24 February 2012

මැරෙන මොහොතේ සිතුවිල්ල

අපි මලාම කොහේටද යන්නේ ? පින් කරපු හැමෝම මැරුනම දිව්‍ය ලෝකයේ යනවද ? පවු කරපු හැමෝම මැරුනම අපායේ යනවද ?

කෙනෙක් ජීවත් වෙලා ඉන්නැද්දි ගොඩක් පින් කරලා තිබුනට මැරුනට පස්සේ ඒ කෙනා නරක තැනක ආයෙම උපදින්නත්, කෙනෙක් ජීවත් වෙලා ඉන්නැද්දි ගොඩක් පවු කරලා තිබුනත් මලාට පස්සේ හොද තැනක උපදින්නත් ඒ කෙනා මැරෙන මොහොතේ හිතේ උපදින සිතුවිලි සමුදාය බලපානවා !

අපි කොච්චර පින් කලත් සමහර විට මැරෙන මොහොතේ හිතේ ඇතිවෙන සිතුවිලි වලින් නරක තැනක උපදින්නත් ඉඩ කඩ තියෙනවා !

එහෙම නම් පින් කරලා වැඩක් තියේ යෑ !!!!

නෑ... නරක තැනක ඉපදුනත් පින් කරලා තියෙනවා නම් දුකක් නැතුව සැප විඳින්න ඉඩකඩ තියෙනවා. මැරෙන මොහොතේ හිතේ ඉපදෙන සිතුවිල්ල හන්දා ඊලඟ ආත්මේ සත්ව ආත්මයක ඉපදුනත් පින් කරලා තියේ නම් සැප විඳින්න පුලුවන් !

ඒ නිසා කොච්චර පින් කලත් මැරෙන මොහොතේ හිතේ සිතුවිල්ල යහපත්ව තියාගන්න එක වටිනවා !

සියළු දෙනාට තෙරුවන් සරණයි !
-------------------------------------------------------------------

ප.ලි. - මහා කම්ම විභංග සූත්‍ර දේශනාවේ තිබ්බ මේ කරුණු ටික ලංකාවේ වෙලාවෙන් අද හවස 6ට බෞද්ධයා ගුවන් විදුලියේ විකාශනය වෙච්ච ධර්ම දේශනයකින් අහන්න ලැබුනා.

ප.ප.ලි.- කොළඹින් FM 104.5MHz, කන්ද උඩරටින් FM 95.5MHz, රුහුණෙන් FM 99.0 MHz, යන සංඛ්‍යාත වලින් බෞද්ධයා ගුවන් විදුලිය සුසර කරගන්න පුලුවන්.

ප.ප.ලි.- මහා කම්ම විභංග සූත්‍රය ත්‍රිපිටකයෙන් කියවන්න මෙතන ක්ලික් කරන්න.

50 comments:

  1. //මැරෙන මොහොතේ හිතේ ඉපදෙන සිතුවිල්ල හන්දා ඊලඟ ආත්මේ සත්ව ආත්මයක ඉපදුනත් පින් කරලා තියේ නම් සැප විඳින්න පුලුවන් //

    මේක හරි...ඇමරිකාවේ ඉන්න බල්ලෝ එහෙම අපිට වඩා පින් කරලා තියනවා...

    ReplyDelete
  2. තව ටිකක් වැඩියෙන් ලිව්ව නම් මොකද වෙන්නෙ මේක... තව කරුණු ටිකක් එකතු කරලා එහෙම...

    ReplyDelete
  3. සාදු සාදු සාදු......අපිටනං බයවෙන්න දෙයක් නෑ ඕං.

    ReplyDelete
  4. අපිව දැනුවත් කලාට පින්.

    ReplyDelete
  5. වටින ධර්ම කරුණු ටිකක්..... මම තව ටිකක් එකතු කරන්නද? ඒ වගේම බුදුරජාණන් වහන්සේ/තිසරණය කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් කවදාවත් අසිහියෙන් මැරෙන්නෙ නෑ, ඒ කියන්නේ ශ්‍රද්ධානුසාරී/ධම්මානුසාරී අය !

