ගෙවී ගිය සතිය මහ පුදුම සතියක් ! මාර වැඩ කන්දරාවක් තිබ්බේ ! ඒ නිසා ගොඩක් කට්ටියගේ පෝස්ට් කියවන්න වෙලාව හොයාගන්න බැරි උනා. අද නිවාඩු දවසේ ඒ ටික කියවන්න හිතන් ඉන්නේ. :)
ගිය සතියේ දවසක දවල් කෑම එක ඔතලා තිබ්බ පත්තර කොළයක් කියවන්න ලැබුනා. මම් ඉතින් ඔහොම පත්තරයක් කියෙව්වොත් මිසක් පත්තර හොයාගෙන ගිහින් කියවන එකක් යෑ.
ඒ පත්තර කෑල්ලේ තිබ්බේ මේකයි.
බල්ලෝ, මස් කටු කන්න ගොඩක් ආසයි කියලා කවුරුත් දන්නවනේ. සමහර මාස ගනන් පරණ, මස් කඳුලක්වත් නැති මස් කටු රහ කර කර කනවා දැකලා ඇති නේ.මටත් ඔහොම මස් කට්ටක් කන බල්ලෙක්ව දැක්කම හිතෙනවා මොනාට මෙච්චර අමාරුවෙන් මේක කනවද කියලා.
බල්ලා ඔය මස්කට්ට හපනකොට මස් කටුවයි උගේ විදුරුමහයි එකට තද වෙලා විදුරු මහ තැලෙනවලු. ඊට පස්සේ විදුරුමහ තැලිච්ච තැන්වලින් ලේ ගලනවා. ඒ ගලන ලේවල රහ බල්ලාගේම දිවට දැනනවා ලූ.එතකොට බල්ලා හිතන්නේ ඒ ලේ රහ එන්නේ මස්කට්ටෙන් කියලා ලූ.
ඒක ලූ ඌ පරණ මස් කට්ටක් උනත් රහ කර කර කන්නේ !!
ඇත්තද දන්නේ නෑ. :)
එහෙනම් ගිහින් එන්නම් !
-----------------------------------------------------------------------
ප.ලි. - ඉදලා ඉදලා බලු කතාවක් කිව්වද මන්දා !
සමහර මිනිස්සුත් ඔහොම වැඩ කරනවා නේද කියලා හිතුනා. තමාට රිදුනත් අනිත් අයට රිදෙනවා කියලා හිතාගෙන රස කර කර කොරන වවැඩවලින් අන්තිමට තුවාල වෙන්නේ ඒ අයටමයි.....
ReplyDeleteගොඩයා +++
ReplyDeleteමිනිස්සු උනත් මස් කන අය, කටු කන්න කැමතී ඒව රහ නිසා.අහල බලන්ඩකො කුකුල්මස් කන අයගෙන් එහෙම.ගොඩක් අය කැමති අර ප්ලාස්ටික් කෑලි වගේ තියන කාටිලේජ කන්න.
ReplyDeleteහ්ම්ම්.. පව් අප්පා.. එහෙම හිතාගෙන නම් මස් කටු කන්නේ බල්ලා පවු.. :P
ReplyDeleteබත් ඔතලා තියන පත්තර කොලේ කියවලා මෙහෙම නම්, හැමදාම පත්තරයක් කියෙව්වොත් මෙයා මොනවා හොයාගනීද දන්නේ නෑ. :D
ReplyDeleteවෙලාවකට හිතෙනවා අපිත් බල්ලො වගේද කියලා
ReplyDeleteපරණ කුණු ගොඩක් ඇදගත්තම රස කර කර ඉන්න පුළුවන්
බලද්දී වෙලාව ගිහින් තියෙන්නෙ අපේමයි
mallith kohena hari ela kathawak hoyagannawa neh... hondai hondai...
ReplyDeleteමං හිතන්නේ උන්ට කටට එක්සසයිස් දෙන්න ඕන උනාම පරණ මස් කටු කනවා ඇති... :)
ReplyDeleteදැන්නං මේ යන විදිහට කට්ටක්වත් කන්න ඉතුරු වෙයිද මන්දා..........
