09 August 2012

ඇතෑන්ස්

කලින් ලිපියෙදි සියුස් දෙවියන්ගේ හිස දෙබෑ කරගෙන ඇතීනා දෙවඟන ඉපදුන කතාව කිව්වා මතක ඇති නේ. ඔන්න මේ දෙවඟන ටිකෙන් ටික තරුණ වියට එලඹෙනවා. මේ කාලෙදි පොසයිඩන් කියන මුහුදු වලට දෙවියයි ඇතීනයි  අතර අමුතු තරඟයක් ඇති වෙනවා.

ඒ තමයි තමන්ගේ නමින් නගරයකට නමක් දාන්න. !

කවුරුත් ආසයි නෙව තමන්ගේ නමින් නගරයක් තියෙනවා නම්.ඉතින් මේ පොසයිඩනුයි ඇතීනයි දෙන්නම කරට කර තරඟ කරනවා තමන්ගේ නමින් නගරය නම් කරගන්ඩ. ඉතින් මේ දෙන්නා අතර තියෙන තරඟය ගොඩක් උනුසුම් වෙනවා. කොටින්ම දේව සභාවෙත් මේ ගැන කතා වෙනවා.

අන්තිමේදි දෙවිවරු ඒක මතිකව තීරණය කරනවා මේ දෙන්නගෙන් කාට හරි දිනුම දීලා ඒ කෙනාගේ නමින් මේ නගරය නම් කරන්ඩ.

ඉතින් මේ දෙන්නටම කියනවා මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක් නිර්මාණය කරන්ඩ කියලා. මිනිස්සුන්ට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන දේ නිර්මාණය කරන කෙනාගේ නමින් නගරය නම් වේවි කියලා දෙවිවරු තීරණය කරනවා.

 දෙන්නම අභියෝගය බාර ගන්නවා !

මුලින්ම අහියෝගයට මුහුණ දෙන්නේ පොසයිඩන්. මෙයා තමන්ගේ  ත්‍රිශූලය පර්වතයක හිර කරලා එතනින් ජල ධාරවක් නිකුත් වෙන්ඩ සලස්වනවා. මිනිස්සු මේ ජල ධාරාව දැකලා සෑහෙන්ඩ සතුටු වෙනවා. ඒගොල්ලෝ වතුර ටිකක් අරගෙන බොන්න හදනවා. ඒත් බොන්න බෑ ලුණු රසයි... පොසයිඩන් කියන්නේ මුහුදු වලට අධිපති දෙවියා නිසා මුහුදු වතුර තමයි එවලා තියෙන්නේ.ඉතින් මිනිස්සුන්ට මේ නිර්මාණය එපා වෙනවා.

පොසයිඩන්


ඊට පස්සේ ඇතීනගේ වාරේ.එයා තමන්ගේ යෂ්ටිය බිම හිටවලා එතනින් ඔලිව් ගහක් හටගන්න සලස්වනවා. ඔලිව් ගහ දැකපු මිනිස්සු ගොඩක් සතුටු වෙනවා.මිනිස්සු මේ ඔලිවු ගහෙන් එක එක කෑම ජාති හදා ගන්නවා, දර, තෙල් වගේ දේවල් ලබා ගන්නවා.
 ඇතීනා

ඉතින් මේ දෙන්නගේ නිර්මාණ වලින් මිනිස්සුන්ට වඩාත්ම ප්‍රයෝජනවත් වෙන්නේ ඇතීනගේ නිර්මාණය නිසා මේ නගරය ඇතෑන්ස් කියලා නම් කරනවා. අදටත් ග්‍රීසයේ අගනුවර වෙලා තියෙන්නේ මේ ඇතෑන්ස් නගරයම තමා !

පහුකාලීනව මේ ඇතෑන්ස් නගරයේ ඇතීනා දෙවඟනටම වෙන් වෙච්ච දේවාලයක් හැදෙනවා. ඒක තමයි පාතිනන් දේවාලය කියන්නේ. !

49 comments:

  1. හොඳ කතාවක් කොලුවෝ.. බෝම ස්තුතියි!

    හැබෑටම පොසයිඩන් මොකද කෝකාකෝලා ටින් එකක් එල්ලගෙන ඉන්නෙ?

    ReplyDelete
  2. කොහොමද .. අද මම එකනේ...,
    ඔය කතාව නම් ටිකක් පුරුදුයි වගේ...

    ReplyDelete
  3. ග්‍රීසියට ඔලිව් ගහත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙන්නේ ඒකයි එහෙනම්. අර සීසර් ලොක්කා ඔලුවේ දාගෙන ඉන්න ඔටුන්න හදල තියෙන්නෙත් ඔලිව් කොළ වලින් නේද?

    2004 ඇතන්ස් නගරයේ තිබුණු ඔලිම්පික් සමාරම්භක උත්සවය බලන්නකෝ. එයාලා මේ කතා ගොඩක් නිරුපනය කරනවා.

    ReplyDelete
  4. ඇතීනත් වැඩකාරී එහෙනං ඈ...

