04 August 2012

ජෙරුසලමේ බිඳවැටිම..

මම කලින් ලිපියක කිව්වනේ නෙබුකත්නසාර් කියන්නේ බැබිලෝනියානු එල්ලෙන උයන හදපු කපටි රජෙක් කියලා. ඉතින් මේ රජතුමාට සෑහෙන්ඩ ආසයි තමන්ගේ බැබිලෝනියනු රාජ්‍යය සෑහෙන විශාල රාජ්‍යයක් කරගන්ඩ. ඒ කියන්නේ අහල පහල රාජ්‍යයන් අල්ලගෙන තමන්ගේ බලය ව්‍යාප්ත කරන්ඩ.

 ඔහොම තමන්ගේ බලය ව්‍යාප්ත කරන ගමනෙදි මේ රජතුමාගේ ඊලඟ ඉලක්කය වෙලා තිබ්බේ ජෙරුසලම් රාජ්‍යය !

මේ වෙනකොට ජෙරුසලම් රාජ්‍යය සෑහෙන්ඩ පිරිහිලා තියෙන්නේ. ඒ කියන්නේ දුශ්චරිතවත් සමාජයක් තමයි ඒ කාලේ ජෙරුසලමේ තිබිලා තියෙන්නේ.

ඉතින් මේ රජතුමා ජෙරුසලම යටත් කරගන්ඩ තමන්ගේ නෑදෑ කෙනෙක්ට බාර දෙනවා. මුන්දෑගේ නම ශෙදෙකියා ! එතකොට මේ ශෙදෙකියාට යන්තන් අවුරුදු 21ක් වෙනවා විතරයි.

මුන්දෑ මුලින්ම කරන්නේ ජෙරුසලම් රාජ්‍යය වටේ කඳවුරු බැදගන්න එක ! එතකොට ජෙරුසලම් රාජ්‍යයේ ජනතාවට එලි පහලියට බහින්න බැරි තත්වයක් උදා වෙනවා. මේ නිසාම ජෙරුසලමේ සාගතයක් ඇති වෙනවා. කොටින්ම යුද්ධ කරනවා තියා කඩුවක් උස්ස ගන්ඩ බැරි තරමටම මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ නැති වෙන්ඩම සාගතේ දරුණු වෙනවා.

මේ අල්ල පනල්ලේ නෙබුකත්නසාර් රජතුමා තමන්ගේ සේනාවත් කැටුව ජෙරුසලමට යනවා. ජෙරුසලම ගැන කිව්වොත් ඒක ලොකු පවුරකින් (තාප්පයකින්) වට වෙච්ච රාජ්‍යයක් ! ඉතින් මේ රජතුමා ජෙරුසලම් රාජ්‍යයේ පවුරක දුර්වල තැනකට පහර දීලා ඒක බිඳලා රාජ්‍යයට ඇතුල් වෙනවා !

 ඊට පස්සේ රජතුමාගේ සේනාව අහුවෙන අහුවෙන හැම එකාවම මරා දාලා වස්තුව කොල්ල කනවා. ඊට පස්සේ මුළු සෙරුසලම් රාජ්‍යයම ගිනිබත් කරනවා. ගින්නටයි බැබිලෝනියානු හේවායන්ගේ කඩුවටයි අහු වෙන්නේ නැතුව බේරිච්ච කට්ටිය ජෙරුසලම් රාජ්‍යයෙන් එලියට දුවනවා !

ඒත් මේ අය බැබිලෝනියානු හේවායන්ගෙන් බේරෙන තරම් වාසනාවන්ත වෙන්නේ නෑ.ඒ සේරම මිනිස්සු බැබිලෝනියානු දේශයට අරගෙන යනවා වහල්ලු හැටියට !

ඔන්න ඔය විදිහට තමයි ජෙරුසලම් රාජ්‍යය බිදවැටෙන්නේ... එවකට ජෙරුසලම් වැසියන්ගේ මුදුන් මල්කඩ වෙලා තිබ්බ සලමොන් රජතුමාගේ දේව මන්දිරයත් මේ ගින්නෙන් විනාශ වෙනවා.

ජෙරුසලම් ජනතාව බැබිලෝනියාවේ වහල්කමට ගෙනයන ගමනෙදි මහන්සියට බැබිලෝනියානු ගං තෙරේ වාඩි වෙනවා. මහන්සියෙනුයි බඩගින්නෙනුයි හෙම්බත් වෙලා ඉන්න ජෙරුසලම් ජනතාව බැබිලෝනිය රජතුමාට එක හඬින් සාප කරනවා.

