16 June 2012

යෝජිත විවාහ - අවසානය

මුල් කොටස් දෙකම කියවන්ඩ බැරි උනා නම් මෙතන ක්ලික් කරලා කියවන්න. මෙන්න පළවෙනි කොටස ! මෙන්න දෙවෙනි කොටස !

ගෑල්ලමයා රැගත් කාර් එක ප්‍රධාන පාරට හරවනවත් එක්කම වගේ අපිත් බස් හෝල්ට් එකට ආවා.කට්ටියම වැඩිය හාවක් හූවක් නැතුව ගෙදර ආවා.

"ගෑල්ලමයාගේ නම් කිසි වරදක් මට පෙනුන් නෑ. සිරියාවන්ත කෙලි පොඩ්ඩ !!!" මහන්සියට පුටුවේ හාන්සි වෙනගමන් අම්මා කිව්වා.

"මොකද ලොක්කෝ කියන්නේ ?? ගෑල්ලමයට කැමතියි ද ?" එහෙම කියපු අම්මා, මගේ පැත්තට හැරුනා.

 මගෙත් කිසි අකමැත්තක් මේ ගෑල්ලමයා ගැන තිබ්බේ නෑ. මොකද මේ ගෑල්ලමයා රූපයෙන් වගේම කතා බහෙනුත් ගොඩක් තැන්පත් කෙනෙක් නිසා. මුලින්ම කියන්ඩෝන මේ අපේ ගෙදරින් බලපු පළවෙනිම විවහා යෝජනාව නෙමෙයි. ඒ සේරම ගැන ලිව්වා නම් මෙගාවක් ලියතෑකි.

තව දෙයක් තමයි මෙහෙම යෝජනා වලින් බලන හැම කෙල්ලම ගොඩා...ක් ලස්සන අය නෙමෙයි. මම් වගේ දෙකක් මහත ගෑල්ලමයිනුත් ඒ අතර හිටියා !

කොහොමහරි ටික ටික කාලේ ගත උනා. අපිටත් මේ ගමන, තවත් එක ගමනක්ම වෙලා තිබුනා. ඒ අතර එක දවසක් උදේක අම්මට කෝල් එකක් ඇවිත් තිබුනා ඒ ගෙදරින් ඒ ගොල්ලන්ගෙන් අකමැත්තක් නෑ ය කියලා.

 ඒ අවසරයත් එක්ක ටික කාළයක් ගත උනා. ඒ කාලේ නම් කොල්ලට ගොඩක් ෆන් කාළයක් ලු.

ඔන්න ටික දවසකට පස්සේ ඒ ගෙදරින් කෝල් එකක් එනවා.

"අපි අර අහවල් කට්ටිය ! මේ මඟුල කෙරෙන්නෑ.... ඒ ගැන කියන්නයි අපි කතා කලේ ! " කියලා කිව්වා.

ගෙදර කට්ටියටත් හරි පුදුමයි එකපාරට මොකද මේ උනේ කියලා. කෝල් එකෙන් ඇහුවට වැඩි යමකුත් කියලත් නෑ.

"ඔන්න ඕක අල්ලලා දාලා වෙන එකක් බලන්ඩ ඒයි !" අප්පච්චි එහෙම කිව්වා. අප්පච්චි එහෙම කිව්වත් කොල්ලටත් හරි පුදුමයි මොකෑ උනේ කියලා. ටික දවසකට පස්සේ අම්මට පුදුම ආරංචියක් ලැබුනා.

අර ගෑල්ලමයගේ ගෙදරින් අපි ගැන හොයලා තියෙනවා.ඒ අහලා තියෙන්නේ ඒ දවස්වල වැඩ කරපු ගෙදරක කට්ටියක් ගෙන් !!!

"ඒ ගොල්ලන්ගේ තාත්තා අපේ වත්තෙත් වැඩ කරලා තියෙනවා. කොල්ලා නම් ඉගෙන ගෙන ඇති. ඒ උනාට උන් හෙන දුප්පත් කට්ටියක් ! ඔයාලෑ තත්ත්වෙට නම් කොහෙත්ම ගැලපෙන්නේ නෑ .... !" කියලා කියලා තියෙනවාලු.

