තෝරගන්න මාදිලි රැසකින්ම
දවසක් වැඩ ඇරිලා ගෙදෙට්ට ගොඩ වෙච්ච හැටියෙම අපේ අප්පච්චිගේ අතේ ඔය බැට් එකක් තියෙනවා දැක්කා.
"අද මාත් නාරාහේන්පිට පැත්තේ ඔයවගේ බැට් විකුණන මනුස්සයෙක් දැක්කා !!!" කියලා පිත්තේ කම්බි දැල තියෙන පැත්ත ඇල්ලුවා !!!
අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු. "චටස් " ගාලා කරන්ට් පාරක් වැදුනා. ඒ බැට් එකෙන් මදුරුවෝ මැරෙන්නේ උඩ තියෙන කම්බි දැලට එන කරන්ට් එකෙන්.ඒ කරන්ට් එක දෙන්නේ පිත්තේ තියෙන බැටරියෙන් !
මේ කරන්ට් පාර කොච්චර සැරද කියලා කියනවා නම් මගේ ඇඟිලි වල කම්බි දැල අහුවෙච්ච අහුවෙච්ච තැන් ටිකේ දිය පොක්කලම් (දිය පට්ට) ආවා. අපේ අප්පච්චි ඒ වෙලාවෙමලු බැටරිය චාර්ජ් කරගෙන ආවේ. අපේ අතට ඔහොම සැර නම් මදුරුවන්ට කොහොම ඇත්ද !
මදුරුවෙක් දැලට අහු උනොත් ඒකා මැරෙනකොටත් "චටස් " ගාලා සද්දයක් එනවා. එතකොට දැනගන්ඩ පුලුවන් මදුරුවෙක් අහු උනාය කියලා. මේ බැටරිය, කරන්ට් එකට ගහලා චාර්ජ් කරන්න පුලුවන් ජාතියේ එකක් !
මේ ටිකේ අපේ අප්පච්චියි මලයගෙයි වැඩේම ඔය පිත්ත වන වනා ඉන්න එක ! අපේ මලයා නම් මං නිදාගෙන ඉන්නකොටත් ඇඟට උඩින් ඔය පිත්ත අල්ලනවා. මූ කොහාට්ට අල්ලයිද කියලා බයේ බෑ !!!
-----------------------------------------------------
ප.ලි. -ලඟ ලඟම එන ආදරවන්තයින්ගේ දිනයට තම තමන්ගේ ආදරවන්තයාට දෙන්න තෑග්ගක් තීරණය කරලා නැත්නම් මෙන්න දිය යුතුම තෑග්ග !!!
(තමන්ගේ ගෑල්ලමයා මදුරු ගෑනු සතෙක් වගේ කුනු කුනු ගානකොට 'චටස් ! චටස් !' ගාලා පිත්තෙක් දෙකක් දෙන්න බැරුව යෑ !)
මමත් දැකලා තියෙනවා ඒත් මෙහෙම කරන්ට් තියෙනවා කියලා ඇහුවේ දැන් හි හි මම හිතුවේ අර පිඟානක තෙල් ගාලා අල්ලනවා වගේ කේස් එකක් ඇත්තේ කියලා....
ReplyDeleteකලින් මධුවා මීයෝ මැරුව මට මතකයි.. දැන් කරන්ට් අල්ලන්න ලැස්තිය..
ReplyDeleteමගේ වැලන්ටයින් කතාව හෙට රාත්තිරියේ.. :)
ඕක නියමයි
ReplyDeleteඑකම අවුල ගොඩක් කල් පාවිච්චි කරන්න බැරි එක
බැට්‍රිය හරි ඉක්මනට සවුත්තු වෙනවා
මල්ලි මේක බලන්න...
