28 February 2012

උපාධියත් කල් ගියා.

අනධ්‍යන සේවක වැඩ වර්ජනය නිසා මාර්තු මාසේ පළවෙනිදට තියෙන්න තිබ්බ අපේ උපාධි ප්‍රධානෝත්සවය දින නියමයක් නැතුව කල් ගියා. මදැයි ඉදලා ඉදලා උපාධි ගන්න හිතුවා !

පහලින් තියෙන්නේ මේ කල් යාම අපේ බැච් එකේ එකෙක් මූනුපොතේ දාලා තිබ්බ ස්ටේටස් එකක් ! (මූ තුන්වෙනි පාර කැම්පස් ආපු එකෙක්.)

උපාධිය සිහිනයාක් පමණයි
ලැබෙන දවසක් නෑ
එදා first shy ගොඩ ගියා නම්
මෙදා චාටර් නෑ !!

පහලින් තියෙන්නේ ඔය ස්ටේටස් එකට වැටිච්ච කමෙන්ට් එකක් !

සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ.
CONVO විතරක් කල් නොගිය නම්
ඒකෙ ගතියක් නෑ..

කැම්පස් පටන් ගත්ත දවස්වල ඉදන් දින නියමයක් නැතුව කල් ගිය ඒවායින් නම් අඩුවක් නෑ. ඒ නිසා උපාධි ප්‍රධානෝත්සවය කල් ගිය එක ඒ හැටි ගානකුත් නෑ. !

මේ ලිපිය කියවන කට්ටිය යන ගමන් ප්‍රාර්ථනාවකුත් කරන්න මාර්තු මාසේ ඉවර වෙන්ඩ කලින්වත් අපේ උපාධි උත්සවය තියෙන්න කියලා ! :)

68 දෙනෙක් අදහස් පලකලා .:

සාතන් said...

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් :)

රූ.... said...

අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක්ලු..ගනන් ගන්න එපා මලේ..
කොහොමත් ඕක දීලා දානවා මොකද තියාගෙන මොනව කරන්නද?
මම කිව්වෙ අර හිස් බටේ..

ක්සැන්ඩර් | Xander said...

ඔන්න එහෙනම් නම් අපිත් ඉතින් ප්‍රර්ථනා කරමුකෝ අපේ මධුරංග මලයට උපාධිය මාර්තු මාසේ ලැබේවා කියල.. (තොප්පිය වැටුනාම කියන්න හොඳේ)

Kasun said...

:D පට්ට සීන් එක. දැන් ඉතින් පොඩ්ඩක් පරක්කු වුනාට මොකද බං? ඕක කවද හරි ලැබෙනවා නේ.:) හරි ඔන්න එහෙනම් මම එහෙම ප්‍රාර්ථනා කළා.

සයුරි said...

ස්ටේටස් එකයි කමෙන්ට් එකයි ගතිම ගති....

අපෝ ඔය අනධ්‍යයන කාර්ය මණ්ඩලේ කියන එක මටනම් පේන්න බෑ..පේරා නම් කොහොමද මන්දා..මෝරා නම් ඉතින් ඒ අතින් හරිම චාටර්...ඒකෙ ඉන්නේ ගෑස් බෝම්බ ටිකක්..

අග්නි ධාරා... said...

හයියෝ....ඔයාලටත් වෙන වැඩ.....
ඉක්මණට ඔයාලගෙ උපාධිය ලැබෙන්න කියල ප්‍රාර්ථනාකරනව...

Dinesh said...

කිවුවත් වගේ කැම්පස් වල කල් යන දේවල් ගැන හැමදාම ඇහෙනවනේ.. මාර්තු මාසේ ඉවර වෙන්න කලින් උපාධිය ලැබේවි අයියේ..

sAm (සෑම්) said...

අනේ එසේම වේවා, ඉක්මනින් අර තොප්පිය ඔළුවට වැටේවා..

ජය !

වින්චැට්කිරිල්ලි. said...

ඉක්මනින්ම තොප්පිය දා ගන්න ලැබේවා..!

මකුළු පැංචි said...

