06 February 2012

රටකජු ගෙනාවද ?

පුංචිම දවස්වල අපේ අම්මා කොහේ හරි යනවා නම් මං අම්මත්තෙක්ක ඇවිදින්න යන්න ගොඩක් ආසයි. නමුත් අපේ අම්මා සමහර ගමන් එක්ක ගියාට සමහර වෙලාවල්වල එක්ක යන්නේ නෑ.පොඩි ඈයෝ එක්ක ගියහම කරදරයිලූ.

වඩන් යන්න ඕනෙලු ! දකින දකින දේ ඉල්ලනවලු ! අවුවේ එක්ක යන්න බෑලු ! ඔය වගේ නානාප්‍රකාර දේවල් ගොඩක් කියනවා. එක්කන් යන්න බෑ කියලා කිව්වම මම් කරන්නේ පොලොවේ තියෙන බොරලූ හූරගෙන බිම වැටිලා අඬන එක.

"අම්මා එහෙනම් මට මොනාහරි ගේන්න ???" එක්කන් යන්නෙම නැති වෙච්ච ගමන් ඒ වෙලාවට මගේ කටින් කියවෙනම වචන ටික තමයි ඕක.

අම්මා ගියපු වෙලේ ඉදන් මලයත් එක්ක සෙල්ලම් කරනවා. විඩින් විඩේ කඩුල්ල ගාවට ඇවිත් බලනවා අම්මා එනවද කියලා. අම්මා පාර කෙලවරෙන් එනවා පෙනුනොත් පාරට දුවගෙන යනවා.

"අම්මා මොනාද ගෙනාවේ ?" අම්මා ගෙට ගොඩ වෙන්නත් කලින් මම මුලින්ම අහන්නේ ඔය ප්‍රශ්නේ !

සමහර දාට අතේ සල්ලි තිබ්බොත් මොනාහරි ගේනවා. ගොඩක් වෙලාවට ගේන්නේ රටකජු ! මොකද හැම හන්දියකම වගේ වැඩිපුරම තියෙන්නේ රටකජු වගේ ජාති. ඒ නිසා "අම්මේ රටකජු ගෙනාවේ නැද්ද !" කියලා අහන දවසුත් තියෙනවා.

සමහර දාට අතේ සල්ලි තිබිලත් අපේ අම්මට හදිස්සියට මොනාහරි ගේන්න අමතක වෙනවා. එදාට අපේ අම්මා කියන්නේ,

"පුතේ, රටකජුකාරයාට ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා පොලිසියෙන් ජීප් එකට දාගෙන අරන් ගියා. ඒ නිසා රටකජු ගේන්න උනේ නෑ !"

ඔය ගහලා ගහලා කියන වචනේ හය හත්පාරක් කියන නිසා අපි හිතන්නේ ඇත්තටම රටකජුකාරයාට පොලිසියෙන් සෑහෙන්න සලකලා කියලා. අපිත් ඉතින් "අම්මේ පවු නේ ඒ රටකජුකාරයා !" කිය කිය විස්සෝප වෙනවා.
එතනින් එහාට අපි ප්‍රශ්න කරන්න ගියේ නෑ. ඒ හින්දම අපේ අම්මා ඔය කතාව සෑහෙන්න වාර ගානක් කියලා තියෙනවා.

දවසක් ඔය පොලිසියෙන් ගහපු කතාව අපේ නැන්දා එයාගේ පොඩි එකාට කිව්වලු. පොඩි එකා ගත් කටට කියපි.

"ඇයි අම්මේ රටකජුකාරයාට ගහලා එක්කන් ගියාට මොකෝ අම්මට තිබ්බේ රටකජු කරත්තෙන් ටිකක් අරන් එන්න නේ ! "

දැන් ඉන්න ළමයි අපි පොඩිකාලේ වගේ මෝඩ නෑ කියලා මට හිතුනා.

55 දෙනෙක් අදහස් පලකලා .:

න දී said...

ඔව් ඒක ඇත්ත දැන් ඉන්න පොඩි එවුන් අපි පොඩිකාලෙ වගේ නෙමේ.ඇට්ටර එවුන් ඉන්නෙ.අපේ එකත් එහෙමයි.

සාතන් said...

දැන් ඉන්නෙ ලෝකෙ කාපු පොඩි උන් බන්... :)

Ice (අයේෂා කුලතුංග) said...

අපි ඒ කාලේ හරි ප්‍රාථමිකයි අෆ්ෆා..... අපි පව්.... :DD

හංසි said...