ReplyDeletehttp://www.freetheflash.com/games/mosquito.php
මාත් මීගමු පාරේ ඕවා තියන් ඉන්න මිනිස්සුන්ව දැකලා තියෙනවා.ඒත් අදයි දන්නේ ඔහොම සීන් එකක් කියලා.මාත් හිතන් හිටියේ බැඩ්මින්ටන් කියලා :D
ReplyDeleteඉබේ වැනෙන එකක් වගේ තිබ්බානම් මරු! නැත්තම් ඕක වන වනා ඉන්න එපැයි! චීන්නුන්ගේ වැඩක් මම හිතන්නේ!
ReplyDeleteඔන්න මල්ලි මමත් හුඟ කාලෙකින් මේ පැත්තේ ආව. මදුරු බැට් එක ගැන නොදන්නා අය ඉන්නවා කියල අහන්නත් පුදුමයි. ඔය පාර තොටේ හැමතැනම තියෙන දෙයක් නේ. මම නං තාම ඕක පාවිච්චි කරල නැහැ. කොහොම උනත් චිටිස් චිටිස් සද්දෙන් කරන්ට් වැදිලා මදුරුවන්ව රෝස් වෙනකොට මධුරංග මල්ලිට දුකක් හිතෙන්නේ නැද්ද ?
ReplyDeleteමදුරාවා නම් සාටර් සතා තමා ඒ උනාට ඔහොම මරණ එක නම් පව්..
ReplyDeleteඅයියා 138 ඔවා ඔන තරම් තිනවා....
ReplyDeleteපලි කෑල්ලෙන් නම් කියවෙන්නෙ ඔටුවෙකුගේ සැබෑ ඉරිසියාව..
ReplyDeleteබලමු බලමු මධුරංග මල්ලිට වැලන්ටයින් එන්නෙ කවද්ද කියලා..
පොල්තෙල් ඩිංගිත්තක් පිඟානක ගාලා වැනුවනම් ඒත් හරි...
ReplyDelete@නිකමා :උන් ගාව ශටල්කොක් තිබ්බෙ නැද්ද? :P
ඕවා වැලන්ටයින් එකට දෙන එක බයානකයි අයියේ......
ReplyDeleteමේක ඇවිත් දැන් අවුරුදු 4ක් විතර
ReplyDeleteවිදින මුදුරුවා මැරුවට නම් කමක්නෑ කියමුකෝ..
ReplyDeleteඒත අහක යන උන්ට වැනුවාම උනුත් මැරෙනවා.
එතකොට නම් ටිකක් පවු වගේ.
පවු වැඩ...!!!
ReplyDeleteඅයිටත් ඕවා ටික ඇරන් වැලන්ටයින් දවසට ගේ ඉස්සරහා තියන්....
ReplyDeleteකෑගැහිල්ල නවත්තන්න මෙන්න බඩු.... මෙන්න බඩු කිය කිය... විකුණන්න.... :)
මම හිතුවේ නෑ ඒකෙ කරන්ට් එක ඇති කියල...මං හිතුවේ ගම් වර්ගයක් ගාලා ඇති කියලා..
ReplyDeleteඉස්සර තැටියකට පොල්තෙල් ටිකක් ගාල කරපු වැඩේනෙ ඉතිං නේද?...
ReplyDeleteඔය සාතන් ළමයා කියලා තියෙන්නේ හැබෑව. එකම කොරමේ.තාක්‍ෂණය වෙනස්.
ReplyDeleteමාත් දැක්ක ඕක මීට අවුරුදු 4 කට කලින් ලංකාවෙ,හැබැයි මම දැක්ක එක එයාල පාවිච්චි කලේ මැස්සො අල්ලන්න....මම නම් ආස නැහැ අර ඒකට සත්තු අහු වෙනකොට එන සද්දෙට..අනික පිච්චෙන ගඳකුත් එනවා..ඊඊක්ක්ක්.
ReplyDeleteවෙලාවට ලංකාවෙ නොහිටපු නිසා ඔය බැට් දකින්නෙ නැහැ....
ReplyDeleteඅනේ දෙයියනේ, මෙයා ගැණු ළමයට තෑගි දෙන්න හිතාගෙන ඉන්නෙ මෙයින් එකක්ද?