    ReplyDelete
  6. නින්දෙදි මැරෙන එක හොඳයි...එහෙම නැත්නම් ක්ෂණයකින් .....එතකොට මොනවා හිතෙනවද කියලා දන්නේ නෑනෙ!

    ReplyDelete
  7. ආ...අයියත් දැන් හොද දැහැමි වෙලානෙ..:)

    ReplyDelete
  8. හරියට හරි මධුරංග,
    අපේ සිතුවිලි තියෙන්නෙ දම්වැලක පුරුක් ආකාරයෙන්, යමෙක් ජීවිත කාලය තුළදී කරන හොඳ ක්‍රියා සේම නරකත් මරනාසන්න මොහොතේ බලපානවා. මරනාසන්න මොහොහොතේ සිතේ උපන් සිතුවිල්ල තමයා ඊළඟ භවයට ගෙයන්නේ.

    මයමෙක් මියයන මොහොතේ ඔහුගේ සිත කයෙන් වෙනවා අපි මනෝකාය කියන්නේ ඒකටයි. සමහර වෙලාවට ඒ මනෝකාය ශරීරයෙන් ඉවත්වෙලා සතියක් පමණ යනතුරු.මියගිය පුද්ගලයාගේ ඉහළින් බඹ 03 විතර දුරින් තියනවා. ඊට පස්සේ තමයි මනෝකාය විශ්වයට ඇදිල යන්නේ.
    ආයෙමත් ආත්මයක අර මියයන මොහොතේ ඇතිවූ සිතුවිලි සමග නැවත ජීවි ආත්මයක පිළිසිඳගැනීමක් සිදුවෙනවා.
    මේක තමයි සංස‍ාර චක්‍රය.

    මේක දිගමාතෘකාවක් ගැඹුරින් සාකච්ඡා කළයුතුයි.

    ReplyDelete
  9. ඔයා කොහෙද යන්න ඉන්නේ.....????

    ReplyDelete
  10. අනේ මන්දා මලේ..මොනවා කියන්නද?
    තැන්කූ විස්තර බෙදාගත්තට..

    ReplyDelete
  11. මැරෙන එකත් පණ යන වැඩක්! කතන්දරකාරයා ගේ සෑබෑ අත්දැකීමක් ඇසුරෙනි - Near death experience of Kathandarakaraya

    http://kathandara.blogspot.com.au/2011/05/near-death-experience-of.html

    ReplyDelete
  12. "මැරෙන මොහොතේ හිතේ ඉපදෙන සිතුවිල්ල හන්දා ඊලඟ ආත්මේ සත්ව ආත්මයක ඉපදුනත් පින් කරලා තියේ නම් සැප විඳින්න පුලුවන්"

    ඇත්ත මෙහේ ගෙවල් වල ඉන්න සත්තු දැක්කම හිතෙනවා අපි මොක්කුද කියලා..ඔය කියන විදිහට අපි ජිවත් වෙද්දි පව් කරලා මැරෙන මොහොතේ යහපත් සිතුවිල්ලක මැරුණ අය..

    ReplyDelete
  13. මේ අයියෙ... හොඳ සිතුවිලි ටිකක් හිතේ තියන් මැරෙන්නම්..මැරෙන වෙලාව දැන ගන්න විදියක් කියන්නකො ප්ලීස්...!!..:):)

    ReplyDelete
  14. ipod එක කනේ ගහගෙන ඉන්න ඕනේ බණ පදයක් අහගෙන මැරෙන මොහොතේ.....

    ReplyDelete
  15. සාධුකාරයක් දෙන්ට වටින පෝස්ට් ඒකක්. මැරෙන්ට ලංවෙලා ඉන්න සමහර ලෙඩ්ඩු ලඟට හාමුදුරුවරු ගෙන්නලා බණ කියන්නෙත්, පිරිත් කියවන්නෙත් මේ හන්දා වෙන්ටැති.