බැබිලොනියාවේ ගං තෙරේ වාඩිවෙච්ච අපිට සියොන් කන්ද සිහි උනා ය.අපි හඬා වැලපුනා ය. අපිට බැබිලෝනියානුවන් පීඩා කලා ය. ජෙරුසලම් රාජ්‍යය අපට අමතක වෙන්නේ නෑ ය. අපට මේ කරපු දේට බැබිලෝනියාවට සාප වේවා ය.  කියලා එක හඬින් මොරගහන්න පටන් ගන්නවා.

අන්තිමේදි ජෙරුසලම් ජනතාව ගොවිතැන් කටයුතු වලටත්, මිදිවතු වල වැඩටත් යොදවනවා. ඊට පස්සේ මෙහෙම වහල්කම් වලින් දුක් විඳින ජනතාව තමන්ව ගලවගන්න දෙවියන් වහන්සේ කවුරුහරි කෙනෙක් ඒවයි කියන බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා.

මෙන්න මේ සිද්ධිය  1970 ගනන් වලදී ආයෙමත් ලෝක ප්‍රජාවට මතක් වෙනවා. ඒ බොනියෙම් (boney M) කියන සංගීත කණ්ඩායම ගායනා කරන 'By the Rivers of Babylon' කියන ගීතයෙන්...

මේ ගීතයේ පද මාලාව මෙතනින් කියවන්න. ගීතය මෙතනින් බා ගන්න.

ප.ලි. - මගේ කලින් ලිපිය කියවපු අපේ මලයා තමයි මේ කතාව මතක් කරලා දුන්නේ. ඊට පස්සේ අන්තර්ජාලයෙනුයි මගේ කොල හැලිච්ච බයිබලයෙනුයි ඉතුරු විස්තර ටික හොයා ගත්තා.

ප.ප.ලි - කලින් පෝස්ට් එකේදි කට්ටිය අහපු ප්‍රශ්න වලට උත්තර ලඟදිම ලියන්නම්.

48 දෙනෙක් අදහස් පලකලා .:

හරී said...

නියමා..යි... ඒ කියන්නෙ මගේ කතාව අගට උඹේ කතාව ඇමිණුවම මුලු ඊශ්‍රායෙල් ඉතිහාසෙම දෙන්න පුළුවන් වෙඩි වගේ...

කෝ කෝ.. කට්ටිය එහෙනම් මගේ කතාවත් කියවන්ඩ..

http://dreamsofharee.blogspot.com/2012/07/1.html

මට මතක හැටියට මිසරයෙන් ආවට පස්සෙ ඊශ්‍රායෙල් වැසියො කන දෙවන පරිප්පුව..

Pramudi said...

ඇත්තටම බලයට තියෙන කෑදර කම නිසා මිනිස්සු කොච්චර තුප්පහි වැඩ කරනවද.. :(

araliya said...

mama samannayen oyawage katha kiyawanna wadiya asane.ayya barawachana noda lassanata,ketiyen liyana nisa mara asawak athi una oya katha kiyawanna.mage batar thaliya ikmanata wada karala wage neda ayya? :D :D lagadima thawa rasa kathawakuth danna hode ayya........a wagema api nodanna dewal gana kiyala denawata godak tanku ayya.....

රොබින් said...

ඉතිහාස කතා හරිම රසවත් ...

අඩවි රජ said...

මාරයි නේද??? :-)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

පුබුදු said...

එල, මගේ ප්‍රශ්නෙට උත්තරේ ඉක්මනට දාන්ඩෝ...

රූ.... said...

මගේ ආසම සින්දුවක්
සින්දුව අහද්දි ගොඩක් වෙලා හිතුවත් ඇයි මෙහෙම කියන්නෙ කියලා අදනේ තොරණෙ විස්තරේ දැනගත්තෙ..

ස්තුතියි මලේ..

තරියා අබේ said...

බොනි එම් ලගෙ සිංදු කෝමත් ඒමනේ..
රස්පුටිං උනත් බලන්ටකෝ..

සයුරි said...

නියමයි. මේ දවස්වල මධූ ලියන ලිපි හරිම වැදගත් වගේම රසවත්

සපතේරු උන්නැහේ said...

මධුරංග මල්ලී...