ReplyDeleteඅපේ තාත්තත් අන්න ගෙනත් තිබ්බා
ReplyDeleteවැඩේ පවුකාරයි තමා.. ඒත් ඒක හරිම ප්‍රයෝජනවත් ඩෙංගු එහෙම බහුල මේ කාලෙ... අපේ ගෙදරත් ඕක තියෙනවා.. මදුරුවො විතරක් නෙවෙයි, මැස්සො එහෙමත් හිටිගමන් අහුවෙනවා.. අම්මෝ උන් පිච්චෙනකොට එන ගද !
ReplyDeleteපව් අෆ්ෆා...මදුරුවෝ......
ReplyDelete//(තමන්ගේ ගෑල්ලමයා මදුරු ගෑනු සතෙක් වගේ කුනු කුනු ගානකොට 'චටස් ! චටස් !' ගාලා පිත්තෙක් දෙකක් දෙන්න බැරුව යෑ !)//
ReplyDeleteමේ වචන පේලීයේ ආනුභාවයෙන් බොට කෙල්ලෙක්නං බැල්ම දාන්නෙ නෑ මේ කපේට. හා බලහංකො බොරුද කියල. අත්වැරැද්ද වහගන්න ඕනෙනං පළතුරුවට්ටියක් මල් මාලයක් එහෙම ලෑස්තිකරං මට කියනු ය !
ප.ලි : ඇයි මලේ ඔය ගැජමැටික් එක විකුනන අය නටනටා නෙ පාර අයිනෙ ඉන්නෙ.
හිකිස්ස්... මරු තෑග්ග...හැබැයි භයානකයි..අර දිනේෂ් අයියා කිව්වා වගේ.. මොකද ඕකෙන් අහිතකර ප්‍රතීඵල ලැබෙන්න පුළූවන්..;)
ReplyDeleteඅත්දැකීම් ඇති ඈයෝන්ගෙන් උපදෙස් ලැබුනේ..;)
ඔයිට වඩා ලොකු ඒවා හෝටල් වල තියල තියනව මම් දැකල තියනව.අර ටියුබ්ලයිට් එකක් වගේ පත්තු වෙන්නෙ,සුදු පාට ලයිට් එකකුත් තියනව ඒකේ.
ReplyDeleteනියම තෑග්ග. මාත් ගන්න ඕන එකක් නෝනට දෙන්න ;-)
ReplyDeleteදැන් කෙල්ලො ඕව වැලන්ටයින් එකට දීල මධුරංග අයියට තමා කොල්ලොන්ගෙන් ගුටි කන වෙන්නෙ....15 කොහේ හරි හැංඟිලා ඉන්න....:D
ReplyDeleteඅපේ පාරෙ එක ගෙදරකත් තිබ්බ මම දැක්ක... ඒ ගෙදර චූටි බබාට මදුරුවෝ කන්න එනකොට එළවන්න ගෙනත් තියෙන්නේ. හැබැයි දැන් ටිකක් කල්....
ReplyDeleteඕක මචන් තදින් ඇල්ලුවාම කරන්ට් එක වදින්නෙ නෑ.මට මතකයි ස්කෝලෙ යන කාලෙ ඒක කරල බැලුවා.අපි ඔය ලාවට ඇල්ලුවාම තමා වදින්නෙ.
ReplyDeleteමාත් 2-3ක්ම ගත්තා හරි ඉක්මනට සවුත්තු වෙනවා.. දැන් නම් මදුරු දඟර තමයි..
ReplyDeleteහපෝ.. ඕකට අහු වුනාම මදුරුවෝ චිටි චිටි ගාලා පුපුරනවා.. පව් වෑඩේ..
ReplyDeleteඕක ටිකක් පරණ ගැජට් එකක්. මට මතකයි දැනට අවුරුදු 3 කට විතර කලින් MC එක හරියේ ඕව තිබ්බා විකුනන්න. කට්ටිය අතේ තියාගන කෑගැහුවේ මොස්කිටෝ පටාස් කියා කියා.
