියෙක් කියන්නත් පුලුවන්

Pramudi said...

ඩාවින්චි කෝඩ් මතක් වුනා :)
මොනවා වුනත් නියම මනුස්සයෙක්.ඩාවින්චි ට පල්ලියෙන් ප්‍රශ්න ආවද මධුරංග අයියේ..?? ගැලිලියෝ වගේ අයට ප්‍රශ්න ඇවිත් දඬුවම් එහෙම කළා කියල අහල තියෙනවා.ඩාවින්චි ටත් එහෙම වුනාද? දන්නවනම් ඒ ගැනත් කියන්න.

ඉන්ද්‍රජිත් said...

ඇත්තටම ඩාවින්චි කියන්නෙ විශිශ්ට නිර්මාණ ශිල්පියෙක් තමයි....

රාජ් said...

මලය මේ දවස්වල මධ්‍යධරනී මුහුද අවට සැරිසරනව නේද. :)
බොහොම හොඳ විස්තර ටිකක්. පැරෂුට් එක ගැන ඩාවින්චි කියල තියෙන්නෙ පාදයක් අඩි දොලහ බැගින් දිග ත්‍රිකෝනාකාර කැන්වස් කැබලි හතරක් පිරමිඩාකාරව සම්බන්ධ කරල අඩි දොලහක් බැගින් දිග කඹ 4කින් පැරෂුට් එක හදල, කෙනෙක් ඒක ආධාරයෙන් උඩක ඉඳල පැන්නොත් හානියක් නෑ කියල.

අකීකරු හිත said...

මේක නම් නියමයි

රූ.... said...

සත් සමුදුර බ්ලොග් එකෙත් ඩාවින්සිගෙ නිර්මාණ ගැන ලිපි කීපයක් ගියා..ගොඩක් විස්තර ඒකෙනුත් දැනගන්න ලැබුනා..

ඩාවින්සිට අනාගතයෙන් ආපු කෙනෙක් මුණ ගැහිලා තියනවා කියලත් කතාවක් තියනවා..කොහොම වුනත් ඔහුගේ නිර්මාණ නම් අපූරුයි..

සරත් ලංකාප්‍රිය said...

ලෝකේ හැම නිර්මාණයක් පිටුපසින්ම කලාකාරයෙකුත් ඉන්නවා.

prasanna86k said...

හොඳ පෝස්ට් එකක්... ඔය වගේ දහසක් සිතුවිලි නිර්මාණ වලට හරවපු කෙනෙක් තෝමස් අල්වා එඩිසන්...

සිරාගේ කාමරේ said...

@ ප්‍ර‍මුදි

ඩාවින්සිට පල්ලියෙන් ප්‍ර‍ශ්න ආවා... ලියනාඩෝ ඩාවින්සි චිත්‍ර‍, මූර්ති වලට අමතරව කාය විච්ඡේදන විද්‍යාව (Anatomy) ගැනත් පරීක්ෂණ කරලා තියෙනවා... කාය විච්ජේදනය පල්ලියෙන් තහනම් කරලා තිබුන නිසා බොහොම රහසින් ඉටිපන්දම් එළියෙන් කාය විච්ඡේදනය කරලා...මිනිසාගේ අභ්‍යන්තර අවයව පිළිබද ඉතා නිවැරදි රූප සටහන් ඔහු විසින් නිර්මාණය කර තිබෙනවා...

http://en.wikipedia.org/wiki/Leonardo_da_vinci#Anatomy

ඉහළින් දැක්වූ සබැදියෙන් ඒ විස්තර බලාගන්න පුලුවන්...

අනූ said...

මමත් ඔය සමහරක් නිර්මාණ ගැන නම් අහල තියෙනවා. හැබැයි ඕ ලෙවල් වලට චිත්‍ර ඉගෙනගත්තු කෙනෙක් හැටියට එයාගේ චිත්‍ර නම් ඉතා විශිෂ්ටයි කියල කියන්න පුළුවන්.

අර මොනාලිසා පින්තුරේ තියෙන්නේ... ඒකක් අපේ සාලේ තිබ්බා... මම හරි බයයි ඉස්සර.. කවුදෝ ගෑනියෙක් හොරෙන් මා දිහා බලන් ඉන්නවා වගේ.. බයටම ගැලෙව්වා ඒක...

araliya said...

hoda post ekak ayya....me post eka tawath hoda wenna tibba tawa karunu tikak tibbanam.ochchara kammali wenna epa maduranga ayye.........

තරුවා said...

අම්මපා...සුවර්ද....මාත් අඳින්න ඕනි චිත්තර ටිකක්..

ළිහිණි said...

හොඳ තොරතුරු ටිකක් කියෙව්වා. ඩාවින්සි කියන්නෙ ඇත්තෙන්ම නිර්මාණශීලී සිතුවිලි තිබ්බ කෙනෙක්ය කියලා මම අහලා තියෙනවා. කොහොම උනත් යමක් අලුතින් බිහිවෙන්න නම් නිර්මාණශීලිත්වය ඕනෑමනෙ

පුබුදු said...

