18 September 2012

එකකට ඔවු නම්, අනෙකට නෑ..

අදත් බ්ලොග් එකේමොනවා හරි කොටන්ඩ කියලා හිතුනා. ඒත් ලියන්ඩ කිසිම දෙයක් මතක් වෙන්නේ නෑ..  අපේ කතන්දරකාරයාට වගේ මාතෘකා 100ක වෙන්ඩ කතන්දර මුකුත් නෑ. කොටින්ම ලියන්ඩ කිසිම දෙයක් මතක් වෙන්නේ නැත්තේ මේ දවස්වල මම් කරන වැඩත් එක්ක මාර ස්ට්‍රෙස් එකෙන් ඉන්න හන්දා වෙන්ටෑ...

ඒ මදිවට ස්ට්‍රෙස් එකෙන් ඉන්නකොට කියන කරන දේ උනත් හරහට හිටින්නේ.. ඒකෙන් ආයෙම වෙන්නේ තවත් ස්ට්‍රෙස් එක වැඩි වෙන එක විතරයි.

ස්ට්‍රෙස් කියලත් කරන්ඩ දේකුත් නෑ... මේක කොම්පීතර් රස්සා වල හැටියක් නේ ! මේන් මේ වෙලාවට තමා කොම්පීතරේ බැඳගත්ත එකේ රඟේ තේරෙන්නේ.

ඔළුවේ තියෙන බර චුට්ටක් අඩු කරගන්ඩ කියලා මූනුපොතේ රවුමක් දානකොට  පහල පින්තූරය දකින්න ලැබුනා.

පහල රූපයේ තියෙන විදිහට පිරිමි ළමයෙක් ගෑල්ලමයෙක්ගෙන් ආදරේ ඉල්ලුවොත් කොහොමට හිටීද.ගෑල්ලමයට අනිවාර්යෙන්ම ආදරෙයි කියලා කියන්ඩ වෙනවාමයි !!!

මෙන්න පින්තූරේ...

 

ප්‍රශ්න දෙකක් තියෙනවා... උත්තර දෙනවද ?
දෙකටම ඔවු කියන්ඩත් බෑ..දෙකටම නෑ කියන්ඩත් නෑ.. එකකට ඔවු කිව්වොත් අනිකට නෑ කියන්ඩ ඕනේ.
1) ඔයා මට ආදරේ ද ?
2) ඉස්සෙල්ලා කිව්වේ බොරුවක් නේද ?

එක වතාවක් බ්ලොග් ටැංකියක ඉන්න හාදයෙකුත් ගෑල්ලමයෙක්ගෙන් ආදරේ ඉල්ලන්ඩ මේ වගේ අපූරු ක්‍රමයක් පාවිච්චි කලා. උන්දෑ පාවිච්චි කරලා තියෙන්නෙ ෆ්ලෑෂ් කෑල්ලක්.. මෙන්න ඒ ෆ්ලෑෂ් ගැජමැටික් එක
එහෙනම් ඉතින් ගිහින් එන්නම්...
ආයේ හිත නිදහස් වෙච්ච වෙලාවකට කතාවක් දෙකක් ලියන්ඩ බැරුව යෑ..

ජය වේවා !

35 දෙනෙක් අදහස් පලකලා .:

අඩවි රජ said...

අඩේ අර ෆ්ලෑශ් ගැජමැටික් එකනං පට්ට ඈ.. :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

සිහින මදාරා said...

මධු අයියා හොර වැඩ නේ //එක එක්කෙනා පාවිච්චි ක්‍රරපු ක්‍රම එහෙම තියෙනවනම් පහලින් කමෙන්ට් කරන්ඩ ඈ..// ක්‍රම හොයනවා හු හු......

මධුරංග said...

@අඩවි රජ :
මාළුවාගේ ගැජට් කෑල්ල.. :)

@සිහින මදාරා :
පිස්සුද නංගි.... අම් කරන්ට්ලි අවේ ෆ්‍රොම් ලවු ස්ටෝරිස්... හික්ස් :)
ඔන්න එහෙනම් ඒ කෑල්ල අයින් කලා.... හික් හික් :)

අවතාර් said...

ගැජට් එක එල
නෑ කියන්නම බෑනේ

මධුරංග said...

@අවතාර් :
ඒකනේ
පට්ට ගැජට් එක නෙහ්...

ළිහිණි said...

මාළුවාගේ ගැජට් කෑල්ලත් නියමයිනෙ. මෙහෙම කලොත් ගෑල්ලමයා සෙට් වෙනවමද ?

Red Riding Hood said...

මොකෝ මධු අයියත් කාගෙන් හරි ඔය ප්‍රශ්න දෙක අහන්නද හදන්නේ?? හිහිහි..

තරියා අබේ said...

මාළුවගේ ගැජට් එකනං පට්ට...
ගැජට් දාන්න කලිං මාළුචිචියෙක් මගේ ඇම කාලා තරිච්චි උන හිංදා මටනං ප්‍රයෝජනයක් නෑ...
හික්ස්..

සුදා මල්ලි said...

දැන් උත්තරේ හම්බුනාද අයියේ..?
හොරා වගේ ශේප් එකේ එකත් අහ ගත්ත නෙහ්

Mahesh Nishantha (http://www.nursinglk.com) said...

මේ ගැජට් එකත් හොඳයි ..හැබැයි ඔය ස්ට්‍රෙස් එක්ක ඉන්න එකනම් ටිකක් හොඳ මදි වගේ ...ඔය කොම්පියුටරෙන්ම ක්‍රමයක් හදා ගන්න බලන්න ස්ට්‍රෙස් එක අඩු කර ගන්න ...විහිළුවක් නොවෙයි ...මමත් ඔය ගැන පොඩි පෝස්ට් එකක් ලිව්වා ...වෙලාවක් වෙතොත් බලල යමක් ගන්න ...

