අපි මලාම කොහේටද යන්නේ ? පින් කරපු හැමෝම මැරුනම දිව්‍ය ලෝකයේ යනවද ? පවු කරපු හැමෝම මැරුනම අපායේ යනවද ?
කෙනෙක් ජීවත් වෙලා ඉන්නැද්දි ගොඩක් පින් කරලා තිබුනට මැරුනට පස්සේ ඒ කෙනා නරක තැනක ආයෙම උපදින්නත්, කෙනෙක් ජීවත් වෙලා ඉන්නැද්දි ගොඩක් පවු කරලා තිබුනත් මලාට පස්සේ හොද තැනක උපදින්නත් ඒ කෙනා මැරෙන මොහොතේ හිතේ උපදින සිතුවිලි සමුදාය බලපානවා !
අපි කොච්චර පින් කලත් සමහර විට මැරෙන මොහොතේ හිතේ ඇතිවෙන සිතුවිලි වලින් නරක තැනක උපදින්නත් ඉඩ කඩ තියෙනවා !
එහෙම නම් පින් කරලා වැඩක් තියේ යෑ !!!!
නෑ... නරක තැනක ඉපදුනත් පින් කරලා තියෙනවා නම් දුකක් නැතුව සැප විඳින්න ඉඩකඩ තියෙනවා. මැරෙන මොහොතේ හිතේ ඉපදෙන සිතුවිල්ල හන්දා ඊලඟ ආත්මේ සත්ව ආත්මයක ඉපදුනත් පින් කරලා තියේ නම් සැප විඳින්න පුලුවන් !
ඒ නිසා කොච්චර පින් කලත් මැරෙන මොහොතේ හිතේ සිතුවිල්ල යහපත්ව තියාගන්න එක වටිනවා !
සියළු දෙනාට තෙරුවන් සරණයි !
-------------------------------------------------------------------
ප.ලි. - මහා කම්ම විභංග සූත්‍ර දේශනාවේ තිබ්බ මේ කරුණු ටික ලංකාවේ වෙලාවෙන් අද හවස 6ට බෞද්ධයා ගුවන් විදුලියේ විකාශනය වෙච්ච ධර්ම දේශනයකින් අහන්න ලැබුනා.
ප.ප.ලි.- කොළඹින් FM 104.5MHz, කන්ද උඩරටින් FM 95.5MHz, රුහුණෙන් FM 99.0 MHz, යන සංඛ්‍යාත වලින් බෞද්ධයා ගුවන් විදුලිය සුසර කරගන්න පුලුවන්.
ප.ප.ලි.- මහා කම්ම විභංග සූත්‍රය ත්‍රිපිටකයෙන් කියවන්න මෙතන ක්ලික් කරන්න.
//මැරෙන මොහොතේ හිතේ ඉපදෙන සිතුවිල්ල හන්දා ඊලඟ ආත්මේ සත්ව ආත්මයක ඉපදුනත් පින් කරලා තියේ නම් සැප විඳින්න පුලුවන් //
ReplyDeleteමේක හරි...ඇමරිකාවේ ඉන්න බල්ලෝ එහෙම අපිට වඩා පින් කරලා තියනවා...
තව ටිකක් වැඩියෙන් ලිව්ව නම් මොකද වෙන්නෙ මේක... තව කරුණු ටිකක් එකතු කරලා එහෙම...
ReplyDeleteසාදු සාදු සාදු......අපිටනං බයවෙන්න දෙයක් නෑ ඕං.
ReplyDeleteඅපිව දැනුවත් කලාට පින්.
ReplyDeleteවටින ධර්ම කරුණු ටිකක්..... මම තව ටිකක් එකතු කරන්නද? ඒ වගේම බුදුරජාණන් වහන්සේ/තිසරණය කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් කවදාවත් අසිහියෙන් මැරෙන්නෙ නෑ, ඒ කියන්නේ ශ්‍රද්ධානුසාරී/ධම්මානුසාරී අය !