අයියෝ...සිකේ..මම ඔයාගෙ කොන්වො දවස කටපාඩං කරගෙනත් හිටියෙ අප්පා..විශ් කරන්ඩ අමතක වෙයි කියල...(එක්කෙනෙක් කිව්වනෙ අමතක නොකර විශ් කරන්ඩ කියලා...නේදෑ....??? ) වෙලාවට පෝස්ට් එකක් දැම්මෙ..නැත්තං මට මෝඩයගෙ දවස මාර්තු1 වෙනිදම ලබනවා... :P අලුත් දවස මතකැතුව කියන්න හරිද..??

Observer said...

ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවා....!!!!

කතන්දර Kathandara said...

අපෝ මතක් කරන්න එපා ඔතන වැඩ නං.

මගේ ෆයිනල් එග්සෑම් එක ඉවර වුනේ දෙසැම්බර් මුල සතියේ. අපේ ෆැකල්ටි පප්පලා රිසල්ට්ස් දුන්නේ අගෝස්තු මුල සතියේ. මාස අටක් ගත්තා. ඒ වෙනකොට ජනවාරිවල තිබුණු මොරටුවේ උංගේ විභාග ප්‍රතිපල දීලා උං කොන්වොකේෂන් ගිහිනුත් ඉවරයි.

මගේ කොන්වොකේෂන් එක තිබුනේ දෙසැම්බර් අග සතියේ හරියට අවුරුද්දයි සති තුනකට පස්සේ....!!!

දැන් නං ෆැකල්ටි පප්පලා ඒ දවස්වලට වඩා කාර්ක්‍ෂමයි නේද?

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මේ වෙලාවේ උපාධිය ගැන නෙවෙයි රට ගැන හිතපල්ලා , සුද්දා අපේ රජතුමාව මස් කොකොකේ එල්ලන්න හදනවා උඹල මේ උපාදියක් ගැන කථා කරනවා . උපාධි ගන්නත් රටක් තියෙන්නෙ ඕනි . ඕවා අමතක කරල එතුමා වටා ජනපවුරක් ගොඩ නගමු !!

කිරිපුතා said...

අපටත් ඉතිං ඔය සෙතේම තමයි. මාර්තු මාසෙ ඉවර වෙන්ඩ කලින් තොප්පිය ඔලුවට වැටේවා!

prasanna86k said...

මාර වැඩ මල්ලි ඉඳලා ඉඳලා වෙන්නේ.... දැන් ඉතිං රස්සාව එහෙම කොහොමද??? (පරස්තාව)

හිතහොඳ පිස්සා said...

ඔය තොප්පිය මාර්තු මාසෙ ඉක්මනටම වැටෙන්න කියල පිස්සත් කිව්ව ඕං.........

හරී - පිණිපළස said...

ස්ටේටස් එකට දාලා තියෙන කමෙන්ට් එක නම් මරු, අපි සුභ පතන්නම් කො ඉක්මනට ඔය උත්සවේ තියන්න කියලා

niroshini said...

අයියෝ ඕක ගණන් ගන්න එපා මල්ලි. මගේ කොන්වෝ එක තිබ්බෙත් රස්සාවට ගිහින් මාස 7-8 කට විතර පස්සේ. ඔය කොන්වොකේෂන් එකේ අමාරුම වැඩේ තමා BMICH ෆොටෝ පෝලිමේ ඉන්න එක. ඇත්තටම ඩිග්රි එක ගන්නවට වඩා අමාරු යි ඒක. ඒක නිසා වැඩිපුර ටිකක් ගෙවල හරි ස්ටුඩියෝ එකකටම ගිහින් ෆොටෝ ගන්න එක තමා හොඳ :D

ඔය අනධ්‍යන ස්ට්‍රයික් එක ට අපි කිව්වේ annual ස්ට්‍රයික් එක කියල. පලවෙනි පාර නම් දවස් 2-3 ක් නිවාඩු හම්බු වෙලා ක්‍රිකට් ගැහුවා වගේ මතකයි. ඒත් පස්සේ සැර වලදී lecturer ල හෝල්ස් වල යතුරු අරන් තිබුණු නිසා අපේ ලෙක්චර්ස් දිගටම ගියා.

