කතාවේ පළවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතන කොටලා කතාව කියවන්න.
මෙහෙම ගර්භනී කාලය ගත කරන දේවියට දොළදුකක් ඇති වෙනවා. ඒ තමයි රියන්
සියයක් දිග මීවදයක් හොයලා ඒ මීවදේ දොලොස් දහසක් භික්ෂුන් වහන්සේලාට දන්
දීලා ඉතුරු ටික දේවියට වලඳන්න !
මේ රජතුමාත් දේවියගේ දොළදුක
සංසිඳවන්න රියන් සියයක් දිග මීවදයක් ගේනවා. ඒ මීවදය හොයාගන්නේ මීගමුව
ප්‍රදේශයෙන් ලූ. (ඒකලූ ඒ ගමට මීගමුව කියලා නම වැටුනේ !)
ඊට
පස්සේ දේවිය කැමති විදිහට හාමුදුරුවරු දොලොස් දහසකට දන් දීලා ඉතුරු ටික
දේවියත් අනුභව කරලා දේවියගේ දොළ දුක සංසිඳවනවා.
(දොළදුක්
කිව්වම මතක් උනේ. ඔය ගෑනු කට්ටියට දොළදුක් ඇති උනාම ඒවා අනිවාර්යෙන්ම
සංසිඳවන්න ඕන ලූ. නැත්නම් උපදින ළමයගේ කන් පෙති වණ වෙනවයි කියලා අපේ ගම්වල
ගොඩක් කට්ටිය කියනවා මම් අහලා තියෙනවා.)
ඔහොම ටික කාළයක් ගතවෙනකොට විහාරමහා දේවියට තව දොළදුකක් උපන්නාලූ. ඒක
කලින් එකට වඩා සංසිඳවන්න ටිකක් අමාරු දොළක් ලූ. කලින් එකත් ලේසි නෑ තමා.
මේක ඊට වඩා අමාරු දොළදුකක් !!
මේකයි දොළදුක !!
ඒ කාලේ
ද්‍රවිඩ පාලකයෙක් වෙලා හිටපු එළාර රජතුමාගේ ප්‍රධාන යෝධයා වෙච්ච සාරතීගේ
හිස සිඳපු කඩුව උඩ වාඩිවෙලා තිසාවැවෙන් ගෙනාපු නෙළුම් මල් පැළදගෙන තිසා
වැවෙන් ස්නානය කරන්ඩ ආසාවක් උපන්නා ලූ.
කොහොමද වැඩේ ??? ලේසි නෑ
නේ? රජතුමාත් දහ අතේ කල්පනා කලාලු දේවියගේ මේ දොළ සංසිඳවන්නේ කොහොමෙයි
කියලා.
එතකොටම වේළුසුමන යෝධයා මේ වැඩේ බාර ගත්තා ලූ.
බාරගත්
විදිහට සාරතීගේ හිස කඩුපාරකින් බිම දාලා ඒ කඩුව ගෙනත් රජතුමාට දුන්නා
ලු.ඊට පස්සේ දේවිය කමති වෙච්ච විදිහට දොළදුක සංසිඳෙව්වාලූ. මේ දොළදුක් ගැන
නැකැත් කරුවන්ට ආරංචි වෙලා ඒ අය කිව්වාලු මේ දේවියට උපදින්න ඉන්නේ
බලසම්පන්න පින්වත් පුත් කුමාරයෙක් ය කියලා.
එතකොටම
විහාරමහාදේවියට මීට කාලෙකට ඉහද අපවත් වෙච්ච සාමණේර නමව සිහිපත් උනා ලූ.ඒත්
එක්කම දේවියට හිතුනා ලූ "මේ උපදින්න ඉන්නේ අර සාමණේර නමම තමයි" කියලා.
දසමාසයකට
විතර පස්සේ විහාරමහා දේවිය, පසුකාලීනව සොලීන්ගෙන් රට මුදාගෙන ලංකාව
එක්සේසත් කරපු දුටුගැමුණු කියන පුත් කුමාරයාව බිහි කළාලූ !!!
