ඔන්න එකෝමත් එක ගොවියෙක්, දවසක් තමන්ගේ ධාන්‍යාගාරයේ (අටුවේ) වැඩ කර කර ඉන්නකොට එයාගේ අත් ඔරලෝසුව නැති උනා. ඉතින් මේ ගොවියා තමන්ගේ නැති වෙච්ච ඔරලෝසුව හෙව්වා. කොච්චරවත් හෙව්වට ඔරලෝසුව හම්බ උනේ නෑ ලු.
ගොවියටත් මේ ඔරලෝසුව සෑහෙන්ඩ වටිනවා ලු. (අපි හිතමු මේ ඔර්ලෝසුව තමන්ගේ බිරින්දෑ තෑගි දීපු එකක් ය කියලා).ඉතින් මේ ගොවියා අටුවෙන් එලියට ඇවිල්ලා අහල පහල සෙල්ලම් කරපු ළමයි ගාවට ඇවිදින්,
"මගේ ඔර්ලෝසුව අර පේන අටුවෙදි නැති උනා. ඒක හොයලා දෙන කෙනෙක්ට මම වටින තෑග්ගක් දෙනවා" කියලා කිව්වා.
ඉතින් අර සෙල්ලම් කර කර හිටපු ළමයි ටික මූනෙන් මූන බලාගෙන ඉදලා එකෝම එක පොඩි කොල්ලෙක් ඔර්ලෝසුව හොයලා දෙන වැඩේට ඉදිරිපත් උනා.මේ කොල්ලා හැමතැනම හෙව්වත් මේ ඔර්ලෝසුව හම්බ උනේ නෑ.
නමුත් කොල්ලා ගේම අතාරින්ඩ ලෑස්තිත් නෑ.(කොල්ලෝ ඉතින් කෝමත් එහෙමනේ.)
ආයෙත් වතාවක් උත්සහ කරලා බලන්ඩ අවස්ථාවක් ඉල්ලගත්තා. මේ අවස්ථාවෙදි මේ පොඩි කොල්ලා, ඔර්ලෝසුව හොයාගන්නවා. ගොවියටත් සෑහෙන්ඩ සතුටුයි !!!
ඉතින් මේ ගොවියා, තමන් දෙනවා කියපු තෑග්ගත් දීලා අර කොල්ලාගෙන් ඇහුවලු කොහොමද මේ වතාවේ ඔර්ලෝසුව හොයාගත්තේ කියලා.
"මෙදා සැරේ මම් කිසී දෙයක් කලේ නෑ.ටිකක් වෙලා ඔර්ලෝසුවේ ටික් ටික් හඬ අහගෙන ඉදලා ඒ සද්දේ එන පැත්ත හෙවුව එක විතරමයි කලේ !!!" කියලා ඒ පොඩි කොල්ලා උත්තර දුන්නාලු.
ආදර්ශය :
විඩාපත් මනසකට වඩා නිදහස් මනසකට සිතීමේ හැකියාව වැඩි ය. ඔබේ මනසට නිදහස් බව හුරු කරවන්න.
ප.ලි.- ඊ මේල් එකකින් ලැබුන කතාවක් !
07 June 2012
නැතිවූ ඔරලෝසුව
Subscribe to:
Post Comments (Atom)
47 දෙනෙක් අදහස් පලකලා .:
හුගාක් වෙලාවට අපි උනත් කරන්නේ බොරුවට කලබල වෙලා රට පටල ගන්න එකනේ , ඒ අතින් බැලුවම පොඩි එකා හුගාක් ඉදිරියෙන් ඉන්නේ ..
කතාවෙන් මම ඉගෙන ගත්දේ තමා දැන් ගොවියන් හරි දියුනු උදවිය බව. අටුවේ වැඩ කරද්දී, ඔරලෝසු අතේ බැඳගෙන ඉන්නබව.
දැන් කාලේ උදවිය වෙලාව බලන්ට ෆෝන් පාවිච්චි කරන හන්දා දැන් ගොවියන්ට අත් ඔරලෝසු ලාබෙට ලැබෙනවා ඇති.:)
කතාවෙන් ගත්තු තව පාඩම් ගොඩයි.
සිරා කතාව....
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :)
//විඩාපත් මනසකට වඩා නිදහස් මනසකට සිතීමේ හැකියාව වැඩි ය. ඔබේ මනසට නිදහස් බව හුරු කරවන්න.//
ඇත්ත ඒත්
හිත හිලෑ නෑ හරිම මුරන්ඩුයි තැන තැන ඇවිදිනවා. හිතෙන හිතෙන තැන නවතිනවා :(((((((
//විඩාපත් මනසකට වඩා නිදහස් මනසකට සිතීමේ හැකියාව වැඩි ය. ඔබේ මනසට නිදහස් බව හුරු කරවන්න. //
සලකලා බලන්න වටින කතාවක්..!!
වටින අදහසක්
ඇත්තටම ගොඩක් වටින ආදර්ශමත් කතාවක්....අපිත් එක්ක බෙදාගත්තට ස්තූතී අයියෝ..........