//ඔන්න ඔය විදිහට තමයි ජෙරුසලම් රාජ්‍යය බිදවැටෙන්නේ... එවකට කතෝලිකයන්ගේ මුදුන් මල්කඩ වෙලා තිබ්බ සලමොන් රජතුමාගේ දේව මන්දිරයත් මේ ගින්නෙන් විනාශ වෙනවා.//

මේ උඩින් තියෙන කියමනේ පොඩි disconnect එකක් තියෙනව...

නෙබුකද්නෙෂර් ජෙරුසෙලම යටත් කර ගත්තෙ..ක්‍රි.පූ 600 ගනන් වල වගේ..., එතකොට රෝමානු කතෝලික ආගම බිහිවෙන්නෙ දළ වශයෙන් ක්‍රි.ව 33 විතර ( අපි සේන්ට් පීටර් පළවෙනි පාප් වහන්සෙ හැටියට ගත්තොත් )...

එහෙමනම් ජේසුස් වහන්සෙ මෙ ලෝකෙ බිහිවෙන්නත් අවුරුදු හයසීයකට විතර එහා කාලෙකදි සොලමන් රජ්ජුරුවො හදපු දේව මාලිගාව කතෝලිකයන්ගෙ දෙයක් හැටියට හඳුන්වන එක කරුණක් වශයෙන් නිවැරදි නෑ...

[ ඉතිහාස විෂය කරුණක් හැටියට පමණක් සලකන්න... කිසිදු ආගමික අදහසකින් පලකරන අදහසක් නොවේ.. ]

අටම්පහුර said...

වටිනා රසවත් ලිපියක්

Kenji. Japan said...

ඒ කාලයේ මා රසවින්ද ගීතයක්. අදනේ විස්තරේ හරියට දැනගත්තේ.ලිපිය ඉතා රසවත්.

මහේෂ් නිශාන්ත said...

නොදත් රසවත් අතීතයක් දැන ගන්නට ලැබුණා , ස්තුතියි

....ජනියා.... said...

කොහොමද අයියේ මේ කතා හම්බුනේ???

මඩිස්සලේ නිශාන් said...

හෆෝයි ඔය කාලේදී මිනිසුන්ට දෙවියන් කෙරෙහි විශ්වාසය නැති වෙන්න මොන තරම් පීඩා ආවද?

sAm (සෑම්) said...

පුංචි සංදියේ සිට අහපු ෂිංදුවක් !

ගැටයා said...

යකඩො ඒක එහෙම සින්දුවක්ද?මං හිතුවේ ලව් එකක් කියලා
By the rivers of Babylon, there we sat down

prasanna86k said...

මං දැනන් වුන්නෙත් නෑ සිංදුවේ ඔච්චර ලොකු ඉතිහාසයක් තියෙනවා කියලා....

ඉන්ද්‍රජිත් said...

හොද විස්තරයක් අයියෙ...

දිනිති දීපිකා said...

මම අහල තිබුණෙ නැහැ මේක කලින්...ස්තුතියි මධුරංග....

දයානන්ද රත්නායක said...

මේ දවස්වල හරීත් ලියනවානේ ඊහ්‍රලය බිහිවුණ හැටි ගැන අපූරු ලිපි පෙලක්. ඒකෙම කොටසක් වගේ කියලා හිතුනා.

බොනී එම් ගැයූ ගීය නම් සුපුරියි. ඒකෙ පුදුම ලස්සනක් තියෙන්නෙ.

සිරාගේ කාමරේ said...

වහල් වැඩට ගෙනගිය මිනිසුන්ගෙන් පැවතගෙන එන වත්මන් පරපුරේ තත්වය කොහොමද ?

තරුරසී said...

අදමයි මේ පැත්තට ආවෙනම්. හරිම වටින ලිපියක්නේ. ජය වේවා. ඉදිරියටම යන්න.

Dinesh said...

බොනියම්ගේ සින්දුව මේක එක්ක සම්බන්දයි කියලා දැන ගත්තේ දැන්..

අසරණයා said...

වැදගත් විස්තර ටිකක්. සින්දුව හැදුනේ මේ සම්බන්ධවද?

හිරුහිමාවී said...

අපූරුයි සහෝ!

මධුරංග said...

@හරී :
කතාවේ අමුණන්න දෙයක් නෑ.. උබ මේක ආයෙම ලියහන්..
ආගමික පැත්තෙන් ලියන්ඩ මේ කතාව..

@Pramudi :
ඒක නම් ඇත්ත තමයි ප්‍රමුදි..

@araliya :
මේ දරුවා බටර් පැක්ටේරියකද දන්නේ නෑ වැඩ කරන්නේ. සෑහෙන්ඩ බටර් ගානවා නෙහ්..