ඔන්න
ඕකයි කතාව !!!
-----ඉවරයි-----
ප.ලි. - කතාව දිග වැඩියි කියලා හිතුන නිසා කෑලි කඩලා මම අහගත්ත තරමක් !!! අම්බෝ ආයේ නම් පත හෑල්ලක් හරි ඔහේ ලියලා දානවා. කෑලි නම් කඩන්නේ නෑ.
26 June 2012
අම්මා කියපු කතාව - අන්තිම කොටස
Subscribe to:
Post Comments (Atom)
53 දෙනෙක් අදහස් පලකලා .:
"ඒ කාලේ ද්‍රවිඩ පාලකයෙක් වෙලා හිටපු එළාර රජතුමාගේ ප්‍රධාන යෝධයා වෙච්ච සාරතීගේ හිස සිඳපු කඩුව උඩ වාඩිවෙලා තිසාවැවෙන් ගෙනාපු නෙළුම් මල් පැළදගෙන තිසා වැවෙන් ස්නානය කරන්ඩ ආසාවක් උපන්නා ලූ"
එළාරගේ ප්‍රධාන යෝධයාගේ නම "නන්දසාරථී" කියලයි මහාවංසය නම් දක්වන්නේ.
බිසවගේ මේ දොළ දුක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ.
බිසවගේ දොළ දුක වෙන්නේ එළාරගේ අග්‍ර යෝධයාගේ හිස සිඳි කඩුව සේදූ ජලය ඒ යෝධයාගේම හිස මත සිටගෙන බොන එක. අනික තමා අනුරාධපුරේ උපුල් කෙතින් උපුල් මල් දමක් පළඳින්න ආසා හිතුණු එක.
දැන් නිදිමතයි මාමෙ හෙට කියවන්නම්...>:o
.
අහ් හා මේක තමයි කතාව මටත් දැන් ඉතුරු ටික මතක් උනේ
එළ
ඔය තියෙන්නේ ඉතුරු කොටසත්. මරු මරු.
අර යෝධයාගේ හිස බිම වැටෙන්න නොදී කදුවේම අමුනගෙන ආවා කියලත් කියනවා නේද? දේවියට ආසාව ආවේ ඔලුව බිම වැටෙන්න කලින් අර විදියට නාන්නලු නේද? (මට මතක විදිහට)
දහම්පාසල් පොතෙන් මාත් කතාව කියවල තිබුනා.. මාත් ගොඩක් ආස කතාවක්...
අන්න එහෙමයි හැදෙන ළමයි... දිග ඒව දැකල නැතිනම් වරෙන් හැන්දකොරේ ගාල්ල පැත්තෙ පෙන්නන්න... රුහුණුකුමාරි යනවා මාමමමමමමමමාර දිගයි...
අන්න එකනේ කිවේ පත හැලි හරි ලියලා දාන්න අනේ..කියවන අපිට හිතෙන්නේ පොඩ්ඩයි වගේනේ...
මාර දොලදුකක් නේ විහාරමහා දේවියට හිතිලා තියෙන්නේ..නිකම් හරි අපි බැදලා ඔය රියන් දිග මී වද හොයන්න කිවොත් මහත්තයා කොහෙන් එව්වා දැන් ගේන්නද අප්පා..
කතාව නම් රසවත්.
මුලින් යෝධය මහ කෙබරයක් කියල එළාර රජ්ජුරුවන්ව රවට්ටල, ඊට පස්සෙ එළාර රජ්ජුරුවන්ගෙ ප්‍රධානම යෝධය කුපිත කරල ගෙන්නවගෙන, ඒ යෝධය යන මග තමන්ගෙ අශ්වය යවල දුහුවිල්ලෙන් පුරවල, යෝධයගෙ බෙල්ල ට කඩුව අල්ලල කෙස් වැටියෙන් ඔලුව අල්ලගෙන, කෙන්ඩියකට තිසා වැවෙන් වතුර අරන්, ..................බ්ලා,....බ්ලා,...බ්ලා..කරල ඔන්නදේවියගෙ දොල සOසිඳවන්න ඕනෙ ඔක්කොම කලමනා එක්කල කාවන්තිස්ස රජ්ජුරුවන්ගෙ යෝධය නැවත මාළිගාවට ඇවිත් දේවියගෙ දොල සOසිඳවව්වලු.
