01 February 2012
මම ආසම මේල් දෙකක් !
මේ දවස්වල එක එක වැඩබිම් වලට යන නිසා වැඩ ඇරිලා ගෙදර එනකොට සෑහෙන්න රෑ වෙනවා. ඒ ආපුවාමත් මහන්සියට වැටිච්ච වැටිච්ච තැන් වල නින්ද යනවා. මේ හින්දම රීඩර් එකේ තියෙන බ්ලොග් ටිකවත් කියවගන්න වෙලාවක් නෑ. මොනා කරන්නද රස්සාවේ හැටි තමා !
වැඩබිම් වලට යන එකෙන් කොම්පීතරයක් ලඟ කොටු වෙලා ඉන්න වෙලාව සෑහන්න අඩු වෙනවා.එක අතකට ඒක සෑහෙන්න වාසියක් ! නැත්නම් දවස තිස්සෙම කොම්පීතරේ දිහා බලන් ඉදලා හවස් වෙද්දි ඉබේටම වගේ හිසේරදයත් හැදෙනවා. දැන් නම් ඒ අවුලත් නෑ. :)
වැඩ කරන අතරතුරේ අහම්බෙන් වගේ මට මේල් එකවුන්ට් එකට ලොග් වෙන්න ලැබුනා. ඒකේ මම ආස කරපු මේල් දෙකක් තිබ්බා.
මෙන්න පළවෙනි මේල් එක !
ආදර්ශය - මිනිස්සුන්ව බාහිර ස්වරූපයෙන් කිසි විටකත් මනින්න එපා !
ඒ මේල් එකේ ඔච්චරමයි තිබ්බේ.
දෙවෙනි මේල් එකේ තිබ්බේ ශ්‍රි ලංකාඅණ්ඩුවේ නිදහස් දිනය නිමිත්තෙන් සිකුරාදා දවසත් නබිනායක උපන්දිනය නිසා සඳුදා දවසත් නිවාඩු ය කියලා. මේ අවුරුද්දේ ගොඩක් නිවඩු වැටිලා තියෙන්නේ සෙනසුරාදා ඉරිදා දවස්වල නිසා මේ වගේ මේල් එකක් දකින්නත් ආසයි !
සංකල්පනා RSS සබැඳිය :
Post Comments (Atom)
අම්මෝ මමත් බලන් ඉන්නේ කවදා නිවාඩු දවසක් එයිද කියලා :D
ReplyDeleteඇත්තම කියනවනම් මලේ ඔය දෙවනි මේල් එක මගෙත් ආසම එකක්..හික්ස්..
ReplyDeleteහිකිස්....පට්ට මේල් එක...
ReplyDeleteකැරට් ගැන නම් කතා කරන්නත් බයයි වගේ... මේ වගේ ප්‍රසිද්ද මාධ්‍යයක...
ReplyDeleteශා.. නිවාඩු වලට මාත් අඅසයි හෆ්ෆා...:D
ReplyDeleteකැලැන්‍ඩරේ හදපු එකාට හෙන ගහන්ට ඕනේ.. ;)
ReplyDeleteඋඩ ෆොටෝ එකෙන් මට හිතුනේ අපි වවමු අල බහිමු වගේ දෙයක් !
ReplyDeleteඑල එල ..
ReplyDeleteඅපිට ඔය නිවාඩුව ලැබෙන්නේ නෑ අප්පා . අපිට හතර වෙනිදත් වැඩ .
ඇත්ත තමා මිනිසුන්ගෙ පිටින් දකින දේ ඇතුලතින් නැහැ....
ReplyDeleteනිවාඩුමනෙ හොයන්නෙ ;)
ReplyDeleteදෙවැනි මේල් එක තමයි හොඳම මේල් එක..හි හි
ReplyDeleteමෙහේ කැලැන්ඩර් වල රතු නිවාඩුවක් දකිනවා කියන්නේ හාවා හද දකිනවා වගේ තමයි...
ReplyDeleteපළවෙනි මේල් එකේ හොද ආදර්ෂයක් තියෙනවා..