    ReplyDelete
  5. මේ අයියේ අර මුල්ම පින්තූරේ කොකාකෝලා ටින් එකකුත් තියෙනවනේ...

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඇතැන්ස් වල ආරම්භය දැන ගත්තේ අදයි!

    අයියා දාපු මුල් පින්තුරෙ මරු. සමුද්‍ර දූෂණය ගැන කියවෙන එකක් නේද?

    ReplyDelete
  8. මේ දේවකතාවලට පාදක උන මනුස්ස කතා ඇති..

    ReplyDelete
  9. පොසයිඩන් දෙයියෙක් වුණාට මොළේ පොඩ්ඩක්වත් තිබිලා නෑ වගේ!

    ReplyDelete
  10. මං අහලා තියෙන විදියට ලස්සනම දෙවඟනත් ඇතීනලු....

    ReplyDelete
  11. කිව්වත් වගේ මූට කොකා කෝල එකෙන් ගෙවන්න ඇති මේ ඇඩ් එකට :))

    ReplyDelete
  12. බලන්නකෝ ගහක් හිටවන එකේ වාසිය..
    මාත් කොහේ හරි තැනක ගහක් හිටවලා බලන්න ඕනෑ....:)

    ReplyDelete
  13. අඩේ දැන් කියන්නෙම ඇතීනා ගැනමයි.හැබැයි ලස්සන කතා මේවා.මං හරි ආසයි. :)

    ReplyDelete
  14. ම්ම්ම්.. ඔන්න ඔහොමයි වුනේ එහෙනම්..

    ReplyDelete
  15. කොකාකෝල මැව්වෙත් පොසයිඩන්ද? :)

    ReplyDelete
  16. ලස්සන විස්තරයක් අදමයි ඇහුවෙ.. ඇතීනා සෙල්ලම් නෑ වගෙයි...

    ReplyDelete
  17. hmm......me kathawath lassanai ayya......ah.....a kale cocacolath tibila thiyenawada ayya.......?? :D:D

    ReplyDelete
  18. ඇතීනා අදහන්න වටිනවනේ අප්පා..

    ReplyDelete
  19. මෙන්න මේ වගේ කතා නියමයි හලෝ....ස්තුතියි හ්ම්ම්,,

    ReplyDelete
  20. නියමයි මධුරංග අයියේ. නියමයි. ඒ කතා කියවනකොට මාරම ගති .

    ReplyDelete
  21. එතකොට අර කොකා කෝලා ටින් එකත් එයාගෙම වැඩක්ද හැබෑට????

    ReplyDelete
  22. ගෑනු කෙනෙක් කලොත් කරන්නේ නුවණ තියන වැඩක් අනේ හී හී....

    ReplyDelete
  23. ඔන්න බලන්න...කොතනත් දිනන්නෙ ගැහැණිය. පිරිමින්ට මොලේ නෑ

    ReplyDelete
  24. ප්‍රොසේඩන්ට පොඩ්ඩක් කොහොමත් මොළේ අවුලක් තියෙනවා නේද? මිනිහනේ අර ඔඩිසියස්ව මරන්න සෑහෙන කට්ටක් කෑවෙ.

    ReplyDelete
  25. ඇතීනා දිනුම්.. අන්න බලන්න තැනේ හැටියට ඇණේ ගැහුවා... නම දාගත්තා

    ReplyDelete
  26. ඇතීනා තමා ඇතීනා

    ReplyDelete
  27. හොඳ විස්තරයක් සහෝ

    ReplyDelete
  28. ගොඩාක් ලස්සන කතාවක්.

    ReplyDelete
  29. ගිහින් බලන්න හිතෙනවා..

    ReplyDelete
  30. @හරී :
    සමුද්‍ර දූෂණය මචං !!
    ඒකයි ඔය කෝලා ටින් එක තියෙන්නේ.

    @....ජනියා.... :
    මල්ලි එහෙනම් කලින් අහලා ඇති මේ කතාව !

    @සයුරි :
    අක්කා කියනවා නම් බලන්ඩ ඕනේ..

    ReplyDelete
  31. @තරියා අබේ :
    එහෙනං එහෙනං !
    වැඩකාරි නේන්නම්...

    @Dinesh :
    හික්ස් :)
    මොනා කරන්න ද සමුද්‍ර දූෂණය හන්දා...

    @විසිතුරු :
    ඒක නේන්නම් මල්ලි.
    මම් ඕක මුලින් නම් දැක්කේ නෑ. දැන් එහෙමවත් කියන්ඩෝන...

    ReplyDelete
  32. @සරත් ලංකාප්‍රිය :
    එහෙම ඇති අයියා. නැත්නම් කොහොමෙයි නගරෙකට නමක් දාන්නේ..

    @ලහිරු :
    අපරාදේ.. එහෙම තිබ්බා නම් පොසිඩෝනියාව කියලා නම් කරන්ඩ තිබ්බා.

