18 February 2012

බල්ලා සහ මස්කටුව

ගෙවී ගිය සතිය මහ පුදුම සතියක් ! මාර වැඩ කන්දරාවක් තිබ්බේ ! ඒ නිසා ගොඩක් කට්ටියගේ පෝස්ට් කියවන්න වෙලාව හොයාගන්න බැරි උනා. අද නිවාඩු දවසේ ඒ ටික කියවන්න හිතන් ඉන්නේ. :)

ගිය සතියේ දවසක දවල් කෑම එක ඔතලා තිබ්බ පත්තර කොළයක් කියවන්න ලැබුනා. මම් ඉතින් ඔහොම පත්තරයක් කියෙව්වොත් මිසක් පත්තර හොයාගෙන ගිහින් කියවන එකක් යෑ.

ඒ පත්තර කෑල්ලේ තිබ්බේ මේකයි.

බල්ලෝ, මස් කටු කන්න ගොඩක් ආසයි කියලා කවුරුත් දන්නවනේ. සමහර මාස ගනන් පරණ, මස් කඳුලක්වත් නැති මස් කටු රහ කර කර කනවා දැකලා ඇති නේ.මටත් ඔහොම මස් කට්ටක් කන බල්ලෙක්ව දැක්කම හිතෙනවා මොනාට මෙච්චර අමාරුවෙන් මේක කනවද කියලා.

බල්ලා ඔය මස්කට්ට හපනකොට මස් කටුවයි උගේ විදුරුමහයි එකට තද වෙලා විදුරු මහ තැලෙනවලු. ඊට පස්සේ විදුරුමහ තැලිච්ච තැන්වලින් ලේ ගලනවා. ඒ ගලන ලේවල රහ බල්ලාගේම දිවට දැනනවා ලූ.එතකොට බල්ලා හිතන්නේ ඒ ලේ රහ එන්නේ මස්කට්ටෙන් කියලා ලූ.

ඒක ලූ ඌ පරණ මස් කට්ටක් උනත් රහ කර කර කන්නේ !!

ඇත්තද දන්නේ නෑ. :)

එහෙනම් ගිහින් එන්නම් !
-----------------------------------------------------------------------
ප.ලි. - ඉදලා ඉදලා බලු කතාවක් කිව්වද මන්දා !

52 comments:

  1. සමහර මිනිස්සුත් ඔහොම වැඩ කරනවා නේද කියලා හිතුනා. තමාට රිදුනත් අනිත් අයට රිදෙනවා කියලා හිතාගෙන රස කර කර කොරන වවැඩවලින් අන්තිමට තුවාල වෙන්නේ ඒ අයටමයි.....

    ReplyDelete
  2. කපිකේකිFebruary 18, 2012 at 9:59 AM

    මිනිස්සු උනත් මස් කන අය, කටු කන්න කැමතී ඒව රහ නිසා.අහල බලන්ඩකො කුකුල්මස් කන අයගෙන් එහෙම.ගොඩක් අය කැමති අර ප්ලාස්ටික් කෑලි වගේ තියන කාටිලේජ කන්න.

    ReplyDelete
  3. හ්ම්ම්.. පව් අප්පා.. එහෙම හිතාගෙන නම් මස් කටු කන්නේ බල්ලා පවු.. :P

    ReplyDelete
  4. බත් ඔතලා තියන පත්තර කොලේ කියවලා මෙහෙම නම්, හැමදාම පත්තරයක් කියෙව්වොත් මෙයා මොනවා හොයාගනීද දන්නේ නෑ. :D

    ReplyDelete
  5. වෙලාවකට හිතෙනවා අපිත් බල්ලො වගේද කියලා
    පරණ කුණු ගොඩක් ඇදගත්තම රස කර කර ඉන්න පුළුවන්
    බලද්දී වෙලාව ගිහින් තියෙන්නෙ අපේමයි

    ReplyDelete
  6. mallith kohena hari ela kathawak hoyagannawa neh... hondai hondai...

    ReplyDelete
  7. මං හිතන්නේ උන්ට කටට එක්සසයිස් දෙන්න ඕන උනාම පරණ මස් කටු කනවා ඇති... :)

    ReplyDelete
  8. දැන්නං මේ යන විදිහට කට්ටක්වත් කන්න ඉතුරු වෙයිද මන්දා..........