    කොහෙ යනවද දන්නේ නෑ, ආදරය කරන අය දාලා, යන්නේ තනියෙන් නේද කියලා හිතන කොට ටිකක් මොකක්ද, මොකක්ද වගේ.

    ReplyDelete
  16. මැරෙනව කියන්නෙත් එසේ මෙසේ ලේසි වැඩක් නෙවේ වගේ නෙද? අර බුකියෙ තියෙන ඇප්ලිකේශන් එකකින්වත් මැරෙන වෙලාව බලාගන්න ඔනෙ

    ReplyDelete
  17. ඇත්ත අයියේ, ඒත් අපි නොදැනුවත්වම ගොඩක් පවු රැස් කරගන්නව නේද මේ ඉන්න ටික කාලේ..

    ReplyDelete
  18. අපි සූටි පැටවු කාලේ දහම්පාසලේ දී ඕක ගැන සෑහෙන්ට කියලා දුන්නා මතකයි..... හනේ... මැරෙන වෙලාවේ මොනවා හිතෙයිද මංදා...

    ReplyDelete
  19. මොකෝ මේ එකපාරටම පිනක් දහමක් කරගන්න හිතුනේ :ඩි

    ReplyDelete
  20. දැන් කොච්චර පින් කලත් මැරෙන මොහොතෙ පව් සිතුවිල්ලක් පහල උනොත් නරක තැනකද උපදින්නෙ ....

    ඒ වගේම කොච්චර පව් කලත් මැරෙන මොහොතෙදි පින් අතේ සිතුවිල්ලක් පහල උනොත් හොඳ තැනකද උපදින්නෙ ....

    ටිකක් විතර ගැටළු සහගතයි .....

    ReplyDelete
  21. හදිසියෙ අපායෙ යන්න වුනොත් ප්‍රයෝජනේට ගන්න මෙන්න පොඩි ටිප් එකක්

    A man in Hell asked Devil:
    Can I make a call to my Wife?
    After making call he asked how much to pay.
    Devil : Nothing, Hell to hell is Free.

    ReplyDelete
  22. මැරුණම ඔක්කොම ගණුදෙනු ක්ලෝස් වෙන්නෙ නෑනෙ. ඒක තමයි සවුත්තුම වැඩේ.

    ReplyDelete
  23. @සයුරි :
    ඊලඟ ආත්මේ මනුස්සයෙක් වෙලා ඉපදෙන්න බැරි නම් ඇමරිකාවේ බල්ලෙක්වත් වෙලා ඉපදෙන්න ඕනා. හික්ස් :)
    "මනුස්සයෙක් වීමට පින් < ඇමරිකා බල්ලෙක් වීමට පින්"
    ද දන්නේ නෑ....

    @prasanna86k :
    තව ලියන්න නම් කරුණු තියෙනවා. මේක පැයක ධර්ම දේශනයක් නේ !
    ඒ උනාට ගොඩක් ලියලා කට්ටිය කියෙව්වේ නැත්නම්....

    @පැණි දොඩම් :
    ඒ මොකෑ බය වෙන්න දෙයක් නැත්තේ ?

    ReplyDelete
  24. මාත් මුරෙන වෙලාවට එලම් එකක්වත් තියන්න ඕනි.. :(

    ReplyDelete
  25. @කිරිපුතා :
    මම් ලියපු ධර්ම කාරණා කියෙව්වට ස්තුතියි කිරිපුතේ !

    @ලහිරු :
    ඒ නිසා පින් කරපු කෙනෙක් කවදාවත් මැරෙන වෙලාවට හිතේ නරක සිතුවිල්ලකින් මැරෙන්නේ නෑ කියන එක ඒකෙන්ම තීරණය වෙනවා.

    @Anonymous :
    බැරි වෙලාවකවත් මිනි මරන හීනයක් එහෙම දැක්කොත් !!