ආදර්ශයනම් ගොඩක්ම වටිනවා
විඩාපත් මනසකට වඩා නිදහස් මනසකට සිතීමේ හැකියාව වැඩි ය. ඔබේ මනසට නිදහස් බව හුරු කරවන්න.
නිහතමානී කම ඊට වැඩිය වටිනවා
ප.ලි.- ඊ මේල් එකකින් ලැබුන කතාවක් !
අදයි මේ පැත්තෙ ආවෙ ආයෙමත් එන්නම්කෝ...
මේක උබම කලින් දැම්ම නේද මචං !
ඇත්ත මලේ! සහතික ඇත්ත. ඔයවගේ දේවල් මට අනන්තවත් වෙලා තියනව. මම ඒ ලෙවෙල් කරන කාලේ ෆිසික්ස් වල සූත්‍ර මතක තියාගෙන හිටිය. හැබැයි එග්සෑම් එකේදි සමහර ඒව මතක් උනේ නෑ. දන්න විදියට උත්තර ලියල ගෙදර එන වෙලාවෙ අමතක වෙච්ච ඔක්කොම මතක් වෙන්න ගත්ත.
ඒවගේම තමයි නැතිවෙච්ච දේවල් හෙවිල්ලත්. පරෙස්සමින් හෙව්වෙ නැත්නම් අත ලඟම තිබුනත් පේන්නෙ නෑ.
ආදර්ශය නම් හොඳයි.. හැබැයි අර ගොයියාගේ ඔරලෝසුව බිත්ති ඔරලෝසුවක් වෙන්න ඇති.. නැත්නම් ඉතින කොහොමද අටුවේ අස්සේ ඔකේ සද්දේ කොල්ලට ඇහෙන්නේ ?
Sadru ge "hisahsan" ubwa dakala hituna awit yana. digatama awit yana enam.
jayawewa.
Sajith
ඇත්ත තමයි. කලබල වුනොත් කොරොස් කටෙත් අත දාන්න බැහැ නොවැ
අනේ බැලුවාම මටත් පොඩි එකාට වගේම මොලේ තියනවනෙ. මගෙ ෆෝන් එක හොයාගන්න බැරි වුණාම මම කරන්නෙ වෙන ෆෝන් එකකින් ඒකට කෝල් කරන එක.
ඇත්ත අයියේ.. හදිස්සි උනාම මොනම දෙයක්වත් කර ගන්න බෑනේ.. වැඩේ අවුල් වෙන එක විතර්යි වෙන්නේ..
වටිනා අදහසක්....:)))) ඔරලෝසුවේ ටික් ටික් එක මාර සද්දෙයි වගේ හැබැයි....
අම්මෝ ඒක නම් ඇත්ත .... පෝස්ට් එකක් ලියන්න මතෘකා 100 ක් තිබ්බත් වෙලාවකට එකක් ලියා ගන්න බැහැ....ඒත් නිවිහැනහිල්ලෙ ඉන්න සමහර වෙලාවට මෙන්න දන්නෙම නැතුව ලියවෙන්නෙ......
පොඩි එකා මොළ කාරය!
හොඳ කතාවක්...
හැබෑනේන්නම්!
අහස කඩාගෙන වැටෙනවා කියලා දිව්ව හාවා නම් හිටියේ නිදිමත මනසෙන් නොවැ! ඒකත් ඒවගේ තමයි!
ඇත්ත ගොඩාක් ආදර්ශමත් කතාවක්.
පොඩි එකා වැඩ කාරයා.. ඌට මොලේ වගේම හොඳ ඉවකුත් තියනවා.මනා සිහි බුද්ධිය ඕනෙ වෙන්නේ මේවෙලාවටයි.
හෑ...ගොවියා අටුවේ වැඩ කරලා තියෙන්නේ ඔරලෝසුවත් බැඳගෙන ද?
එක්කෝ ඒවා ඕන නෑ...කතාවෙන් ගන්න තියන පාඩම ගත්තම ඇති නේ...
එක නම් ඇත්ත.. හ්ම්..හ්ම්..
හොද කතාවක්.......
1. මු යුරෝපියන් ගොවියෙක්.
2. කොල්ල ඔරලෝසුව හොයාගෙන ඇත්තේ රෑක.. නැත්තන් ඔය ටික් ටික් සද්දේ ඇහෙන්නේ කොහොමද?
සම්මා සතිය තුළින් සම්මා සමාධිය හෙවත් සිතේ සමාධිගත බව ඇතිවෙන්නේත් මෙහෙම තමා
හොදයි අපූරුයි. හිතලා බලන්න වටිනවා. මමත් ඉතිං අනන්තවත් කලබලවෙලා වලිගෙ පාගගෙන තියෙන නිසා කතාව ගොඩාක් වටිනවා.
@රොබින් :
ඒක හරි. කලබල උනාම කොරොස් කටෙත් අත දාගන්ඩ බෑයි කියනවා නෙ.
@Podi Kumarihami :
මොනාහරි දෙයක් ඉගෙන ගත්තා නම් ඇති. අම්මා..පල්ල මේ පොඩ්ඩි නම්... :)
@අඩවි රජ :
එසේය මහ රජ !!!
