03 March 2023

ගුරු වර්ණනා

 අපේ පුතාගේ මොන්ටිසෝරියෙන් දෙමව්පියන් සේරම එකතු කරලා වට්සැප් ගෲප් එකක් හදලා දීලා තියෙනවා. ඒක නිසා ටීචර්ට එක එක නිවේදන නිකුත් කරන්න හරි පහසුයි. මේ හින්දම කොළ වල ලියලා දැන්වීම් පුවරුවේ දාන්න කරදර වෙන්න ඕන නෑ. කෙලින්ම වට්සැප් මෙසේජ් එකක් දැම්මහම ඇති.

ඒ වගේම තමා දෙමව්පියන්ට තමන්ගේ දරුවට අදාල දිනට මොන්ටිසෝරි එන්න වෙන්නේ නැත්නම් ඒකත් මේ ගෲප් එකට මෙසේජ් කරලා ටීචර්ට දැනුම් දෙන්න පුලුවන්. එතකොට ටීචරුත් දන්නවා මේ දරුවා මෙදාට මොන්ටිසෝරි එන්නේ නෑයි කියලා.

මීට අමතරව මොන්ටිසෝරියෙන් කෙරෙන පොඩි පොඩි ඉවෙන්ට් වල පින්තූර එහෙම දානවා. එතකොට දෙමව්පියන් විදිහට අපිත් දන්නවා මේ දේවල් මොන්ටිසෝරියේ සිද්ධ උනා ය කියලා.


ඔය වාගේ අටෝරාසියක් දේවල් මේ ගෲප් එක හරහා සන්නිවේදනය වෙනවා. ඒක හොඳ දෙයක් !

නමුත් කාලා ඉන්න බැරිම දේ තමයි ගෲප් මෙසේජ් අස්සේ ටීචර්ව මුරුංගා අත්තේ තියෙන වැඩේ. සමහර අම්මලා, ටීචර් කරන සේවය අගය කරලා පත හෑලි ලිය ලියා මේ ගෲප් එකේ වැළලෙන්න හදනවා.

සමහරු ටීචර් ට පින් එහෙමත් දෙනවා.

තවත් සමහරු මෙසේජ් වල දානවා, අපි එක ළමයෙක් බලාගන්නෙත් හරිම අමාරුවෙන්. ටීචර් කොහොමද ළමයි තිස් ගානක් බලාගෙන ඉන්නේ කියලා වගේ පත හෑලි.

අනවශ්‍යය යි නේ !

මේ අම්මලාට තේරෙන්නේ නැද්ද මන්දා ටීචර්ට මේ දේවල් කරන්න අපි ගාස්තු කියලා දෙයක් මාස් පතා ගෙවනවයි කියලා. අපි ගාස්තු ගෙවන නිසා තමයි ටීචර් මේ දේවල් කරන්නේ. ඒ හින්දා මෙහෙම අගය කර කර වැළලෙන්න දෙයක් නෑ.

අනික ටීචර් විසින් මේ දේවල් කරන්න ඕන. එහෙම කෙරෙන්නේ නැත්නම් අපිට කෙලින්ම ගිහින් ටීචර් එක්ක කතා කරන්න පුලුවන් මේ ගැන.

ගෲප් එකේ ඉන්න අම්මලා ගොඩ දෙනෙක් අනූ ගණන් වල ඉපදුන අය. අනේ මන්දා මේ මිනිස්සු තාම ඉන්නේ අසූ ගණන්වල වගේ ජීවත් වෙන්නේ.


4 comments:

  1. රංග තේනුකMarch 3, 2023 at 1:52 PM

    තමුසේට කොයි දේත් වැරැද්දක්නේ පේන්නේ. ඕක මානසික ලෙඩක්.

    ReplyDelete
  2. ටීචර් නුවණක්කාර නං, වර්ණනා වලට වෙනම සබ් ගෲප් එකක් හදලා දෙනවා.
    ඔය වගේ අගේ කිරිලි වල වටිනාකම එන්නේ, කාලයක් ගතවුනාම මෙයා. ඒවා මුදලට බැර කරන්න යන්න එපා.

    ReplyDelete
    Replies
    1. මුදලටම බැර කරන්නේ නෑ අප්පා... ඒ උනාට එහෙම ටීචර්ලව හෝදනවා බලන් ඉන්න බෑනේ

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.