ඔන්න ඕකයි කතාව !!!

ආදරේ කරලා කසාද බඳිනවා තරම් මේ වැඩ ලේසි නෑ. ආදරේ කරලා කසාද බඳිනකොට  අඩුම තරමේ කෙල්ලගේ කැමැත්ත හරි තියෙනවා. යෝජිත විවාහ වලදී ඒ වාසිය නෑ !!

---  ඉවරයි  ---

43 දෙනෙක් අදහස් පලකලා .:

මඩිස්සලේ නිශාන් said...

:O මේක ඇත්ත කතාවක් නේද?

යෝජිත විවාහ වලින් හුඟක් හොයලා බලන්නේ පෝසත්ද කියලා තමා.
නැත්තම් පිටරටක නෑදැයෝ ඉන්නවද වගේ ඒවා.

චතුවා said...

අන්න ඒ නිසා කල්නොයවා ඉක්මනින්ම ආදරේ කරන්න කෙල්ලෙක් හොයාගන්ට :D

නිම්ශා said...

:/ පිස්සු මිනිස්සුන්ට..ඔන්නොහේ අයියේ අර කිව්වත් වගේ කෙල්ලෙක් හොයන් ආදරේ කරලා බදින්න ...

ක්සැන්ඩර් | Xander said...

යෝජිත විවාහ වලදී එන තව තර්ජනයක් තමයි කෙල්ල කලින් යාළුවෙලා හිටි කොල්ල එක්ක පලා යාම. (මගේ යාළුවෙක්ට එහෙම වුනා.)

සිහින සිත්තම් said...

හි හි හී 3 වෙනි පොස්ට් එකේදී බළල පැන්නලු මල්ලෙන් එළියට..මෙන්න බොලේ මේක මධුරංග අයියට වෙච්ච දෙයක්ලු..පටන් ගත්තෙ එහෙම නෙවෙයිනෙ...

හරි හරි කෝම හරි ඔය වගේ අය අපේ ජීවිත වලට නොයෙන එකමයි හොද සල්ලි තුලම ජීවිතේ නෑ කියල නොදන්න අය අපේ ජීවිත විනාස කරනවා කවද හරි ඒ නිසා පුංචි කෙල්ලෙක් හොයාගෙන බදින්න මධූ අයියේ...

අඩවි රජ said...

කෙලියනේ තාප්පෙටම........
එහෙනං එහෙමයි උනේ ඈ....
හොදා හොදා.... :-) :-)

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

ගිනි කුරුල්ලා said...

මම නම් හිතන්නේ යෝජීත විවාහ එච්චරම ඇඟට ගුණ නෑ කියලා. හොද කෙනෙක් සෙට් උනොත් නම් ගොඩ, නැත්තම් ඉතින් මලා තමා...

පැන්ඩා said...

ඇයි බන් හත්තිලව්වෙ ඕව්ව පස්සෙ ඇවිදින්නෙ..උන්ට කුද ගහගන්ට කියපන් අම්මල තාත්තල හොරකම් නොකර දුක් මහන්සියෙන් උගන්නපු නිසා නෙ අද උඹව ඔය තත්වෙට ගෙනාවෙ..ඒ මිනිස්සුන්ට ඒ ටිකම මදිදි ? ගොන් හැත්තක්..කෙල්ල හොද වුනත් ඔය වගේ පවුලකට සෙට් වුනොත් නැන්ද මාම ගෙ හරස් පද විසඳන්න වෙයි..අනෙ බන් අයියේ සති අන්තෙ කැම්පස් එක පැත්තෙ රවුමක් ගහල ඉටි කිරිස් ජුන්නියෙක් හොයා ගන්ටකො..ආයෙ පට්ට කැම්පස් එකක් කියලනෙ කවුරුත් කියන්නෙ ලවු කරන්න ඒක..ඉතින් අර මල් පිපෙන් ගස් ගානෙ පැද්දෙන පාලම් ගානෙ සිංහ රූප පිටිපස්සෙ හොදට ලව් කරල කෙල්ල අවුට් වුනාම කැන්දන් යන එක නෙ..

