09 March 2023

මාතර කොටුව

 මාතර තානායමේදි උදේම නැගිට්ටා.කීයට නිදියෑවත් උදේ හය වෙද්දි වගේ අනිවාර්යෙන්ම මට ඇහැරෙනවා. එතනින් එහාට ඉතින් ආයේ නින්ද යන්නෙම නෑ. නැගිටලා උදේ තේ එකකුත් බීලා ඊට පස්සේ ටවුම පැත්තේ පොඩි රවුමක් දාලා එන්න ආවා. ඒ වෙනකොට පොඩි පහේ මීදුම් ගතියකුත් තිබුනා. ඒ මුහුද ළඟ හන්දා වෙන්ඩැති.

පන්ති යන්ඩ ආපු ළමයි කිහිපදෙනෙක් එහෙම බස් ස්ටෑන්ඩ් එකට වෙලා හිටියා. ඊට අමතරව ඉතින් දුර ගමන් සේවා වල සෙනග ලෝඩ් කරන බස් ටික පෙලට ස්ටෑන්ඩ් එකේ නතර කරලා තිබ්බා.

මම ස්ටෑන්ඩ් එකට ගිහින් අනිත් රවුම කොටුව පැත්තට ආවා. ගාලු කොටුව තරම්ම මාතර කොටුව ජනප්‍රිය නොවුනට මාතරත් ලන්දේසින් විසින් ගොඩනගපු කොටුවක් තියෙනවා. ඒ කොටුවේ ඔර්ලෝසු කණුවකුත් තියෙනවා.

වෙලාව හම් හරියට වැඩ කරන්නේ නෑ. :)

මේ පින්තූරය අන්තර්ජාලයෙනි.

මුලින්ම මාතරදි කොටුවක් නිර්මාණය කරන්නේ පෘතුග්‍රිසි ජාතිකයින් විසින්. ඒ ක්‍රිස්තු වර්ෂ 1595 අවුරුද්දේ දී. පෘතුග්‍රීසින්ගේ ඇවෑමෙන් පස්සේ මාතර කොටුවේ බලය ලන්දේසින්ට නතු වෙනවා. මාතර කොටුව හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ලන්දේසීන්ට යටත් කරගන්න ලැබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1780දී. 




මීට අමතර මාතරට තාරකා කොටුව කියලා තවත් පොඩි පහේ බලකොටුවක් තියෙනවා. ඒක නම් බලන්න යන්න උනේ නෑ. මාතර කොටුවත් බලාගෙන අපි ආයෙම තානායම පැත්තට ආවා. ඒ උදේ කෑම ගන්න කියලා.

එහෙනම් මම ගියාවේ...


3 comments:

  1. ඔබේ සටහන ආසාවෙන් කියෙව්වා . තව ටිකක් දිගට ලිව්වා නම් හොදයි . මම මාතර කලක් ගත කල නිසා කොටුව ගැන මතක රැසක් තියෙනවා . මේ වෙනකොට හුගක් දේ වෙනස් වුණත් පැරණි කොටස් තාම තියෙන විදිහ දැක්කම මීට වඩා සංරක්ෂණය වුනා නම් හොදයි කියලත් හිතෙනවා. නිසි කළමනාකරණයක් කලොත් හොද සංචාරක ආදායමක් ගන්නත් ඒවායින් නඩත්තු කරන්නත් පුළුවන් .

    ReplyDelete
    Replies
    1. සුද්දෝ මේවා බලන්න එන්නේ නැහැ වැලිගමගේ. වැලිගමගේ පුළුවන් නං ලංකාවට එවන්නකො රට සල්ලි මාසේ ගානේ. ඒක තමයි වටින්නේ උපදෙස් වලට වඩා.

      Delete
    2. අඩේ මගේ නම දාලා කමෙන්ට් එකකුත් දැම්මා ද ? හොරගෙඩියා !

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.