30 June 2012

දවසින් ට්‍රිප් යන්ඩ බෑ බං !

පහුගිය මාස හතරෙම මගේ ජීවිතය ගෙවුනේ වැඩපොලයි ගෙදරයි අතරේ. උදෙම්ම වැඩට යනවා හවස් වෙලා ගෙදර එනවා ! පහුවෙනිදා උදේට ආයෙමත් වැඩට යනවා ගෙදර එනවා ! ඕක නිකන් චක්‍රයක් වගේ එක දිගටම මාස හතරක් කැරකුනා !!!

සති අන්තයේ ගෙදර ඉන්නවා තමා. ඒත් මං ගෙදර ඉන්ඩ වැඩිය ආස නෑ. මට එහෙම හිතෙන්නේ පොඩි කාලේ ඉදන් ගෙදරින් පිට ආච්චි අම්මා ගාව හැදුන නිසා වෙන්ඩෑ. ඒ නිසාම මට ඕන උනේ ගෙදරින් පිට කොහේ හරි ගිහින් දවසක් දෙකක් නතර වෙලා ඉන්ඩ !

ට්‍රිප් එකක්වත් සෙට් උනේ නැති නිසා  අපේ මලයට අදහසක් දැම්මා කොහේ හරි ඇවිදින්ඩ යං කියලා. දවස් දෙක තුනක් ගෙදරින් පිට ඉදලා ඇවිදින්න යනවා කියලා කිව්වම මූ ගත් කටටම බෑහ් කිව්වා. මගේ අදහස ලත් තැන ම ලොප් උනා. !

යාළුවෝ කට්ටියක් උනත් සෙට් කරගෙන ට්‍රිප් එකක් යනවනම් සෙට් අඩුම තරමේ මාසෙකටවත් කලින් කියන්ඩ ඕනා. එක එකාට එක එක වැඩ. ඒ නිසා ගෙදර එකාත් එක්ක යන එක ගොඩක්ම ලේසියි. කොහොමින් කොහොමහරි දවස් දෙක තුනේ වැඩේ එක දවසකට අඩු කරලා ට්‍රිප් එක සෙට් කරගත්තා.

යන්ඩ සෙට් උනේ උතුරට !!!

උතුරට කිව්වේ යාල්දේවියෙන් ඕමන්තේ වෙනකන්.
වෙන විදිහකට කියනවනම් යාල්දේවි ගමන් කරන අන්තිම සිල්පර කොටය වෙනකන් ගමන් කරන්න. (එතනින් එහාට බස් එකේ යාපනේ දිහාවේ යන වැඩේ හරි ගියේ නෑ.)

උදෙම්ම කොළඹින් යාල්දේවියට ගොඩ උනා.ගමනට අවශ්‍ය කරන කෑම බීම සේරමත් එහෙම බෑග් වලට දාගෙනම කෝච්චියට නැග්ගා. වැදගත්ම දේ තමා ගමනේ සියළු වියහියදම් සේරම මං ගානේ ! අපේ මලයගෙන් සහභාගිත්වය විතරයි ලැබුනේ !

 යාල්දේවිය උදේ 10 විතර වෙනකොට අනුරාධපුරේ ස්ටේෂමට ආවා. අපෝ එතන සෑහෙන වෙලාවක් නවත්තන් හිටියා. එතකොටම වගේ අපේ බ්ලොග් ලියන අක්කා කෙනෙකුත් මට මතක් උනා. එයාලෑ ගෙදර යන්ඩත් හිතුනට වෙලාව මදි නිසා යන්ඩ උනේ නෑ. උන්දෑ මට කෝල් කලත් එක්ක !!!

 කොහොමින් කොහොමහරි දවල් දොලහාමාර වෙනකොට ඕමන්තේ ස්ටේශමට ආවා. වටේ පිටේ ඇවිද ඇවිද ෆොටෝ ටිකක් එහෙමත් ගත්තා.