නිවාඩු ගැන කියන කොට තමා ලංකාවෙ අගේ තේරෙන්නෙ. මම නං දවස් හතෙන් ආසම දවස තමා සිකුරාදා. ඒ පහුවදා සෙනසුරාදා නිසා.
ReplyDeleteමම මේ ලඟකදි සුපර් මාකට් එකක දැක්ක කලු පාට කැරට්..ඔය දැක්කමයි එහෙම කැරට් ජාතියක්....
ReplyDeleteනිවාඩුවක් ගැනනම් ඉතින් දකින්නත් ආසයි.ලංකාවේ නිවාඩු මෙහෙට වලංගු නැහැ නේ.
ReplyDeleteමම නං සතියට දවස් දෙකහමාරක් නිවාඩු.....
ReplyDeleteපලවෙනි මේල් එක නම් ලස්සනයි. හොඳ පණිවිඩයක් දෙනවා. දෙවෙනි මේල් එකෙන් ගන්ට පුලුවන්දේ මොකක්ද? :D:D:D
ReplyDeleteඅලේ නිවාඩූ... ඒත් මම ගෙදරමනේ ගොඩක් වෙලාවට ඉන්නෙ ඒක හින්දා මටනම් එච්චර අවුලක් නෑ
ReplyDeleteදෙවනි මේලයට තමයි මාත් මණාප!
ReplyDeleteඋඹ දැන් කරන්නෙ සොෆ්ට්වෙයා ඩිවලොප්මන්ට්ද නැත්තං සිවිල් ද?
ReplyDeleteමමනම් මේ දෙකටම මනාපයි . අපිටත් සඳුදා නිවාඩු දුන්නා .
ReplyDeleteඇත්තටම ස්කොලේ යන අයටයි, ජොබ් කරන අයටයි නිවාඩුව නම් කොච්චර වැදගත් ද නේද?
ReplyDeleteදෙවෙනි මේල් එක අදාල වෙන්නෙ වෙළඳ නිවාඩු තියෙන උන්ට විතරද? නැත්තං පබ්ලික් හොලිඩේ කට්ටියටත් අදාලදෝ..
ReplyDeleteඔය පින්තුර වගේ තමයි මිනිස්සුත්.. ලොකුවට පෙනෙන්න සරු සාරෙට ඉන්න මිනිස්සුන්ගේ පොලොව යට මොකුත් නැහැ.. සාමාන්‍ය විදිහට ඉන්න හුඟක් මිනිස්සුන්ගේ ගන්න තියෙන හරය හරි ඉහලයි..
ReplyDeleteමම අයිති ඔය හා වර්ග දෙකෙන් එකකටවත් නෙමේ. මොකද ලොකු ගහකුත් නෑ, ලොකු අලයකුත් නෑ. එලොවටත් නෑ මෙලොවටත් නෑ වගේ.
ReplyDeleteලංකාවේ ඉන්නකොට නිවාඩු හොයා හොයා දිව්වට දැන්නම් නිවාඩුවක් කියන්නේ කල්පෙකට එකක්. මෙහෙ අවුරුද්දෙම නිවාඩු දවස් 10 තියෙන්නේ. දවස් 3 ක් රාමදාන් 3 ක් ඊද් නිවාඩු විදියට ආයේ 1 දවසක් දෙනවා නිදහස් දවසට. අමතරින් නිවාඩු එන්නෙම නෑ .මොකෝ පෝය කියල නිවාඩු යෑ? ඒ උනත් දැන් ඉතින් ඒ සිස්ටම් එකට හුරු වෙලා. දැන් ලංකාවට ආවත් වැඩිය ගානක් නැතිවෙයි මම හිතන්නේ.
ReplyDeleteසිරාවටම අපිට ඔය නිවාඩුව ඔහොම නෙමේනේ තියෙන්නේ... තුන හාෆ් ඩේ.. 10 ෆුල් ඩේ..
ReplyDeleteඒක තමා මමත් බැලුවේ මොකද අයියා දකින්න නැත්තේ කියලා
කැරට් ගැන මිසක් වම්බොටු ගැන මුකුත් කියල නෑ නේද ?