හික්.
කලින් බැන්න එකෙ හිතෙ දුකටද කොහෙද මේකත් ලහි ලහියෙ හොරාට තමයි ලියල තියෙන්නෙ
හම්මේ... කොච්චර ලස්සන කතාවක්ද ඒක. මධුරoග ආයෙම අපිව පුoචි දවස්වලට අරන් ගියා මේ කතාව මතක් කරල. බොහෝම ස්තූතියි ඒකට
අනේ මන්ද ඔය රාජ කුමාරිකාවන්ගෙ දොලදුක් ගැන නම් අයියෙ..මට හැම දාම දොලදුක...මම හැම මොහොතෙම කල්පනා කරන්නෙ මොකක්ද හෙට කන අලුත්ම කෑම ජාතිය..මොකක්ද හදන අලුත්ම කෑම ජාතිය කියල...කොච්චර කෑවත් ඇඟට අල්ලන්නෙ නැහැ..:D:D:D
සෝයි කතාව... මේකත් අරකෙම ඇමුණුවා කියල දිග වැඩියක් නෑ..
මන් හිතන්නේ සාහිත්‍ය කාරයෝ අතින් දාපු අභව්‍ය සිද්ධි ගොඩක් මේකේ තියෙනවා කියලයි.. දැන් කාලෙත් ඉතින් ඉතිහාසේ ලියන්නේ එහෙමනේ..
පුදුම දොල දුකවල්නේ. බයේ බෑ...:)
ඒ උනාට කතාව ලස්සනයි.
ඔව්ව් ඔව් කෑලි වලට කඩන්න එපා.
මාර දොලදුක්නේ අෆ්ෆා
ඔන්න ඔහොමයි උනා කියන්නේ.... :)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ඒක නම් මාර දොලදුකක් තමයි..අයියගේ (දිගම දිග) කතාව නම් ලස්සනයි..ආයෙමත් එහෙනම් අම්මගෙන් කතාවක් අහගෙන කියන්නකෝ....
කථාවනම් ලස්සනයි..
හැබැයි මාර දොළදුක නේද?එහෙමත් දොළදුක හැදෙනවද අප්පා..රජතුමා නිසාම හොදයි..
කථාවෙ කෑලි නම් කඩන්නේ නෑ. අන්න ඒක හොදයි කම්මැලිකම ගිහින් වගේ බැනුම් අහලම.. හි හී හී...
ඔය දොළදුක් කතා ගෑනු තමංගෙ ආසාවල් ඉස්ට කොරගන්න හදාපු ඒව නෙව.මිනිහත් ඉතිං කුසේ ඉන්න එකා ගැන හිතලා වෙනදා නැති උනන්දුවකිං ගෙනත් දෙනවා නොවැ.
පුදුම දොලදුක් තමා නේද ? පිරිමි බය වෙනවා ඇති මේව ඇහුවම .
කැලනියේ නූතන ගැමුනු කුමාරයගෙ අම්මටත් ඔහොම හිතුනද දන්නෑ නේ?
සමහර විට එහෙම දොලදුකක් ඇතිවෙන්නේ ඉපදෙන්න ඉන්න කෙනාගෙ බලය නිසා වෙන්න ඇති.ඉතිහාස කතාව නියමයි.
@රාජ්... උබ ඔය කියන එකාගෙ අම්මට..