මාත් ඉස්සර අම්මා කොහේ හරි යනවා නම් කොහොම හරි අතේ එල්ලිලා යනවා. එක්කන් නොගිය දවසට හවස් වෙත්දි සැරෙන් සැරේ පාර බලාගෙන ඉන්නවා. ආපු ගමන් හොයන්නෙ ගෙනාවෙ මොනවද කියලා.

said...

මන් නම් ඒ කාලේ ගොඩක්ම ඉලන්නේ බූන්දි. දැන් දැක්කත් අප්පිරියයි :-D

sAm (සෑම්) said...

සිරා.......!

අපේ අයියගෙ පොඩි එකා ඔහොම කතාවක් කිව්ව නොවැ.. දවසක් අ‍පි සෙට් එකම අයියගේ කාර් එකේ එනවා..

පොඩ්ඩා - අප්පච්චී මට KFC යන්න ඕනේ..

අපේ අම්මා - නැහැ පුතේ අද පෝය නිසා KFC වහලා.

පොඩ්ඩා - ඇයි ආච්චී ඒ පෝයට KFC වහන්නේ. එහෙනම් අපි Mc Donald යමු..

(පොරගේ කතා සෙට් එකකි. පොස්ටුවක් පවා දැමිය හැක)

අපේ කනියා said...

දැං ඉන්න පොඩි එවුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ... මුන් අවුරුදු 20 විතර වෙනකොට PHD එකකුත් කරල ඉදියි..

පොඩි කාලේ එක දවසක් මාත් පැය 3ක් විතර පාරේ බලන් ඉදල තියෙනව අම්ම මට බයිසිකලයක් එකක් ගේනකම්... ගෙනාවට පස්සේ කොල්ලට ෆුල් හැපි(පැදගන්න ගන්න බැරි උනාට මොකද)

රාජ් said...

දැං ඉන්න පොඩිඑවුන්ගෙ හැටි බලාගන්න පුළුවන් වෙනියගෙ සයිටිඑකට ගියාම.

පිණිබිඳු... said...

රටකජු කෑම සහ රජකටු කෑම..

Anonymous said...

අපිත් ඉතින් ඔහොම තමා..
මට නම් පොඉම කාලෙ හැමදාම වැඩට ගිහින් එද්දි තාත්තා චොකලට් එකක් ගෙනාවා..එව්වා කාලා චොක්ලට් කොල පොතේ ඇලෙව්වා..ඒ කාලෙ ඒකක් රු.2කද කොහෙද?

ටිකක් ලොකු වෙද්දි තමයි රටකජු කන්න පටන් ගත්තෙ..අපිට නම් අම්මලා කොහෙහරි ගියොත් හැමදාම වගේ රටකජු හම්බෙනවා..මොකද මට වඩා අපේ තාත්තටයි රටකජු ඕනෙ..තාත්තා දැනටත් හරි ආසයි රටකජු කන්න..

දැනටත් ගෙවල් ගාව පොළදාට අනිවාර්යෙන් රටකජු ගේනවා..
"අම්මේ තාත්තිට රටකජු ගේන්න සල්ලි දෙන්නකො" කියල සෙනසුරාදාට කියවෙනවමයි මගෙ හරි මල්ලිගෙ හරි කටින්..ඕක ඉතින් තාත්තට ඇහුනොත් "මගේ නම ගහලා කාපියවු" කියලා තමයි අහගන්න වෙන්නෙ..හි..හි..

ඉස්සර රු.1 ගෙනාපු රටකජු දැන් රු.50ක්..

--
හරී
http://dreamsofharee.blogspot.com/
--

ලහිරු said...

එක්කරගෙන යන එකට වඩා ලාබයි වගේ ගෙදර තියලා යන එක! රටකජු විතරයිනේ ගේන්නෝන එනකොට!

Aditha Jayasuriya said...

අපි එහෙමයි!

දේවා ගේ අඩවිය said...

බොරු කියන්නේ මොකටද? තාමත් එහෙමයි අපේ තාත්තා නම් සතියකට දවස් 3,4 ක් රටකජු අරගෙන එනවා...

තාම ඉතින් මම රටකජු කනවා අපේ නංගා නිසා

Observer said...

අපි පොඩි කාලෙ විතරද මෝඩ හෙහ්..හෙහ්...

කතන්දර Kathandara said...

මේ කතාවේ මට පේන්නේ නං වෙනත් පැත්තක්.

