17 June 2012

ශබ්දය

 පහුගිය දවසක ගුවන් විදුලි නාලිකා වැඩසටහනක 'ශබ්දය' ගැන කරුණු ටිකක් කිව්වා. ඉතින් මට හිතුනා ඒ ටික පෝස්ට් කරන්න !!

අපට දිවයි තොල් දෙකයි හොලවන්නේ නැතුව මොන භාෂාවකින් කතා කලත් පිටවෙන්නේ එකම ශබ්දයක් ලු. පොඩ්ඩක් උත්සහා කරලා බලන්න !

සුළං හමන දිසාවේ බාධකයක් නැත් නම් සුළඟෙන් කිසිම ශබ්දයක් පිට වෙන්නේ නෑ ලූ.  සුළං හමන ශබ්දයක් ඇහෙනවා නම් අනිවාර්යෙන්ම සුළඟ, බාධකයක ගැටෙන්ඩ ඕන ලූ. (ඇත්ත නේ.)

පූසෙක්ට පුලුවන් ලූ හුස්ම ඉහල පහල දාන ගමන් 'ඥාව් ඥාව්' ගාන්ඩ !!!
(පූසෙක්ගෙන්ම අහලා බලන්ඩ ඕනා)

ඩොල්පීන්ට පුලුවන් ලූ වතුර යටදි කිලෝමීටර් 27ක් දුර තියෙන ශබ්දයක් උනත් අහන්න !!

මට මතක විදිහට ඔය ටික තමා කිව්වේ !

50 දෙනෙක් අදහස් පලකලා .:

අඩවි රජ said...

අඩේ මමත් ඕක ඇහුවනේ....
මතක විදිහට ගියේ 102.2 (කොළඹට)... රන් ද කොහෙද... :-)

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

sAm (සෑම්) said...

මචං පූසාට හුස්ම ගන්නෙ නැතුව ඉහල පහල දාන්න පුලුවං තමා.

අත් දැකීමෙන් කියන්නේ.

රාජ් said...

ඇත්ත නේන්නං.

ලහිරු said...

ඔව් ඔව් පූසාට හුස්ම ඉහළට ගන්නෙ නැතුවම පහළට දාන්න පුළුවන්. බොරුනම් පූසෙක්ගෙන් අහලා බලන්න! !!

Hasitha said...

සද්දේ තමා සද්දේ :D

දයානන්ද රත්නායක said...

කතාව සම්පූර්ණ ඇත්ත.ශබ්දය කියන්නේ තරංග සිස්ටම් එකක් නේ.

කල්ප said...

අම්මට සිරි .....මම දිව අල්ලගෙනම බැලුවා කියන්න බෑ බං ඒක ඇත්ත එකමයිනේ එන්නේ......“කැර පොත්තා“ කියලයි try කොලේ වචවේ වැරදිද දන්නේ නෑ..හි

ඉන්ද්‍රජිත් said...

නියම සද්දෙ...

මඩිස්සලේ නිශාන් said...

කොහොම මොකක් වුනාම මොකෝ පිට වෙන්නේ ශබ්ද නම්

තරුවා said...

අඩේ ඒ කියන්නෙ දැන් මට පුළුවන් නේද ලොකේ ලොකෙ හැමෝටම පුළුවන් භාෂාවක් කතා කරන්න..අඩේ...ඒ..මං මරුනේ...හුරේයා...

සිඳු සහ ඩයිනමයික් said...

මාත් දිව පොඩ්ඩක් අල්ලන් බැලුවා. කතාව ඇත්ත.. ලෝකෙ දිව කියල දෙයක් නැති උනානම්.. එක බාසාවක් හොදටම ඇති වෙන්නත් තිබ්බා!
නියම පෝස්ට් එක..
-ඩයිනමයික්

Podi Kumarihami said...

//අපට දිවයි තොල් දෙකයි හොලවන්නේ නැතුව මොන භාෂාවකින් කතා කලත් පිටවෙන්නේ එකම ශබ්දයක් ලු. පොඩ්ඩක් උත්සහා කරලා බලන්න !//

මෙහෙම කතා කරන්නේ කොහොමද අනේ? :)

බල්ලන්ට ශබ්ද ඇසෙන හැටි අහලා තියනවද?

නන්ඳු said...