කාලෙකින් දුටුගැමුණු කතාව ඇහුවා.ඒත් මමත් අහලා තියෙන්නෙ දොළ දුක හසිත මල්ලි කියලා තියෙන විදිහට තමා.
හසිත කියල තියන කතාව හරි, තව පොඩි දෙයක්, මම අහල තියන විදියට දේවියට ඔය දොල දුක් දෙකම එකට ඇතිවෙන්නෙ, හැබැයි රියන් සීයක් නෙවේ, මතක හැටියට හරකෙක් තරම් මීවදයක් ඒකත් බොහොම ලේසියෙන්ම හොයාගත්ත කියන්නෙ තිස්සමහාරමෙ පැත්තෙන්ලු. නමුත් ලොකුම ප්‍රශ්නය උනේ අනිත් දොලදුක ඉශ්ඨ කරන එක, එතනදි වේළුසුමන යෝධයා කැමැත්තෙන් ඉදිරිපත් වෙලා තනිවම අසු පිටින් ගියා කියල ජන කතාවෙ තියෙන්නෙ.
වේළුසුමන යෝධයා, එළාරගෙ සේනාවට පවා එකතු වෙනවා, එතන්දි එයා ගැන වැඩියෙන්ම පැහැදිලා තියෙන්නෙ අසුන් හැරඹවීමේ දක්ශතාවයන්ටලු.
කවුරු හරි මේක හරියටම කියනවද, මම වැරදි නම්.
ලස්සන කතාවක් අයියා අනික අපේ ඉතිහාසය ගැනනේ...
අර කතා දෙකට කඩන්නේ නැති එකට නම් මාත් එකෙන්ම ලයික් ඈ
පුදුම දොලදුකක්නෙ බොලේ ඒක??? :O
අද කාලේ ඔය දේ උනානම් උපදින දරුවොන්ගේ කන් වන වෙනවා නේ. රජ දෙවියන්තත් ඇති වෙන්නේ රජ දොළදුක් නේ.
දුටුගැමුණු රජ කාලේ ලංකාවේ අශ්වයෝ හිටියාද ඒ කාලේ ලංකාවේ අශ්වයෝ හිටියේ නැහැ නේ. විදේශිකයන් ලංකාවට එද්දීනේද අශ්වයෝ ගෙන්නුවේ. ඉස්සර අලි අත්තුන්ට අශ්වයෝ හුවමාරු කරලා තියෙනවා නේ. දන්නා කෙනෙක් උත්තරයක් දෙන්න.
හරි අගනා කතාවක්...
@ අසරණයා : අප්පට සිරි ඒකත් එහෙමද? ම්ම්ම් හැබැයි අශ්වයෝ නොඉන්න විදියක් නෑ නේද? අර සුරතිස්ස රජතුමා (මෙයා ද්වනම්පියතිස්ස ගේ සොහොයුරෙක්) රජ වෙච්ච "සේන, ගුත්තික" කියන දෙන්නා ඉන්දියාවෙන් මෙහාට ඇවිත් තිබුනේ අශ්ව වෙළඳාමට ලු නේ. ඒ කියන්නේ ඊටත් කලින් අශ්වයෝ ඉඳලා තියනවා...
හරියටම සුවර් නෑ මට
@ ප්‍රසා
ඔව් ඔයා හරි දොළ දුක් දෙකම එකට තමා ඇතිවෙන්නේ. මහාවංසයේ දක්වන්නේ මී වදය ඉස්බක් තරම් මහතයි කියලා. මී ව්දය හොයා ගත්තු ප්‍රදේශය විදිහට දක්වන්නේ "ගොළු මුහුද කෙළවර" කියලා
වේළුසුමනගේ කතාව ගත්තොත් එයා අනුරාධපුරයට ගිහින් එළාර රජතුමාගේ අස් ගොව්වා එක්ක මිත්‍රවෙලා අස් ගාලේ වැඩ කරනවා ටික දවසක්. ඒ ගමන් එයා අස්ගාලේ ඉන්න වේගවත්ව අස්වයාවත් හඳුනාගන්නවා.
