07 March 2023

කුශ්ඨරාජගල

 අපි මාතර යන ගමනේදි මට ඕනකමක් තිබුණා වැලිගම හරියේ තියෙන කුශ්ඨරාජගල බලලා එන්ඩ. ඒක තියෙන්නේ ගාල්ල - මාතර පරණ පාරේ. ගාල්ල පැත්තේ ඉදලා එනකොට කුඹල්ගම දුම්රිය ස්ථානය පහු කරල ටික දුරක් වැලිගම පැත්තට එන්ඩ ඕන.

මේ ගල ට කුශ්ඨරාජගල කියලා නම වැටිලා තියෙන්නේ හතරවන අග්බෝ රජතුමාට වැළදුන කුශ්ඨ රෝගයක් සුව වෙන්න කියලා මේ ආසන්නයේම තිබ්බ අග්‍රබෝධියට බාරයක් වෙලා තියෙනවා. ඒ බාරය වෙලා තියෙන්නේ තමාට වැළදුන කුශ්ඨ රෝගය සුව උනොත් මේ පර්වතයේ නාථ දෙවියන්ගේ පින්තූරයක් කරවනවයි කියලා. කොහොමහරි රජතුමාගේ රෝගය සුව උනාට පස්සේ දැන් තියෙන ගලේ නාථ දෙවියන්ගේ පින්තූරයක් ඇඹෙව්වාලු.


 

කුශ්ඨය හැදුන රජතුමා බාර වූ ගල පස්සේ කාලෙක කුශ්ඨරාජගල උනා ලූ. මේ කුශ්ඨරාජගලේ තියෙන්නේ මහායාන බුදු දහමට අදාල අවලෝකිතේශ්වර බෝසත් පිළිමයක් ලූ.

 

තමන්ගේ කුශ්ඨය හොඳ වෙන්ඩයි කියලා රජතුමා බාර උනේ අග්‍රබෝධි විහාරයේ තියෙන බෝධි වෘක්ෂයටලූ. මේ බෝධි වෘක්ෂය දෙතිස් මහ බෝධීන්ගෙන් එකක් ලූ. ගමන යන්න කලින් මම ඔය අග්‍රබෝධි කතාව දැනගෙන හිටියේ නෑ. එහෙම දැනගෙන හිටියා නම් විහාරයටත් ගිහින් එන්ඩ තිබුණා.


 

ශ්‍රී මහා බෝධියෙන් හටගත් දෙතිස් බෝධි පල වෘක්ෂයන්ගෙන් එකක් දකුණු රටට ගේන කොට රෑ බෝ උනා ලූ. ඊට පස්සේ බෝධියත් පැත්තක තියලා නිදාගෙන පහුවදා බලනකොට බෝධි වෘක්ෂය මුල් ඇදලා ගලව ගන්ඩ බැරි උනා කියලා ජනප්‍රවාදයේ සදහන් වෙනවා. ඊට පස්සේ දේවානම්පියතිස්ස රජතුමාගේ අනුදැනුම යටතේ බෝධි වෘක්ෂය දැන් තියෙන අග්‍රබෝධි විහාරයේම ස්ථාපනය කරලා එතැන විහාරයක් කරවූවා ලූ.

ඔය දෙතිස් පල බෝධි කතාව ගැන මම තව දුරටත් හොයලා බලන්න ඉන්නේ. මතකනේ එක බෝධි වෘක්ෂයක් බෙල්ලන්විලත් තියෙනවයි කියලා මම කලින් ලිපියක ලිව්වා.

හරි. ඒවයින් කාරි නෑ. පින්තූර ටිකක් බලලා ඉම්මු එහෙනම්.





කුශ්ඨරාජගල බෝධිසත්ව ප්‍රතිමාව උසින් අඩි අටක් පමන වන බවයි සදහන් වෙන්නේ. තවත් විස්තර දැන ගන්ඩ ඕනම නම් පහල වීඩියෝ එක බලන්ඩ. ඒකෙත් පොඩි පොඩි විස්තර වගයක් සදහන් වෙනවා.


එහෙනම් මම ගියාවේ... ජය වේවා !

2 comments:

  1. කුෂ්ඨ රෝගියාට අපහාස නොකරමු

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. අපහාස කරන්නේ නෑ.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.