@රෙප් මහත්තයා :
හිත හීලෑ නැති උනහම භාවනා කරන්ඩ තියෙන්නේ. හික්ස් :)
@රූ.... :
සලකලා බලන්ඩෝ.... !!!!!
@Loku John :
හ්ම්.... :)
@අග්නි ධාරා... :
චූටි දූ කියෙව්වට ටැංකූ ඈ.
@සිහින සිත්තම් :
එන්ඩ එන්ඩ...
ඔන්න එහෙනම් ඔයාව සාදරයෙන් පිලිගත්තා.
@sAm (සෑම්) :
නෑ...හ් නෑ....හ් !!
මේ තමයි ඉස්ස ඉස්සෙල්ලාම ෆස්ට් ටයිම් පලවෙනි පාරටම පෝස්ට් කරන්නේ. :)
@රාජ් :
ඔය කියන්නේ තම තමන්ගේ අත්දැකීම් වලින්ම....
@සරත් ලංකාප්‍රිය :
ඒකත් එහෙම වෙන්ටෑ කතාවේ අඩුපාඩු බොහෝමයි !!!
@Anonymous :
තෑන්ක්ස් මචං !!!
@පෙදරේරුවා නොහොත් මේසන් බාස් :
සහතික ඇත්ත ය.
@සිඳු :
ඒකනේ ඒකනේ.... ඔයා දස්සයි !!!
@Dinesh :
මටත් කලබල උනාම මෙලෝ දෙයක් හරියට කරගන්ඩ බෑ.
@අනූ :
ඒක නම් දන්නේ නෑ නංගි. හික්ස් :)
@වින්චැට් කිරිල්ලි. :
ඒකනේ කිරිල්ලි කියන්නේ.
හිත නිස්කලංක කරගන්ඩ !!!
@න දී :
ඇත්ත... !!! :)
@පුබුදු :
ස්තූතියි මල්ලි... !
@මඩිස්සලේ නිශාන් :
ඒක නේන්නම්...
@ලහිරු :
පොඩි කාලේ හරි ජනප්‍රිය කතාවක් නෙව.
@අසරණයා :
හ්ම්... ස්තුතියි අසරණයා !!
@දයානන්ද රත්නායක :
ඒකනේ. කොයි වෙලෙත් සිහි බුද්ධියෙන් කටයුතු කරන්ඩ පුලුවන් නම් ඒක වටිනවා.
@සයුරි :
නෑ නෑ.... මොකහරි ප්‍රශ්නයක් තියෙනවා නම් හිතේ හිර කරගෙන නොඉද අහන එක තමා හොද. තේරුනාද ඉංජිනේරු නෝනට ??? හික්ස් :)
@නිම්ශා :
මොකෝ හ්ම්..හ්ම්.. ගන්නේ :)
@අකීකරු හිත :
තැන්කියු නංගි !!!!
@ක්සැන්ඩර් | Xander :
(පිලිතුරක් දීගත නොහැකිව හිස කසමින් සිටී...)
@Hasitha :
මල්ලිගේ කතාව හරි මල්ලි.
@malmi :
මම නම් කොයි වෙලෙත් කොයිල් වෙච්ච ගමන් නේ ඉන්නේ. :)
දැන් ලස්සන ලස්සන ආදර්ශමත් කතා ලියනව . හරි අගේයි .
හොද උපදෙසක්.... ඒ වගේම සහතික ඇත්ත.
අර ඒ දවස් වල මැරෙන්න හැදුවේ ඕක නැතිවෙලා නේද... කොයි කොල්ලද හොයලා දුන්නේ? මොකද්ද දුන්න තෑග්ග...?
යට ගහන්න හදන සත්‍යය, බ්ලොග් ජනතාවට වහා එලිදරවු කරවු...!
කතාව එල බං.. :)
මරු කතාව...වටිනා අදහසක්....
@Gimhani :
ලියනවා නෙමෙයි. හම්බ වෙනවා. :)
@නිසුපා :
ඒකනේ ඒකනේ...
@prasanna86k :
ඇයි උබ බැලුම්ගලද ? එහෙම නැත්නම් ආර්ටිකල් 14 එකෙන්ද ? හික්ස් :)
@රවින් :
තැන්කියු !!!
@ඉන්ද්‍රජිත් :
ස්තුතියි ඉන්ද්‍රජිත් !!!
ඉන්ද්‍රජිත් කිව්වම මතක් වෙන්නේ ඉන්ද්‍රජිත් දොලමුල්ල කියන ගායකයව. :)
කතාව සහතික ඇත්ත. හොඳම උදාහරණෙ මනස කුල් වෙච්ච වෙලාවක ලියන කතාවකයි නැති වෙලාවකයි තියන වෙනස.
උපදේෂය වගේම කතාවත් ඇත්ත මධුරංග...
කළබල වෙලා කොරස් කටෙත් අත දාගන්ඩ බෑ කියනවනෙ
පස්ට කතාව....
හොඳ උපදෙසක්..! ස්තූතියි බෙදාගත්තට... :)
කමෙන්ට් එකක් දාලම යමුද ??
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.