දවසක්දා උදෙන්ම උපුල් කෙතෙන් උපුල් මල් අරගෙන වේගවත්ව අස්වයා පිටේ නැගලා තමා "මම කාවන්තිස්ස රජතුමාගේ වේළුසුමන ඇමතියා" කියලා කෑ ගහලා එද්දී එළාරගේ ප්‍රධාන යෝධයා ආපුවාම එයාට සෙල්ලමක් දාලා බෙල්ල කපන්නේ....
වේළුසුමන කුඩා කාලයේ චණ්ඩ අශ්වයෙක් හසුරවපු කතාවක් එහෙමත් තියෙනවා,
@ අසරණයා
ලංකාවේ අශ්වයෝ නොහිටියත් විජය රජතුමාගේ කාලයටත් කලින් ඉදන්ම ලාංකිකයන් එක්ක විදෙස් වෙළෙන්දෝ වෙළදාම් කරලා තියෙනවා. ඒ මාර්ගයෙන් ආපු අශ්වයෝ වෙන්න පුලුවන්.
පර්සියන් අශ්වයන් ලංකාවේ වැඩි වශයෙන් හිටිය බවයි කියවෙන්නේ. සමහර විටෙක මුලින් විදේශවලින් අශ්වයෝ ගෙන්නලා පස්සේ අශ්වයන් මෙහේ බෝ කළා වෙන්නත් පුලුවන්.
සෝයි කටාව අප්ප...^_^
මේ මම අහල තියන ඔය කතා වර්ෂන් එකේ නම් විහාර දේවිය ඉල්ලන්නේ යෝධයාගේ හිස උඩ ඉඳගෙන තිසා වැවෙන් ගෙනා නෙළුම් මාලයක් පළඳා ගෙන නෙළුම් කොලේක බත් කන්නටලු.
එළ ඈ...සෝයි කතා සුට්ට...
දැන් නම් මීගමුවෙ මී වද තියා මී වදයක් දැකපු ළමෙක්වවත් හොයා ගන්න වෙන්නෙ නෑ
හෑ...?
අසර් ගෙ කතාවට මම කොරවුනා :O
සේන ගුත්තිකලගෙ සම්බන්ධය ඇතිවෙන තැන ඉඳල ගත්තත් අශ්වයෝ ලoකාවෙ ඉඳල තියෙනවනෙ අසර්
ඔය සිoහල බ්ලොග් ලෝකයේ ඇවිදින ඉතිහාස පොත(හසිත)යි, පොත් පිoච(සයුරි) දෙන්නත් තහවුරු කරල තියෙන්නෙ
කතාවයි, අදහසුයි ඔක්කොම කියෙව්වා.
කෙටියෙන් ලිව්වට අදහස් කියන අය අය්යා අයින් කරපු කෑලි එකතු කරලා තියෙන්නේ.
හසිත මල්ලිගේ කතාවට සෑහෙන්න එකගයි. ඒත් එක්කම මධු මල්ලි දාපු පෝස්ට් එකත් නියමයි. මේ හැම දෙයක්ම අපිට අලුතින් මතක් වෙන එක හරිම හොදයි. නැත්නම් මේවා ඉතිහාසයත් එක්කම වැලලිලා යනවා අනාගත පරපුර දන්නෙත් නැතුවම. මමත් මේකෙන් මගේ මතකය අලුත් කරගත්තා. මධු.. ස්තුතියි මල්ලි!!!
දැන් නේ මතක් වුණේ කතාව.....................
වේළුසුමන කෑගහලා ඇවිත් හැංගිලා හිටියලු, යෝධයා ආව වේගෙන් ම ගියාළු, දූවිලි නිසා වේළුසුමන කඩුව අල්ලගෙන ඉන්නවා දැක්කෙ නැති නිසා දිගටම ගියාලු බෙල්ල නැතුව! ඵල ඵල!
ස්තුතියි හසිතටත් සයුරිටත්..