ReplyDeleteනින්දෙදි මැරෙන එක හොඳයි...එහෙම නැත්නම් ක්ෂණයකින් .....එතකොට මොනවා හිතෙනවද කියලා දන්නේ නෑනෙ!
ReplyDeleteආ...අයියත් දැන් හොද දැහැමි වෙලානෙ..:)
ReplyDeleteහරියට හරි මධුරංග,
ReplyDeleteඅපේ සිතුවිලි තියෙන්නෙ දම්වැලක පුරුක් ආකාරයෙන්, යමෙක් ජීවිත කාලය තුළදී කරන හොඳ ක්‍රියා සේම නරකත් මරනාසන්න මොහොතේ බලපානවා. මරනාසන්න මොහොහොතේ සිතේ උපන් සිතුවිල්ල තමයා ඊළඟ භවයට ගෙයන්නේ.
මයමෙක් මියයන මොහොතේ ඔහුගේ සිත කයෙන් වෙනවා අපි මනෝකාය කියන්නේ ඒකටයි. සමහර වෙලාවට ඒ මනෝකාය ශරීරයෙන් ඉවත්වෙලා සතියක් පමණ යනතුරු.මියගිය පුද්ගලයාගේ ඉහළින් බඹ 03 විතර දුරින් තියනවා. ඊට පස්සේ තමයි මනෝකාය විශ්වයට ඇදිල යන්නේ.
ආයෙමත් ආත්මයක අර මියයන මොහොතේ ඇතිවූ සිතුවිලි සමග නැවත ජීවි ආත්මයක පිළිසිඳගැනීමක් සිදුවෙනවා.
මේක තමයි සංසාර චක්‍රය.
මේක දිගමාතෘකාවක් ගැඹුරින් සාකච්ඡා කළයුතුයි.
ඔයා කොහෙද යන්න ඉන්නේ.....????
ReplyDeleteඅනේ මන්දා මලේ..මොනවා කියන්නද?
ReplyDeleteතැන්කූ විස්තර බෙදාගත්තට..
මැරෙන එකත් පණ යන වැඩක්! කතන්දරකාරයා ගේ සෑබෑ අත්දැකීමක් ඇසුරෙනි - Near death experience of Kathandarakaraya
ReplyDeletehttp://kathandara.blogspot.com.au/2011/05/near-death-experience-of.html
"මැරෙන මොහොතේ හිතේ ඉපදෙන සිතුවිල්ල හන්දා ඊලඟ ආත්මේ සත්ව ආත්මයක ඉපදුනත් පින් කරලා තියේ නම් සැප විඳින්න පුලුවන්"
ReplyDeleteඇත්ත මෙහේ ගෙවල් වල ඉන්න සත්තු දැක්කම හිතෙනවා අපි මොක්කුද කියලා..ඔය කියන විදිහට අපි ජිවත් වෙද්දි පව් කරලා මැරෙන මොහොතේ යහපත් සිතුවිල්ලක මැරුණ අය..
මේ අයියෙ... හොඳ සිතුවිලි ටිකක් හිතේ තියන් මැරෙන්නම්..මැරෙන වෙලාව දැන ගන්න විදියක් කියන්නකො ප්ලීස්...!!..:):)
ReplyDeleteipod එක කනේ ගහගෙන ඉන්න ඕනේ බණ පදයක් අහගෙන මැරෙන මොහොතේ.....
ReplyDeleteසාධුකාරයක් දෙන්ට වටින පෝස්ට් ඒකක්. මැරෙන්ට ලංවෙලා ඉන්න සමහර ලෙඩ්ඩු ලඟට හාමුදුරුවරු ගෙන්නලා බණ කියන්නෙත්, පිරිත් කියවන්නෙත් මේ හන්දා වෙන්ටැති.