    ReplyDelete
  9. කටු කන එවුන්ගෙන් තමයි බේරෙන්න බැරි.......

    ReplyDelete
  10. නියම කතාව ඈ........
    උන්ට තේරුන දවසට ලැජ්ජා හිතෙයි නේ..... පවු අප්පා :)

    ReplyDelete
  11. ඇත්ත වෙන්නැති, මමත් ඔය කතාව අහලා තියෙනවා. ඒ වුණාට කටු කන එවුන් තමයි සැරයි කියන්නේ කොතැනත්... සැර වැඩිද මන්දා!

    ReplyDelete
  12. මමත් හරි ආසයි කටු කන්ඩ...

    දැන් කියපල්ලා මම් බල්ලෙක් කියලා..

    ReplyDelete
  13. මාත් අහල තියෙනවා... මිනිස්සුත් වෙලාවකට බලු වෙනවා ...

    ReplyDelete
  14. මම් ඉතින් ඔහොම පත්තරයක් කියෙව්වොත් මිසක් පත්තර හොයාගෙන ගිහින් කියවන එකක් යෑ.
    පත්තර කියවන්න ඕන.

    ReplyDelete
  15. ඒ කතාවනම් ඇත්ත වගේ.. අර ටින් ටින් එකේ ස්නොවිත් හැමවෙලේම මස් නැති මස් කට්ටක්නෙ හපන්නේ

    ReplyDelete
  16. බුදු දහමේ කාමයේ ආදීනවයක් ලෙස බල්ලා සහ මස් කටුවේ උදාහරණය ගෙනහැර පානවා

    ReplyDelete
  17. මම අහලා තියෙන්නෙ උන්ගෙ විදුරුමහට සහ දත්වලට ඕනි ව්‍යායාම නිසයි කියලා..මේ කතාව වෙන්නත් පුළුවන්..

    ReplyDelete
  18. ගොඩයා ++++++++
    කිරිපුතා +++++++

    ReplyDelete
  19. අඩේ සිරා කතාව.ඇත්ත වෙන්නත් පුලුවන්.

    ReplyDelete
  20. කට්ටිය කතා ගොඩක් කිව්වට මන්නම් දකින්නේ අසරණ බල්ලා දිහා බලන්න සල්ලි බාගේ තියෙන ගෙදරක බල්ලන්ට කටු නැති මස්(බෝන්ලස්) දවස ගානේ ඒත් පාරේ ඉන්න සහ දුප්පත් ගෙවල් වල ඉන්න බල්ලන්ට ඔය සිද්දය තමා

    ReplyDelete
  21. මම නං ඔය කතාව පිළිගන්නේ නැහැ. විදුරුමහ තුවාල වෙනකොට බල්ලට රිදෙන්නේ නැහැ කියල හිතන්න බැහැ නේ.
    බල්ලා මස් කටු කෑම ඌට පරිණාමිකව උරුම වූ දෙයක්. උගේ පරිණාමික අවධියේදී ආහාර හිඟ කාල වල දිවි රැක ගැනීමට මස් කටු හෝ කන්න ඌට සිද්ධ උනා. ඒ වගේම තම ස්වාමියා වූ මිනිසාගෙනුත් ඌට ලැබුනේ අන්තිමට ඉතුරු වූ මස් කට්ට තමයි. ඉතින් මස් කටු කන බල්ලෝ තමා ස්වභාවික වරණයේදී වඩාත් උන්නතියට ලක් උනේ. උන්ගෙන් පැවත එන වර්තමාන බල්ලන්ගේ ජාන වල මේ මස් කටු කෑමේ ආසාව තියෙනවා. ඉතින් වෙන හොඳ කෑම තිබ්බත් මස් කට්ටටම බල්ලා ඇදෙන්නේ ඒ නිසා.

    ReplyDelete
  22. ඇත්ත වෙන්න ඇති මචං සීන් එක. අර ටිං ටිං එකේ ස්නෝවි හැමදාම කන්නේ පරන කට්ටක් නොවැ. සූර පප්පගෙ චූටි කුකූත් එහෙමයි නොවැ.. :))

    ReplyDelete
  23. හී හී අයියටත් පට්ට ටොක් තමයි මීටර් වෙන්නේ.... නියම අයිඩීයා එක..