නදී said...

අනේ අප්පේ හිත අස්පට් කරගන්න එපා බොල.තව වයස තියනවනේ හරියයි හොද කෙනෙක්.ඉවසන්න.

බට්ටි said...

එහෙනම් ඉතිං දැන් අර අන්තිමට කිව්ව විදියට වෙලා ඇති. ඒ කියන්නේ යෝජිත විවාහ වලදී ඒ වාසි නැති නිසා.මෙයාම යෝජනා කරලා හොයන් ඇති..
හැබැයි අනේ මම නම් හිතන්නේ ඔයිටත් වඩා සමහර ප්‍රේම කතන්දර අවදානම් කියලා...

Dinesh said...

ඉවරයිදත් අහනවා... මම හිතුවේ මේ වෙද්දි බැදලා ඇති කියලා.. ඔවුවා ගනන් ගන්න එපා අයියේ.. යෝජිත විවාහ හරි නෑ.. ඉස්සෙල්ල කෙල්ලෙක් හොයා ගමු... :)

Malya Cruise said...

යෝජිත විවාහා වල වාසිය තමා හිත රිදීම් නැ, විරහා වේදනා නැ , වගකීම් නැ( මොනවා හරි උනොත් අම්මලා තාත්තලානේ කරලා දුන්නේ )
ඒ නිසා මම නං කැමතියි යෝජිත විවාහ වලට. කොහොමද අය්යා ඔය කෙල්ලත් එක්ක යාලු වෙලා ගෙදරට කියලා ගෙදරින් ඊට පස්සේ ඔය කතාව කිව්වා නං???

Anonymous said...

mata hitnawa me nimshawa badinna.api denna badimu meyaa...maha oyata ira hada unath aran dennam oya muna dakkma mata okkama amataka wenawa rattarane

ලහිරු said...

උඹේ වෙලාව නම් නියමයි. ඔය වගේ කැත, නූගත් අදහස් තියෙන බව බඳින්න කලින් දැනගත්ත එක ලොකු දෙයක්. නැත්තම් බැන්දට පස්සෙ එක එකාගෙන් කුණු කතා අහනවට වඩා හොඳයි ඒක. උඹට පට්ට ගෑල්ළමයෙක් හම්බවෙයි ඉක්මනටම. සැලෙන්න එපා මචං!

අග්නි ධාරා... said...

ඔයාම හොඩ ගෑල්ලමයෙක් හොයාගන්ඩ අයියෝ.........

අසරණයා said...

කෙල්ල එහෙම කොල්ලගේ ගෙදර එන්නේ නැහැ නේ. කොල්ලනේ කෙල්ලගේ ගෙදර යන්නේ.

දුක් වෙන්න එපා හොඳ එකක් හරි යාවි.

හරී said...

botadha kello hoyanne..

prasanna86k said...

අතෑරලා දාපං... ඔයිට වැඩිය දාහක් වටින් කෙල්ලෙක් උඹට ලැබෙයි මල්ලි. බය නැතුව හිටපං... ඔය ලබාගත්ත දේ තවත් අත්දැකීමක් විදියට ජීවිතයට එකතු කරගනින්....!

උඹ අවුලක් නැතුව හොඳින් ඉන්නවා නේද...

තාරා said...

ඔව්වා ගනන් ගන්නෙපා අෆ්ෆා....

රූ.... said...

මල්ලිත් එහෙනම් මාරකයක් පැනලා තියෙන්නෙ..
ඔයින් ගිහින් බේරුනා ඇති..කොහොමද බැඳලා ඉවර වෙලා ගෑල්ලමයගේ ගෙදරින් බකට් දාන්න පටන් ගත්තොත්..