//පූසෙක්ට පුලුවන් ලූ හුස්ම ඉහල පහල දාන ගමන් 'ඥාව් ඥාව්' ගාන්ඩ !!!
(පූසෙක්ගෙන්ම අහලා බලන්ඩ ඕනා) //

:D මේ ගැනනම් අහලා බලන්න ඕනා..

වටින කරුණු..
ස්තූතියි බෙදාගත්තට.. :)

රූ.... said...

ඩොල්පින්ගෙ කතාව නම් මරු..
මාත් හොයලා බලන්න ඕනෑ..

නිම්ශා said...

//අපට දිවයි තොල් දෙකයි හොලවන්නේ නැතුව මොන භාෂාවකින් කතා කලත් පිටවෙන්නේ එකම ශබ්දයක් ලු. පොඩ්ඩක් උත්සහා කරලා බලන්න !//

එකම විදියයි නහයෙන් ශු ශු ගාන්න පුලුවන් මට නම් ..

හිතුවක්කාරි said...

//පූසෙක්ට පුලුවන් ලූ හුස්ම ඉහල පහල දාන ගමන් 'ඥාව් ඥාව්' ගාන්ඩ !!!
(පූසෙක්ගෙන්ම අහලා බලන්ඩ ඕනා) //

පූසා අයියාගෙන් ඇහුවානම් හලි!!!!

prasanna86k said...

අපිටත් බැරි වෙයිද කිලෝමීටරයක් දුරටවත් ඇහෙන්න සද්දයක් දාන්න...

අසරණයා said...

@පොඩි කුමාරි. බල්ලට සද්දේ ඇහෙනේ උගේ කන් දෙකෙන්..

අසරණයා said...

කතා සියල්ල සත්‍යයි...

Dinesh said...

කෝ මේ පූසා මේ ගැන අහන්න...

malmi said...

අහලම නැති දෙයක් නේ මේක. ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තාට

පුබුදු said...

ඒ මරු නෙව මතක තියාගන්න වටින විස්තර ටිකක්..

අග්නි ධාරා... said...

ම්ම් ම්ම් ම්ම් ම්ම් ම්ම් ම්ම් ම්ම් ම්ම් ම්ම් ම්ම්

සිතුවිලි දැහැන said...

පුසෙක්ගෙන් අහන්න ඔනී ඇත්තටම මේ කතාව ගැන...ශබ්දය ගැනත් හිතන්න කොච්චර නම් දේවල් තියනවද..?

වර්ණ said...

තව ටිකක් විස්තර ඇතුව සද්දයක් දැම්මනම් හොඳටම හොඳා.

රතී, said...

කතාව ඇත්ත තමා...

වින්චැට් කිරිල්ලි. said...

පූසෙකුට විතරක් නෙවේ ඕනෙම කෙනෙකුට හුස්ම ඉහල පහල දාන ගමන් ඥාව් ඥාව් කියන්න පුලුවන්....ඥාව්ව්ව්..!!

ක්සැන්ඩර් | Xander said...

සිංහල භාෂාව කියන්නේ ඕනෑම ශබ්දයක් ලියන්න පුළුවන් භාෂාවක්. ඒක කොහොමද?

සයුරි said...

තැන්කු වේවා....

ප්‍රාර්ථනා said...

පූසාගේ කථාව අහන්න මම පූසෙක් එක්ක කථා කරන්න try කරා... කෝ නෑනේ... කමක් නෑ ආයේ වෙලාවක අහලා අයියට කියන්නම්... හික්ස්...
වැදගත් කරුණු ටිකක් අයියේ..

සිහින සිත්තම් said...

මධූ අයියේ ශබ්දයත් මාරයි නේ..ඉගන ගත්තු දේ කියල දුන්න එකනම් වටිනවා කෝටියක්...

Damith Sriyantha said...

කව්ද යකෝ සද්දේ දාන්නෙ....
ශබ්ද ගැන නොදන්නා දේවල් ටිකක් දැන ගත්ත එල ආ ආ.....
අර පුසගේ සීන් එකනම් අද අහගන්ඩම ඕනේ..කෝ මේ අපේ පුස් පරම්පරාව...

රොබින් said...

තොල් හොලවන්නේ නැතුව කතාකොරන්න අමාරුයි නොවැ

දිනුක said...

@ක්සැන්ඩර් | Xander: සින්හලෙං Z ශබ්ද කරන්ඩ පුළුවන්ද? සිංහල විතරක් නෙමෙයි ඕනෙම භාෂාවක හොඳ වගේම නරකත් තියෙනවා.නමුත් ඒක පාවිච්චි කරන්ඩ පුරුදු උනු ජාතියකට ඒක අදහස් හුවමාරුවට ප්‍රමාණවත්.