මං විස්තරේ අහල තියෙනවා පින්තූර ටික දැක්කේ අද
එල, හොඳ ලිපියක්

සිඳු said...

මොකද්ද අප්පා මේ කම්මැලි කම!! පටන්ගත්තා විතරයි, කම්මැලියිලු. ඩාවින්චි කළ දේවල් ගැන කියන ගමන්ම මේ වගේ කම්මැලි වෙන එකනෙ වැඩේ

ඩාවින්චි කියන්නෙ හරි අමුතු චරිතයක් නේද? අර ඩෑන් බ්‍රවුන් කියන ඒවා ඇත්ත නම්, wow Davinchi කියලා තමයි කියන්න වෙන්නෙ

පැතුම් [සිතුම් පැතුම්] said...

මේ පින්තුර ඔරිජිනල් එව්වද මධුරංග අයියේ. අපරාදේ කාලේ අරන් හරි විස්තර ටිකත් ලිව්වා නම් වටිනාකම කියල වැඩක් නෑ. බලාගෙන ගියාම ඩාවින්සි අනාගතය දිවැසින් දැකලා වගේනේ. පුදුම මනුස්සයෙක්. මාර සිතීමේ හැකියාවක්

සිහිනයක මියැදුණ සිතක් said...

තව මේ අය ගැන විස්තර ටිකක් ලියන්න. හරිම ආසයි කියවන්න දැනගන්න. මිනිස්සු අතර හිටිය විසේස මිනිස්සු. මම දවසක් දැක්කා ලොකේ අහම්බෙන් වෙච්ච පුදුම සහගත දේවල් ගොඩක් හරියට ප්ලෑන් කරල කරා වගේ නමුත් අවුරුදු සියයක පනහක එහා මෙහා වීමක් තිබුනා ඒ කතා වල.

මිනිස්සු හිතන්නේ , නිකම්ම නොවේ කියලත්, හිතක ඇති වෙන සිතිවිල්ලක් නිකම්ම නැතිවෙලා යන්නැතිව තවත් ක්‍රියාවකට දේකට මුල් වෙනවා ඇද්ද කියල මට එදා හිතුනා අද ඒ සිතිවිල්ල තවත් අළුත් වුනා. ස්තුතියි කිව්වා ඕං මේ පොස්ට් එකට

ela kollek said...

පට්ට.....ඩාවින්චි කියනකොට මතක් වෙන්නෙම da vinci code!!!

Ocean of Emotions - සිතුවිලි සයුර said...

කමිමැලි නැතිව කියවන්න පුලුවන් හරවත් ලිපියක්...

දයානන්ද රත්නායක said...

ඇත්තටම පිංතූර ටික විතරක් දාලා ෂේප් වෙලා. ඩාවින්සි වගේ ටිකක් හිතන්න කම්මැලි වෙලා.

Anonymous said...

ඔබ කියන ෙද්වල් සහ දකින් ෙද්වල් අතර තිෙබන ෙවනස .... මෙෙග් සිංහල මංඡං ෙවලා පස්ෙස් ලියන්නම්

Alexander Cage said...

කම්මැලි වෙන්න.. එතකොට අපිට හොඳයි.

ප්‍රදී said...

හුගක් වටිනා විස්තර ටික...හුගක් ස්තුතියි අයියේ..:)
අර සයුරි අක්කා කිව්වා වගේ ඩාවිනුත් මේ වගේ කම්මැලියෙක් උනා නම් අපිට මේවා මෙහෙමවත් දකින්න වෙන්නේ නැනේ...:)

දඟ මල්ල said...

විස්තර නම් හුඟක් වටිනවා අයියේ, අදමයි දැන්ගත්තේ....
කම්මලි නොවී ඉතුරු ටිකත් දාන්නකෝ, ඊළඟ පෝස්ට් එකෙන්වත්..
ජය...

මධුරංග said...

@හරී :
සත් සමුදුර කියලා කියන්නේ බ්ලොග් එකක් දෑ.. :)

@Red Riding Hood :
අපොයි.. කඩ්ඩ ලිපි කියවන්ඩ මාර කම්මැලියි නෙව.. :)

@මඩිස්සලේ නිශාන් :
මල්ලි හිතන විදිහ තමයි මාත් හිතන්නේ..

මධුරංග said...

@Loku John :
ඒ උනාට ඒක මට තියෙනවා නෙව... :)

@සයුරි :
ඒක නම් ඇත්ත තමයි !
මොනා කරන්නද ලස්සන ලිපි කඩ්ඩෙන් තියෙනකොට !

@තරියා අබේ :
ඒක නම් දන්නේ නෑ මචං !
ඒක නෙමෙ. තරියගේ බ්ලොග් එකට යන්ඩ ලින්ක් එකක් නෑ නේ. ලින්ක් එක දෙන්ඩ පුලුවන් නම් මරු !

මධුරංග said...

@Dinesh :
කඩ්ඩ ලිපියක් නිසා කම්මැලි හිතුනා.

@බට්ටි :
බයිලා කිව්වේ චාල්ස් ඩාවින්... මේ කියන්නේ ලියනාඩෝ ඩාවින්චි !