වර්ණ said...

මිනිස්සු ඊරිසියාවට හදලත් කියනවා ඔය වගේ කථා

Pathum Herath said...

මට තියෙනව ඔය සම්බන්ධ සිරා අත්දැකීමක්... මම කසාඳ බැන්දේ ආදරේ කරල.. හැබැයි හරි යන කෙනා සෙට් වෙන්න ටිකක් පරක්කු වෙනකොට අම්ම පොඩ්ඩක් කලබල වෙලා පත්තර වලට දාල එකක් සෙට් වුණා..

ගෙවල් වලිනුත් අවුලක් නෑ මටත් ඒ හැටි අවුලක් තිබුණේ නෑ.. හම්බ වුණා කතා බහ කර කර කාලයක් හිටියා..(මාස 2-3ක්) එක දවසක් මම ට්‍රිප් එකක් ගිහින් ඉන්න වෙලාවක ඒ ළමයගේ පොඩි ඔපරේෂන් එකකට හොස්පිටල් ඇඩ්මිට් වුණා.. මම ට්‍රිප් එක ගිහින් එන පාරේ තිබ්බ හොස්පිටල් එකක තමා හිටියේ..

කොහොම හරි මම ගියෙ නෑ හොස්පිටල් එකට බලන්න මොකද මම ලෙඩේ ගැනයි ඔපරේෂන් එක ගැනයි සියල්ල දැන ගෙන.. ඒ ළමයත් මගේ ට්‍රිප් එකේ සියළු දේ දැනගෙන තමා හිටියේ.. කොහොම හරි මම ට්‍රිප් එක ගිහින් ගෙදර ආපු දාට පහුව දා වැඩේ කෙල වුණ.. කෙල්ලයි කෙල්ලගේ අයියලයි අම්මයි ඔක්කෝම හෝ ගාල මට බනිනව.. මම බලන්න ගියෙ නැති එකට.. ඊට පහුවදා ඉඳන් වැඩේ ඉවරයි...

පස්සේ හොයල බලනකොට පත්තරේට දාපු එකකට අපිට වඩා හොඳ ෆැමිලි එකකින් තව එකක් ගෙදර මිනිස්සු සෙට් කරල... අර ළමයත් ගෙදර මිනිස්සුන්ගේ බලපෑමට කොහොම හරි වෙනස් වෙලා..

ටික කාලයක් මමත් ෆුල් අවුලෙන් හිටියා.. එහෙම ඉන්න කොට දවසක් මේ ළමය ආයේ මට මැසේජ් එකක් එවල තිබ්බා.. මටත් දුක හිතිල අපි දෙන්න ආයේ යාළු වුණා... හැබැයි මගේ හිත එච්චර ෆිට් තිබුණෙ නෑ.. ඒක එයාටත් දැනිල තිබුණා.. එහෙම කාලයක් ඉන්න කොට තමා මට මගෙ වයිෆ් ව හම්බ වුණේ.. මොනව කරන්නද... අපි ආයේ කතා බහ කරල වෙන් වුණා මොකද අපි දෙන්නටම දෙවැනි සැරේදි ඒක එච්චර හොඳට ගෙනියන්න බැරි වුණ නිසා.. වැඩියෙන් ම අවුල තිබුණේ මට..

ඒ සිද්ද වෙච්ච දේවල් හරි කණගාටු දායකයි හැබැයි දැන් මමත් 100%ක් සතුටින් ඒ ළමයත් ඒ වගේම හොඳට ඉන්නව.. ජීවිතේ හරි පුදුමයි.. හරි තීරණ ගන්න එක වෙලාවකට හරිම අමාරුයි.. හැබැයි අමාරුවෙන් හරි හරිම තීරණේ ගත්තෙ නැත්නම් ජීවිත කාලෙම පසු තැවෙන්න වෙනවා..