ReplyDeleteකොහෙ යනවද දන්නේ නෑ, ආදරය කරන අය දාලා, යන්නේ තනියෙන් නේද කියලා හිතන කොට ටිකක් මොකක්ද, මොකක්ද වගේ.
මැරෙනව කියන්නෙත් එසේ මෙසේ ලේසි වැඩක් නෙවේ වගේ නෙද? අර බුකියෙ තියෙන ඇප්ලිකේශන් එකකින්වත් මැරෙන වෙලාව බලාගන්න ඔනෙ
ReplyDeleteඇත්ත අයියේ, ඒත් අපි නොදැනුවත්වම ගොඩක් පවු රැස් කරගන්නව නේද මේ ඉන්න ටික කාලේ..
ReplyDeleteඅපි සූටි පැටවු කාලේ දහම්පාසලේ දී ඕක ගැන සෑහෙන්ට කියලා දුන්නා මතකයි..... හනේ... මැරෙන වෙලාවේ මොනවා හිතෙයිද මංදා...
ReplyDeleteමොකෝ මේ එකපාරටම පිනක් දහමක් කරගන්න හිතුනේ :ඩි
ReplyDeleteදැන් කොච්චර පින් කලත් මැරෙන මොහොතෙ පව් සිතුවිල්ලක් පහල උනොත් නරක තැනකද උපදින්නෙ ....
ReplyDeleteඒ වගේම කොච්චර පව් කලත් මැරෙන මොහොතෙදි පින් අතේ සිතුවිල්ලක් පහල උනොත් හොඳ තැනකද උපදින්නෙ ....
ටිකක් විතර ගැටළු සහගතයි .....
හදිසියෙ අපායෙ යන්න වුනොත් ප්‍රයෝජනේට ගන්න මෙන්න පොඩි ටිප් එකක්
ReplyDeleteA man in Hell asked Devil:
Can I make a call to my Wife?
After making call he asked how much to pay.
Devil : Nothing, Hell to hell is Free.
මැරුණම ඔක්කොම ගණුදෙනු ක්ලෝස් වෙන්නෙ නෑනෙ. ඒක තමයි සවුත්තුම වැඩේ.
ReplyDelete@සයුරි :
ReplyDeleteඊලඟ ආත්මේ මනුස්සයෙක් වෙලා ඉපදෙන්න බැරි නම් ඇමරිකාවේ බල්ලෙක්වත් වෙලා ඉපදෙන්න ඕනා. හික්ස් :)
"මනුස්සයෙක් වීමට පින් < ඇමරිකා බල්ලෙක් වීමට පින්"
ද දන්නේ නෑ....
@prasanna86k :
තව ලියන්න නම් කරුණු තියෙනවා. මේක පැයක ධර්ම දේශනයක් නේ !
ඒ උනාට ගොඩක් ලියලා කට්ටිය කියෙව්වේ නැත්නම්....
@පැණි දොඩම් :
ඒ මොකෑ බය වෙන්න දෙයක් නැත්තේ ?
මාත් මුරෙන වෙලාවට එලම් එකක්වත් තියන්න ඕනි.. :(
ReplyDelete@කිරිපුතා :
ReplyDeleteමම් ලියපු ධර්ම කාරණා කියෙව්වට ස්තුතියි කිරිපුතේ !
@ලහිරු :
ඒ නිසා පින් කරපු කෙනෙක් කවදාවත් මැරෙන වෙලාවට හිතේ නරක සිතුවිල්ලකින් මැරෙන්නේ නෑ කියන එක ඒකෙන්ම තීරණය වෙනවා.
@Anonymous :
බැරි වෙලාවකවත් මිනි මරන හීනයක් එහෙම දැක්කොත් !!