අර ස්ට්‍රෙස් ගැන අළුත්ම පර්යේෂනයක් ගැන මෙතැනින් බලා ගන්නට පුළුවන් ..

http://www.bbc.co.uk/news/health-19584526

ස්තුතියි මධූරංග මල්ලී

Dinesh said...

අන්න නියම ක්‍රමේ.. මේක නැතත් අදාල කෙනා හා කියලා ඉවරනේ දැනටම..

හරී said...

ඔයා මට අකමැති නෑ නේද?

නෑ- අකමැති නෑ
ඔව් - අකමැති නෑ

සරත් ලංකාප්‍රිය said...

ඔය ප්‍රස්හෙන තමුන් කන්නාඩියක් ඉස්සරහට ගිහින් තමුන්ගෙන්ම අහලා පලවෙනි එකට ඔවු දෙවෙනි එකට නෑ කියන්න.. අනිත් යට කියනකොට ඉතින් කොහොම කිවුවත් බොරුනේ.. අනිත් ආදර ඔක්කොම හැදෙන්නේ අපි අපිට ආදරේ නිසා..

Podi Kumarihami said...

1) ඔයා මට ආදරේ ද ? පිස්සුද?
2) ඉස්සෙල්ලා කිව්වේ බොරුවක් නේද ? පිස්සුද?

මේ වාගේ කීවානම් ඉවරනේ. :D:D:D

ඔය ස්ට්‍රෙස් අඩුවෙන්ට හොඳම දේ තමා කාට හරි ආදරේ කරන එක.:)

පිණිබිඳු... said...

ඔන්න ඔය ප්‍රශ්නෙ ඔෆිස් එකේ ගෑණු ළමයෙක්ගෙන් අහලා ස්ට්‍රෙස් එක අඩු කරගන්න මල්ලි

සයුරි said...

පුලුවන්නම් කියන්න බලන්න ස්ට්‍රෙස් එකට සිංහලෙන් කියන හැටි...හිහි

Pramudi said...

හප්පා..නියමයි නේ.

Alexander Cage said...

ෂා පට්ට ගැජට් එක. මම ගෙදර උන්දැට පෙන්නලා කිව්වා මට මේ වගේ ගැජමැටික් එකක් මීට අවුරුදු 6 කට විතර කලින් සෙට් වුනා නම් මම දෙපාරට ගොඩ ගිහින් නේ කියලා.. (අපේ එකී මම කලින් අනාගත්තු සීන් ඔක්කොම දන්නවනේ..) :ඩ් :ඩ්

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

ඇන් උඹ මේ ප්‍රශ්නේ අහලා කී දෙනෙක් ගෙන් කුඩ පාරවල් කෑවද...?

නිසුපා said...

දැන් හදිසියේ ඔහොම දෙයක් දැනගන්න ඕනෙ වුනේ මොකද?

ලහිරු said...

මම හිතන්නෙ ඔය ගැජට් එකෙන් වැඩක් ගන්න උඹටත් කාලෙ හරි වගේ! ඵල ඵල!

Harshani Egodawaththe said...

නියමයි ..:D

හිරුහිමාවී said...

හී හී.....නියමම නියමයි..:)

පැතුම් [සිතුම් පැතුම්] said...

අර ගැජට් ඒක පට්ටනේ අප්පා. ගැලවිල්ලක් නෑ කෙල්ලට

හිරු said...

දෙයියනේ මේ කොල්ලෝ කොච්චර මහන්සි වෙනවාද කෙල්ලෙක්ගෙන් වචනයක් ගන්න.. පවූ අප්පා...................... හි හි

මඩිස්සලේ නිශාන් said...

අපිට කොහෙන්ද අයියා බූල් බල්ලෝ :)

ela kollek said...

පට්ට system එක මචන්....වෙලාවක ට්‍රයි එකක් දිලා බලන්න ඔනි

සිරාගෙ කාමරේ said...

ස්ට්‍රෙස් කිව්වෙ තාම ට්‍රේනිං එක යනවද සුද්දොත් එක්ක ? ප්ලෑෂ් ගැජට් එක නම් පස්ට...

මඩයා said...

ෆ්ලෑෂ් සීන් එක නම් පට්ට පට පට.මොකෝ කියන්නේ ඔය ස්ට්‍රෙස් නැති වෙන්නත් එක්ක ඔය ෆ්ලෑෂ් ගැජමැටික් ඒකෙන් වැඩක් ගමුද? :)

malmi said...

මේක ටික කාලෙකට කලින් දුන්නානම් කොතරම් වැඩ තොගයක් කරගන්න තිබුනද? ෂිහ් දැන් පරමාදයි මලේ

රූ.... said...

හරි හරි..ස්ට්‍රෙස් අඩු කාලෙක ආයෙක් අර ග්‍රීක සුරංගනා කතා ගැන හෙම ලියමුකෝ..

මධූ said...

කතාවක් කියවන්න අසාවෙන් ඉන්නේ. අර කීව පස්න දෙක අහන්න පිළිඹඳ සිතක් කා ගැන හරි ඇති වෙලාදෝ..... ජය වේවා!!!!

araliya said...

:D :D

දිනිති දීපිකා said...

කතාව නම් කියෙවුවා... දැන ්තාම අඩු නැද්ද ඔය ස්ට්‍රෙස් එක මධුරංග...

සිතුවිලි සිතූ said...

දැන් ප්‍රශ්නෙ ඇහුවද? සතුටුදායක පිළිතුරක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය!

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.