මධුරංග said...

@රොබින් :
වෙලාවකට මේ වගේ කතා එපා වෙනවා.

@අඩවි රජ :
මාරයි නේන්නම්.. :)

@පුබුදු :
අනිවාර්යෙන්ම ලියන්නම් මල්ලි.. !

මධුරංග said...

@රූ.... :
ඇයි වෙනදා තොරනේ පින්තුර ටික විතරද බැළුවේ :)
විස්තර ටිකත් දැන ගත්තා නම් සතුටුයි.. :)

@තරියා අබේ :
මම ඒ සිංදුව අහලා නෑ නෙ. අහලා බලන්ඩ ඕන

@සයුරි :
මේ දවස්වල හිතෙන ඒවා නෙව..
ඔහේ ලියනවා.

මධුරංග said...

@අටම්පහුර :
ස්තුතියි පහුරෝ... :)

@Kenji. Japan :
තෑන්ක්ස් මචං.. මෙහෙම දිරිමත් කිරීම් තියෙනවනම් ගමකට ලිව්වෑකි නේ. :)

@මහේෂ් නිශාන්ත :
කියවලා කමෙන්ට් එකක් දැම්මට තුති... :)

මධුරංග said...

@....ජනියා.... :
අන්තර්ජාලයෙන්ම තමා ඉතින්... සර්ච් කරලා බලන්ඩ..
ආහ්.. ඉන්ඩ. ඉස්සෙල්ලාම තමන් දන්න මාතෘකාවක් හොයලා එකේ හැදුන හැටි, කවුද හැදුවේ වගේ දේවල් හොයන්ඩ..

@මඩිස්සලේ නිශාන් :
ඒක නම් ඇත්ත තමා. මල්ලිලෑ ආගමෙත් විස්තර කරනවා නෙහ් :)

@sAm (සෑම්):
මාත් අහලා තියෙනවා... :)

මධුරංග said...

@prasanna86k :
ලොකු ඉතිහාසයක් තියෙනවා නේන්නම් :)

@ගැටයා :
ලවු සීන් එකක් නෙමේ.
මේක ජෙරුසලම් වැසියන්ගේ දුක් ගැනවිල්ල.

@ඉන්ද්‍රජිත් :
එලකිරි !!! :)

මධුරංග said...

@දිනිති දීපිකා :
කියවලා කමෙන්ට් කලාට ස්තුතියි දිනිති !

@දයානන්ද රත්නායක :
හරී ලියන්නේ ආගමික පැත්තෙන්.. මට හොයන්ඩ ඕනේ ඉතිහාසය මොනවගේද කියලා.

@සිරාගේ කාමරේ :
ඔන්න ඒක නම් මම් දන්නේ නෑ..

මධුරංග said...

@තරුරසී :
මගේ අඩවියට ආපු කෙනෙක්ට මම් යහතින් යන්ඩ දෙන් නෑ.. මාත් එනවා පස්සෙන්ම !
මගේ අඩවියට ගොඩ වැදුනට ස්තුතියි තරුරසි !

@Dinesh :
ඔන්න අද දැනගත්තානේ මේ ගීයේ සම්බන්ධය ! :)

@අසරණයා :
යෙශ්... ඔය සිංදුව එයාලා ටිකක් මොඩිෆයි කරපු එකක්. ඕක එහෙම් පිටින්ම බයිබලයේ තියෙන ගීතයක්... ආහ් නෑ.. ගීතිකාවක් !

මධුරංග said...

@හිරුහිමාවී :
ස්තුතියි හි.හි.
හි.හි. මීන්ස් හිරු හිමාවි !!! :)

හරී said...

@ මධුරංග,

සපතේරු උන්නැහේ කියන එක හරි බං.. රෝමානු කතෝලික ආගම පටන් ගන්නෙ ජේසුගෙ මරණයටත් පස්සෙ..

බයිබලයේ ඔය කතා ඊශ්‍රායෙල්වරුන්ගේ ඉතිහාසය මිසක් කතෝලික ආගම නෙමෙයි.. කැමති නම් ජුදා ආගම කියලා ගන්න පුලුවන්.. ඒත් කොහොමටවත් කතෝලික වෙන්නේ නෑ..

"උබ මේක ආයෙම ලියහන්.." මම ඔච්චර දුර එන්නෙ නැතෝ..

දිනුක said...

