ගිය සති අන්තේ නොසිතූ විරූ කරදරයකට මුහුන දෙන්ඩ වෙච්ච නිසා කට්ටියත් එක්ක පොත් බලන්ඩ යන්න උනේ නෑ. ඒ නිසා සඳුදා දවසේ මමයි අපේ මලයයි පොත් ප්‍රදර්ශනය බලන්ඩ ගියා. ඒ ගිය ගමනෙදි නියම පොතක් හම්බ උනා. ඒ පොතේ නම තමයි බිරිඳ, සැමියට කියන බොරු !
ඒක පිටු හාරසීයක විතර ලොකු පොතක් ! මලයයි මායි පොත ගත්තේ නෑ. පොතේ තිබ්බ බොරු ටික ෆොටෝ ගහගෙන ආවා. පහලින් තියෙන්නේ ඒ පොතේ තිබ්බ බොරු ටික !
පළවෙනි බොරුව
"මම ඔයාට ආදරේ කරන්නේ ඔයා හැසිරෙන තාලයට කැමති නිසා "
දෙවෙනි බොරුව
"මම ඔයාට සැමවිටම ගරු කරනවා, හැබැයි ඔය ඒකට සුදුසු වෙනකල් විතරයි"
තුන්වෙනි බොරුව
"ඔයා දුප්පත් උනත් පොහොසත් උනත් මම ඔයාට ආදරෙයි"
හතරවෙනි බොරුව
"ඔයා මගේ ප්‍රධානියා නෙමෙයි නේ.."
පස්වෙනි බොරුව
"මම ඔයාගේ විස්වාසය කිසිදාක බිඳින්නේ නෑ.. !"
හයවෙනි බොරුව
"කිසිවරදක් නෑ මම හොඳින් ඉන්නවා."
හත්වෙනි බොරුව
"ඔයාගේ උදවු ඕන නෑ. මට ඒක තනියෙන් කරන්න පුලුවන්"
අටවෙනි බොරුව
"අපි දෙන්නා අතර තවදුරටත් පොදු දේවල් මොකවත් නෑ.."
නමවෙනි බොරුව
"මං මේ ඇඳුමට ලස්සනයි ද ? ඇත්තටම මට ඒක ඔයාගේ කටින්ම දැනගන්න ඕනේ."
දහවෙනි බොරුව
"ඔයා දැන් මගෙත් එක්ක කතා කරන්නේ නෑ නේ."
එකොලොස්වෙනි බොරුව
"අද රෑට බෑ... මට හිසේරදයක් තියෙනවා !"
දොලොස්වන බොරුව
"ඔහොම ඉදලා නම් බෑ. ඔයා වගකීම් දරන්න ඕනේ."
26 September 2012
බිරිඳ, සැමියට කියන බොරු
Subscribe to:
Post Comments (Atom)
52 දෙනෙක් අදහස් පලකලා .:
මාත් මේ පොත දැක්කා.. හි හි
මේකේ සැමියා බිරිඳට කියන බොරු කියලා එකකුත් තිබුනා... ඒ ගානට වැඩක් නෑ කියලා හිතුනා නිසා ගත්තේ නෑ... දැක්ක ගමන් හිනා ගියා
හි හි
මට වෙච්ච වැඩේ. මට අහු උනේ ඕකෙ අනිත් පොත. සැමියා බිරිඳට කියන බොරු. මම පන්ඩිතයා වගේ ටිකක් එහායින් පොත් තෝර තෝර හිටපු සජිත්ට පොත පෙන්නුවා. මෙන්න තමුසෙලාගෙ සායම ඉවරයි කියලා. මේකා මට හෙන පල් හිනාවක් දාලා බිරිඳ සැමියාට කියන බොරු පොත පෙන්නුවෙ නැද්ද. මම පොත් දෙකම තිබ්බ තැනින් තියලා සජිත්වත් ඇදගෙන ස්ටෝල් එකෙන් එලියට ආවා.
මේකෙ අනිත් පොත නම් වටිනව. හැබෑටම මෙහෙම එකක් තිබුනද?
හැබෑටම එහෙම බොරු කියයිද අප්පා. දැන්ම ඉඳන් ඇලර්ට් එකේ හිටියාම හරි.
මම දැක්කේ නැහැනේ මේ පොත. අඵරාදේ :(
සැමියා බිරිඳට කියන බොරැ කියලා නම වෙනස් කරමු අපි.
මාර පොත් තමයි. මට මේ පාර යන්න බැරි වුනා අපරාදෙ. මේකෙ තියන ඒව කොහොම වුනත් ඔය කියන අනිත් පොතේ නම් සහතික ඇත්ත තියෙන්න ඇති. හී හී......
හි හී! නියම පොත් තමයි ඔයාටත් හම්බ වෙන්නේ.
ඇත්තට ආලය කරනකොට ඒවා කෙනා අනුව වෙනස් වෙනවා..ආදර කතා තුන හතරකට පෙනී හිටියාම තමයි සත්‍යය තේරුං යන්නෙ....
ඔයත් සොයන් එන ඒව :D
ෂැහ්.. කොහෙද තිබුණෙ ඕක? මට හම්බ වුණේ නෑනේ. මේවා නම් Save කරලා තියාගන්න ඕන!
හේ හේ
සැමියා බිරිඳට කියන බොරු කියන එක නම් මම කියවලා තියේ.ඔය පොත ඉතින් කියවන්න ඕනි නෑ කියල හිතුන. :ඩී
බොහොම අපූරු පොතක්නේ.. මමත් දවස් ගනනාවක්ම ගියා මේ පොත ඇහැ ගැහුනෙ නැහැ.