    ReplyDelete
  26. @හිතුවක්කාරි :
    අපි කෝමත් දැහැමින් සෙමින් ජීවත් වෙන අය හරි ය. :)

    @දයානන්ද රත්නායක :
    ගොඩක් ස්තුතියි වටිනා කාරණා කමෙන්ට් එකකින් එකතු කලාට. වෙලාවක් ලැබුන හැටියක ඔය දේවල් ලියන්න පුලුවන් නම් ගොඩක් වටීවි. පොඩි උත්සහයක් දාලා බලන්න !

    @Shani :
    මම් කොහේ යන්නද !!! මම් මේ වැඩ ඇරිලා ගෙදර එන ගමන් ! හික්ස් :)

    ReplyDelete
  27. ට්‍රයි කරන්නම් හැම වෙලේම හොද සිතුවිලි ඇති කරගන්න.

    ReplyDelete
  28. @රූ....:
    ධර්ම කාරණා බෙදාගත්ත තරමට ඒවායෑ ආනිසංස වැඩියි !

    @කතන්දර Kathandara :
    කතන්දර අයියා මැරෙන්න ගිය හැටිත් බලලා එන්නම්.

    @Dinesh :
    ඒකත් ඇත්ත නේන්නම් බොලේ !
    සාමහර සත්තු, මිනිස්සුන්ට වඩා පින් කරලා තියෙනවා කියලා වෙලාවකට මටත් හිතිලා තියෙනවා !

    ReplyDelete
  29. @වින්චැට්කිරිල්ලි.:
    මාත් හොයලා හම්බ උනොත් කියන්නම්. මටත් තාම හම්බ උනේ නෑ.

    @ඔබ නොදු‍ටු ලොවක් :
    තාක්ෂණේට මැරෙන්න යන්නේ. හික්ස් :)

    @Praveena Palipana :
    ඔයට කියන්ඩ මම් ඔය බණ දේශනය අහලා තව ටිකෙන් බස් එකේදි සාදු සාදු සා...දු කියනවා. ඒ තරමට ලස්සන බණ පදයක් අක්කේ.

    ReplyDelete
  30. @කනියා :
    ඔය වගේ ඇප් එකකින් මම් මැරෙන දිනය දැනගත්තා. මම් මැරෙන්නේ 2046 අප්‍රේල් 21 !!!!
    මගේ මලගමට එන්ඩ ඈ.... ඕං කලින්ම ආරාධන කලා !!!

    @ප්‍රාර්ථනා :
    ඒක හරි නංගි. ජීවත් වෙලා ඉන්නකල් පින් කරනවට වඩා පවු රැස් කරගන්න වෙලා තියෙන්නේ.

    @බීටා :
    මොනාහරි හොද දෙයක් හිතලා මැරෙන්ඩ මල්ලි ! එතකොට හොද තැනක ඉපදෙයි !

    ReplyDelete
  31. @වර්ණා :
    මෙච්චර කල් පවු කලා ඇති ය කියලා හිතුනා.

    @පන්සල් හංදිය :
    ඕං ඔය ප්‍රශ්නේ මටත් බණ අහන ගමන් තිබ්බා....

    ඒ ප්‍රශ්නෙට හාමුදුරුවෝ උදාහරණ ටිකක් දුන්නා.

    1. ධර්මාශෝක රජතුමා ඉන්න කල් පින් ම කරලා මැරෙන මොහොතේ ඇති වෙච්ච තරහවක් නිසා මහ වනයක පිඹුරෙක් වෙලා උපන්නා.

    2. කෝසල මල්ලිකා දේවය ජීවත් වෙලා ඉන්න කන් පින්ම කලාට මැරෙන්න ගිය මොහොතේ ඇති වෙච්ච සිතුවිල්ලක් නිසා නරක තැනක ඉපදුනා ලු.

    ඔය වගේ උදාහරණ 4ක් කිව්වා. මට ඉතුරු ටික මතක නෑ නෙව.
    මම් අයියා කියපු කාරණාව තව දුරටත් හොයලා බලන්නම්.