මේ සිද්ද් වෙච්ච දේ ඔයාට වුණ දෙයක් උනත් වෙන කාට වෙච්ච දෙයක් වුණත් වෙලා තියෙන්නෙ හොඳකට.. ඒ නිසා කලබල නොවී හොඳ කල්පනාවෙන් ඉන්න එක තමා කරන්න ඕනේ.. තමන්ගෙ හිතට හරියටම ෆිට් නැත්නම් මොනව හරි ගියත් වැඩක් නෑ...

රැඩියා said...

නිගමනය - මධුරංගට යාළු වෙන්න කෙල්ලෙක් ඕනෙලු

malmi said...

මමත් මේ කට ඇරන් බලන් උන්නා. මධුවාට ඒ වැඩේ හරිගිහින් කියලා හිතාන. කෙළියා නේද තාප්පෙටම...

ඔන්න ඔහේ ඔව්වා ඕන්නෑ මලේ. අර කලින් පෝස්ටුවේ කවුද කිව්වා වගේ මෙච්චර තොරන්න පොල් තියෙන රටේ, තෝරපු පොල් ගන්නේ අහවල් දේකටෙයි. ඔය යන එන ගමන් පොඩියක් ඇහැ කරකවලා බලමු. හොද කෙළි පොඩ්ඩියෙක් මුලිච්චි වෙයි. ජය!!!!!

Hasitha said...

අවාසනාවට ඇත්ත කතාවක්ද ???

ගැමියාගේ පත් ඉරුව said...

ඕක ඔහොම වෙච්චි එක හොඳයි අයියේ.... මොන මගුලක්ද ඔහොම තත්වේ බලන එකෙන් මොකෝ දෙමව්පියන්ව බඳිනවයැ...

ඒ කෙල්ලට පින නෑ...

අයියට හිතෙන්නැද්ද ස්වෝත්සහයෙන් නැගී හිටින්ඩ ඕනේ කියලා??

සිඳු said...

අනේ විගඩම්. එපා නම් තියා ගන්න කියන්න. මොකද එයා එංගලන්තෙ මහ ‍රැජිනගෙ දුවයැ
(එහෙම වුණොත් නම් කොහොමත් එපා)

වින්චැට් කිරිල්ලි. said...

ඒ පවුලෙන් ඇත් උන එක වාසනාවක් කියල හිතන්න..මහා හිස් මිනිස්සු..පුහු මාන්නෙ..මම නම් කැමති නැහැ යෝජිත විවාහයකට..එහෙම විවාහයකදි මිනිස්සු හොයන්නෙ මිල මුදල්, තත්වය, පවුල් පසුබිම,උගත්කම්..ඔය වගේ දේවල් ඒත් විවාහ වෙන්න යන දෙන්නගෙ ගැළපීම් නොගැලපීම් වලට මුල් තැන දෙන්නෙ නැහැ..එහෙම විවාහයකින් පස්සෙ දෙන්නගෙ මොන නොගැලපීම් තිබුනත් ඉවසගෙන දුක් විඳගෙන විඳව විඳව ඉන්න වෙනව ඇයි දෙපැත්තෙ පරම්පරාවෙ නම්බුව රකින්න එපයැ දිවි දෙවෙනි කොට..!!
ඉතින් අයියෙ ඒ මෝඩ කම නොකර දුප්පත් අහිංසක කෙල්ලෙක්ට අත දෙන්න....:):)

sAm (සෑම්) said...

මූට කෑල්ලක් හොයා දියෝ..

දයානන්ද රත්නායක said...

සිංහල කියමනක් තියෙනවා "එක හීනෙන් එළි වෙන්නෙ නෑ" කියලා. අන්න ඒක මේකතාවට අදාල කරගමු. මේ අත්දැකිම් එක්ක තවත් හොඳ අත්දැකිම් අතරින් එකතු වේවි.

සුනිල් එදිරිසිංහ ගැයූ මේ ගිය මතකද?

"හිඳිවි කොතැනක හෝ හිමිකාරයා
ඔබේ නමින් උපන්
වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා
හිත හදාගෙන ඉඳින්.....

සිතුවිලි දැහැන said...