@Podi Kumarihami :
හිතන්ඩ තමයි අමාරු :)

මධුරංග said...

@චූටි පුතා :
එහෙනම් ඉතින් මේවා දකින්ඩ වෙන්නේ නෑ.. හික්ස් :)

@හරී :
මාත් ඒයැයිට කිව්වා.

@හිරුහිමාවී :
තෑන්ක්ස් හි.හි.
හි.හි. ස්ටෑන්ඩ්ස් ෆෝ හිරු හිමාවි !

@ලහිරු :
අනිවාර්යෙන්ම... හොද අදහසක් !
ස්තුතියි අදහස් දුන්නට !

මධුරංග said...

@Hasitha :
අනිවාර්යෙන්ම... :)

@පිණිබිඳු... :
ඒකත් හරි !

@Pramudi :
ඒක නම් හොයලා බලන්ඩ ඕනා.. ඔය ගැලිලියෝ මැරිච්ච සීන් එකත් හොයලා බලන්නම් !

මධුරංග said...

@ඉන්ද්‍රජිත් :
ඒක හරි මල්ලි !

@රාජ් :
ස්තුතියි ඔය කතාව කියලා දුන්නට..මම නම් ඕක දැනන් හිටියෙම නෑ..

@අකීකරු හිත :
තෑන්ක්ස් නංගි !

මධුරංග said...

@රූ.... :
සත් සමුදුර බ්ලොග් එක ගැන වෙන්ටෑ හරිත් කියලා තියෙන්නේ..
මට ලින්ක් දේ ?

@සරත් ලංකාප්‍රිය :
එක් අතකට ඒ කතාවත් හරි..

@prasanna86k :
තෝමස් අල්වා එඩිසන් ගැන කියවනවා නම් පහන් යායේ සයුරිගේ බ්ලොග් එකට යන්ඩ.. අන්න ලිපි !

මධුරංග said...

@සිරාගේ කාමරේ :
නොදන්න දෙයක් මගේ දැනුමට එකතු කලාට සිරාට ස්තුතියි !

@අනූ :
අපොයි ඔයා මාර බය කෙනෙක් නේ.. :)
ඔහොම බය වෙලා පුලුවනෑ ජීවත් වෙන්ඩ.. හික්ස් :)

@araliya :
ඔයා කියනවනම් කම්මැලි නොවී ඉන්නම්. :)
මගේ පෝස්ට් කියවලා කමෙන්ට් කරනවට ස්තුතියි !

මධුරංග said...

@තරුවා :
අඳින්ඩ අඳින්ඩ !

@ළිහිණි :
මගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා ලිහිණිව !
මාත් ඒ පැත්තේ එන්නම් :)

@පුබුදු :
ඔන්න මල්ලිට විතරයි අහේ තේරුනේ.. :)

මධුරංග said...

@සිඳු :
ඉතින් කඩ්ඩ පෝස්ට් එකක් කියවනකොට මාර කම්මැලිකමක් හිතෙනවා නෙව...
එතකොට ඉතින් මේ වගේ පින්තූර ටිකක් දාලා ශේප් වෙනවා. :)

@පැතුම් [සිතුම් පැතුම්] :
ඒක තමයි මල්ලි..
මේ රිප්ලයි එකට එනකොට කම්මැලි හිතුන එක අපරාදේ කියලා හිතෙනවා.

@සිහිනයක මියැදුණ සිතක් :
මගේ කම්මැලි පෝස්ට් එක බලලා හොද අදහසක් ඉදිරිපත් කරපු එකට මමයි ස්තුති කරන්ඩ ඕනේ..
හොද අදහසක් ඉදිරිපත් කරලා තියෙන්නේ..

මධුරංග said...

@ela kollek :
මම ඒ කතාව බැලුවට තේරුනේ නෑ.. ආයෙම බලන්ඩ ඕනා

@Ocean of Emotions - සිතුවිලි සයුර :
ස්තුතියි සිතුවිලි සයුර !

@දයානන්ද රත්නායක :
පින්තූර දාලා ෂේප් වෙන්ඩ හිතුනා.. කඩ්ඩ පෝස්ට් එක සෑහෙන්ඩ දිගයි..

මධුරංග said...

@Anonymous :
සිංහල ටික පිස්සු කෙලිනවා වගේ..
එහෙනම් පුලුවන් වෙලාවක වෙනස කියන්න.. :)

@Alexander Cage :
මේ අර කලින් හිටපු ක්සැන්දර මහත්තයාම දෑ... නම වෙනස් වෙලා නිසයි අහන්ඩ හිතුනේ.

@ප්‍රදී :
හරි හරි.... :)
වෙලාව තිබ්බොත් ඒ ලිපිය පරිවර්තනය කරලා ලියන්නම් :)
මේ පැත්තේ ගොඩ වැදුනට ස්තුතියි ටෙඩී !

මධුරංග said...

@දඟ මල්ල :
බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි යථා කාලයේදි ඒ ලිපිය ලියන්නම්..
ජය වේවා !

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.