පහලින් තියෙන්නේ ඒ පින්තූරු
වලින් ටිකක් !!!

ඔය පහලින් තියෙන්නේ යාල්දේවිය අන්තීමට නැවතිච්ච තැන !


අර ඉහලින් පේන රතුපාට වැට ගාවට ගියහම එතනින් එහාට රේල් පාර නෑ. ඔන්න ඔහොම තමා රේල් පාර දිස් වෙන්නේ.ඉක්මනින්ම රේල් පාර ඉදිවෙලා යාල් දේවිය යාපනේටම යන්ඩ වරම් ලැබෙන්න කියලා පතමු !


රේල් පාරේ කෙලවරේ ඉදලා ඕමන්තේ දුම්රිය ස්ථානය දිස් වෙන විදිහ තමා පහල පින්තූරේ තියෙන්නේ !


ඊට පස්සේ ස්ටේශන් එකෙන් ටිකක්  එළියට ඇවිදින් දන්න දෙමල ටික ඔක්කොම කියලා කඩේකින් බත් පැකට් දෙකක් ගත්තා !!! ඒක අරගෙන එනකොට යාල්දේවි ආයෙම කොළඹ යන්ඩ හදනවා. බත් දෙක අරගෙන ආයෙමත් ස්ටේශන් එකට දුවන් ඇවිදින් කෝච්චියේ එල්ලුනා.

ඊට පස්සේ කෝච්චියේ ඉදන්ම බත් දෙක කාලා දැම්මා !!! ආයෙමත් පුරුදු විදිහට කෝච්චියේ කවුළුවෙන් එලිය බලාගෙන ආවා. ඒ එන ගමන්...

"මෙහෙම ගමන් ගිහින් වැඩක් නෑ බං ! පේනවනේ උදෙම්ම ගියා අනෙක් අතට ආවා !අනිත් පාර දවස් දෙකක්වත් ඉන්ඩ ඕනා ! " මං අපේ මලයට කිව්වා.

ඌත් තේරුං ගත්තා මෙහෙම ට්‍රිප් යන්ඩ බෑ ය කියලා. ඊලඟ මාසේ ත්‍රිකුණාමලේ යන්ඩ ඌව සෙට් කරගන්ඩත් පුලුවන් උනා !!!

 මොනා උනත් ගමන නම් මරු !
ඊටත් වැඩියෙන් දවසක් ගෙදරින් පිට ඉන්ඩ පුලුවන් උන එක නම් මරු !!!! මරේ මරු !!!

40 දෙනෙක් අදහස් පලකලා .:

මඩිස්සලේ නිශාන් said...

ඔහොම ට්‍රිප් එකක් හරි ගිය එක මදැයි අයියා ඒකාකාරී ජීවිතයට?.

ක්සැන්ඩර් | Xander said...

ඇති ඔයිං ගියා නේ?? වියදම් සේරම මම ගානේ කිව්වේ? අම්මේ අපේ උන් නම්..

සඳ said...

කමක් නෑ මධු. එහෙම හරි ට්‍රිප් එකක් ගියානෙ. අන්න ඒකට "අඩවි රජා"

//වැදගත්ම දේ තමා ගමනේ සියළු වියහියදම් සේරම මං ගානේ ! //
හික්. මල්ලි Medical Faculty යේද Dental Faculty යේද?

රත්ගමයා said...

ආව්...මෙන්න මධුරංග අයියා අල ට්‍රිප් එකක් ගිහිල්ලෝ...

නදී said...

mehe patteth enna thibunane aparadeee.

බට්ටි said...

අයියෝ බට්ටි ට්‍රිප් එකක් ගියේ නෑ ඉස්කෝලෙ ගිහින් ඉවර වුනාට පස්සේ.:'( ගිය පෝයට නොමිලෙම කතරගම යන්න ලොකු අක්කලා කතා කලා. යන්න හිතාගෙනමයි හිටියේ කොහේද ජරා සොසේජස් බන් එකක් කාලා ඒක වැඩ කරන්න ගත්තනේ. බට්ටිට ට්‍රිප් අරහන්ද මන්දා ඉස්කෝලෙ ගිහින් ඉවර වුනාට පස්සේ...