පොලිසියෙන් ගැහැව්වා කියන කතාව අම්මා කියන්නේ එය ගංවතුරට යටවෙලා, භූමිකම්පාවක් වෙලා, රටකජුකාරයා අසනීප වෙලා වගේ සංසිද්ධීන්වලට වඩා විශ්වාස කටයුතු නිසා නේද?

මෙතන බලන්න: http://peoplesforumsl.blogspot.com.au/2012/01/2.html

http://peoplesforumsl.blogspot.com.au/2012/01/blog-post_21.html

http://peoplesforumsl.blogspot.com.au/2012/01/blog-post_18.html

!!!

බීටා said...

දැන් පොඩි උන් හරි අන්ඩපාලයෝය....

ගොඩයා said...

අපොයි ඔව්. මේ සියවසේ පොඩි උන් එක්ක වසන්න ලේසි නෑ.

පොඩි මෑන් said...

අපේ ලොකුතාත්තගෙ දුව නිෂා අක්ක මට වඩා අවුරුදු 3ක් වැඩුමල්.. එයා දෙකේදි මම මොන්ඩිසෝරි..

දවසක් අච්ච්ගෙ ගෙදර අපි දෙන්න 4ටෝ බලනවලු.. අක්ක ලොකු තාත්ගෙයි ලොකු අම්මගෙයි මගුල් 4ටෝ එක පෙන්නල ඇහුවලුවලු.. කෝ අම්ම මම.. කියල..

මොනඩිසෝරි යන පොඩි මෑන් කිවුලු
කසාද බැන්දාමනෙ ඕයි ලමයි හම්බවෙන්නෙ කියල... :D

අච්චි තාම කියල හිනාවෙනව දැන් මූ මෙහෙම ඉදියට ඒ කාලෙ මෙහෙම පෝරිසාදය කියල..

තාරා said...

එහෙම තමයි... පරම්පරාවෙන් පරම්පරාව දියුණු වෙන්ඩ ඕනා...

හිතුවක්කාරි said...

හිකිස්ස්.. මරු පොඩි එකානෙ බොලෙ!!!;) පොඩි එකාට අයියා පොඩි කාලෙට වඩා මොළේ තියෙන පාටයි..හික්ස්ස්..

හෆ්ෆා..මමනම් තාමත් රටකජු කනවා ටවුමෙ ඉදන් ගෙදරට එනකම්...

නිකමා said...

සහතික ඇත්ත කතාව. අපි නම් පොඩි කාලේ ලොකු එකෙක් බැන්නොත් එහෙම පට්ට බයයි ඒකට දැන් එවුන් යනකන් ඉදලා හරි මොනවා හරි කියලා දුවනවා :D

Dinesh said...

දැං කාලේ එවුන් අපි පොඩි කාලේ වගේ අහිංසක නෑ..

දයානන්ද රත්නායක said...

ඉස්සර නම් කිව්වෙ කඩ චෝරු කන්න පුරුදුවෙලා කියලා. හැබැයි ‍කුඩා කාලෙ වගේම අද රටකජු වගේ කඩ චෝරු නෙවෙයි දැන් ඉන්න පොඩි උන් ඉල්ලන්නේ. ඊට වඩා වැඩි දේවල්. කාලය මැවූ වෙනසක අරුමේ

රූ.... said...

මම නම් පොඩි අයට බොරු කියන එක අනුමත කරන්නෑ..ඒත් අම්මා එහෙම කියන්න ඇත්තෙ පොඩි එකාව නලව ගන්න වෙන්නැති..

සයුරි said...

ඔහොම තමා දැන් කාලේ පොඩි එවුන් :)

ChammA said...

ඉතින් ඔය වගේම තමයි ඒ කාලේ අපි කාටුන් බැලුව දැන් අය බලන්නේ රෙස්ලින්

Shani said...

රටකජු නම් එපා අනේ... රවුම් මුරුක්කු තමා මට නම් කොහේ ගියත් (දැනටත් ) ඕනා... එපා වෙන්නෙම නෑ.. ඉතිං මට හම්බෙන්නෙත් එව්ව

Podi Kumarihami said...

//වඩන් යන්න ඕනෙලු ! දකින දකින දේ ඉල්ලනවලු ! අවුවේ එක්ක යන්න බෑලු ! ඔය වගේ නානාප්‍රකාර දේවල් ගොඩක් කියනවා. එක්කන් යන්න බෑ කියලා කිව්වම මම් කරන්නේ පොලොවේ තියෙන බොරලූ හූරගෙන බිම වැටිලා අඬන එක.//

ඒ කාලෙත් පුදුම කරදරයක් කරලා තියෙන්නේ අම්මාට නේද? :D:D:D

Sumith Niriella said...