සද්දේ තමයි හොඳ .මම අහලා තියෙන විදිහට මානවයාගේ විශිෂ්ඨම හොයා ගැනීම භාෂාව.මොකද ඒක ණැති උනානං අනිත් හොයාගත්ත එකක්වත් වැඩක් වෙන්නෑනෙ.

සිඳු said...

මටත් පුළුවන් හුස්ම ඉහල පහළ යන ගමන් ඥාව් ඥාව් කියන්න. බොරු නම් ඇවිත් බලන්න

ක්සැන්ඩර් | Xander said...

දිනුක, ස්තුතියි කමෙන්ටුවට. කොහොමද Z ඒකෙ ශබ්දේ එන්නේ නිවැරදිව?

ඔබේ තර්කය පිලිගන්නවා. ඒත් සිංහල කියන්නේ විශිෂ්ඨ භාෂාවක්. ඒක තර්කයෙන් තොරයි.

පොත් ගුල්ලා said...

දිවයි තොලුයි හොලවන්නේ නැතුව කතා කරන්නේ ගොළු බාසාව.

බට්ටි said...

අම්මෝ මට නම් බෑ මේ කියල තියෙන විදියට සද්ද දාන්න නම්. දැනටත් එන යන අය පිස්සු කියලා කියනවා. ඔය සද්ද දාන්න ගියොත් අන්ගොඩ ගෙනියයී...හිකිස්....
විද්‍යාව පාඩමේදී ඉගෙන ගත්තා වවුලා රෑට පාර හොයා ගන්නේ ශබ්ද නිකුත් කරලලු. ඒ කියන්නේ උන් නිකුත් කරන ශබ්දයෙන් පිටවෙන ද්වනි තරංග කෙලින්ම ගමන් කරනවලූ. මැද භාදකයක් තියෙනව නම් ආපහු හැරිලා එනවලූ. ඒ අනුව තමයි ලූ ඉස්සරහයින් මාර්ගයේ අවහිර තා තියෙනවද නැද්ද කියලා උන් දැන ගන්නනේ. (10 වසරෙදි ඉගෙන ගත්තේ මතක විදියට ලිව්වේ.මේකෙ අඩුපාඩි තියෙනව නම් දන්න කෙනෙක් පැහැදිලි කරන්න.)උන්ගේ කන් ඇ‍සීමේ හුගක් වැඩිලූ .ඒ වගේම පූසගෙත් ශ්‍රවන පරාසය හුගක් විශාලයී...

පැතුම් [සිතුම් පැතුම්] said...

අඩේ වෙන්ඩ බැරිකමකුත් නෑ. අර මොකක්ද ගහක නැට්ටකින් කොලේ කැඩෙන ශබ්දේ පුසට ඇහෙනවලු එතකොට ඒ වගේම ඒ කොලේ බිම වැටෙනවා බල්ලාට ඇහෙනවලු. මට මතකයි නමය වසරේදී විද්‍යාව සර් කිව. ගහේ නම නම් මතක නැතෝ.

දිනිති දීපිකා said...

ඇත්ත කතාවක් මධුරංග මමත් අහල තියෙනවා.

මධුරංග said...

@අඩවි රජ :
හරියට හරි. ඔය අහලා තියෙන්නේ..

@sAm (සෑම්) :
ඔය කියන පූසයි මම කියන පූසයි දෙන්නම එකාද කියලා තමා ප්‍රශ්නේ !!
බොන්ඩ ඕන ප්‍රශ්නයක් !

@රාජ් :
හ්ම්.....

@ලහිරු :
පූසෝ කට අරින්නේ නෑ නේ. කට ඇරවලා තමා අහන්ඩ ඕනා. හික්ස් :)
(වැරදි කතාවක් කිව්වද මන්දා)

මධුරංග said...

@Hasitha :
ඒකනේ ඒකනේ !!!

@දයානන්ද රත්නායක :
ඔවු. විද්යුත් චුම්බක තරංග රටාවක් !!!

@කල්ප :
තොල් හොලවන්ඩ බෑ හරි ද !!

@ඉන්ද්‍රජිත් :
ඒකනේ කියන්නේ.... :)

මධුරංග said...