    @Observer :
    මම් එනකොට මාමත් ඉදීවි නෙහ්. එතකොට මට අමතක උනොත් මාමගෙන් අහගන්ඩ බැරුව යෑ. හික්ස් :)

    ReplyDelete
  32. @``` Outsider``` :
    ඊලඟ ආත්මෙටත් ඕවා ඇදෙන එක නේ වැඩේ.

    @~~තරූගේ ලෝකය~~; :
    ඇයි මැරෙන වෙලාවට ඇහැරෙන්ඩ ද ?

    ReplyDelete
  33. මැරෙන්න කලින් අතහරින්න පුරැදු වෙන්න, නැත්තම් මැරෙන වෙලාවෙ දාලා යන්න බැරිව තන්හාවෙන් තමයි මැරෙන්න වෙන්නෙ.එතකොට පෙරේත ආත්ම වල තමා උපදින්නෙ.

    ReplyDelete
  34. දැන්නෙ ලිපිය දැක්කෙ..

    ඕක හරිම අසාධාරණයි..අවුරුද්ද පුරාම යහපත් කල්ක්‍රියාවෙන් ජීවත් වෙච්ච මනුස්සයෙක්ට ක්ෂණිකව ඇතිවෙන සිතුවිල්ලකින් නරක තැනක් ඉපදීම වගේම අනික් පැත්තත්..

    ReplyDelete
  35. නහින දෙහින කාලේ එනකල් නොහිට මේව අහන එක හොදා..

    මොකදු මධුරංග කොලුවෝ බූට් එකක්ද ?

    ReplyDelete
  36. හොන්දටත් නරකටත් දෙකටම සිතය.. චුතිය හා චුති ප්‍රතිසන්ධියේදී ඇතිවන සිත මගින් ඉරණම තිරණය කරනවා. ඒ වුනත් කර්මය එතනින් එහාට වගකීම බාර අරන් වැඩ කරනවා. ඒ හින්දනේ කොච්චර සල්ලිය බාගේ තියන තැනක ඉපදුනත් සමහරු අංග විකල. සමහරු දුප්පත් වුනත් පස්සේ ගොඩක් සල්ලිය බාගේ ලැබිල හොඳ ජීවිත ගෙවන්නේ.

    ReplyDelete
  37. සයුරි අක්කගේ කමෙන්ට් එක තම කමෙන්ට් එක.ටික ටික ධර්මය අනුව වැඩකරන්න ඕනේ.කොයිවෙලාවේද දන්නේ නැහැ නේ.

    ReplyDelete
  38. චේතනාවම තමයි ඔන්න කර්මය වෙන්නේ !

    ReplyDelete
  39. අනේ වාසනාවන්!

    ReplyDelete
  40. හ්ම්ම් ජීවත් වෙල ඉන්න ටිකේ හොදින් හිටිය නම් මැරෙන වෙලාවෙ කියල බය වෙන දෙයක් නෑ.ඉන්න ටිකේ හොදින් ඉන්න.කොයිවෙලේ මැරෙයිද කියල කවුද දන්නෙ.

    ReplyDelete
  41. චුති සිත, අන්තරාභවය, පුනර්භවය, ගන්ධබ්බ, මනෝකාය, කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නැති මාතෘකා.. පුළුවන් නම් ඒවා ගැන තව තවත් හොයල දාන්න.

    ReplyDelete
  42. ..කුමකටද කුසලට කම්මැලි වන්නේ ...කිව්වේ නිකන්ද . වයසට ගියහම බණ අහනවට වඩා තරුණ කාලේ අහන ඒක හොඳයි . මොකද වැරදි වෙන්න ඉඩකඩ වැඩි තරුණ කාලෙනේ .