ReplyDeleteපට්ට අයිඩියා එකක්.... එලනේ අයියේ.
ReplyDeleteමට නම් හැමදාම නිවාඩු ඒත් තවටික දවසකින්........හ්ම්ම්ම් මතක වෙද්දීත් ඇඩෙනවා.
ReplyDeleteපින්තුරේ නම් ලස්...සනයි !!!
ReplyDeleteඅප්පේ මං මෙහෙ ට ගොඩ වැදුණේ හෙන දිග කතාවක් අහන්න හිතාගෙන. මගෙ අනුමානය නිකන්ම වතුරේ ගියා, පෝස්ට් එකේ දිග දැක්කම... :D :D :D
ReplyDeleteමේ මේල් දෙක ම ගොඩක් වැදගත් තමයි. පළවෙන් මේල් එකෙන් හොඳ ආදර්ශයක් දෙනවා. දෙවෙනි මේල් එකෙන් හිත ට සැහැල්ලුවක් දෙනවා.......
~~~**දඟ මල්ල**~~~
අනේ අපිටත් අර දෙවෙනි මේල් එක එනවානම්...:'(
ReplyDeleteක්සැන්ඩර් සහෝ කීවා වගේ ලංකාවේ ඉන්නකොට තරම් මෙහෙ නිවාඩු නෑ. මටත් අවුරුද්දටම නිවාඩු තියෙන්නේ දවස් 11යි. ඇඬෙනවා අප්පා......
ReplyDeleteකැරට් අලේ කථාව නම් මරු! කථාවක් නැතුව ම උනත් හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරනවා ෆොටෝ එක විතරක්! ඵල!
ReplyDeleteකැරට් පොටෝ එක නම් හොඳය... ඒ කතාවත් අත්ත...
ReplyDeleteඑතකොට ඔය සඳුදා නිවාඩුය කියන එක ඇත්තද...?
@වර්ණා :
ReplyDeleteඒකනේ. වැඩ කරා අපිනේ දන්නේ නිවාඩු දවසක අගේ !!
@රූ.... :
අක්කලාට නිවාඩු නැද්ද ?
@~~තරූගේ ලෝකය~~; :
පට්ටයිද කියලත් අහනවා !!!
@වර්ණා :
ReplyDeleteඒකනේ. වැඩ කරා අපිනේ දන්නේ නිවාඩු දවසක අගේ !!
@රූ.... :
අක්කලාට නිවාඩු නැද්ද ?
@~~තරූගේ ලෝකය~~; :
පට්ටයිද කියලත් අහනවා !!!
@නදුන් උයන :
ReplyDeleteඑහෙනම් කතා නොකර ඉමු අයියා. කතා කරලා අපට කේස් වැටෙයිද මන්දා.
@හිතුවක්කාරි :
නිවාඩු වලට කවුදෑ ආස නැත්තේ.
@sAm (සෑම්) :
හත්තිලවුවේ !!! ඒකා මැරිලද දන්නේ නෑ
@හිස් අහස :
ReplyDeleteමොනා කරන්නද මල්ලි ! දුක තමයි !
@දිනිති දීපිකා :
මගේ බ්ලොග් අඩවියට දිනිතිව සාදරයෙන් පිලිගනිමි !!!
@සාතන් :
දුන්නොත් යක්කුත් එපා කියයි නේ ! හික්ස් :)
@සයුරි :
ReplyDeleteඅන්න හරි !
අක්කට හොදට තේරිලා තියෙනවා. :)
@Dinesh :
ඒ කියන්නේ ලංකාව නිවාඩු අතින් පොහොසත් කියලා කියන එකනේ. සතුටුයි සතුටුයි !
@nihal gurusinghe :
අම්මෝ නිහාල් අයියව දැක්ක කල් !