@මඩිස්සලේ නිශාන් :
ඔවු... එහෙම හිතුවත් වැරදි නෑ...

@තරුවා :
මල්ලිට ගොඩක් සතුටු හිතිලා. හුරේ... හිපිප් හුරේ....

@සිඳු සහ ඩයිනමයික් :
අර කිව්වත් වගේ එක බාසාවක් තිබ්බා නම් මරේ මරු !!

@Podi Kumarihami :ඵ්
අයියෝ... ඒක ඔයාට බෑ. හූඌඌඋ
පොඩ්ඩිට එහෙම කතා කරන්ඩ බෑ ලූ.. හූඌඌඌඋ

මධුරංග said...

@නන්ඳු :
හොයලා බලලා මටත් කියන්ඩ අමතක කරන්ඩ එපා ඕං !!!

@රූ.... :
ඔන්න ඔයත් හොයලා බලන්ඩ. බලලා මටත් කියන්ඩ !!

@නිම්ශා :
නහයෙන් ඔට්ටු නෑ.
කටින්ම තමා කතා කරන්න ඕන.
මොකෝ ඔයාට හෙම්බිරිස්සාවදෑ.

@හිතුවක්කාරි :
පූසා මේ ටිකේ බිසි වෙන්ටෑ. ඌව නිදහස් වෙලාවහ අහලා බලන්ඩෝන !!

මධුරංග said...

@prasanna86k :
ඔහේ ඉදන් කෑගහන්න බලන්න. මට ඇහුනොත් මම් කියන්නම්. :)

@අසරණයා :
ස්තුතියි !!!

@Dinesh :
පූසා බිසී ලූ....

@malmi :
ස්තුතියි අක්කේ. ඔන්න ට්‍රයි කරලා බලන්ඩෝන !!

මධුරංග said...

@පුබුදු :
අම්බෝ රැම් එක ඕවර්ලෝඩ් වෙයි.

@අග්නි ධාරා...:
ඔය සිංදුත් කියන්නේ. අන්න එහෙම තමා කතා කරන්ඩෝන.

@සිතුවිලි දැහැන :
අපොයී ඔවු.
අපි නොදන්න කොච්චර නම් දේවල් තියෙනවද !!

@වර්ණ :
අපි ඉතින් සද්දේ වහලා ඉන්න උදවිය නෙව.
ඒ නිසා සද්දේ නෑ.

මධුරංග said...

@රතී, :
කෝ අනිත් දෙන්නා. මම් කිව්වේ තන්හා සහා රඟා එහෙම ??

@වින්චැට් කිරිල්ලි. :
කිරිල්ලියන්ට කොහොමද කියලා නම් දන්නේ නෑ. :)

@ක්සැන්ඩර් | Xander :
ඒකත් හරි වෙන්ඩෝන !!

@සයුරි :
ස්තුතියි !!!

මධුරංග said...

@ප්‍රාර්ථනා :
හොද කෝට්ටක් කඩන් දෙකක් දීලා බලන්ඩ !!!
ඌ කතා කරයි !!!

@සිහින සිත්තම් :
අපොයි මම මාර නෑ මාර නෑ.
මාත් මේ රේඩියෝ එකෙන් ඇහුවේ !!!

@Damith Sriyantha :
උන් ටික නිදි මහිතේ...

@රොබින් :
ඒකනේ එකම බාශාවකින් කතා කරනවා කිව්වේ. :)

මධුරංග said...

@දිනුක :
මාර දේවල් තමා අහලා තියෙන්නේ. ඔන්න ඔය දේ නම් මම් අදමයි ඇහුවේ !!

@සිඳු :
නිවාඩු නෑ නේ...
පස්සේ වෙලාවක එඤ්ඤං !!

@පොත් ගුල්ලා :
එහෙම වෙන්ඩෑ. :)

@බට්ටි :
ඔය මතක් වෙන්නේ මේයැයිටත් !!!
අන්න හරි මතක් කලාට ස්තුතියි !!!

මධුරංග said...

@පැතුම් [සිතුම් පැතුම්] :
අපරාදේ ගහේ නමත් මතක තිබ්බා නම් පංකාදුයි !!!
විස්තර ටිකට ස්තුතියි !!!

@දිනිති දීපිකා :
ඒක නෙමේ දිනිති. ඔයා ට්‍රයි කරලා නැද්ද අර විදිහට කතා කරන්ඩ !!!

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.