    ReplyDelete
  24. ඒක තමයි අපේ ගොඩක් කට්ටිය කටු කන්න මෙච්චර කැමති..

    ReplyDelete
  25. අනේ මන්ද..අර බලු-පූස් කෑම තියන කඩවල තියෙන්නෙ එක එක වර්ගවල කටු..හම්,ප්ලාස්ටික්,රබර්,මේවත් උන් හප හප ඉන්නෙ පිස්සුවෙන් වගේ......

    ReplyDelete
  26. ඔයත් ඉතින් සොයන් එන ඒවා . කොහොම උනත් ඇත්ත වෙන්න පුළුවන්.

    ReplyDelete
  27. කට්ටක මස් නැතුවත් කන්න කොච්චර දේවල් තියෙනවද බං..

    කට්ට ජොයින්ට් වෙන තැනක එකක්නම් කාටිලේජ තියනවා..කටස් කටස් ගාලා හැපෙන්නෙ එව්වනෙ..ඊට යටින් කට්ටෙම තියෙන කලු පාට හරියේ පිටි වගේ ගතියක් තියෙනවා..ඒක හරියට කෙළවල්ලා මාළුන්ගෙ කළු පාට හරියෙ රහ වගේයි..

    ඇයි මැද්දෙ තියෙන 'මැරබෝන්' පට්ටම රහයි..

    ReplyDelete
  28. හෆ්ෆා මාර කතාවක්නෙ... :D අපේ ගෙදරට අලුතෙන් ගෙනාව බව්වා පැට්ටා "ටිමී" .ඌ ගෙදර තියන පුටු,මේස වල කකුලුත් හපනවා, සූප්පු කරනවා. ඒ මදිවට මගේ හොදම සෙරප්පු දෙකකුත් කාලා..:@ ඌට මොන රහක් එනවද දන්නෙ නෑ එව්වාගෙන්..

    ReplyDelete
  29. ඇත්ත වෙන්න පුළුවන්. මොකද බොරු වුනත් බල්ලා හිතන දේ අහන්න පුලුවනැයි ?

    ReplyDelete
  30. අපේ කළුව නං පරණ කටු කන්න එච්චර කැමති නෑ වගේ, මොකද දන්නෑ

    ReplyDelete
  31. බල්ලෙක්ගෙන්ම තමා අහල බලන්න වෙන්නේ.

    ReplyDelete
  32. හී..
    මාත් ඔය කතාව අහල තියේ..!!!!

    ReplyDelete
  33. කොහොමද කටු කාල බුරන විදිය..........

    ReplyDelete
  34. @ගොඩයා :
    මාත් ඔය කතාවට එකඟයි !!!

    @න දී :
    මාත් ++++

    @කපිකේකි :
    පෙරේති !!!
    මට හිතා ගන්න පුලුවන් ඔහේ කෙල හල හල කාටිලේජ කන හැටි ! හික්ස් :)

    ReplyDelete
  35. @ප්‍රාර්ථනා :
    බල්ලා පවු නේන්නම් !!

    @Praveena Palipana :
    අපොයි අම්මේ. ඔහේට තියෙන ප්‍රශ්න !!
    අනිවාර්යෙන්ම අක්කා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි !

    @"සොඳුරු මිනිසා" :
    සොදුරු මිනිසා හිතන විදිහ මරු ! මම් ඒ කාලේ ඉදන් ඔහොම හිතන විදිහට ලයික් ය.

    ReplyDelete
  36. @prasanna86k :
    ඒකනේ.
    අද මොකෝ ඉංග්‍රිසියෙන් කමෙන්ට් ??

    @සයුරි :
    එක්සසයිස් ?? හික්ස් :)
    අපේ අක්කණ්ඩිත් හිතන විදිහ !

    @දිනුක :
    අපොයි ඔවු ! ඉතුරු උනොත් පුදුමයි !

    ReplyDelete
  37. @කිරිපුතා :
    ඒක හරි කිරිපුතේ !

    @බීටා :
    වලක් හාරන් ඔලුව ඔබාගනී ද දන්නේ නෑ.

    @ලහිරු :
    කොතනත් කටු කන එවුන් තමා සැර වැඩිම !!!

    ReplyDelete
  38. @හරී :
    බල්ලෙක් ය කියලා කියන්නෙමත් නෑ නැත්තෙත් නෑ. හික්ස් :)
    මාත් කටු කන්ඩ ආසයි !