@Hasitha :
ස්තුතියි වැරදි නිවැරදි කලාට. මං එහෙනම් කතාව අප්ඩේට් කරන්නම්.
@බට්ටි :
හරි දූ... හෙට කියවන්න.
@උඩගෙදර :
:)
@පුබුදු :
ඇති යාන්තන් කතාව මතක් වෙලා තියෙන්නේ. හික්ස් :)
@සයුරි :
ඔය ටික නම් අහලා නෑ සයුරි අක්කේ.
මතක් කලාට ගොඩක් ස්තුතියි !
@පොඩි මෑන් :
අඩේ පොඩ්ඩත් දහම් පාසල් ගිහින් තියෙනවා එහෙනම්.
ගාල්ලේ ගිහින් කෝච්චි බලලා නම් හරි යන්නේ නෑ කොලුවෝ. බැරිදා ගාළු කොටුවේ ඉදන් හීනියට දෙකක් දාගන්න !!!
@නිම්ශා :
ඒ හින්දා ඔයා එවුවා කියන්ඩ යන්නෙපා මහත්තයාට. මහත්තයා පවු නේ. :)
@සඳ :
ඔහොම කතාවක් නම් දැනගෙන උන්නේ නෑ මල්ලි.
ගොඩක් ස්තුතියි කතාවේ අඩු ලුහුඩු තැන් පිරෙව්වට !!! දැන් නම් කතාව සම්පූර්ණයි වගේ !!!
@වින්චැට් කිරිල්ලි. :
දොළක් ආවකට නේ. ඒ නිසා අපි අපේ ආසාවන්ට දොළදුක් කිව්වට කාරි නෑ.
@Dinesh :
කියවන්ඩ ලේසි වෙන්නයි මං එහෙම කලේ. දැන් බලාගෙන ගියහම කට්ටිය ඉල්ලන්නේ එකපාර ලියලා දාන්න කියලා නෙහ් !
@සරත් ලංකාප්‍රිය :
ඒක නම් ඇත්ත වෙන්න ඕන. නැත්නම් අරම මීවද කොහෙන් හොයන්ඩ කියලා යෑ. ඒ උනාට දරුවෙක්ට කියලා දෙන්න මරු කතාව !
@Podi Kumarihami :
ඔයා බය වෙන්ඩ එපා. ඔයාට මහත්තයා ඉල්ලන ඕන දෙය්ක් ගෙනත් දේවි.
මට හිතෙන විදිහට ඔයාට නම් හැදෙන දොළදුක තමා අයිස්ක්‍රීම් එකක් කාලා උම්මා එකක් දෙන්ඩ බෙල්ල බදන් උම්මා දෙන්ඩ වගේ එවුවා. ඒවට නම් බය වෙන්ඩ කාරි නෑ. හික්ස් :)
@වර්ණා :
නෑ නෑ ආයෙම කෑලි කඩන්නේ නෑ.
@අඩවි රජ :
හරියට හරි !!! ඔහොම තමා උනේ !
@සිතුවිලි දැහැන :
මීට කලිනුත් අපේ අම්මා කියපු කතා ලියලා තියෙනවා. මුලින්ම අපේ අම්මා කියපු කතාව ලියනකොට කමෙන්ට් කරන්ඩ කවුරුත් නෑ. මමම ලියලා මමම කියෙව්වා :)
@සිහින සිත්තම් :
ඔවුවොවුවු !! කම්මැලිකම ගියා. මේ සේරමල්ලා එකා වගේ කෑ ගැහුවා නේන්නම්.
@දිනුක :
ඔන්න එහෙම කියලා බෑ හරිද !
ඒ කාලේ ඒ දේවල් කරන්ඩ ඕන හයිද ! (මේකා දොස්තරයෙක් නිසා ඔවුවා බොරුයි කියලා කියයිද මන්දා. හික්ස් )
@Gimhani :
බය වෙන් නැතුව තියේවි යෑ... :)
@රාජ් :
අපෝ ඕකා ගැන නම් කතා කරන්ඩ එපා අප්පා. මහ සතෙක් ය !!