Hasitha said...

ආහ් අපි ඔය ෆොටෝස් දැක්කා :D

Rozan Fernando said...

කොහොමහරි ට්‍රිප් එකක් ගියානේ

සිඳු said...

ඒකටත් එක්ක අපේ නංගි.
"නංගි, ට්‍රිප් එකක් යමුද?"
"දවස් කීයක්ද?"
"එක දවසයි"
"අපෝ එක දවසෙ ට්‍රිප් ගිහින් වැඩක් නෑ, මට බෑ"

ආසා හිතුන මටත් කොහෙ හරි මේ වගේ ගිහින් එන්න හම්බෙන එක දවසක

රූ.... said...

සිරාවට මේක නම් අල ට්‍රිප් එකක් තමයි..අපිටත් කලින් කිව්වනම් මොනවහරි කරනවානේ..(අඩුම ගානෙ ගල් අග්ගලා ටිකක්වත් තැපැල් කරන්න තිබුනා..:)

රේල්ලුවේ අන්තිම කොන දැක්කාම ප්‍රදීපාගේ අලුත් සින්දුවක් මතක් වුනා..

“යාල්දේවියේ නුඹ ඔත්පලා වුන දා..
රේල්ල මත සුදු මිනීමලක් පිපුනා...“

රෝස කුමාරි said...

ෂා!!! ලංකාවට ඇවිත් ට්‍රිප් එකක් යන්න හිතුන ..හ්ම්ම්ම්

නිම්ශා said...

අම්මපා මාත් කොල්ලෙක් උනා නම්..

Dinesh said...

ඔහොම බෑ අයියේ.. ට්‍රිප් යනවනම් යන්න ඕන අපේ මාරයියා යන විදිහට... :)

Podi Kumarihami said...

කෝච්චි පාරවල් තාම හොඳට හදලා නෑ වගේද?

නිවාඩු දවසේ ගෙදර ඉඳන් රෙදිපිලි හෝදලා, නාකියා ගත්තානම් නරකද? අර පොඩ්ඩි කරනවා වගේ පැය 12ක් විතර නිදාගන්න එක මොන තරම සැපද?:)

ඒ උනාට ට්‍රිප් එක නරකම නෑ. ලඟ පාතක හිටියනම් ඔය කෝච්චියට නගිනවා.:D

අඩවි රජ said...

මොකද්ද බං මේ.... මල ගෙදරකද ගියේ.... :)

ළගදීම පට්ට ට්‍රිපක් ලැබේවා...!!!

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

ලහිරු said...

අයියෝ... කිව්වනම් මම එනවනේ. මේ දවස් ටිකේ මමත් වැඩක් නැතුව හිටියෙ!

සාතන් said...

එක දවසින් ට්‍රිප් යන්න පුළුවන් බන්.. ඒත් ලංකාවෙ එක කොනක ඉඳන් තව කොනකට නම් ට්‍රිප් යන්න බෑ ... :)

රාජ් said...

මදැයි ඔහොමවත් ගියා. අපේ ඔපීසියෙ රවි අයියල එක සැරයක් යාලෙ ට්‍රිප් එකක් යන්න ගියා. ගෙදර ඉඳල අම්බලන්තොටට ගිහිල්ල (15km) කොහේදෝ ඉඳගෙන හවස් වෙනකල් බීල ගෙදර ඇවිල්ල තිබුන.

sAm (සෑම්) said...

බුකි පොටෝද දුටුවෙමි..

එල අහ් !

වින්චැට් කිරිල්ලි. said...