ReplyDeleteකටු කන එවුන්ගෙන් තමයි බේරෙන්න බැරි.......
ReplyDeleteනියම කතාව ඈ........
ReplyDeleteඋන්ට තේරුන දවසට ලැජ්ජා හිතෙයි නේ..... පවු අප්පා :)
ඇත්ත වෙන්නැති, මමත් ඔය කතාව අහලා තියෙනවා. ඒ වුණාට කටු කන එවුන් තමයි සැරයි කියන්නේ කොතැනත්... සැර වැඩිද මන්දා!
ReplyDeleteමමත් හරි ආසයි කටු කන්ඩ...
ReplyDeleteදැන් කියපල්ලා මම් බල්ලෙක් කියලා..
මාත් අහල තියෙනවා... මිනිස්සුත් වෙලාවකට බලු වෙනවා ...
ReplyDeleteමම් ඉතින් ඔහොම පත්තරයක් කියෙව්වොත් මිසක් පත්තර හොයාගෙන ගිහින් කියවන එකක් යෑ.
ReplyDeleteපත්තර කියවන්න ඕන.
ඒ කතාවනම් ඇත්ත වගේ.. අර ටින් ටින් එකේ ස්නොවිත් හැමවෙලේම මස් නැති මස් කට්ටක්නෙ හපන්නේ
ReplyDeleteබුදු දහමේ කාමයේ ආදීනවයක් ලෙස බල්ලා සහ මස් කටුවේ උදාහරණය ගෙනහැර පානවා
ReplyDeleteමම අහලා තියෙන්නෙ උන්ගෙ විදුරුමහට සහ දත්වලට ඕනි ව්‍යායාම නිසයි කියලා..මේ කතාව වෙන්නත් පුළුවන්..
ReplyDeleteගොඩයා ++++++++
ReplyDeleteකිරිපුතා +++++++
අඩේ සිරා කතාව.ඇත්ත වෙන්නත් පුලුවන්.
ReplyDeleteකට්ටිය කතා ගොඩක් කිව්වට මන්නම් දකින්නේ අසරණ බල්ලා දිහා බලන්න සල්ලි බාගේ තියෙන ගෙදරක බල්ලන්ට කටු නැති මස්(බෝන්ලස්) දවස ගානේ ඒත් පාරේ ඉන්න සහ දුප්පත් ගෙවල් වල ඉන්න බල්ලන්ට ඔය සිද්දය තමා
ReplyDeleteහික්... :D
ReplyDeleteමම නං ඔය කතාව පිළිගන්නේ නැහැ. විදුරුමහ තුවාල වෙනකොට බල්ලට රිදෙන්නේ නැහැ කියල හිතන්න බැහැ නේ.
ReplyDeleteබල්ලා මස් කටු කෑම ඌට පරිණාමිකව උරුම වූ දෙයක්. උගේ පරිණාමික අවධියේදී ආහාර හිඟ කාල වල දිවි රැක ගැනීමට මස් කටු හෝ කන්න ඌට සිද්ධ උනා. ඒ වගේම තම ස්වාමියා වූ මිනිසාගෙනුත් ඌට ලැබුනේ අන්තිමට ඉතුරු වූ මස් කට්ට තමයි. ඉතින් මස් කටු කන බල්ලෝ තමා ස්වභාවික වරණයේදී වඩාත් උන්නතියට ලක් උනේ. උන්ගෙන් පැවත එන වර්තමාන බල්ලන්ගේ ජාන වල මේ මස් කටු කෑමේ ආසාව තියෙනවා. ඉතින් වෙන හොඳ කෑම තිබ්බත් මස් කට්ටටම බල්ලා ඇදෙන්නේ ඒ නිසා.
ඇත්ත වෙන්න ඇති මචං සීන් එක. අර ටිං ටිං එකේ ස්නෝවි හැමදාම කන්නේ පරන කට්ටක් නොවැ. සූර පප්පගෙ චූටි කුකූත් එහෙමයි නොවැ.. :))
ReplyDeleteහී හී අයියටත් පට්ට ටොක් තමයි මීටර් වෙන්නේ.... නියම අයිඩීයා එක..