දැන් ඉන්න පොඩි එවුන්නම් රැවැට්ටුවා බොරු.....

දවසක් ළිඳට එබෙන ළමයා වලක්වගන්න ළමයාගේ අම්මා දාපු උප්පරවැට්ටියක් අලවුනේ මෙහෙමයි...

අම්මා:- හා..හා.. පුතේ ඔය ළිඳට එබෙන්න එපා ඕක ඇතුලෙ රාස්සයෙක් ඉන්නවා

( පුතා එකසිය ගානට අඬනවා)

අම්මා:- ඒ පාර මොකද ?

පුතා :- මට රාස්සයාව බලන්න ඕන..

Sumith Niriella said...

දැන් ඉන්න පොඩි එවුන්නම් රැවැට්ටුවා බොරු.....

දවසක් ළිඳට එබෙන ළමයා වලක්වගන්න ළමයාගේ අම්මා දාපු උප්පරවැට්ටියක් අලවුනේ මෙහෙමයි...

අම්මා:- හා..හා.. පුතේ ඔය ළිඳට එබෙන්න එපා ඕක ඇතුලෙ රාස්සයෙක් ඉන්නවා

( පුතා එකසිය ගානට අඬනවා)

අම්මා:- ඒ පාර මොකද ?

පුතා :- මට රාස්සයාව බලන්න ඕන..

ක්සැන්ඩර් | Xander said...

අපොයි ඔව්... දැන් ඉන්නේ පොඩි එවුන් නෙවෙයි පොඩි තාත්තලා.

ඔබ නොදු‍ටු ලොවක් said...

කැප් රෝල් දාලා වෙඩි තියන පිස්තෝලයක් ඉල්ලලා මම පාරමැද්දේ අඩාවැටිලා අම්මා බැන බැන ගෙදර ගෙනාවා ආයි මූව කොහේවත් එක්කන් යන්නෙ නෑ කියලා....

වින්චැට්කිරිල්ලි. said...

මට රටකජු කන්න බැහැ කවදාවත්..ඔලුව කැක්කුම හැදෙනවා....

සුදු හංසි said...

හි... හි... පොඩි බබා මාස්ටර් මයින්ඩර් කෙනෙක්නේ...

ඔයානම් අම්මාගෙන්නේ අහන්නේ රටකජු ගෙනාවේ නැද්ද කියලා.. අපේ අම්මා මම බස් එකේ එන දවසට මගින් මගට කෝල් කරනවා එනගමන් රටකජු ගේන්න කියලා.. හෆොයි හැමදාම ස්කූල්වැන් එකේම ආවනම් හොඳා කියලා හිතෙනවා :D

දවසක මාත් කියන්න ඔනි රටකජු කාරයාට පොලීසියෙන් ගැහුවා කියලා...

හිතහොඳ පිස්සා said...

//එක්කන් යන්න බෑ කියලා කිව්වම මම් කරන්නේ පොලොවේ තියෙන බොරලූ හූරගෙන බිම වැටිලා අඬන එක.//

ඉස්සර සෙල්ලම් බඩුවක් අරන් දුන්නෙ නැති වුනාම කඩේ ඉස්සරහ ඔය වැඩේ මාත් කරනව.....:D

Gimhani said...

හ්ම්ම් පොඩි කාලේ කොහොම වදයක් දෙන්න ඇත්ද මේ කොල්ල අම්මට .

සිත්රූ සිහින said...

මාත් ආසයි ලුනුත් එක්ක මිරිස් දාල මික්ස් කරපු රටකජු කන්න.. :-)

පැන්ඩා said...

ඔවු බන් අයියේ...අපි තමා පොඩි කාලෙ කියන ඕනි දෙයක් හා කියල පිලිගත්තෙ,.. ඒත් දැන් පොඩි එවුන් මාර විචාර බුද්ධියක් නෙ...අපි නොන්ඩි වෙනව විතරයි

මධුරංග said...

@න දී :
නැචූ දුවත් එහෙමද ? අක්කට එහෙනම් නිවනක් නැතුවැති නේ. හික්ස් :)

@සාතන් :
අනේද කියන්නේ සාතන් අයියා !!!

@Ice (අයේෂා කුලතුංග) :
අපි පවු නේන්නම්.
ඒ කාලේ අපට ඔවුවා තේරෙන්නේ නෑ නෙව. :)

මධුරංග said...