@දයානන්ද රත්නායක :
එක අතකට එහෙමත් වෙන්න ඇති. ඉපදෙන්න ඉන්න කෙනාගේ බලයත් බලපාන්න ඇති.
@sAm (සෑම්) :
බැනලා වැඩක් නෑ මචං !!! ගැමුණුවා හැදෙන එකෙක් නෙමේ !!!
@නිසුපා :
ඒක නෙමේ මේ ටිකේ බිසීද. එක පෝස්ට් එකක්වත් ලියලා නෑ නෙව ! මොකෝ වෙන්නේ ???
@ප්‍රසා :
මම නම් දන්නේ නෑ මචං ඔය තරමටම !
අපේ හසිත මල්ලිගෙන් (ඇවිදින මහාවංශය) අහලා බලන්ඩ ඕනා !!
@මඩිස්සලේ නිශාන් :
අපෝ නෑ නෑ. ආයෙම කතාව කඩන්නේ නෑ.
@හිතුවක්කාරි :
ඒක නේන්නම් :)
@අසරණයා :
ඒක හරි. රජ දොළදුක් තමා !
දෙවෙනි එක නම් දේවියගේ උප්පරවැට්ටියක්ද මන්දා. මොකද සාරතීව මරන්න හොද ප්ලෑනක් නේ !!!
@ඉන්ද්‍රජිත් :
ස්තුතියි !!!
@සයුරි, හසිත :
ඔය දෙන්නටම ස්තුතියි අසරණයාගේ ප්‍රශ්නෙට උත්තර දුන්නට. මම නම් වැඩිය ඉතිහාසේ ගැන දන්නේ නෑ. :)
@අග්නි ධාරා... :
ඒක නේන්නම්. ඉතින් ඔයා ආසයිද මේ කතාවට ? :)
@ක්සැන්ඩර් | Xander :
තවත් වෙනස් වර්ශන් එකක් !
ඒ කියන්නේ අපි එක එක්කෙනා මේ කතාව අහලා තියෙන විදිහේ ටික ටික වෙනස්කම් තියෙනවා.
@තරුවා :
ටැංකූ !! ටැංකූ !!!
@සිඳු :
දැන් නම් ඉතින් මී වද කොහෙන්දෑ...
@සඳ :
ඒකනේ. මට තියෙන්නේ සයුරි අක්කයි අසරණයයි හසිත මලයයි වාද කරනවා බලන් ඉන්ඩ විතරයි !!
@Rozan Fernando :
ඔවු. සමහර ඒවා මම නොදන්න කෑලි. අදහස් කියන අය ඒවා එකතු කරලත් තියෙනවා !!
@malmi :
අක්කා කියවලා රසවින්දා නම් ඒ ඇති හොදටෝම... අර කිව්ව කතාව ඇත්ත. ඒ කාලේ අපට ප්‍රෞඩ ඉතිහාසයක් තිබ්බ උදවිය නෙව !
@අනූ :
අම්බෝ මෙයා කාලෙකට පස්සේ ඇවිදින්. කොහේදෑ ගිහින් හිටියේ ???
@ලහිරු :
මට අර ස්ලීපි හොලොව්ස් කියන ෆිල්ම් එක මතක් උනා.
ස්තුතියි කතාවේ අඩුවැඩිය එකතු කලාට !
@අසරණයා :
කාලීන ප්‍රශ්නයක් එකතු කලාට අසරණයාටත් ස්තුතියි !!!
@ මධුරංග : "මට තියෙන්නේ සයුරි අක්කයි අසරණයයි හසිත මලයයි වාද කරනවා බලන් ඉන්ඩ විතරයි"
අපි කරන්නේ වාද නෙමෙයි අයියා "සංවාද" :D
කමෙන්ට් එකක් දාලම යමුද ??
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.