අයියෝ ගනන් ගන්න එපා අයියේ..කොහොමටත් සල්ලි වලට ලැබෙන ආදරයක් මොකටද..?කවදම හරි දවසක ඇත්තටම ඔයාට ආදරේ කරන කෙනෙක් ලැබෙයි....

Anonymous said...

mata nam kiyanna thiyenne madu, oya mewage dewal walin hitha kalakirawa gannawa nam yojitha wiwaha oyata sudusu ne. Yojitha wiwahayak kiyanne deal ekak. Kollage kulaya, job eka, pawula okkoma balanawa. kellage kulaya , job eka, pawula balanawa. eka samanaya deyak.
Yalu wela arade karala badidi nam oya kisima deyak wadagath ne.
me siduweema wage thawa ewata lasthi nam witharak yojitha wiwaha gena balanna.

තරුවා said...

අන්තිමටිකනම් සිරා ඈ...අන්න කතාව...පොඩි අවුලකට තියෙන්නෙ ඔහොම ආදරේ කරන කෙනෙක් හොයාගන්න එක තමයි ඉතින්..

සිඳු සහ ඩයිනමයික් said...

කමක් නෑ.. මූදෙ ඉන්නෙ එක කෙල්ලද කියල ඇහුවලු!

රතී, said...

ඒක තමයි කියන්න වෙන්නේ මූදෙ ඉන්නෙ එක කෙල්ලද කියල ..නමුත් ආද‍ේර කරාම නම් එහෙම හිතලා අමතක කරන්නේ කොහොමද?

nawammawatha said...

ඔන්න ඔහේ ඕව අතෑරල දාල මෙන්න මේ බ්ලොග් ලියන තනිකඩ කෙල්ලෙක් හොයල බැඳගං මල්ලි. ඔය අනන්තවත් සුවීට් නම් වලින් කොමෙන්ට්ස් වැටෙන්නෙ බං. හෙහ් හෙහ්.. :D

niroshini said...

මට නම් මේක කියෙව්වම මුලින්ම දුක හිතුනේ ඔයාලගේ තාත්තට ඒ කතාව නිසා කොච්චර හිත රිදෙන්න ඇද්ද කියල.
ඔයින් බේරුනා මදැයි මල්ලි.

නිසුපා said...

ඕවා ගනන් ගන්න එපා මලේ.ඒක නොවුන එකමයි කාරිය.ඉක්මනට හොද කෙල්ලෙක් ලැබේවා.

රොබින් said...

යෝජිත විවාහ වල සමහර දේවල් පිස්සුවක් වෙලාවකට ...

සරත් ලංකාප්‍රිය said...

අපි ඔක්කොම එකතුවෙලා මදුරංගට මංගල යෝජනා දැන්වීම් අපේ බ්ලොග්වල දාමුද ? මොකද කට්ටිය කියන්නේ ? මෙහෙමවත් උදවුවක් කරන්න බැරිනම් අපේ උල්වූ බ්ලොග් කෙරුවාවෙන් ඇති වැඩේ මොකක්ද ?

සයුරි said...

අපෝ ඔහොම කෙල්ලෝ නම් නොලැබෙන එකම හොඳයි....

හැබෑටම යාලු වෙලා බන්දනම් ඉවරයිනේ...ඔය එක කරදරයක් වත් නෑ..තවමත් පරක්කු නෑ.

ela kollek said...

අඩෝ මේ එකිට ඔනි කුදයක් ගහගන්ඩ කියාපන්......කවුද බන් ඔය මෝඩ ගෑනුන්ව ගනන් ගන්නෙ

පිටසක්වලයා said...

මම දන්න සිද්දියක් තියෙනවා යෝජනා කරපු මනාලියගේ පැත්තේ අය අකමැති උනාම මනමාලයා මනමාලිය එක්ක පැනලා ගිය කථාවක්.

එහෙමත් වෙනවා..ඒත් මම පෞද්ගලිකව ආදර විවාහයකට ගොඩාක් කැමති.

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.