මේ බ්ලොග් සටහන දමන්න හිතුනේ අපේ පුතාගේ කලින් ටීචර් කෙනෙක් දාලා තිබුන පෝස්ට් එකක් හන්දා. ඔන්න මම ඒ පෝස්ට් එක පහලින් දාන්නම්.
මේ පෝස්ට් එකේ විදිහට කියැවෙන්නේ දරුවෙක්ව හොඳ මාර්ගයට ගන්න දඬුවම් කරන්නම ඕන කියලනේ. දඬුවම් කලහම දෙමව්පියන් මානව හිමිකම් කොමිසමට යනවයි කියනවනේ.
මම දන්න විදිහට දෙමව්පියන් හැම දඬුවම් දීමකටම මානව හිමිකම් එකට දුවලා නෑ. ප්‍රවෘත්ති වල ගියපු හැම මානව හිමිකම් කේස් එකකින්ම දරුවට සෑහෙන හානියක් වෙච්ච සිද්ධි තිබුනේ. එක්කො කන් අඩි පැලෙන්න ගහලා එක්කෝ තුවලාව වෙන්නම ගහලා වගේ සිද්ධි තමයි අපට අහන්න දකින්න හම්බ උනේ. ඒවට ඉතින් මානව හිමිකම් කොමිසමට නොයා ඉන්නේ කොහොමද ?
අනිත් එක තමයි ද්ඬුවම් දීම කියන්නේ එකක්, හිතේ කේන්තියට ඇරියස් අල්ලනවයි කියලා කියන්නේ තව එකක්.ගුරුවරු උනත් දැනගන්න ඕන මේ දෙක දෙකක් කියලා. හිතට කේන්තියක් ආ පලියටම ඒ කේන්තිය අදාල ශිෂ්‍යාගෙන් පිට කරව ගන්න එකට දඬුවමක් කියලා කියන්න නම් බෑ.
තවත් සමහරු දෙමව්පියන් කියන දෙයක් තමා ගුරුවරු අපට ගහලා හදපු නිසා තමයි අද අපි මේ තැන ඉන්නේ කියලා වගේ දේවල්. ඒ නිසා ගැහුවට කමක් නෑ කියලා. අනේ ඉතින් ඔය කියන තරමට දෙමව්පියන්ගේ පරම්පරාවට දඬුවම් කරලා හැදුනා නම් රටේ අපරාධ ගොඩක් අඩු වෙන්න එපෑ. කොයි එහෙම වෙලා තියෙනවද? පිස්සුනේ !
දැන් තියෙන විදිහට නම් ගුරුවරු, ළමයින්ට දඬුවම් නොකර ඉන්න තරමටම හොඳයි..
ජේවීපී කාලේ නං ටයර්සෑයේ යැව්වා.
ReplyDeleteහ්ම්ම්. හ්ම්ම්....
Deletei agree
ReplyDeleteThanks buddy !
Delete