සින්දුවක් ඇහුවට ඉතිං වචන ඇහෙන එකක්යෑ.ඔන්න අදනේ තේරුමත් එක්කම ගොඩ දාගත්තේ.එළ ඈ

මධුරංග said...

@හරී :
මම් හිතන් හිටියේ දෙවියන් වහන්සේ ඉන්නේ කතෝලික ආගම කියලා. මලා හුටා... !!!
එහෙනම් එතනට ජුදා ආගම කියලා දාන්නම්..
කොහොමහරි සපතේරු අයියා රෝමානු කතෝලික ආගම ගැන කියලා තියෙන දේවල් හරි !

දැක්කනේ මගේ කතෝලික ආගම ගැන තියෙන දැනුම.. අපේ අම්මා කතෝලික වෙච්ච නිසා හොදයි. :)

@දිනුක :
ඔන්න ඒකනේ...
මාත් අපේ මලයා කියනකන් කතාව හෙවුවේ නෑ..

මධුරංග said...

@සපතේරු උන්නැහේ :
ඔයාගේ කතාවත් හරි... ඔන්න මම් කතාව අප්ඩේට් කලා.
අප්ඩේට් කලා කිව්වේ,
කතෝලිකයන් = ජෙරුසලම් වැසියන්
කලා... හික්ස් :)

මෙහෙමයි සලමොන් රජතුමා හදපු දේව මාලිගාව පූජනීය වෙන්නේ මෝසෙස් තුමාට දානය කරපු දස පනත ලියවෙච්ච ගල්ලෑලි දෙක තියෙන්නේ ඒ මන්දිරයේ..

අන්න ඒ සිද්ධිය නිසයි මේ දෙව මන්දිරය ජෙරුසලම් වැසියන්ට පූජනීය වෙන්නේ..

බයිබලයෙන් ගත්ත කෑල්ලක් නිසයි මම් කතෝලික කියලා ලිව්වේ..
කතාවේ අනිත් තැන් නම් ටක්කෙටම හරි කියලා සහතික වෙන්ඩ පුලුවන් !

පැතුම් [සිතුම් පැතුම්] said...

ඔය සින්දුවට ආස වුනාට තේරුමක් හරියට දැනගෙන හිටියේ නෑ මං නම් අද වෙනකම්.

malmi said...

මම නම් ඉතින් කතෝලික ආගම ගැන එහෙමට කියලා දෙයක් දන්නේ නැහැ. ඒත් ඔයා ලියලා තියෙන විදියට කියවන්න ආස හිතෙනවා. තවත් දන්න දේ ලියන්න

Hasitha said...

ෆොටෝ කෑලි දෙක තුනකුත් එකතු කළා නම්.......

සපතේරු උන්නැහේ said...

මොකක් හරි දේක නිවැරදි කරගන්න පුලුවන් තැනක් පෙන්නුවහම ගහන්ඩ එන බ්ලොග් අවකාසෙ මල්ලි වගේ යමක් පෙන්නල දුන්නම ඒක බාරගන්න අයත් ඉන්න එක සතුටක්...

දැන් ඔන්න තව පුංචි කාරණයක් මතක් කරල දෙන්නයි හදන්නෙ...

Rivers of Babylon කියන ගීතය 1970දි මුලින්ම රචනා කරල ගායනා කලේ The Melodians කියන සංගීත කණ්ඩායම... Boney M කණ්ඩායම මේකෙ කොපිය ගායනා කරන්න ගත්තෙ 1978දි..

මේක අහල බලන්නකො...

සරත් ලංකාප්‍රිය said...

ලොකු ඉතිහාස කතාවක් එක හුස්මට කියවන්න පුළුවන් විදිහට ලියලා. මරු.. ඔය සින්දුවටත් මම කැමතියි..

සිතුවිලි දැහැන said...

අදමයි මේ කතාව දැනගත්තේ..නියමයි අයියේ හුගක් වටින පෝස්ට් එකක්....

නිසුපා said...

මටනම් හිතුනා අග හරියට එනකොට මේ සින්දුව ගැන තමා කියලා ඇත්තෙ කියලා.ඒත් හරියටම විස්තරයක් දැනගෙන හිටියෙ නෑ.ස්තූතියි.

Hasitha said...

@ සපතේරු උන්නැහේ

ඒ කතාවයි තව කතා ටිකකුයි මෙතන ඇති :)

සංගීතයෙන් ලොව දිනූ කල්ලන්

නදී said...

මමත් ඒ සින්දුවට ආසයි.නියම කතා සෙට් එක මල්ලි.

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.