ReplyDeleteඒක තමයි අපේ ගොඩක් කට්ටිය කටු කන්න මෙච්චර කැමති..
ReplyDeleteඅනේ මන්ද..අර බලු-පූස් කෑම තියන කඩවල තියෙන්නෙ එක එක වර්ගවල කටු..හම්,ප්ලාස්ටික්,රබර්,මේවත් උන් හප හප ඉන්නෙ පිස්සුවෙන් වගේ......
ReplyDeleteඔයත් ඉතින් සොයන් එන ඒවා . කොහොම උනත් ඇත්ත වෙන්න පුළුවන්.
ReplyDeleteකට්ටක මස් නැතුවත් කන්න කොච්චර දේවල් තියෙනවද බං..
ReplyDeleteකට්ට ජොයින්ට් වෙන තැනක එකක්නම් කාටිලේජ තියනවා..කටස් කටස් ගාලා හැපෙන්නෙ එව්වනෙ..ඊට යටින් කට්ටෙම තියෙන කලු පාට හරියේ පිටි වගේ ගතියක් තියෙනවා..ඒක හරියට කෙළවල්ලා මාළුන්ගෙ කළු පාට හරියෙ රහ වගේයි..
ඇයි මැද්දෙ තියෙන 'මැරබෝන්' පට්ටම රහයි..
හෆ්ෆා මාර කතාවක්නෙ... :D අපේ ගෙදරට අලුතෙන් ගෙනාව බව්වා පැට්ටා "ටිමී" .ඌ ගෙදර තියන පුටු,මේස වල කකුලුත් හපනවා, සූප්පු කරනවා. ඒ මදිවට මගේ හොදම සෙරප්පු දෙකකුත් කාලා..:@ ඌට මොන රහක් එනවද දන්නෙ නෑ එව්වාගෙන්..
ReplyDeleteඇත්ත වෙන්න පුළුවන්. මොකද බොරු වුනත් බල්ලා හිතන දේ අහන්න පුලුවනැයි ?
ReplyDeleteඅපේ කළුව නං පරණ කටු කන්න එච්චර කැමති නෑ වගේ, මොකද දන්නෑ
ReplyDeleteබල්ලෙක්ගෙන්ම තමා අහල බලන්න වෙන්නේ.
ReplyDeleteහී..
ReplyDeleteමාත් ඔය කතාව අහල තියේ..!!!!
කොහොමද කටු කාල බුරන විදිය..........
ReplyDelete@ගොඩයා :
ReplyDeleteමාත් ඔය කතාවට එකඟයි !!!
@න දී :
මාත් ++++
@කපිකේකි :
පෙරේති !!!
මට හිතා ගන්න පුලුවන් ඔහේ කෙල හල හල කාටිලේජ කන හැටි ! හික්ස් :)
@ප්‍රාර්ථනා :
ReplyDeleteබල්ලා පවු නේන්නම් !!
@Praveena Palipana :
අපොයි අම්මේ. ඔහේට තියෙන ප්‍රශ්න !!
අනිවාර්යෙන්ම අක්කා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි !
@"සොඳුරු මිනිසා" :
සොදුරු මිනිසා හිතන විදිහ මරු ! මම් ඒ කාලේ ඉදන් ඔහොම හිතන විදිහට ලයික් ය.
@prasanna86k :
ReplyDeleteඒකනේ.
අද මොකෝ ඉංග්‍රිසියෙන් කමෙන්ට් ??
@සයුරි :
එක්සසයිස් ?? හික්ස් :)
අපේ අක්කණ්ඩිත් හිතන විදිහ !
@දිනුක :
අපොයි ඔවු ! ඉතුරු උනොත් පුදුමයි !
@කිරිපුතා :
ReplyDeleteඒක හරි කිරිපුතේ !
@බීටා :
වලක් හාරන් ඔලුව ඔබාගනී ද දන්නේ නෑ.
@ලහිරු :
කොතනත් කටු කන එවුන් තමා සැර වැඩිම !!!
@හරී :
ReplyDeleteබල්ලෙක් ය කියලා කියන්නෙමත් නෑ නැත්තෙත් නෑ. හික්ස් :)
මාත් කටු කන්ඩ ආසයි !