@හිතුවක්කාරි :
ReplyDeleteඅපි කෝමත් දැහැමින් සෙමින් ජීවත් වෙන අය හරි ය. :)
@දයානන්ද රත්නායක :
ගොඩක් ස්තුතියි වටිනා කාරණා කමෙන්ට් එකකින් එකතු කලාට. වෙලාවක් ලැබුන හැටියක ඔය දේවල් ලියන්න පුලුවන් නම් ගොඩක් වටීවි. පොඩි උත්සහයක් දාලා බලන්න !
@Shani :
මම් කොහේ යන්නද !!! මම් මේ වැඩ ඇරිලා ගෙදර එන ගමන් ! හික්ස් :)
ට්‍රයි කරන්නම් හැම වෙලේම හොද සිතුවිලි ඇති කරගන්න.
ReplyDelete@රූ....:
ReplyDeleteධර්ම කාරණා බෙදාගත්ත තරමට ඒවායෑ ආනිසංස වැඩියි !
@කතන්දර Kathandara :
කතන්දර අයියා මැරෙන්න ගිය හැටිත් බලලා එන්නම්.
@Dinesh :
ඒකත් ඇත්ත නේන්නම් බොලේ !
සාමහර සත්තු, මිනිස්සුන්ට වඩා පින් කරලා තියෙනවා කියලා වෙලාවකට මටත් හිතිලා තියෙනවා !
@වින්චැට්කිරිල්ලි.:
ReplyDeleteමාත් හොයලා හම්බ උනොත් කියන්නම්. මටත් තාම හම්බ උනේ නෑ.
@ඔබ නොදුටු ලොවක් :
තාක්ෂණේට මැරෙන්න යන්නේ. හික්ස් :)
@Praveena Palipana :
ඔයට කියන්ඩ මම් ඔය බණ දේශනය අහලා තව ටිකෙන් බස් එකේදි සාදු සාදු සා...දු කියනවා. ඒ තරමට ලස්සන බණ පදයක් අක්කේ.
@කනියා :
ReplyDeleteඔය වගේ ඇප් එකකින් මම් මැරෙන දිනය දැනගත්තා. මම් මැරෙන්නේ 2046 අප්‍රේල් 21 !!!!
මගේ මලගමට එන්ඩ ඈ.... ඕං කලින්ම ආරාධන කලා !!!
@ප්‍රාර්ථනා :
ඒක හරි නංගි. ජීවත් වෙලා ඉන්නකල් පින් කරනවට වඩා පවු රැස් කරගන්න වෙලා තියෙන්නේ.
@බීටා :
මොනාහරි හොද දෙයක් හිතලා මැරෙන්ඩ මල්ලි ! එතකොට හොද තැනක ඉපදෙයි !
@වර්ණා :
ReplyDeleteමෙච්චර කල් පවු කලා ඇති ය කියලා හිතුනා.
@පන්සල් හංදිය :
ඕං ඔය ප්‍රශ්නේ මටත් බණ අහන ගමන් තිබ්බා....
ඒ ප්‍රශ්නෙට හාමුදුරුවෝ උදාහරණ ටිකක් දුන්නා.
1. ධර්මාශෝක රජතුමා ඉන්න කල් පින් ම කරලා මැරෙන මොහොතේ ඇති වෙච්ච තරහවක් නිසා මහ වනයක පිඹුරෙක් වෙලා උපන්නා.
2. කෝසල මල්ලිකා දේවය ජීවත් වෙලා ඉන්න කන් පින්ම කලාට මැරෙන්න ගිය මොහොතේ ඇති වෙච්ච සිතුවිල්ලක් නිසා නරක තැනක ඉපදුනා ලු.
ඔය වගේ උදාහරණ 4ක් කිව්වා. මට ඉතුරු ටික මතක නෑ නෙව.
මම් අයියා කියපු කාරණාව තව දුරටත් හොයලා බලන්නම්.