@හංසි :
ඉස්සරයි දැනුයි කියලා වෙනසක් නෑ. අපේ අම්මයි අප්පච්චියි කොහේ ගිහින් ආවත් හොයන්නේ මොනාද ගෙනාවේ කියලා. :)

@ම :
දැන් ඉතින් බූන්දි කන්නේ වෙන වෙන හේතු වලට නෙ. ගල් බාගයක් ගහලා වඩේ එකක් කාගෙන ඉමු. බූන්දි ඕනැන්නේ නෑ.

@sAm (සෑම්) :
කවුද ඔය පුංචි ඈයොන්ව KFC එක්කන් ගිහින් පුරුදු කරපු කෙනා !!

මධුරංග said...

@අපේ කනියා :
එහෙම බලාගෙන ඉන්න එකෙත් පොඩි ජොලියක් තියෙනවා.
බලාගෙන ඉදලා මොනාහරි ගෙනාවම ෆුල් හැපි !!!

@රාජ් :
අපෝ ලියන මහත්තයාට අහුවෙච්ච පොඩි උන්ට පොඩි උන් කියලා කියන්ට බෑ. එවුන් මහ උන් !

@පිණිබිඳු... :
ඔය දෙකෙන් කෝකද ලේසි ??

Anonymous said...

mama nam, punchi kale thaththa enakal maga balan hitiye "Hapana paththare","Kekulu paththarei" genakal.thaththa geta goda weddi mama balanne thaththage atha dihalu.paththare nathnam eda dawasama mama muna ellan innawalu.

paththare thibunoth,thaththa kanna genapuwa balen kate ebuwath kan nalu.paththare thaththage athin gaththa gaman mama duwanne kama mese yatatalu.aith ithin mawa ethanin eliyata ganna wenne,pata karala,chithra adala,akuru liyala paththare karanna thiyana wada serama iwara unata passelu.

kadekata giya unath kama jathi,sellam badu illala adala nahallu.amma balenma ahuwoth "Puthe oyata monawada ona???" kiyala ammama mona hari pennuwoth ha kiyanawalu.e arenna illanne nahallu.

ape ammai,thaththai thamath e gana kiya kiya sathutu wenawa. (Him)

මධුරංග said...

@Anonymous (හරී) :
මොකෝ දැන් ඇනෝ කමෙන්ට් දාන්නේ. මම් කීප පොලක ඇනෝ කමෙන්ට් දාලා තියෙනවා දැක්කා. හික්ස් :)

පොඩි හාමුදුරුවන්ට රටකජු කන්න ඕන උනාම ලොකු හාමුදුරුවන්ව පාවා දෙනවා. මෙහෙත් ඔය වැඩේම තමා. :)

@ලහිරු :
ඒකනේ අපේ අම්මා මාව ගෙදර තියලා යන්නේ. නැත්නම් එක්ක යනවා. එක්ක ගියහම වියදම් වැඩියි නේ.

@Aditha Jayasuriya :
අන්න හරි !! :)

මධුරංග said...

@දේවා ගේ අඩවිය :
මට නම් රටකජු කන්න වෙන්නේ සෙනසුරාදාට කොළඹ ගියහම තමා !

@Observer :
මම නම් තාමත් මෝඩ වැඩ කරනවා. උපන් ගති වෙන්ටෑ. ඒවා යවන්නේ කෝම !!!

@කතන්දර Kathandara :
සබැඳි ටිකට බොහොම ස්තුතියි කතන්දර අයියා !!!

මධුරංග said...

@බීටා :
හරියට හරි ය....

@ගොඩයා :
දැනට මෙහෙම නම් තව ඉස්සරහට කොහොම වෙයි ද. හොද වෙලාවට ලෝක විනාසේ සිද්ද වෙන්නේ :)

@පොඩි මෑන් :
ඒ කාලේ ඔහොම නම් දැන් කෝමද කියලා හිතාගත්තෙකි !!
හාමිනේ... ඔය කෙල්ලව ගෙට ගන් !

මධුරංග said...

@තාරා :
එහෙම තමා හිතන්න වෙන්නේ. :)

@හිතුවක්කාරි :
දැන් ඔය කොයි ටවුමේ ඉදලා එන කොටද ? නුගේගොඩ ටවුමේ ඉදන් එනකොටද ?

@නිකමා :
ඒක නම් මමත් දැකලා තියෙනවා මලේ. ඔය ගැන නම් කතා කරලා වැඩක් නෑ !!

මධුරංග said...