නියම කවි ටික හැබැයි !!

Anonymous said...

ඔය ගැන නම් කතා කරලා වැඩක් නැ අයියා....අපේ එක්සැම් කල් යයි වගේ මේ වැඩෙන්.....මදැ අයියලත් කට්ට කාලා කාලා අන්තිමට උපාධිය ගන්න බලන් හිටියා...
කොහොම උනත් මාර්තු අවසානයට කලින් උපාධි උත්සවේ තියන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා ඕං...
-අකීකරුහිත

දිනිති දීපිකා said...

පැගුම සපලවේවා මධුරංගගෙ...

Beta bawa said...

ඉක්මනට තොප්පි දාගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

kandyan said...

ඕකට වග කියන්න ඕන දේශද්‍රෝහී කස්ටිය, ඩයස් පෝරාව (ටෙලියේ ඩයස් මහත්තයා නෙවේ!), නෝර්වේ ඇතුලු බටහිර බලවේග.... නැත්තං අපේ කාර්යක්ෂම විශ්ව විද්‍යාල වලට ඔය වගේ සුළු දෙයක් කොරන්න බැරි මොකෝ?

හරී said...

කැම්පස්වල වැඩ වෙලාවට වුනා නම් මම මේ වගේ හිඟන්නෙක් වෙලා ලතැවි ලතැවි ඉඳියිද? :)

ගිය අගෝස්තු ඉවර වෙන්න තිබ්බ එක ඉවර වුනේ දෙසැම්බර් විසිගණන්වල..

හිතුවක්කාරි said...

ඔන්න ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම උපාධි උත්සවය තියලා අයියට ලෝගුව දාගන්න ලැබෙන්න කියලා..ජයම වේවා!!

පැතුම් [සිතුම් පැතුම්] said...

පැතූ පැතුම් මල් එලෙස පිපේවා
උපාධියත් ළඟ ළඟම ලැබේවා

ප්‍රාර්ථනා said...

කියලා වැඩක් නෑ අයියා.. මේ යන විදියට නම් මම උපාදිය ගනිද්දි වයස 55ත් පැනලා තියේවි.. හී හී..
කොහොම වුනත් අයියට ඉක්මණටම උපාධිය ගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..

දයානන්ද රත්නායක said...

සහතිකේ පස්සෙ ලැබුණත් කමක් නෑ අවශ්‍යම ෆයිනල් එකත් ගොඩනේ.
දැන් හිත නිදහස්. දැන් ටැලන්ට් එකෙන් ප්‍රයෝජනක් ගන්න කාලෙ.
සුබ පැතුම්.

මඩිස්සලේ නිශාන් said...

හෆොයි අයියා.....
ගණන් ගන්න එපා දින පොඩ්ඩක් පරක්කු වුනාට ඕක අනිවා මාර්තු මාසේ හම්බෙයි ඩෝන්ට් බි අව්ල් ඉවසන් ඉන්න.

කනියා said...

ඕවනම් මොනවද අයියා කොළබ නුවර කෝච්චිම පැය කීයක් පරක්කු වෙනවද? ගනන් ගන්ට එපා...

රවින් said...

නියමයි... ස්ටේටස් එකත් එල කමෙන්ට් එකත් එල..

රත්නේ said...

අද අපි ක්‍රිකට් ගැහුවා ඔන් කාලෙකින්...
(වැඩ වර්ජනේට ජය වේවා කියකිය)

අසනි said...

අනේ හෆොයි.... උපාධි ගැන නම් කතා කොරන් එපා.....අප්පා

Shani said...

තොප්පි ඔළුවට වැටේවා... ලෝගු ඇඟට වැටේවා...
කොහොම කොහොමින් හරි... ඉක්මණට උපාධිය ලැබේවා...

හරී said...

ලංකාවෙ රජයේ කැම්පස්වල තොප්පි කොයි...?

ඔය තොප්පි ලෝගු ගැන මම සිංහලෙන් ලිපියක් ලිව්වා..ශිහ්.. ඒක දැන් නෑනෙ..