උදේ "මම ඔයාට ආදරේ කරන්නේ ඔයා හැසිරෙන තාලයට කැමති නිසා " මේක කිවුවනේ..
ඒ කියන්නේ බොරුද...?? බලාගන්නම්කෝ..
මම දැක්කෙත් නෑ මෙහෙම පොතක්..... ( දකින්න යන්න එපැයි )
මේකෙ අනිත් පොත ලියලා තියෙනවානම් රචකයා මහ බොරු කාරයෙක් වෙන්න ඕනේ...
වටිනා පොතක් ගන්න ඕනේ බලන්න
මේකෙ බිරිද විතරක් කියන බොරු විතරක් ඇතුලත් කියලා ෂුවර්ද????
සමහරක් එවුවා පෙංවතියත් කීලා තීනවානේ මේ චූටි කාලෙට...
හප්පා අර 11 වෙනි බොරුව.ඒ මොකකටද ඒ බෑ කියන්නෙ?
උඹත් ගන්න ඕනම පොත අරං නැහැනේ!
ඉතිං මොනවද, ඔයා ගත්ත වෙන පොත්?
දවස් දෙකක් ගියා ඔය පොත දැක්කෙ නෑ නෙ. :O
ඕවා ඔක්කොම බොරුම නෙවේනෙ ඉතින්.
අපි නම් ඕවා දන්නේ නැහැ තාම :)
දෙපාර්ශවයටම පොත් දෙකක් ලියලා. හැම දෙනාම ටාගට් කරලා මාකට්
මම ඇත්තටම අහන්නේ..මේ කියලා තියන ඒවා ඇත්තද? ;)
ඕකට ඉතිං පොතක් කියවන්ඩ ඕනෙයෑ.කට ඇරියොත් කියන්නේ බොරුවක් කියලා මතක තියාගත්තම හරිනෙ.
ඇයි ඕකේ අනිත් පොත දැක්කෙ නැද්ද ? " සැමියා බිරිඳට කියනා බොරු " ඒකත් බලන්න එපායෑ
එල, දැන් දැනගෙන ඉන්න හින්දා අනාගතේදී කිව්වම අල්ලගන්න පුළුවන් බොරුවක් කියලා, :ඩ්
උබ ගොඩ.. පොත් ඉවරවෙනකල් පෝස්ට් දාන්න පුලුවං :)
මේ උබ ලක්ෂපතියෙක් වෙලා.. බලපං දකුනු පැත්ත..
අඩේ මාත් දැක්ක ඔය පොත.පෙරලලා බැලුවා.දැන්ම ඕක ඕනේ නැති නිසා තියලා ආවා.බදින්න කිට්ටු වෙලා ගන්නවා :)
සහතික ඇත්ත....(කෝ මේබිම වැටිච්ච සත විසිපහක් නෑනේ අයියගේ තටට දාන්න...@ හොයමින්)
බැඳපු අයට උපදෙස් ටිකක් ගත හැක
ලක්සෙට ජය!!!
කෑල්ලට ප්‍රින්ට් කරලා දුන්නත් පාඩු නෑ!:p
//හත්වෙනි බොරුව
"ඔයාගේ උදවු ඕන නෑ. මට ඒක තනියෙන් කරන්න පුලුවන්"//
කොච්චර හොඳ බිරිඳක් ද :පි
මෙච්චර වටින පොතක් ඇයි බං අයියේ ගත්තේ නැත්තේ??
එකොලොස් වෙනි බොරුව සෑහෙන භයානකයි අෆ්ෆ.. :)
මේ පොත ලියපු කෙනාගෙම "සැමියා බිරිඳට කියන බොරු" කියලා පොතකුත් තියනවා. මම ගම්පහ සරසවි එකේ දී පොත් දෙකම එකම තැන තියනවා දැක්කා
පොත කුමක් වුවත් ලක්ෂපතියෙක් වීම පිළිබද මගේ බලවත් මෙව්වා එක පිළිගන්න... ජය !
ආ ... මේ අර ‘ඉක්මනින් දියුණු වන්නේ කෙසේද‘ මොඩ්ල් එකේ පොත් නේ.
මමත් දැක්කෙ නෑනේ.... සැමියා බිරිඳට කියන බොරු ඒ ගැන කියන්නෙ නැද්ද
මේවා ලිව්ව ඒකා මොකාද???
මමත් නුගේගොඩ සරසවියේ මේ පොත් දෙකම තියනවා දැක්කා, එවෙලාවේ සල්ලි මදිවුන නිසා පස්සේ ගන්න හිතුවා, ගන්නවනම් පොත් දෙකම ගන්න ඕනේ, මොකද සමබර අදහසක් ගන්නනම් පොත් දෙකම කියවන්න ඕනේ....
හරි දැන් එතකොට ඕව ඇත්තටම කියන අයට මොකද වෙන්නෙ...???
හී හී.........:)
මේ පොතේ අන්තිමට තිබුණු බොරුව මොකක්ද ? :D
නරක නැහැ කියලා තියන බොරු ටික නම්
මේ කියලා තියෙන්නේ පට්ට පල් බොරුනේ...:D
මචන් බෑදපු නෑති ගෑනු කියන බොරු තියෙන පොතක් හම්බුනොත් මටත් කියපන්!
නරක නෑ.සමහර විට ඇත්ත වෙන්නත් ඇති.
11 වැනි බොරුව කියන දවසට මොනවා කරන්නද මන්ද...:D
අපරාදේ..මම ඔය පොත් දෙකම දැක්කේ නැනේ..
කියවා ඇත
කමෙන්ට් එකක් දාලම යමුද ??
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.