13 September 2012

ඇඟිල්ලේ ගාපු තීන්ත

පහුගිය දවස් සතියේ ලංකාවේ පලාත් කීපයකට ඡන්දේ තිබ්බා. කට්ටියත් කිරි කිරි පාන්දරම ලැහැස්ති වෙලා ඡන්ද පොලවල් වලට ගිහින් ඡන්දේ දීලා එන්ඩ ඇති නේ.

ඉස්සර මම් පොඩි කාලේත් සෑහෙන්ඩ ආසයි අපේ අම්මෑ අතේ එල්ලිල ඡන්ද පොලට යන්ඩ..ඒ වෙන මොකවත් හන්දා නෙමේ ඡන්දේ දාන අයගේ ඇඟිල්ලේ ගාන දම් පාට තීන්ත එක හන්දා !

අපේ අම්මා මාවත් ඇඳගෙන ගිහින් ඡන්ද පොළට ගියහම,

"ඕකෙන් චුට්ටක් අපේ පුතාගෙත් ඇඟිල්ලේ ගාන්ඩ !" කියලා කියනවා. එතකොට එතන ඇඟිලි පාට කර කර ඉන්න කෙනා පෑන අරගෙන තීන්ත චුට්ටක් මගේ ඇඟිල්ලෙත් ගානවා. සමහර ගෑනු උදවිය නම් කියන්ඩත් කලින් මම් පොඩි එකාගේ අතේත් තීන්ත චුට්ටක් ගාලා එවනවා. එදාට ඉතින් ඊට වැඩි සතුටක් නෑ...

කාලයත් එක්කම වගේ ඔය තීන්ත වලට තියෙන ආසාව නැත්තටම නැති උනා. ඒ ආසාව නැතිම වෙලා ගියේ මටත් ඡන්ද බලය ලැබිලා හා හා පුරා කියලා ඡන්දේ දාන්ඩ ගියපු දවසේ !

 තීන්ත ගෑවා වගේ නෙමෙයි ඕක යවා ගන්ඩ ගියහම... !!!

ඉතින් අද මට හිතුනා මොනවද මේ ගාන මල ජරා තීන්ත ජාතිය කියලා හොයන්ඩ ! එතකොට තමා පහල විස්තර ටික හම්බ උනේ.. නිවාඩුවක් තිබ්බ නිසා ඔහේ කොටලා දැම්මා...

ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල ඡන්දේ දීපු බවට සලකුණු කරන්න පාවිච්චි කරන්නේ සැර අඩු කරපු සිල්වර් නයිට්‍රේට් කියන දියරයක් ! ඒ දියරය මාකර් පෙන් වලට පුරෝලා ඡන්දේ දාන්ඩ එන එකාගේ ඇඟිල්ලේ ගානවා.

ඊට පස්සේ  ඒ දියරය, ඇඟිල්ලේ හමත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ගොඩක් වෙලාවට හමේ තියෙන ප්‍රෝටීනත් එක්ක තමා මේ දියරය ප්‍රතික්‍රියා කරන්නේ !!

එහෙම ප්‍රතික්‍රියා කලහම දම් පාටට හුරු පාටක් එනවා. ! තත්පර 30ක් විතර වෙනකොට දම් පාට පේන්ඩ ගන්නවා ! ඕං ඔය පාට නැති වෙලා යන්ඩ නම් උඩු හම ගැලවිලා යන්ඩ ඕන ලූ ! මොකද ඉතින් හමත් එක්කනේ ප්‍රතික්‍රියාව !

ඉන්දියාවේ නම් නියපොත්ත පාට කරනවලූ. එතකොට නම් නියපොත්ත කපනකන් පාට යන්නෑ ලූ....

මෙහෙම සලකුණක් තියෙන එකේ ලොකුම වාසිය තමා මිලි ලීටර් 5ක් වගේ පොඩි ප්‍රමාණයකින් ඡන්ද දායකයෝ 600ක් සලකුණු කරන්ඩ පුලුවන් වෙන එක ලූ.

----------------------------------------------------
ප.ලි - කට්ටිය දන්න දෙයක් නම් කරන්ඩ දෙයක් නෑ ඕං !

41 දෙනෙක් අදහස් පලකලා .:

පැතුම් [සිතුම් පැතුම්] said...