    @Shani :
    හ්ම්... කතාව ඇත්ත නඟේ !

    @රාජ් :
    ඉස්කෝලේ යන කාලේ නම් පත්තර හොයාගෙන කියෙව්වා. දැන් නම් පත්තර කියවනවට වඩා වීඩියෝ තමා බලන්නේ.:)

    ReplyDelete
  39. @වර්ණා :
    ටින් ටින් එකේ ස්නෝවිට කෞතුකාගාරයක තිය ඇට සැකිල්ලක්වත් පෙන්නන්න බෑ නෙව.

    @Anonymous :
    සහතික ඇත්ත ඇනෝ !!

    @Weni :
    දන්න ඈයොත් කියන නිසා කතාව ඇත්ත වෙන්ඩ පුලුවන් !

    ReplyDelete
  40. @ක්සැන්ඩර් | Xander :
    +++++++

    @නදීර සඳරුවන් ලියනගේ :
    ඇත්ත වෙන්න ඇති !

    @නිශාන් ද සිල්වා :
    වෙනස්ම විදිහකට හිතෙන කොල්ලෙක් !
    ඒකත් ඇත්ත තමා !

    ReplyDelete
  41. @සෝරෝ :
    මොකෝ හික් :)

    @පොත් ගුල්ලා :
    අයියෑ කමෙන්ට් එකෙන් හැමදාම මට හිතන්න දෙයක් ඉතුරු කරනවා. අදත් එහෙමයි. අයියෑ කතාවත් ඇත්ත වෙන්න පුලුවන්. විදුරුමහ තුවාල උනාම සතාට රිදෙන්නේ නෑ කියලා කියන්න පුලුවනෑ.

    @sAm (සෑම්) :
    සූර පප්පෑ චූටි කුකූට මස් කට්ට හරි ඉතුරු උනොත් මදෑ. අරුන් දෙන්නා මහ බඩජාරි දෙන්නෙක් නේ

    ReplyDelete
  42. @....ජනියා.... :
    මම කියපු දෙයක් නෙමේ මලේ ! පත්තර පිටුවක දැක්ක දෙයක් !

    @Dinesh :
    හික්ස් :) ඒක නේන්නම්

    @වින්චැට්කිරිල්ලි. :
    හමුත් කනවද ? අපෝ එවුන් නොකන ජරාවක් නෑ නෙව !

    ReplyDelete
  43. @Gimhani :
    ඉදලා හිටලා ඔය වගේ දේවලුත් හම්බ වෙනවා !

    @හරී :
    මගේ කාට කෙලත් ඉනුවා. අඩේ එහෙම මැරබෝන් කාපු කාලයක් මතක නෑ. ඒ මස් ජාති ගන්නේ නෑ නෙව.

    @හිතුවක්කාරි :
    ආහ් ඒ එක එක ජාති කන්නේ ඌට එක එක විටමින් අඩු උනාම ! ඒ ගැනත් මම් ඉදිරියේදි ලියන්නම් !

    ReplyDelete
  44. @පැතුම් [සිතුම් පැතුම්] :
    ඒක හරි ! බල්ලට කතා කරන්න පුලුවන් ඈ

    @Observer :
    මාමලෑ ඕස්ට්‍රේලියාවේ ගෙදරත් බල්ලෙක් ඉන්නවද කළුවා කියලා ?

    @පැණි දොඩම් :
    අහලා කියන්නම් !

    ReplyDelete
  45. @චතූ...... :
    කතාව ඇත්තද මලේ ?

    @හිතහොඳ පිස්සා :
    ඒක තමා එපාම කරපු වැඩේ !!

    ReplyDelete
  46. කාලා බලන්න ඕනේ....

    ReplyDelete
  47. බල්ලො විතරයෑ...සමහර මිනිස්සුත් ඔහොමමනේ...

    ReplyDelete
  48. අඩේ මේකනම් ඇත්ත වෙන්න ඇති...

    ReplyDelete
  49. මමත් ඒ කතාව අහල තියෙනවා.මෙලෝ රහක් නැති කෑම රහා කර කර කන්නේ පෙස්සුවකටයෑ

    ReplyDelete
  50. අනේ මන්දා...ඇත්ත කතාවක් වගේ මධුරංග කියන්නෙ....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.