ReplyDeleteඅපේ ගෙදරත් ඕකක් තිබුනා :)
ReplyDeleteදඩ දඩ කියලා බිත්ති වලටම ගහලා එක කැඩුනා..
ඇයි මදුරුවෝ බිත්තියේ වැහුවම තමයි ගහන්නේ ඒකෙන දඩාස් ගාලා
හ්ම්...අපේ පැත්තෙ වැඩිය මදුරුවො නෑ, ඒ හින්දද කොහෙද ඕක විකුනන්නෙ මැස්සො මරණ රැකට් එකක් කියල.
ReplyDeleteකජු ලෙලි ටිකක් අඟුරු කබලක දාලා තිබ්බා නම් හතර මායිමේ එකක් මදුරුවෙක් එන්නේ නෑ .. ඔන්න කෙල්ලොන්ට දෙනවානම් තෑගි කෙලින්ම කජි ලෙලි ටිකක් දුන්නා නම් වැඩේ හරි
ReplyDeleteවියලි පොල්ලෙලි ගිනිතියන ගමන පරණ රබර් සෙරප්පු කැල්ලක් ඒ ගිනිගොඩට දැම්මොත් දවස් 4 මදුරෝවෙක් තියා වවුලේක්වත් එන්නේ නැහැ.
ReplyDeleteමට අපි හිටපු ගංගොඩවිල වනාතපාරේ බෝඩිම මතක් උනා ඒක අතක් වනුවාම මදුරුවෝ හය හත් දෙනෙක් අහුවෙනවා. ඒ කාලේ බැටුත් නෑ කොයිලුත් නෑ අපේ ඇඟවල්වල උන්ට බොන්න කියල ලෙයකුත් තිබ්බේ නෑනේ..
ReplyDeleteඒකෙ දැල් දෙකක් හරි තුනක් හරි තියනවා බං. ඒ දැල් දෙකක වැදුනොත් තමයි මැරෙන්නේ. අපේ බෝඩිමටත් එකෙක් උස්සගෙන ආව. මදුරුවෝ හොය හොය ගිහින් ෂොට් එක දෙන්නේ ඒ දවස් වල. මම නම් ප්‍රාණඝාතයෙන් තොර නිසා මම කරන්නේ මැරිච්ච උන් අල්ලලා අරක මැදට දානවා.:) අපි ඕක චාජ් කරලා කෙසෙල් ලෙල්ලකින් ක්‍රිකට් ගැහුවා දවසක්.:) ඒක ආතල් වැඩේ චට පට ගාල වදිනකොට. ඕක ගෙනාපු එකාගේ තාත්තා ඕක ගෙදරට ගෙනාපු දවසේ පාර දිගටත් මදුරුවෝ මර මර ගියාලු.:D
ReplyDeleteමම දැක්ක cricket world cup එකේ announcer කෙනෙක් ඕකකින් චටස් චටස් ගාල මැස්සො මරනව!!
ReplyDeleteහික්...පාර අයිනෙ ඉඳන් ලස්සන අයියලා බැඩ්මින්ටන් ගහන්න ඒවා විකුණනවා කියලා කට්ටිය කීවා
ReplyDeleteහි ..හී ඔය වැඩේම මටත් දවසක් වුනා. මම අපේ නැන්දලගෙ ගෙදර ගිය දවසක එහෙ ඔයින් එකක් තිබුනා.මමත් ගොනා සේ ඕක ඇල්ලුවා.මාව යාර ගානක් පිටි පස්සට විසි වුනා.අපි මදුරුවො චටාස් ගාල ගහල මරනවානම් තම දුටු තැන.ඒත් ඒකට අහුවෙලා චිරිස් ගාලා උන් මැරේන් විදිය දැක්කම මටනම් දුක හිතුනා
ReplyDelete