මමත් කාලයක් ඔය වගේ නොමැකෙන තීන්ත තියන පෑනක් හොයා හොයා උන්නා. හැබෑටම ලංකාවේ ගාන්නේ නියපොත්තෙ නෙමෙයිද අප්පා. මට හරියට මීටර් නෑනේ. එකපාරයිනේ චන්දෙ දැම්මේ. කොහොමෙන් කොහොම හරි උන්ගේ නම් යනවා අපේ හම යනවා.

Harshani Egodawaththe said...

මාත් මේ පාර චන්දෙ දාල ඇඟිල්ල පාට කොරගත්තා ,දන නම් නියපොත්තෙ විතරයි ඉතුරු

Anonymous said...

ha

ඉන්ද්‍රජිත් said...

අපිට ඕක ගාගන්ඩ තව අවුරුදු 2ක් තියෙනවා...

Mee Godayaa said...

අම්මපා මටත් පොඩිකාලේ ඔය ඇඟිල්ල පාත කොරගන්න අමාරුව තිබ්බනේ.... දැන්නම් මලාට යන්නේ නෑ.. ඕකට ඇවිදිනවටැ වඩා හොඳයි නිවාඩුව අරන් පොරවගෙන නිදාගන්නවා...

Sarath Chandrasiri said...

තීන්ත විශේෂයේ නම දැන ගත්තා. දැන් නම් චන්ද කියන කොටත් අප්පිරියයි. චන්ද කීයක් නම් දුන්නද අපේ චන්ද ගන්න උන් දින්නට දීපු අපි හැමදාම පරාදයි නොවැ.

said...

දැන් චන්දේ දාන්න අයි ඩී බලන නිසා හොර චන්ද දාන්න බැහැ :-D

ඒත් මන් එක පාරක් ඕක යැව්වා nail polish remover වලින්. එලියට එනකොටම ඇඟිල්ල ඉරුවම ටිකක් යවා ගන්න පුළුවන්. සමහරු බ්ටැරි ඇසිඩ් දානවා යවන්න එතකොට නම් හම යන්නේ.

Hasitha said...

ඕවා කොහොම හරි මකාගන්න අයියලත් ඉන්නවා නේද ??>

ලහිරු said...

හැහ් හැහ්.... මම නම් තාම එකසැරයක්වත් ඡන්දෙ දාන්න ගිහින් නැහැ නොවැ.... අපරාදෙ අපෙ කාලය. රටේ නීතිය හා සාමය තියෙනවානම් තමයි මම හිතන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක ඡන්දයකට නියම වටිනාකමක් ලැබෙන්නෙ කියලා!

nishuoc said...

ජන්දෙ දාන එකේ පොඩි ෆන් එකක් තියෙනව... ඊට වඩා යමක් නෑ.

පොත් ගුල්ලා said...

දැනන් හිටියේ නැහැ. කියල දීපු එකට ස්තුතියි!

සිතුවිලි සිතූ said...

මමත් ඉස්සර ආසාවෙන් හිටියා ඡන්දේ දාන්න යන්න. ඒත් ඇයි දන්නෑ දැන්නම් එහෙම ආසාවක් නෑ.

රත්ගමයා said...

අයියා!! පච්ච කොටන්නෙත් මේවයෙන් ය?

අකලංක said...

මේක හරිනම් කමෙන්ට් එකක් නෙමේ පෝස්ට් එකක් වෙන්න ඕන. එත් මගේ බ්ලෝග් එකේ තීම් එකට මේ කතාව ගැලපෙන්නෙ නෑ.
ඡන්දෙට කලින් කච්චේරියක අලුත් නිලධාරින්ට ක්ලාස් එකක්ලු. ඔය තීන්ත ගාන හැටි කියනකොට බ්‍රයිට් නෝනා කෙනෙක් ඇහුවලු "සර්ර්.. ඉතකොට ඉය කාගෙහරි ඒ ඇඟිල්ල නැත්නම්? "
"ඒ අතේම වෙන ඇඟිල්ලක ගාන්න"
"ඒ අතේ අනිත් ඇඟිලිත් නැතිනම්? "
"අනිත් අතේ සුලැඟිල්ලෙ ගාන්න මිස්"
කෙල්ල අරින්නෙ නෑ.
"සර්ර්.. ඉතකොට ඉය කාගෙහරි ඒ ඇඟිල්ලත් නැත්නම්"
දැන් පොරට මල ඕවර්ලු.
"ඔය තියන ඇඟිල්ලක ගාන්න "
"හිහි.. හී කාගෙහරි ඔය එක ඇඟිල්ලක්වත් නැතිනම්?"
"ඒකාගෙ සරම උස්සලා ගානවා පුකේ...(@)!!"
ගෑණිට රෙවුනලු

නදී said...

