24 September 2017

නිලි වැස්ස

ඔහු රජෙකි. නමුත් ඔහු ද පිරිමියෙකි. පිරිමියෙකුට වෙනත් ගැහැනියකගේ ඇසුර සොයා ගොස් නැවත තම බිරිඳ හෝ අග මෙහෙසිය ළගට ආ හැකිය නමුත් ගැහැනියකට සිය ආසාවන් සන්තර්පණය කල හැකි පිරිමියෙකුගේ ඇසුරට ගොස් නැවත ඔහුගේ ස්වාමියා නැත්නම් රජතුමා හා සමග විසිය නොහැක.

තම ගැහැනිය වෙනත් පිරිමියෙකු හා නිදි වැදීම තම පිරිමි කමට කරන ලද නිගාවක් ලෙස ඔහු සිතයි. නමුත් ඔහු වෙනත් ගැහැනුන් සමග නිදි වැදී පසුව තම බිරින්දෑ ලඟට එනවිට ඈටද ඇගේ ගැහැනුකමට කරන නින්දාවක් බව පිරිමියාට නොසිතේ.

මෙවැනි අප නොසිතන මානයකින් පිරිමින් ගැහැනුන් හා ඔවුන්ගේ ආසවන් ගැන සිතන්නට යොමු කරවන වෙනස්ම ආකාරයේ කෘතියකි, නිලි වැස්ස.

කත්‍යානා අමරසිංහයන් විසින් හෙල ජන පාඨක රසවින්දනය උදෙසා ලියා තබන ලද අපූර්ව කෘතියකි.


මේ කෘතිය පුරාම දිග හැරෙන ප්‍රධාන කාන්තා චරිතය රන් මැණිකා වන අතර ප්‍රධාන පිරිමි චරිතය දෙවන රාජසිංහ රජතුමා ය.

දිනක් රන් මැනිකා කදු සහිත පරිසරයක ඇවිදින විට ඈට සුදු ජාතික මිනිසෙක් මුන ගැසේ. ඔහු සමග ඈට එකදු වචනයක් හෝ කතා කිරීමට අවස්ථාවක් නොලැබේ. එහෙත් ඈ ඔහුගේ රූපකායට වශී වී ඔහුට ආදරය කිරීමට පටන් ගනී.

ඒ නිසාම ඈ තවත් දිනක් ඒ කඳු ගැටය අසලටම පැමිණෙන්නේ ඔහු අදත් ඒවි ය යන බලාපොරොත්තුවෙනි. නමුත් ඒ වෙනුවට මිනිසෙකු අසු පිටින් වැටී තුවාල වූ බව ඈ දකී. ඈ ඔහුව තම නිවසට කැන්දාගෙන ඇප උපස්ථාන කළාය.

අසු පිටින් වැටී තුවාල වූ මිනිසාව වත්තන් කරගෙන තම නිවසට ගෙන ඒම ඈගේ මස්සිනා දකී. මස්සිනා, ඈ කෙරෙහි ආලවන්ත කමකින් සිටිය ද, ඔහු කෙරෙහි ඈගේ සිත පැහැදී නොතිබිම ඔහුගේ අමනාපයට හේතුවක් වී තිබුණි. මේ නිසාම ඔහු, ඇගෙන් පලි ගැනීමට සිතමින් සිටියේ ය.

ඈ නාදුනන පුද්ගලයාට ඈ හැකි උපරිමයෙන් උපස්ථාන කළාය. නමුත් මේ උපස්ථානයට එතරම් ආයුෂ තිබුණේ නැත. ඊට හේතුව වූයේ තම මස්සිනා විසින් තමා කෙරෙහි වූ කේලමක් තම දෙමාපියන්ට කීම ය.  ඈ ඔහු සමග වන රොදක ආලිංගනයක යෙදී සිටින අයුරු ඔහු දුටු බව එම කේලමේ විය.

මේ නිසා ඈට තම නිවසේ විසිය නොහැකි විය. ඈ මේ නොදන්න පුරුෂයා සමග ගෙයින් පිටත් වන්නීය.

මේ පුරුෂයා කවුරුන්ද ? ඇඟේ ඉරණම ඉන් ඉදිරියට කෙසේ නම් විසදේවි ද ?

මින් ඉදිරියට කියැවීම ඔබට බාරයි.

නිලි වැස්ස, (පොද වැස්ස ) සිංහල සාහිත්‍යට මෑත ඉතිහාසයේ වට අපූර්වතම වැස්සක් බව එක හෙලාම පැවසිය යුතුය.

මේ කෘතිය සූරිය ප්‍රකාශනයකි.

2 comments:

  1. බ්ලොග් ලියන සහ නිතර කොමන්ට් දමන ලිඛිතා ලියු "බයි සේක්ෂුවල් සුරාන්තය" කියා කියන්නේ මේ පොතද ? නැතිනම් එය වෙනත් පොතක්ද ?

    ReplyDelete
    Replies
    1. ඒක නම් දන්නේ නෑ සහෝදරයා

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.