සිංහලෙන් බ්ලොග් ලියන්න පුලුවන්ද අත්හදා බැලුව එක ලිපියක් ඒක..ඒ වුනත් කඩ්ඩ බ්ලොගියේ ලිව්ව නිසා ඩිලීට් කළා..

දැන් තිබ්බා නම් සිංහල බ්ලොගියෙ දාන්නත් තිබ්බා..

ලහිරු said...

ඇත්ත, රජයේ ඒවගේ තොප්පි නෑ තමයි. අපේ එක්සෑම් නම් මේ දවස්වල යනවා ස්ට්‍රයික් වුනත්. ෂැහ් මටත් දැන් තමයි හිතෙන්නේ අපරාදේ A/L දෙපාරක් කළේ කියලා! ඔන්න මමත් ප්‍රාර්ථනා කරනවා ඉක්මනට අර බටේ අතට ලැබෙන්න කියලා!

Maneka said...

අපි නම් යන්තං ගත්තා.. ඔහේටත් විගහට ගන්ට ලැබේවායි පතමි!

පැන්ඩා said...

ඔව්වා මොනවද මදුරංග් අයියා හිතන්න එපා..ජොබ තියේ නෙ දැන්,,කොයි වෙලෙ හරි දෙන වෙලාවක ගිහින් ලොගුව දාල ආඩම්බරෙන් ඕක අරගෙන සතුටින් එන්න නෙ තියෙන්නෙ..කොච්චර කල් ගියත් නොදී ඉන්නද ?
ඕයා දිනල ඉවරයි නෙ..

Praveena Palipana said...

ඔය තොප්පිය ඉක්මනින්ම දාගන්ටත්, තොප්පි වැටුනු පින්තූරු ඉක්මනින් දැකගන්ටත් අපි හැමෝටම වාසනා ලැබේවා කියලා මම පතනවා. :D:D

නිසුපා said...

අනේ ඉක්මනටම ලෝගුව දාගන්න ලැබේවා.දැන් නම් වර්ජනේ ඉවරනෙ. :)) ඉක්මනට තියයි..

පිණිබිඳු... said...

ඔන්න ස්ට්‍රයික් එක ඉවරයිලු.

Anonymous said...

ganan ganne epa aeya..api campas anne dena game 1kta wada wadi game 1k denn ona campas aken out wenne..dan aeyala out welane enne ekmanata oka labewi

වර්ණා said...

අනේ ඉක්මනට ඔය උත්සවේ පැවැත්වේවා

Thilina Kumarasinghe said...

Hi Hi, Math March 1st BMICH anna hitiye dai ithin hulan

Anonymous said...

strike iwaray. thawa ekaK ENNA KALIN OKA DENNA KIYANNA. 15TA KALIN GANNA BALANNA

රාජ් said...

මටත් මතක් උනේ ඕක විතරක් කල් නොගිහිං කොහොමෙයි කියල.

මකුළුවා..... said...

ආච්චිට හාල් ගරන්න මුන්ට පිකට් කරන හැටි කියලා දෙන්න වෙලා තියෙන්නේ අපිටනේ දැන්....
අයියලගේ Convocation කල් ගිය එක අපරාදේ....ඒත් අපි හිතුවේ සතියක්වත් ස්ට්‍රයික් කරයි කියලා කෑගහපු විදියට...ඒත් මුන් කෑවනේ...බෝලේ පෙන්නුවම අනේ ලස්සනයි කියලා බදාගෙනනේ...ශික් දැන් පළය‍න්කෝ ලෙකචර්ස්.... අයියෝ ශල්ලි....

Ruka said...

උබෙ පැතුම ඉටුවේවා

අසරණයා said...

ඉක්මනින් තොප්පිය වැටෙවා.!!!..

දිනුක said...

ඔය කියන්නෙ අර ඔලුවෙ සීආර් පොතක් වගේ එකක් දාලා කලු පාට වවුලා කෝට් එක අන්දලා බටයක් අතට දෙන මෙව්වා එකද?අනේ අපරාදෙ අපේ විභාගෙකුත් කල් ගියානෙ ඔය ස්ට්‍රයුක් එක හන්දා.

Samadhi Pabasara said...