මමත් ගියා චන්දෙ දාන්න දැන් නම් ඒ පාට ගිහින්

මධූ said...

ඇඟිල්ල පාට කරන්න නම් මාත් හරි ආසයි. ඒ වුනාට අපේ අම්ම මාව කවදාවත් එක්ක යන්නෙ නෑනේ. අද වෙනකල් මට ඒ චෑන්ස් ඒක හම්බෙලා නෑ අනේ මට තවම චන්දෙ ආවේ නෑනේ.

හැබැයි දැන් නම් හිතෙන්නේ නේන තරමට හොඳා කියල. තීන්ත කතාවට ස්තුතියි. මං ඕක දන්නෙ අද තමා.

සිඳු said...

ඇඟිල්ලත් එක්කම නියපොත්තත් පාට කරන එක අපෙත් කළා එකපාරක්. අපේ ගෙදර අනිත් අය ඒක යවා ගන්න බැරුව දුක් විඳිදි මම නම් හවස් වෙනකොට ඒක යවා ගත්තා. මොකද මම එදා ට්‍රාන්ස්පේරන්ට් කියුටෙක්ස් ගාල හිටියෙ. ඉතින් මම කළේ නේල් පොලිෂ් රිමූවර් ගත්තා, නේල් පොලිශ් අයින් කළා. එච්චරයි.අර පාටත් එහෙමම අයින් වුණා.කෙල්ල ගොඩ!
හමේ තියන ඒවා නම් පොතු වගේ ගැලෙව්වා ටික දවසකින්. අනේ දෙය්යනේ, එහෙනම් මම ඒ පොතු ගහ ගහා ගලවලා තියෙන්නෙ මගෙම හම.

ළිහිණි said...

මාත් කරන්නේ සිඳූ කරන දේමයි. ඡන්දේ දාලා ආව ගමන් ඒ ඇඟිල්ලට නේල් පොලිෂ් ගානවා. ඊට පස්සේ නේල් පොලිෂ් රිමූවර් එකෙන් යවනවා. ආයෙමත් පොලිෂ් කරනවා..යවනවා... එතකොට වැඩේ ගෝඩ. දැන්නම් ඡන්දෙ දාන්නෙම නෑ කියලා හිතාගෙන ඉන්නේ. වැඩක් නෑනෙ...

හිරු said...

මාත් මේ ගාන ජාතිය හොය හොය හිටියේ... ඔය ක්ලියර් නේල් පොලිෂ් එකක් ගෑවම නියපොත්ත නම් බේරන්න පුළුවන්... නියපොතු හපන නරක පුරුද්ද මට තියෙන නිසා හමේ ගෑවුනොත් නම් ඉතිං........... හි හි.....

මඩයා said...

මං මේ දැන් ඕක ගැන දැනගත්තේ :)

sAm (සෑම්) said...

මේ තීන්ත කතාව අපිට කෙමෙස්ට්‍රි උගන්නපු කේ.සිරි උතුමා කිව්වා..

ජය !

තරුවා said...

හොයාගන්ඩ වටින වර්යක් නොවැ..

නුවන් said...

ලංකාව මාර දියුණුයිනේ!ඉස්කෝල වල ලැබ් වලට සිල්වර් නයිට්රේට් කියන රසායනය එන්නේ ටිකක් අඩුවෙන්!හේතුව ඒක ටිකක් මිල අධිකයි කියල තමයි ආරංචිය!ඒත් චන්ද වැඩ වලට නම් මැදි නොකියන්න දෙනවා!
ආශ්චර්ය තමයි !:)

සයුරි said...

නොදන්නා දෙයක් දැනගත්තා. තැන්කු හොඳේ...අනිත් රටවල ඒක කරන්නේ කොහොමද?

හිරුහිමාවී said...

මම දැනගෙන හිටියේ නැහැ ඔහොම දෙයක්..
පොඩි දේවලත් කොච්චර හිතන්න තියනවද,
ස්තුතියි ඔබට!

Podi Kumarihami said...

ඔය තීන්තේ යවාගන්ට ඔච්චර අමාරු නම් එක්කෙනා දෙතුන් පාර ගිහින් ඡන්ද දානවා කියන්නේ කොහොමද?