@Shani :
හ්ම්... කතාව ඇත්ත නඟේ !
@රාජ් :
ඉස්කෝලේ යන කාලේ නම් පත්තර හොයාගෙන කියෙව්වා. දැන් නම් පත්තර කියවනවට වඩා වීඩියෝ තමා බලන්නේ.:)
@වර්ණා :
ReplyDeleteටින් ටින් එකේ ස්නෝවිට කෞතුකාගාරයක තිය ඇට සැකිල්ලක්වත් පෙන්නන්න බෑ නෙව.
@Anonymous :
සහතික ඇත්ත ඇනෝ !!
@Weni :
දන්න ඈයොත් කියන නිසා කතාව ඇත්ත වෙන්ඩ පුලුවන් !
@ක්සැන්ඩර් | Xander :
ReplyDelete+++++++
@නදීර සඳරුවන් ලියනගේ :
ඇත්ත වෙන්න ඇති !
@නිශාන් ද සිල්වා :
වෙනස්ම විදිහකට හිතෙන කොල්ලෙක් !
ඒකත් ඇත්ත තමා !
@සෝරෝ :
ReplyDeleteමොකෝ හික් :)
@පොත් ගුල්ලා :
අයියෑ කමෙන්ට් එකෙන් හැමදාම මට හිතන්න දෙයක් ඉතුරු කරනවා. අදත් එහෙමයි. අයියෑ කතාවත් ඇත්ත වෙන්න පුලුවන්. විදුරුමහ තුවාල උනාම සතාට රිදෙන්නේ නෑ කියලා කියන්න පුලුවනෑ.
@sAm (සෑම්) :
සූර පප්පෑ චූටි කුකූට මස් කට්ට හරි ඉතුරු උනොත් මදෑ. අරුන් දෙන්නා මහ බඩජාරි දෙන්නෙක් නේ
@....ජනියා.... :
ReplyDeleteමම කියපු දෙයක් නෙමේ මලේ ! පත්තර පිටුවක දැක්ක දෙයක් !
@Dinesh :
හික්ස් :) ඒක නේන්නම්
@වින්චැට්කිරිල්ලි. :
හමුත් කනවද ? අපෝ එවුන් නොකන ජරාවක් නෑ නෙව !
@Gimhani :
ReplyDeleteඉදලා හිටලා ඔය වගේ දේවලුත් හම්බ වෙනවා !
@හරී :
මගේ කාට කෙලත් ඉනුවා. අඩේ එහෙම මැරබෝන් කාපු කාලයක් මතක නෑ. ඒ මස් ජාති ගන්නේ නෑ නෙව.
@හිතුවක්කාරි :
ආහ් ඒ එක එක ජාති කන්නේ ඌට එක එක විටමින් අඩු උනාම ! ඒ ගැනත් මම් ඉදිරියේදි ලියන්නම් !
@පැතුම් [සිතුම් පැතුම්] :
ReplyDeleteඒක හරි ! බල්ලට කතා කරන්න පුලුවන් ඈ
@Observer :
මාමලෑ ඕස්ට්‍රේලියාවේ ගෙදරත් බල්ලෙක් ඉන්නවද කළුවා කියලා ?
@පැණි දොඩම් :
අහලා කියන්නම් !
@චතූ...... :
ReplyDeleteකතාව ඇත්තද මලේ ?
@හිතහොඳ පිස්සා :
ඒක තමා එපාම කරපු වැඩේ !!
කාලා බලන්න ඕනේ....
ReplyDeleteබල්ලො විතරයෑ...සමහර මිනිස්සුත් ඔහොමමනේ...
ReplyDeleteඅඩේ මේකනම් ඇත්ත වෙන්න ඇති...
ReplyDeleteමමත් ඒ කතාව අහල තියෙනවා.මෙලෝ රහක් නැති කෑම රහා කර කර කන්නේ පෙස්සුවකටයෑ
ReplyDeleteඅනේ මන්දා...ඇත්ත කතාවක් වගේ මධුරංග කියන්නෙ....
ReplyDelete