මේ ගතවන්නේ සාහිත්‍යයට ආදර කරන්නවුන්ගේ සාහිත්‍යය මාසයයි. සාහිත මස, සාහිත්‍යය ගැන යමක් නොලිව්වොත් එය එක්තරා අන්දමේ අඩුපාඩුවක් යැයිමට සිතේ. එහෙයින් ඒ අඩුව පුරවනු වස් මා මේ ලිපිය ලියා තබමි.
සාහිත මාසයේ ප්‍රධානතම උළෙල වන්නේ අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනය හා ඊට සමගාමීව පැවැත්වෙන කලින් වසරේදි එලි දක්වන ලද පොත් වලට සම්මාන ලබා දෙන සම්මාන උළෙලයි. ඒ සම්මාන උළෙලවල් අතරින් ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ප්‍රධාන තැනක් ගනී. බොහෝ පාඨකයෝ හා ලේඛකයෝ මෙම මස නොඉවසිල්ලෙන් බලා සිටින්නේ මේ වසරේ කුමන පොත සම්මානය දිනා ගනීවිදෝ යි කියායි.
අවසන් වටයටෙ තේරුණ පොත් පහ අතුරින් එක් පොතක් මෙවරත් සම්මානයට නිර්දේශ වන බව අප දන්නා කරුණකි. ඒ පොත මේ පොත් පහ අතුරින් කින්ම් පොතෙ වේද ?
සැප්තැම්බර් මස 10 වෙනි දින රාජ්‍ය අනුග්‍රහය ඇතුව සම්මාන උළෙලේදී මේ වසරේ ප්‍රසස්ථ නවකතාවට හිමි ස්වර්ණ පුස්තකය ප්‍රකාශයට පත් විය.
ඒ නිශ්ශංක විජේමාන්නයන්ගේ "හඳ පළුව තනි තරුව" නම් කෘතිය වේ. මෙය විදර්ශන ප්‍රකාශනයකි.
මේ කෘතිය ජාතීන් අතර සහයෝගීතාවය ගැන කියවෙන අපූර්ව කතාවකි. නමුත් මා කලකට ඉහතදී කියවන ලද වණ්ණ දාසි කෘතිය තරම් මේ කෘතිය මා සිත් ගත්තේ නැත. එයට මූලිකවම හේතුව වන්නේ කතාවේ ඇති වියළි ස්වභාවය නිසා විය හැකි ය.
නමුත් මේ මා දරණ මත මිස හුදී පාඨක සියල්ලන්ගේ මතය නොවේ.
මෙතැන් සිට හඳ පලුව තනි තරුව කියවීම මා ඔබට බාර කරමි.
මේ පාර පොත් ප්‍රදර්ශනයෙන් මේ පොතත් ගත්තා. කොහොමටත් මම පුරුද්දක් විදියට ඒ අවුරුද්දෙ ස්වර්ණ පුස්තක සම්මානෙ දෙන පොත අරගන්නව. තවම කියවන්න නම් බැරිවුනා. කොහොමටත් මම පොත් ප්‍රදර්ශනයෙන් ටිකක් වැඩිපුර පොත් අරගෙන මාස ගානක් තිස්සෙ ටික ටික කියවනවා. ඉස්සර වගේ නෙවිනේ, දැන් රෑට නිදාගන්න ඇඳට ගියාම පොඩ්ඩක් කියවනව විතරයි, දවසටම එච්චරයි. ඒ නිසා ගන්න පොත් ටික කියවන්න සෑහෙන කාලයක් යනව. තාත්තයි නංගියි අක්කයි නම් ඒ ගෙනාපුවයින් දැනටම පොත් හතර පහක් කියවල ඉවරයි.
ReplyDeleteමාත් එහෙම්යි. පුරුද්දකට වගේ තමයි සම්මානය ගහපු පොත් ගන්නේ.
Delete