    ReplyDelete
  43. අපිට දහම් පාසලේදි ඕක විස්තර කරලා දුන්නා....අභිධර්ම පිටකයේ සඳහන් වෙන විදියට චුති චිත්තය තමා පුනර්භවයට වැදගත් වෙන්නේ....අපි කරපු කුසල අකුසල කර්ම විපාක දුන්නත් අවාසන මොහොතේ සිතේ ඇතිවන චිත්තය අනුව තමා ඊළඟ භවය රඳා පවතින්නේ....ගොඩක් හොඳයි අයියා මේක සඳහන් කරපු එක...අපේ ගොඩක් බෞද්ධයෝ පිං කරාට ඔය කතාව දන්නෑ.... :)

    ReplyDelete
  44. මැරෙන මොහෙතේ උපන් සිතුවිල්ලක් නිසා දිව්‍ය ලෝකෙ ගිය කෙනෙක් නේද "මට්ට කුණ්ඩලී" කියන්නේත්. ඒත් අර උඩ අහලා තියෙන විදියට නිදාගෙන ඉද්දි මැරුණොත් මොකද වෙන්නේ?

    අනික ඉතින් මෙහෙම වෙන්නෙත් කර්මය නිසාම වෙන්න තියෙන ඉඩත් වැඩියි නේද? අර කියන්නේ චේතනාව තමා කර්මයට මුල කියලත්.. ඉතින් අයපත් සිතුවිල්ලක් ඇති වුනොත් ඒකට ප්‍රතිඵලය කර්මානුරූපී වෙන් නැද්ද.?

    අනේ මන්දා.. මම නම් නින්දෙදිවත් මැරියන්...

    ReplyDelete
  45. මගේ සිතිවිල්ල නම් නැවත ඉපදෙන්න එපා කියලා....
    පරක්කු වුණා අයියා.. විභාගේ

    ReplyDelete
  46. @සොඳුරු මිනිසා :
    හරියට හරි. ඕනවට වඩා ඕන දෙයක් ගැන ආස වෙන්න හොද නෑ.

    @හරී :
    ඒ උනාට ඉපදෙන්න විතරයි ඕක බලපාන්නේ. එහෙම ඉපදුනත් හොඳට ජීවත් වෙන්න කරපු අනිත් පින් ටික ඕන කරනවා.

    @sAm (සෑම්) :
    හොද ප්‍රශ්නයක් ! බූට් එකක් කෑවම විතරද දහම මතක් වෙන්නේ ?
    මට නම් බූට් එකක් කන්ඩ කලින් කෙල්ලෙක්ව හොයාගන්න එපැයි. ඊට පස්සේ තමා බූට් එක කන්න වෙන්නේ.

    ReplyDelete
  47. @ක්සැන්ඩර් | Xander :
    හරියට හරි !
    සිත තමයි හැමදේකටම මුල් වෙන්නේ.

    @අසරණයා :
    ඒක තමා. දැන්ම හිටන් පටන් ගම්මු !

    @ChammA :
    හ්ම් හ්ම්

    ReplyDelete
  48. @විසිතුරු :
    සාදු සාදු සාදු කියන්ඩ !!!

    @න දී :
    ඒක නම් හරි මැරෙන වෙලාව කවුරුවත් දන්නේ නෑ. ඔන්න මම නම් දන්නවා මම් මැරෙන්නේ 2046 අප්‍රේල් 21 !!!
    මම් ඇප් එකකින් හොයාගත්තේ මැරෙන දවස !!!!

    @පැතුම් [සිතුම් පැතුම්] :
    විස්තර ලැබුනොත් හොයලා දාන්නම් :)

    ReplyDelete
  49. @Bindi :
    ඒකනේ අපි දැන්ම හිටන්ම බණ අහන්නේ :)

    @මකුළුවා.....:
    ඒකනේ මල්ලි. පින් කරාට මේ දේවලුත් දැනගෙන ඉන්න ඕනා.

    @නාකියා :
    මැරියන් මැරියන් කියන්නේ නැතුව ජීවත් වෙන්ඩ උත්සහ කරහන් මලේ. දෙමවුපියන්ට සලකන්න එපැයි. මට නම් අම්මයි අප්පච්චියි මැරෙනකන් ජීවත් උනොත් හොදටෝම ඇති !!!

    ReplyDelete
  50. @ජනියා :
    පරක්කු වෙලා හරි කියවන්ඩ පුලුවන් උනා නම් ඒ හොදටෝම ඇති !!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.