05 August 2017

මාදු ගඟේ බෝට්ටු සවාරිය -2

මමත් මගේ කාර්යාල සගයෝ ටිකත් එක්ක මාදු ගඟේ බෝට්ටු සවාරියක් ආවා මතක ඇතිනේ. ඒ යන ගමන් මාදු ගඟ කියන්නේ රැම්සා තෙත් බිමක් ය කියලා මම තවත් තැනක කිව්වා මතක ඇති නෙහ්.

අන්න ඒ තුන්වෙනි රැම්සා තෙත් බිමේ පොඩි බෝට්ටු සවාරියක් යන්නයි අපි සූදානම. මාදු ගඟේ මේ වෙනකොට දූපත් පහලොවක් විතර තියෙනවා. ඒ ටික මතක් කලොත් කොත්දූව, දක්දූව, මාදූව, මෙ‍මා දූව, හොන්දූව, දිමිදූව, නයි දූව, මුවන් දූව,සත පහේ දූව, මේරල දූව, ගල්මන් දූව, කටුදූව, මදදූව, ගෝනදූව හා තිනිය දූව.

මේ දූපත් වලින් කොත් දූව තමයි මාදු ගඟේ තියෙන ලොකුම දූපත. සත පහේ දූව කියලා  කියන්නේ මාදු ගඟේ පොඩිම දූපත.

කොත් දුවේ තියෙන විශේෂත්වය තමයි පන්සලක් පිහිටා තිබීම. ඒ දූපතට ඒ නම ලැබිලා තියෙන්නෙත් ඒ නිසාම වෙන්ඩ ඕන.


අපි කට්ටියම බෝට්ටුවට ගොඩ උනාට පස්සේ ගමන ආරම්භ කලා.එහෙනං පින්තූර ටික බලලා ඉමු.




මාදු ගඟ අවට ජීවත් වෙන ධීවරයෝ මාදු ගඟ අවට ඉස්ස්කෝ කොටු නිර්මාණය කරලාත් තිබ්බා. රෑ පුරාම දැල්වෙන කුප්පි ලාම්පුවකින් පිටවෙන ලාම්පු දැලි ආහාරයට ගන්න එන ඉස්සන්ව අල්ල ගන්නවයි කියලා තමා අපේ බෝට්ටුව පදවපු මලයා කීවේ.

පහලින් තියෙන්නේ ඉස්සෝ කොටුවක පින්තූරයක්.
ඉස්සෝ කොටුත් බලාගෙනම බෝට්ටුව ඉදිරියට ගමන් කලා.බෝට්ටුව ටික වෙලාවක් ගඟ දිගේ ගමන් කරලා කඩොලාන පරිසරයක් දිහෑවට හැරුනා. අපි ඊලඟට කඩොලාන ගස් අතරින් ගමන් කලා. සමහර ගස් වල මුල් කපලා පාදාගත්තු පාරක් කියලා ඒ අතරින් ගමන් කරන ඕනම කෙනෙක්ට හිතන්ඩ පුලුවන්. ඒක නම් ඒ තරම් හොඳ දෙයක් නෙමේ කියලා මට හිතුනා.


අපි ගමන් කරපු බෝට්ටුව තමයි පල්ලෙහා පින්තූරයෙන් පේන්න තියෙන්නේ.
ඔහොම ටික වෙලාවක් බෝට්ටුවේ ගිහින් අපි මාළු ටැංකි තියෙන දිහාවට ආවා. මේ තැන් මාලු ටැංකි හත අටක් විතර හදලා තියෙනවා. ඒ හැම ටැංකියකම තිලාපි හෝ මොසැම්බික් කියන මාලු ජාතිය ඇති කරනවා. මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ මේ තැනින් අපිට ෆිශ් තෙරපි එකක් ගන්ඩ පුලුවන් වෙන එක. ඒකට රුපියල් 100ක් ගෙවන්න ඕන.

ඊටඟට අපි ගඟ දිගේ තව ටිකක් රට ඇතුළට ආවා. ඒ යන ගමනේදී සතපහේ දූව බලාගන්න අපට පුලුවන් උනා. පල්ලෙහා තියෙන්නේ සතපහේ දූව. මේ දූපත ඒ කාලේ මීට වඩා විශාලව තිබුනා ලූ. ඒ කාලෙදි මනුස්සයෙක් මේ දූපත සත පහකට මිලදී ගත්ත නිසා මේ දූපත සත පහේ දූපත උනා කියලා මතයක් තියෙනවා.

අපේ අය ගත්තු පින්තූර වල සත පහේ දූව තිබුනේ නෑ. ඒ නිසා මේ පින්තූරේ අන්තර්ජාලයෙන් ගත්තු එකක්.

 සතපහේ දූවෙන් පස්සේ අපි කොත් දූවට ආවා. කොත් දුව පන්සල ඈතට හරි අපූරුවට දිස් වෙනවා. පන්සල තියෙන පරිසරය හරි අපූරුයි.
අපි ආපු බෝට්ටුව, කොත් දූවේ පන්සල ගාවින් නතර කලා. අපි කට්ටියම බෝට්ටුවෙන් බැහැලා පන්සලට ආවා. හරි නිස්කලංක පරිසරයක්. ගොඩ වෙලාවක් ඉන්න හිතුනත් අපේ සංචාරය පෑ දෙකකට සීමා කරන්න වෙන නිසා අපි එතන පෑ බාගයක් විතර ඉදලා ආපහු බෝට්ටුවට ආවා.



අපි කොත් දූවෙන් පස්සේ ආපහු බලපිටිය මහ පාලම ගාවට ආවා.. ඒ එන ගමනේදී අපි මා දූවේ පාලම යටින් ආවා. මාදූවේ මිනිස්සු එදිනෙදා ගමන් බිමන් යන්නේ මේ පාලමෙන්. ඒක යකඩෙන් හදපු ලෑලි අතුරලා තියෙන පාලමක්.

ඒ පාලමේ පින්තූරයක් අපි ගත්තා. ඒ උනාට ඒක හොටාගන්ඩ බැරි උන නිසා මෙතන දාන්න විදිහක් නෑ.

හරි අපූරු බෝට්ටු සංචාරයකින් පස්සේ අපි ආපහු ගෙවල් වලට ආවා.

එහෙනම් මං ගියාවේ.

ප.ලි. - මේ ලිපිය ලිව්වේ හරි කම්මැලිකමෙන්. ගොඩ කාලයක් ඩ්‍රෆ්ට් එකේ තිබ්බ නිසා වෙන්ඩැති. :)





7 comments:

  1. මාදු ගගේ මාලු සම්භාහනයනම් මරු.
    ඒ පන්සලේ තියෙනවා සිප්පිකටු වලින් හදාපු ලස්සන්ජ පහනක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. අගෙයි. තව විස්තර තිබුණනං ඒත් අගෙයි.

    ReplyDelete
  3. තෑන්ක්ස් විස්තරේට

    ReplyDelete
  4. තව ටිකක් විස්තර ලියන්න තිබුනේ කම්මැලි කම පැත්තක දාල. මාදු ගඟයි, බොල්ගොඩ වැවයි මට හැමදාම පැටලෙනවා. දෙක දෙකක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔවු දෙක දෙකක්.
      බොල්ගොඩ් තියෙන්නේ පානදුරේ.
      මේක තියෙන්නේ අම්බලන්ගොඩ කිට්ටුව. බලපිටිය හරියේ.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.