@වින්චැට්කිරිල්ලි. :
ReplyDeleteකැරට් බාස්කට් එකට කළුතෙල් ටින් එකක් හැලිලද දන්නේ නෑ. :)
ඔච්චර දැක්ක එකේ අපටත් පේන්ඩ ෆොටෝ කෑල්ලක් දැම්මා නම් නරකයි !
@අසරණයා :
අසරණයා ඉන්නෙත් රටින් පිට ද ?
@ඔබ නොදුටු ලොවක් :
අන්න මරු ! නිවාඩු තියෙන රටක් ! ඒ කොහෙද ?
@Podi Kumarihami:
ReplyDeleteහැමදේම ආදර්ශ හොයන්ඩ යන්න එපා අක්කා.
@අපේ කනියා :
මාත් කාලයක් ගෙදර හිටියා. ඒ කාලේ නම් පට්ට !
@රාජ් :
අන්න හරි ! මෙන්න රටක් වටින මිනිස්සු !
@පැණි දොඩම් :
ReplyDeleteමම සොෆ්ට්වෙයාර් කොරන්නේ නෑ. නෙට්වර්කින් තමා කරන්නේ. ඒ නිසා ක්ලයන්ට් සයිට් යනවා !
@Gimhani :
අක්කගේ කමෙන්ට් එකක් දකින්නත් ආසයි.
මේ ටිකේ බිසී වෙන්ටෑ.
@Ice (අයේෂා කුලතුංග) :
ඉස්කෝලේ යනකාලේ එපා උනාට ඒ කාලේ තමා ජීවිතයේ ෆන් කාලේ !
@පිණිබිඳු... :
ReplyDeleteඔහෙලටත් අදාලයි ඉංජිනේරු නෝනේ ! :)
@සරත් ලංකාප්‍රිය :
අන්න හරි අයියා. ඒක තමයි මේ සිත්තරෙන් දීලා තියෙන ආදර්ශේ.
@දූපත් වැසියා :
මොකක් හරි එක ගොඩකට පනිමු !
@ක්සැන්ඩර් | Xander :
ReplyDeleteමම් හිතන් උන්නේ ඔය පැතිවලට සිකුරාදා නිවාඩු ය කියලා.
@දේවා ගේ අඩවිය :
ඒ කියන්නේ බැංකුත් නිවාඩු කියන එකනේ.
ඔන්න පිණිබිඳු. ඔහේලටාත් නිවාඩු ලැබෙයි !
@Observer :
බටු කිව්වම මට එක එක කතා මතක් උනා. මාමටත් කතා මතක් උනාද ?
@ජනියාගේ සයිබර් ලෝකය. :
ReplyDeleteඔක්කොම ක්‍රෙඩිට් එක යන්නේ සිත්තරේ ඇඳපු එකාට !
@නිකමා :
එතකොට තමා නිවාඩු වල අගේ තේරෙන්නේ :)
@Shani :
ඔය ඇත්ත්...තමද !!!
@මහි :
ReplyDeleteදිග පෝස්ට් ලියලා ඔහෙලගේ කාලේ කන්නේ මොකෑ. :)
@නිසුපා :
අක්කලාට සඳුදත් නිවාඩු නැද්ද ?
@ගොඩයා :
බලාගෙන ගියහම අපට තමා සෑහෙන්න නිවාඩු තියෙන්නේ.
@ලහිරු :
ReplyDeleteඇයි නිවාඩු වලට ඔච්චරම අකමැති ?? :)
@බීටා :
නැතුව නැතුව !!!
සඳුදත් නිවාඩු ය !
දෙවැනි මේල් එක වගේ ඒවා තමයි ගොඩක්ම වටින්නේ නේද?
ReplyDeleteමදුරංග අයියේ මේ ඔක්කොම පොස්ට් විවෙකයක් ආපු ගමන් කියවල කමෙන්ට් කරන්නම් ටක්කෙටම...
ReplyDeleteමහින්ද මාමටත් මොකෝ අත දිග ඇරලා නිවාඩු දෙනවා.අපිත් ආසයි තමයි.ඒත් ඉතිං කොහොම මෙහෙම ආශ්චර්යට යයිද මන්දා.
ReplyDelete