26 September 2017

බන්දනය

මෑතක ලංකාවේ හොල්මන් චිත්‍රපටි කිහිපයක් නිර්මාණය උනා. ස්පන්දන, සූම්, මායා, බන්දනය ඒ අතර වෙනවා. මේ චිත්‍රපටි සියල්ලම මම බලල තියෙනවා. මේ චිත්‍රපටි වලින් ස්පන්දන චිත්‍රපටියේ කතාව යම් තාක් දුරට හොඳයි.

සූම් චිත්‍රපටියේ කතාවේ පටන් ගැන්ම හොඳ උනාට ප්‍රබල කතා තේමාවක් නැති නිසද මන්දා අන්තිම වෙනකොට කතාව අජූත උනා. මායා චිත්‍රපටිය ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඒක කෙලින්ම දමිල සිනමාවේ කොපියක් සිංහල චිත්‍රපටියක් කරල තියෙන්නේ.

මේ අතරින් මෑතක තිරගත වෙච්ච බන්දනය චිත්‍රපටිය නම් යම්කිසි ප්‍රසස්ථ මට්ටමක තියෙනවා. මේ චිත්‍රපටිය උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ අධ්‍යක්ෂණයක්.

මේ චිත්‍රපටිය පුරාම පසුතලය හැඩ වෙන්නේ 1932 වසරේ තිබුණා යැයි සිතිය හැකි සමාජීය වටපිටාවක් විදිහටයි. පසුතල නිර්මාණය නම් සුපිරි !!

නළු නිලියන්ගේ රංගනය ගැන නම් කතා කරලා වැඩක් නෑ. සුපිරි රංගනයක යෙදෙන නළු නිළියන් පිරිසක් ඉන්නේ. එක වෙලාවක දුලානි අනුරධාගේ රංගනය  අධි රංගනයක් ද කියලත් හිතෙනවා. ඒ ඇරෙන්න වෙන වරදක් මම රංගනයෙන් දකින්නේ නෑ. මේ චිත්‍රපටියේ සුමනා විදිහට රඟපාන පොඩි ගෑල්ලමයගේ රඟපෑම නම් සුපිරි !


මේ චිත්‍රපටියේ කතාව කෙටියෙන්ම කියනවා නම් සහෝදරයන් දෙන්නෙක් ඉඩම් බෙදාගන්න බැරුව ආරවුලක් ඇති කරගන්නවා. මේ ඉඩම් මේගොල්ලන්ට ලැබිල තියෙන්නේ පිය උරුමයෙන්. නමුත් අවාසනවකට වගේ පිය පාර්ශවයේ කවුරුවත් මැරෙන්න ඉස්සරින් දරුවන්ට ඉඩ කඩම් බෙදලා දීලා නෑ. මේ නිසා තම තමන්ට හිතු මනාපෙට වැටවල් ගහගෙන ඉඩම් බෙදාගන්න යනවා.

මේ නිසා සහෝදර දෙපල සෑහෙන්න වෛරයකින් පසු වෙනවා. මේ දෙන්නටම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳව යම් දැනුමක් තියෙනවා.

මේ දැනුම පාවිච්චි කරලා එක සහෝදරයෙක් අනෙකා පිල්ලියක් යවනවා. ඒ පිල්ලිය නිසා අනෙත් සහෝදරයා මැරෙනවා. මෙතැනින් තමා පවුල් දෙක අතර පලිගැනීම පටන් ගන්නේ.

ඔහොම ගිහින් ගිහින් එක සුමනා කියන පොඩි ගෑල්ලමයට  නයෙක් දශ්ට කරනවා. ළමයව හොඳ කරන්න එක්කගෙන යන්නේ අනෙක් සහෝදරයගේ ගෙදෙට්ට. මේ සහෝදරය නයා දශ්ට කරපු එක සුව කරලා ඒ පොඩි ළමයට බන්ධනයක් කරනවා. මෙ බන්ධනය නිසා මේ පවුල් දෙකේ සෑහෙන කට්ටියකට ජීවිත වලින් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.

මේ කතාවේ අන්තීමට මහසෝනත්තෙක්ක පොර බැදීමක් යනවා ඒක නැතුව ඒ වෙනුවට වෙනම අවසානයක් තිබ්බා නම් කතාවේ කියන්ඩ අඩුපාඩුවක් නෑ. මේ පොර බැඳීම නිසා දොවාගත්තු කිරි කලේට ගොම බින්දුවක් වැටුනා වගේ දෙයක් වෙන්නේ.

වෙලාවක් තිබ්බොත් මේ කතාව හොයාගෙන බලන්ඩ. ලස්සන චිත්‍රපටියක්. කළු සුදු චිත්‍රපටියක් විදිහටයි තිරගත උනේ.

7 comments:

  1. oh really? මම හිතුවේ මේක දෙමළ එකක කොපියක් කියලා. බලන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. දෙමල කොපියක් නෙමෙයි.

      Delete
  2. මම නම් ඔය හොල්මන් චිත්‍රපටි බලන්න බයයි හෙහ් හෙහ්..

    ReplyDelete
  3. මේ පොඩි ගෑල්ලමයා සහේලි ද?

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.