@Observer :
මම් එනකොට මාමත් ඉදීවි නෙහ්. එතකොට මට අමතක උනොත් මාමගෙන් අහගන්ඩ බැරුව යෑ. හික්ස් :)
@``` Outsider``` :
ReplyDeleteඊලඟ ආත්මෙටත් ඕවා ඇදෙන එක නේ වැඩේ.
@~~තරූගේ ලෝකය~~; :
ඇයි මැරෙන වෙලාවට ඇහැරෙන්ඩ ද ?
මැරෙන්න කලින් අතහරින්න පුරැදු වෙන්න, නැත්තම් මැරෙන වෙලාවෙ දාලා යන්න බැරිව තන්හාවෙන් තමයි මැරෙන්න වෙන්නෙ.එතකොට පෙරේත ආත්ම වල තමා උපදින්නෙ.
ReplyDeleteදැන්නෙ ලිපිය දැක්කෙ..
ReplyDeleteඕක හරිම අසාධාරණයි..අවුරුද්ද පුරාම යහපත් කල්ක්‍රියාවෙන් ජීවත් වෙච්ච මනුස්සයෙක්ට ක්ෂණිකව ඇතිවෙන සිතුවිල්ලකින් නරක තැනක් ඉපදීම වගේම අනික් පැත්තත්..
නහින දෙහින කාලේ එනකල් නොහිට මේව අහන එක හොදා..
ReplyDeleteමොකදු මධුරංග කොලුවෝ බූට් එකක්ද ?
හොන්දටත් නරකටත් දෙකටම සිතය.. චුතිය හා චුති ප්‍රතිසන්ධියේදී ඇතිවන සිත මගින් ඉරණම තිරණය කරනවා. ඒ වුනත් කර්මය එතනින් එහාට වගකීම බාර අරන් වැඩ කරනවා. ඒ හින්දනේ කොච්චර සල්ලිය බාගේ තියන තැනක ඉපදුනත් සමහරු අංග විකල. සමහරු දුප්පත් වුනත් පස්සේ ගොඩක් සල්ලිය බාගේ ලැබිල හොඳ ජීවිත ගෙවන්නේ.
ReplyDeleteසයුරි අක්කගේ කමෙන්ට් එක තම කමෙන්ට් එක.ටික ටික ධර්මය අනුව වැඩකරන්න ඕනේ.කොයිවෙලාවේද දන්නේ නැහැ නේ.
ReplyDeleteචේතනාවම තමයි ඔන්න කර්මය වෙන්නේ !
ReplyDeleteඅනේ වාසනාවන්!
ReplyDeleteහ්ම්ම් ජීවත් වෙල ඉන්න ටිකේ හොදින් හිටිය නම් මැරෙන වෙලාවෙ කියල බය වෙන දෙයක් නෑ.ඉන්න ටිකේ හොදින් ඉන්න.කොයිවෙලේ මැරෙයිද කියල කවුද දන්නෙ.
ReplyDeleteචුති සිත, අන්තරාභවය, පුනර්භවය, ගන්ධබ්බ, මනෝකාය, කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නැති මාතෘකා.. පුළුවන් නම් ඒවා ගැන තව තවත් හොයල දාන්න.
ReplyDelete..කුමකටද කුසලට කම්මැලි වන්නේ ...කිව්වේ නිකන්ද . වයසට ගියහම බණ අහනවට වඩා තරුණ කාලේ අහන ඒක හොඳයි . මොකද වැරදි වෙන්න ඉඩකඩ වැඩි තරුණ කාලෙනේ .