ඒකත් නරක නැහැ අයියෙ....කෝච්චියෙ ගමන මරු නෙ..ඒ උනාට ආයෙම යන්න යාපනේ අඩුම ගානෙ දවස් 3 ක් වත්....(මම මෙහෙ ඉඳන් බන කියනව.):D

දයානන්ද රත්නායක said...

දවසෙන් ට්‍රපි ගිහින් වැඩක් නෑ අඩුතරමේ රැයක් දෙකක් ගෙවන්නම ඕනැ. එතකොටයි ට්‍රප් එකේ ගිතය දැනෙන්නේ.

අර දෙවනි පිංතූරේ රේල්පාර ඉවර වුන තැන ඉඳන් කන්කසන්තුරේ දක්වාම දුම්රිය මාර්ගයේ සළකුන තවම එහෙමම තියෙනවා. අඩුවකට තියෙන්නේ සිල්පර කොට සහ පීලි නැති එක විතරයි.

පැතුම් [සිතුම් පැතුම්] said...

ට්‍රිප් කිව්වමයි මතක් වුනේ කාලෙකින් ට්‍රිප් එකක් ගියේ නෑ කියල. මම හිතුවේ යාල්දේවියේ ඕමන්තේට ගිහින් බත් පැකට් දෙකක් අරගෙන ආපයින්ම ආපහු කෝච්චියේ එල්ලුනා කියලනේ. අන්තිමට බැලින්නම් දවස් දෙකක් ගත වෙලානේ.

Weni said...

දවස් ගනනාවක් යන්ඩ බැරි නම්.. මෙහෙම හරි යන්ඩ ලැබෙන එක හොඳයි !

prasanna86k said...

ආහ් මිනි ට්‍රිප් එකක්....!!!

දිනුක said...

මම ඩෙල්ෆ්ට් යන්ඩ හිතං ඉන්න එකත් දවස ගානෙ කල් යනවා.එක එකාට එක එක වැඩ.අනේ ට්‍රිපක් යන්ඩ තියෙන අමාරුවක්....

හරී - පිණිපළස said...

ඔයා සේරම වියදම බලාගන්නවා නම්, මම කට්ටිය හොයල හරි එවන්නම් මල්ලි . ආයෙ ත්‍රිකුණාමලේ යනකොට කියන්නකො

මහි said...

කොහොම හරි ට්‍රිප් එක ගියානේ ඒ මදැයි....

මධුරංග said...

@මඩිස්සලේ නිශාන් :
ඒක නම් ඇත්ත තමා. ඒ උනාට හිතට මදි ගමන නම්..

@ක්සැන්ඩර් | Xander :
නෑ නෑ..
අපේ මලයව කමති කරා ගත්තේ මං වියදම් කරනවා කියපු නිසා. ඒ නැත්නම් ඌ එන එකක්ම නෑ.

@සඳ :
ඌ මගෙන් තමා ඔහොම දත් ගලවන්නේ.
වියදම් කරන්නේ නැත්නම් එන්නෙම නෑ කිව්වා නෙහ්.

මධුරංග said...

@රත්ගමයා :
ෂ්ෂ්.... යකෝ බැච් එකේ උන්ට ඇහුනොත් මාව නාවයි !!!
සද්ද නොකර හිටු :)

@නදී :
ආයේ දවසක එන එක එනවමයි !!!

@බට්ටි :
තාමත් බඩේගාය ද ? හික්ස් :)
මාර වැඩනේ මේ බට්ටියාටත් වෙන්නේ. හික්ස් :)

මධුරංග said...

@Hasitha :
අප්පටසිරි... කලින්ම දැකලා නෙහ්.

@Rozan Fernando :
ඒක නම් හරි !

@සිඳු :
යන්ඩ යන්ඩ.... එක දවසකට හරි කමන් නෑ වෙනසකටත් එක්ක යන්ඩ !

මධුරංග said...