හෆොයි ඔයාලටත් වෙන වැඩ! හැකිතාක් ඉක්මනින් බැට්මෑන් කෝට් එක අඳින්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා!

මධුරංග said...

@සාතන් :
අන්නිවාර්යෙන්ම !!!

@රූ.... :
හෑ..... මොකද්ද ඒ හිස් බටේ කතාව ? මම දන්නේ නෑ නෙ.

@ක්සැන්ඩර් | Xander :
අනිවාර්යෙන්ම කියන්නම් අයියා.

මධුරංග said...

@Kasun :
ප්‍රාර්ථනා කලාට ස්තුතියි ඈ.

@සයුරි :
ගෑස් බෝම්බ ?? අන්න වචනේ !
අපෙත් එහෙම තමා. ඔක්කොම අනධ්‍යන සේවකයෝ එකවගේ තමා !

@අග්නි ධාරා... :
ප්‍රාර්ථනාවට ස්තුතියි.
ඒ වගේම මගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා !

මධුරංග said...

@Dinesh :
කැම්පස් කිව්වොත් කල් යෑම් වලින් අඩුවක් නෑ නෙ.
ප්‍රාර්තනාවට ස්තුතියි.

@sAm (සෑම්) :
අපි ඔලුවට නම් තොප්පි දාන්නේ නෑ. හික්ස් :)
පැතුමට තුති !

@වින්චැට්කිරිල්ලි. :
ස්තුතියි දරුවෝ !

මධුරංග said...

@මකුළු පැංචි :
මේ යෝධි මාව කාලා !!! ඕං මම් කිව්වේ නෑ මට විශ් කරන්න කියලා ! :)

@Observer :
ටැංකූ මාමේ !

@කතන්දර Kathandara :
අපේ නම් මාස අටකට පස්සේ තියෙන්නේ.

මධුරංග said...

@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! :
අපි කවදත් එතුමා එක්කයි. ඡන්දෙදිත් අපි එතුමාගේ දෑත් ශක්තිමත් කරන්න ඡන්දේ දුන්නා නෙව !

@කිරිපුතා :
ටැංකූ කිරිපුතේ ! උඹ නම් දෙයියෙක් !

@prasanna86k :
රස්සාව නම් මල් හතයි ! පරස්තාවට ඔක්කොම ලෑස්තියි. කෙල්ලෙක් තමා අඩු !!!

මධුරංග said...

@හිතහොඳ පිස්සා :
ස්තුතියි පිස්සෝ !!!

@හරී - පිණිපළස :
හොදයි අක්කේ. ඔයාලා සුබ පතනවනම් ආයේ වෙන මොනවෙයි !

@niroshini :
අපෙත් කොන්වෝ එක තියන්නේ මාස අටකට විතර පස්සේ. අර කිව්වත් වගේ අපි කැම්පස් එකේ ඉන්නැද්දිත් ඔය ස්ට්‍රයික් එක තිබ්බා.

මධුරංග said...

@අකීකරු හිත :
මේ ස්ට්‍රයික් එක නිසා ඔයාලගෙත් ෆැකල්ටි එක වහලා කියලා ආරංචි උනා !

@දිනිති දීපිකා :
ටැංකූ දිනිති !

@Beta bawa :
බීටා බුවෙකුත් ඉන්නවද අප්පා. දැන් බීටලා දෙන්නයි.

මධුරංග said...

@kandyan :
ඩයස් පෝරාව ගැන ඇහුවෙත් අදමයි !

@හරී :
අපෙත් ඔහොම තමා උනේ. අපටත් අන්තිම විභාගේ මාස තුනක් කල් ගියා !

@ලහිරු :
ඔය බටේ ගන්ඩ තමා අපි අවුරුදු 4ක් කට්ට කෑවේ ! ඒකත් හරි වෙලාවට ගන්ඩ නෑ නෙව.

මධුරංග said...

@Maneka :
මනෙකලා කවද්ද උපාධි ගත්තේ ? කෝ ෆොටෝ ?

@පැන්ඩා :
මල්ලිගේ කතාව නම් පට්ට ඈ. මගේ මොරාලුත් අප් උනා. ඉක්ස් :)

@Praveena Palipana :
පින්තූරු ඔක්කෝටම බලන්ඩ දාන්න තමා බැරි. ඒකත් ට්‍රයි කරලා බලන්නම් !