මට මැවිලා පේනවා පුංචි මධු දම් පාට ඇඟිල්ල දිහා බල, බලා හිනාවෙවී ඉන්න හැටි.:D:D:D

සරත් ලංකාප්‍රිය said...

ඕක ඇඟිල්ලේ ගාගන්නවාද වෙන "අහවල් තැනක" ගාගන්නවාද කියලා තමයි හිතන්න වෙන්නේ..

හරී said...

ඔව්වා මකන එක සිම්පල්ලු බන්.. එක්තරා ඇමති කෙනෙක්ගෙ නිල හොර ඡන්ද උපදේශක කෙනෙක් කිව්වෙ.. මම මේ කල්පනා කොළේ ඒ සිස්ටම් බ්ලොගේ දානවද නැද්ද කියලා.. ඕවා දාලා මාව කුදලාගෙන ගියොත් ඉවරයි..

අපේ පැත්තෙ විදුහල්පතිතුමියක් ඔය වැඩේට හරි හපනී.. උන්දැගෙ මල්ලි කෙනෙක් ඡන්ද ඉල්ලන වෙලේ ඡන්දෙ පොළට මෙහා හන්දියෙ තීන්ත මැකීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියාලු..

සිරාගෙ කාමරේ said...

කෙටි උනාට වටිනා පෝස්ටුවක්.... මම නම් ඡන්දෙ දුන්නට පස්සෙ කොහොම හරි තීන්ත ටික යවා ගන්නවා... පිහියකින් හරි හූරගෙන...

මධුරංග said...

මධුරංග ගෙ පෝස්ට් එකට මධුරංග ගෙන් කමෙන්ටුවක්. තීන්ත වර්ගෙ නොදැන හිටියෙ. දැනුවත් කලාට ස්තූතියි.

Bindi said...

අදමයි දැන ගත්තේ .

Dude said...

ඔන්න අලුත් දෙයක් ඉගෙනගත්තා මාත්. එක පාරක් නිකම් කහ/තැඹිලි පාට තීන්තක් පාවිච්චි කලා කියලත් මතකයක් තියෙනවා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

රොබින් said...

කොච්චර චන්දෙ දාන්න ගිහින් තිබුනත් ඔය විස්තර දැනගෙන හිටියේ නැහැ ...

දයානන්ද රත්නායක said...

හොරට ඡන්දෙ දාන එකා මුලින් කරන්නේ හොර චන්දෙ දාන එක. ඊළගට තමන්ගේ ඡන්දෙ අයිඩින්ටියත් අරන් ගිහිං දානව. තීන්තෙන් අවුලක් නෑ

Dinesh said...

මම නම් තාම චන්දේ දාල නෑ.. අනිත් රට වල තීන්ත ගාන්නේ නෑ මම හිතන්නේ.. ඒ ගැන බලන්න ඕන ටිකක්..

මඩිස්සලේ නිශාන් said...

මාත් පොඩි කාලේ ඉඳන්ම ජන්දේ දාන්න හෙන ආසාවෙන් හිටියේ ඒත් කොහෙද දහඅට පැන්නට පස්සේ ජන්දයක් සෙට් වුනේම නැහැනේ.ඒත් දැන්නම් ජන්දේ දාන්න ආසාවක් නැති වෙලා.

Chanaka Munasinghe said...

ඔය ප්‍රතික්‍රියාවට අලෝකයත් ඕනෙ නේද්? චන්ද පොලෙන් එලියට එන්න කලින්, අවුව වැටෙන්න කලින් මැකුවනම් හරි

රූ.... said...

නොදැනගෙන හිටි යමක්..
ස්තුතියි මලේ..

Alexander Cage said...

මෙන්න එහෙනම් ඒවා යවාගන්න බෙහෙත. ඒත් හොර ජන්ද දායකයින් සඳහා නෙවෙයි මේ.. :)

http://www.ehow.com/how_6535811_remove-silver-nitrate-stains-skin.html

http://wiki.answers.com/Q/Remove_silver_nitrate_stain_from_skin

අටම්පහුර said...

නොදන්න දෙයක් දැනගත්තා ස්තූතියි

Red Riding Hood said...

ඒ වුනාට ඔය තීන්ත ගාපු සැණින් යවන විදිහකුත් තියෙනව.. ඕවා මෙතන කියන්න ගිහිල්ලා මන් හොර චන්ද දානවා කියයිද දන්නැ..හික්ස්.. :)

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.