    @prasanna86k :
    ඒකනේ මමත් පිස්සු වැටිලා ඉන්නේ.. :)

    ReplyDelete
  33. @sAm (සෑම්) :
    ගෙවනවා නෙමෙයි මචං මට නඩු දායි. සමුද්‍ර දූෂණය වෙන්නේ කොකාකෝලා නිසා කියලා

    @රූ.... :
    අනිවාර්යෙන්ම...
    ගහක් හදන්න.
    පොතක් ලියන්ඩ
    පුතෙක් හදන්ඩ.. (දැනටමත් පුතෙක් ඉන්නවද මන්දා)

    @ඉන්ද්‍රජිත් :
    තැන්කු මලයා !!!

    ReplyDelete
  34. @නිසුපා :
    අපේ අක්කා ආස නම් මම් කතා නැවක් හරි කියන්නම්.. අපේ අක්කනේ ඉතින්.. හික්ස් ;)

    @Red Riding Hood :
    එහෙම නේන්නම් රතු නංගි !!!

    @රාජ් :
    හ්ම්ම්... වැදගත් ප්‍රශ්නයක්... :)

    ReplyDelete
  35. @සිරාගේ කාමරේ :
    සෙල්ලම් නෑ නේන්නම්. දෙවඟනක් නේ !

    @araliya :
    ඔයාටත් මාර ප්‍රශ්න නේ තියෙන්නේ අරලියා !
    හික්ස් :) තියෙන්න ඇති නේ.. නැත්නම් කොහොමද ත්‍රිශූලේ කොකාකෝලා එකක් ඇමිණෙන්නේ... :)

    @Pramudi :
    අදහන්ඩ වටිනවා නේන්නම්.. :)

    ReplyDelete
  36. @හිරුහිමාවී :
    අපෝ දිගටම ලියන්ඩ නම් බැරි වෙයි...

    @පැතුම් [සිතුම් පැතුම්] :
    තව කතා දෙක තුනක් ලියවෙයි.. ඊට පස්සේ නම් කතා ලියවෙන්නේ නැතුව යයි !

    @malmi :
    ඒක නම් මුහුදු ගියපු එකෙක් බීලා දාපු එකක් !!!

    ReplyDelete
  37. @තරුවා :
    තෑන්ක්ස් .. :)

    @Podi Kumarihami :
    අපෝ ඒ ගැන නම් කවර කතා ද... :)

    @සිඳු :
    මේගොල්ලෝ මෙතන කාන්තා විමුක්තිය ගැන සටන් කරන්ඩ වගේ යන්නේ... :)

    ReplyDelete
  38. @දිනුක :
    අන්න ඒක නම් හොයන්ඩ වටිනවා මල්ලි. මම නම් ඒ ගැන දන්නේ නෑ..

    @දයානන්ද රත්නායක :
    බලාගෙන ගියහම තැනේ හැටියට ඇනේ ගහන අය කොහෙත් දිනනවා නේන්නම්... :)

    @මඩිස්සලේ නිශාන් :
    අනිවාර්යෙන්ම... :)

    ReplyDelete
  39. @෴නිමිල හිරණ්‍ය෴ :
    ඒක නම් එහෙම තමා.
    සාදරයෙන් පිලිගන්නවා මගේ අඩවියට !!

    @පුබුදු :
    ස්තුතියි මල්ලි !!!

    @අසරණයා :
    ස්තුතියි අසරණයා අයියා !! :)

    ReplyDelete
  40. @Roshan Herath :
    ඔන්න යනවා නම් මාත් එනවා.. :)

    ReplyDelete
  41. මේ ග්‍රීක දෙව කතාවල් මට හරිම ප්‍රෙහ්ලිකාවක්. ඒව හරි අමුතුයි විතරක් නෙවෙයි මතකයෙ හිටින්නෙත් නෑ

    ReplyDelete
  42. ලස්සන කතාව.. මම හරි ආසයි මේ වගේ කතා අහන්න.. :)

    ReplyDelete
  43. ඉතිහාස කතා නේ.මාත් ආසයි මේවා කියවන්න.ඊටත් වැඩිය ආසයි මේවා යොදා ගෙන හදපු ‍ෆිල්ම් බලන්න.

    ReplyDelete
  44. Thanks fοr your peгѕonаl marvelοus рosting!
    I quite enjoуed reading іt, yоu're a great author. I will ensure that I bookmark your blog and definitely will come back in the future. I want to encourage continue your great work, have a nice evening!
    My homepage :: Terry Sawyer

    ReplyDelete
  45. Thanks , I have just bеen looking for іnfo аbout this subjеct for ages and
    уouгs іs the greatеst I hаѵе came upon till now.

    However, what in regards tο the bоttom line?

    Are уou pοsіtive сοnсerning the suρplу?
    Check out my weblog ; terry sawyer

    ReplyDelete
  46. Hello there, just becаme alert to your blog thrοugh Google, and fоund that іt is truly informаtive.
    I am going to watch οut foг brussels. I wіll
    be gratеful if you continue this in future.
    Many people will be benefitеd from your ωriting.

    Cheers!
    My page Terry Sawyer

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.