ReplyDeleteඅපිට දහම් පාසලේදි ඕක විස්තර කරලා දුන්නා....අභිධර්ම පිටකයේ සඳහන් වෙන විදියට චුති චිත්තය තමා පුනර්භවයට වැදගත් වෙන්නේ....අපි කරපු කුසල අකුසල කර්ම විපාක දුන්නත් අවාසන මොහොතේ සිතේ ඇතිවන චිත්තය අනුව තමා ඊළඟ භවය රඳා පවතින්නේ....ගොඩක් හොඳයි අයියා මේක සඳහන් කරපු එක...අපේ ගොඩක් බෞද්ධයෝ පිං කරාට ඔය කතාව දන්නෑ.... :)
ReplyDeleteමැරෙන මොහෙතේ උපන් සිතුවිල්ලක් නිසා දිව්‍ය ලෝකෙ ගිය කෙනෙක් නේද "මට්ට කුණ්ඩලී" කියන්නේත්. ඒත් අර උඩ අහලා තියෙන විදියට නිදාගෙන ඉද්දි මැරුණොත් මොකද වෙන්නේ?
ReplyDeleteඅනික ඉතින් මෙහෙම වෙන්නෙත් කර්මය නිසාම වෙන්න තියෙන ඉඩත් වැඩියි නේද? අර කියන්නේ චේතනාව තමා කර්මයට මුල කියලත්.. ඉතින් අයපත් සිතුවිල්ලක් ඇති වුනොත් ඒකට ප්‍රතිඵලය කර්මානුරූපී වෙන් නැද්ද.?
අනේ මන්දා.. මම නම් නින්දෙදිවත් මැරියන්...
මගේ සිතිවිල්ල නම් නැවත ඉපදෙන්න එපා කියලා....
ReplyDeleteපරක්කු වුණා අයියා.. විභාගේ
@සොඳුරු මිනිසා :
ReplyDeleteහරියට හරි. ඕනවට වඩා ඕන දෙයක් ගැන ආස වෙන්න හොද නෑ.
@හරී :
ඒ උනාට ඉපදෙන්න විතරයි ඕක බලපාන්නේ. එහෙම ඉපදුනත් හොඳට ජීවත් වෙන්න කරපු අනිත් පින් ටික ඕන කරනවා.
@sAm (සෑම්) :
හොද ප්‍රශ්නයක් ! බූට් එකක් කෑවම විතරද දහම මතක් වෙන්නේ ?
මට නම් බූට් එකක් කන්ඩ කලින් කෙල්ලෙක්ව හොයාගන්න එපැයි. ඊට පස්සේ තමා බූට් එක කන්න වෙන්නේ.
@ක්සැන්ඩර් | Xander :
ReplyDeleteහරියට හරි !
සිත තමයි හැමදේකටම මුල් වෙන්නේ.
@අසරණයා :
ඒක තමා. දැන්ම හිටන් පටන් ගම්මු !
@ChammA :
හ්ම් හ්ම්
@විසිතුරු :
ReplyDeleteසාදු සාදු සාදු කියන්ඩ !!!
@න දී :
ඒක නම් හරි මැරෙන වෙලාව කවුරුවත් දන්නේ නෑ. ඔන්න මම නම් දන්නවා මම් මැරෙන්නේ 2046 අප්‍රේල් 21 !!!
මම් ඇප් එකකින් හොයාගත්තේ මැරෙන දවස !!!!
@පැතුම් [සිතුම් පැතුම්] :
විස්තර ලැබුනොත් හොයලා දාන්නම් :)
@Bindi :
ReplyDeleteඒකනේ අපි දැන්ම හිටන්ම බණ අහන්නේ :)
@මකුළුවා.....:
ඒකනේ මල්ලි. පින් කරාට මේ දේවලුත් දැනගෙන ඉන්න ඕනා.
@නාකියා :
මැරියන් මැරියන් කියන්නේ නැතුව ජීවත් වෙන්ඩ උත්සහ කරහන් මලේ. දෙමවුපියන්ට සලකන්න එපැයි. මට නම් අම්මයි අප්පච්චියි මැරෙනකන් ජීවත් උනොත් හොදටෝම ඇති !!!
@ජනියා :
ReplyDeleteපරක්කු වෙලා හරි කියවන්ඩ පුලුවන් උනා නම් ඒ හොදටෝම ඇති !!