@රූ.... :
අම්බෝ ආයෙම නම් කලින් කියනවා. කනෙන් දුං දාන ගල් අග්ගලා කන්ඩ මම් මාර මනාපයි !
ඔයා දන්නවද එවුවා හදන්ඩ ???

@රෝස කුමාරි :
ඔයා ලංකාවේ නෙමේද ඉන්නේ !

@නිම්ශා :
ඒ මොකෝ. ඔයාටත් ට්‍රිප් යන්ඩ ද ??

මධුරංග said...

@Dinesh :
ඒක තමා ඒ විදිහට තමයි යන්ඩ හිතන් හිටියේ. ඒත් කොයි... ??

@Podi Kumarihami :
පොඩ්ඩි ඉනවා කියලා දන්නවනම් කෑම ටිකක් වැඩිපුර බෑග් එකට දාගන්නවා. ලංකාවට අපු දාක යංකෝ !!!
නෑ අක්කා.. කෝච්චිපාර එතනින් එහාට්ට හදලා නෑ.

@අඩවි රජ :
ට්‍රිප් එකක් යන්ඩ ගියේ. ඒත් මලයා යන්ඩ කැමති උනේ නෑනේ. !

මධුරංග said...

@ලහිරු :
ආයේ දවසක යන්.
එතකොට කියන්නම් !!!

@සාතන් :
එහෙම තමා අයියේ මම් ආස. ගෙදරින් හුඟක් ඈතට වෙලා ඉන්ඩ ආසයි !!!

@රාජ් :
එහෙනම් ඒ ගිහින් තියෙන්නේ ට්‍රිප් එකක් නෙමේ. බොන්ඩ තැනක් හොයලා .හික්ස් :)

මධුරංග said...

@sAm (සෑම්) :
අප්පටසිරි !!!
සෑමත් ෆොටෝ දැක්කද ! මලා හුටා !

@වින්චැට් කිරිල්ලි. :
යන්ඩ නම් ආසයි. ඒත් කොයි !
අපේ එකාට ගෙදරින් පිට දවසක් ඉන්ඩ කමති නෑනේ.

@දයානන්ද රත්නායක :
අඩුම තරමේ ඒ පාරදිගේවත් යන්ඩ ආසයි.
ඒත් එහෙම කරන්ඩවත් වෙලාවක් තිබ්බේ නෑනේ.

මධුරංග said...

@පැතුම් [සිතුම් පැතුම්] :
නෑ නෑ එක දවසයි !
ගියා ආපහු ආවා !
දවසක් එහෙනම් කට්ටිය සෙට් වෙලා යන් !

@Weni :
ඒක නම් ඇත්ත වෙනි අයියේ !
මෙහෙම හරි යන්ඩ ලැබෙන එක ලොකු දෙයක් !

@prasanna86k :
යෙශ්...
දවසක යන් ට්‍රින්කෝ !!
මම් කියන්නම් එහෙනම් !

මධුරංග said...

@දිනුක :
ඔන්න මටත් කිව්වා නම් මාත් එනවා. ඕන දවසකට එවරෙඩි !!!

@හරී - පිණිපළස :
අපෝ. මට සෑහෙන්ඩ බිලක් දාන්ඩ වගේ යන්නේ.
අපේ මලයට මම් වියදම් කරනවා කියලා කිව්වම තමා ඌ එන්ඩ කැමති උනේ !
අපෝ මෙහෙමත් මලයෙක් !

අසරණයා said...

එක දවසේ ට්‍රිප් එකත් කෝච්චියක් ඇතුලේ.

රෙහානි said...

කොහොම හරි ට්‍රිප් එක ගියානේ

අග්නි ධාරා... said...

ඕම හලි ට්‍රිපක් ගියානෙ.....ඒමවත් යාගන්න බැලුවයි මං බබී ඉන්නෙ...:‘(

හිරුහිමාවී said...

මාත් ට්‍රිප්ස් යන්න හරිම ආසයි..ෂෝයි හ්ම්ම්.. :)

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.