28 September 2017

නපුරු පාලකයෝ තුන්දෙනා

Three Fat Men නම් කෘතිය යුරී ඔලේෂා නම් රුසියන් ලේඛකයා විසින් රචිත කෘතියකි. එය නපුරු පාලකයෝ තුන්දෙනා නමින් සිංහලයට පරිවර්තනය කර ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු මහත්මයායි.

මේ පොතේ කියවෙන්නේ නපුරු පාලකයෝ තුන්දෙනෙක්ගේ කෲර පාලනයෙන් මුදවා ගැනීමේ මෙහෙයුමක් පිළිබඳව ය. මේ කතාවේ වීර චරිතය වන්නේ ටිබුල් ය.

ඊට අමතරව දොස්තර ගස්පාර් ගුස්නේරි, සුවනි යන අයත් සෙසු චරිත වේ.


මේක බැලු බැල්මට සුරංගනා කතාවක් ලෙස දිස් වූවද රුසියන් විප්ලවයේ යම් යම් දේවල් සරලව කියාදීමට දරන උත්සහයක් යැයි කිව හැකි ය.

නපුරු පලකයෝ එක පැත්ත්කත් කම්කරුවෝ සහ අනෙකුත් සුළු රැකිය කරන්නවුන් තව පැත්තකත් සිටී. සල්ලිකාර බලකාමි සියල්ලන්ම නපුරු පාලකයින්ගේ පැත්ත ගනී. අනෙකුත් සියළුම් සුළු සේවකයින් ගන්නේ ටිබුල් නම් වීරයාගේ පැත්ත ය.

සාමාන්‍ය ජනතාව නියෝජනය කරන වීරවරයා ටිබුල් නිසා ඒ සියලු දෙනාගේම සහය ටිබුල්ට ලැබේ. මේ නිසා මෙම සහය උපයෝගී කරගෙන පාලකයින්ව එලවා දැමීම මේ කතාවේ හරයයි.

එක දිගටම කියවාගෙන යා හැකි සරල කෘතියකි.

3 comments:

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.