මධුරංග said...

@හිතුවක්කාරි :
ස්තූතියි හිතූ !!!!
නුගේගොඩ ආව දාක මොනාහරි කන්ඩ අරන් දෙන්න බැරුව යෑ.

@පැතුම් [සිතුම් පැතුම්] :
කවියෙන් පැතුම් එක්කලාට ස්තුතියි පැතුම් !

@ප්‍රාර්ථනා :
නංගිගේ නමත් ප්‍රාර්තනා නිසා නංගි පැතුමක් කලොත් ඒක ඉස්ට වෙයි ! ස්තුතියි පැතුමට

මධුරංග said...

@දයානන්ද රත්නායක :
කතාව නම් සහතික ඇත්ත !
ඒ වගේම පැතුමටත් ස්තුතියි !

@මඩිස්සලේ නිශාන් :
අනිවාර්යෙන්ම මාර්තු 14 ලැබෙනවා කියලා ආරංචියක් ආවා !

@කනියා :
ඒක හරි. මාත් ඒ දවස්වල කොළඹ ඉදන් නුවර එන්න මාර කට්ටක් කන්නේ.

මධුරංග said...

@රවින් :
හෙහෙහෙහෙහෙ :)

@රත්නේ :
දැන් මෙහෙම හිතුවට ඉස්සර අපිත් ඔහොම තමා. රත්නේ මොන කැම්පස් එකේ ද ?

@අසනි :
ඒ මොකෝ ඒ ?
අම්මෝ ඔයැයිව කාලෙකට පස්සේ දැක්කේ.

මධුරංග said...

@Shani :
අපි තොප්පි දාන්නේ නැත. නංගිගේ පැතුමට තුතිය.

@හරී :
අපරාදේ ඒ ලිපිය තිබ්බා නම් ආයෙම දාන්න තිබ්බා. කාලින ලිපියක් නෙව. මතකවත් නැද්ද ලිව්වේ මොනාද කියලා ?

@නිසුපා :
ඕ ඕ .... අපට මාර්තු 14 වෙනිදා උපාධි උත්සවේ තියෙනවා කියලා ආරංචි උනා.

මධුරංග said...

@පිණිබිඳු... :
අක්කයි නිසූ අක්කයි තමා මුලින්ම කිව්වේ ස්ට්‍රයික් එක ඉවරයි කියලා. ඊට පස්සේ තමා ආරංචි උනේ ස්ට්‍රයික් එක ඉවර උනා කියලා. ටැංකූ ඈ.

@Anonymous :
ටැංකූ ඇනෝ !

@රාජ් :
ඔන්න එහෙනම් ඒ අඩුවත් හරි !

මධුරංග said...

@වර්ණා :
ඉක්මනටම තියේවි ! :)

@Thilina Kumarasinghe :
ඒකත් කල් ගියා ද ?

@Anonymous :
ඕක ලැබෙනකන් සුවර් නෑ.

මධුරංග said...

@මකුළුවා..... :
දැන් මෙහෙම හිතුවට අපිත් ඒ දවස්වල ඔහොම හිතුවා. එහෙමත් කාලයක් කවදා ඒවිද. :(

@Ruka :
ටැංකූ රුකා අයියා

@අසරණයා :
ස්තුතියි අසර් !

මධුරංග said...

@දිනුක :
සී ආර් පොත ඔලුවට දාන්නේ නෑ අපි !
අර වවුලා වගේ කෝට් එක නම් දානවා.

@Samadhi Pabasara :
බැට් මෑන් කෝට් එක ? මරු නම ! හික්ස් :)

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

නෑ ..උඹ සිරාවටම රජතුමාටද ඡන්දෙ දුන්නේ .....

වැදගත් දෙයක් අමතක උනා නෙව, තොප්පිය කවදා ලැබුනත් උඹ ලබපු අධ්‍යාපනික ජයග්‍රහණය වෙනුවෙන් මගෙන් උණුසුම් සුභ පැතුම්

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.