@Dinesh :
අනිවාර්යෙන්ම හරි මල්ලි !

@දයානන්ද රත්නායක :
ඒක නම් හරි දයානන්ද ! දැන් ළමයි දකින්නේ ඉස්සර දකින දේවල් නොවන එක මේකට එක හේතුවක් වෙන්ටෑ.

@රූ.... :
ඒක හරි.
අක්කා බබාලට බොරු කියන්ට යන්නෙපා ! ඇත්තම කියන්ට :)
අපේ අම්මා බොරු කියන්න ඇත්තේ මම් ලවක් දෙවක් නැතුව අඬන නිසා වෙන්ටෑ.

මධුරංග said...

@සයුරි :
ඕවා අත්දැකීම් ලැයිස්තුවට දාගන්නවා හොදයි :)
තේරුනා නේ අක්කේ. තව ඉස්සරහට මේවගේ පෝස්ට් අක්කෑ බ්ලොග් එකෙත් ලියවෙයි ! :)

@ChammA :
අපොයි ඔවු. අපේ මාමලෙ පොඩි එවුන් කටත් ඇරෙගෙනම රෙස්ලින් බලනවා.

@Shani :
රවුම් මුරුක්කුත් මරු තමා ! මයේ කටට කෙලත් ඉනුවා !

මධුරංග said...

@Podi Kumarihami :
ඒ කාලෙත් කිව්වේ ? මම් තාමත් කරදර කරන නිසාද ?

@Sumith Niriella :
අම්මෝ ඒ පොඩ්ඩාත් එසේ මෙසේ පොඩ්ඩෙක් නෙමේ !

@ක්සැන්ඩර් | Xander :
පොඩි තාත්තලා ! මරු වචනේ !

මධුරංග said...

@ඔබ නොදු‍ටු ලොවක් :
කැප් රෝල් කියලා කිව්වේ කාටිස් දාලා වෙඩි තියන තුවක්කු වෙන්ටෑ. මාත් ඉස්සර ඉල්ලන්නෙම කාටිස් තුවක්කු !

@වින්චැට්කිරිල්ලි. :
ඒ මොකෑ ඒ ? මම් ඔය ඇහුවමයි !

@සුදු හංසි :
අපේ ගෙදර සිද්ද වෙන දේ අනිත් පැත්ත තමා අක්කලෑ දිහා වෙන්නේ. හික්ස් :)
අක්කලෑ අම්මා ඒ තරමට ආසද රටකජු කන්න !

මධුරංග said...

@හිතහොඳ පිස්සා :
කවුරු කවුරුත් පොඩි කාලේ ඔහොම වෙන්ටෑ. :)
මාත් ඉස්සර දකින දකින දේ ඉල්ලලා අඬනවා !

@Gimhani :
ඒ ඉතින් පොඩි කාලේ නේ. දැන් නම් එහෙම නෑ !!

@සිත්රූ සිහින :
අර බැදපු කඩල ! බැදපු කඩල වගේ තමා මික්චරුත් නියමයි !

නන්ඳු said...

හිහිහී.. ඇත්ත නේන්නම්..:D පුංචි කාලෙ අපි එහෙම වික්ෂෝප වුණාට දැන්කාලෙ පොඩිවුන්...

මධුරංග said...

@පැන්ඩා :
අපි නෝන්ඩි වෙනවදත් කියලා අහනවා. දැන් ඉන්න අයට මාර විචාර බුද්ධියක් තියෙන්නේ !

@Anonymous :
අපේ අම්මා නම් මට ගෙනත් දෙන්නේ චූටිතරු පත්තරේ. ඒකේ වැඩ ටිකට මම මාර ආසයි. ඊට පස්සේ ගත්තේ බින්දු පත්තරේ. ඒක නම් සෑහෙන කාලයක් ගත්තට පස්සේ මම් කියෙව්වේ විජය පත්තරේ.

ඔන්න ඔහොම තමා මම් කියවපු පත්තර ලැයිස්තුව හැදෙන්නේ. ඉස්සර මාගේ මතකයනුත් මේ කමෙන්ට් එකෙන් මතක් උනා !!

කමෙන්ට් එකට බොහොම ස්තුතියි ඇනෝ !!!!

හිතුවක්කාරි said...

නෑ..නෑ..නුගේගොඩ නෙවෙයි..:/ මෙයාට මොක කිව්වත් නුගේගොඩමයි :p

~~තරූගේ ලෝකය~~; said...

හිකිස්.....මරු පොඩි එකා...

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.