කාෂ්‍යප බුදු හාමුදුරුවන්ගේ කාළයේ ගඟක් ළඟ තිබ්බ විහාරෙක හාමුදුරු කෙනෙක් වැඩ උන්නා. ඒ හාමුදුරුවෝ දවසක් වෙහෙර මළුව අතුගාලා කුණු ටික ගොඩ ගහලා තිබ්බා. ඊට පස්සේ උන්වහන්සේ තමන්ගේ ගෝල හාමුදුරු නමට කිව්වා "මම වෙහෙර මළුව අතුගාලා තියෙන්නේ. ඒ කුණු ටික අරන් දාන්ඩ" කියලා.
එහෙම කියලා ලොකු හාමුදුරුවෝ විහාරගෙට වඩිනවා. උන්නාන්සේ ටික වෙලාවකින් එනකොටත් කුණු ගොඩවල් එහෙම්ම තියෙනවා දැක්කා. උන්නාන්සේ කියලා ගිය දේ කරලා තිබුනේ නැති නිසා උන්නාන්සේට තරහවක් ඇවිදින් මේ පොඩි නමට පාරක් ගහනවා.
පහර කාපු පොඩි හාමුදුරුවෝ ආයෙම ලොකු හාමුදුරුවන්ගෙන් ගුටි කන්න වෙයි කියන බයට කුණු ටික අරන් දානවා. කුණු ටික අරන් දැම්මට පස්සේ පොඩි හාමුදුරුවෝ පිරිසිඳු වෙන්න ගඟට යනවා. ගඟේ ගලා යන වතුර දැකපු පොඩි හාමුදුරුවෝ ප්‍රාර්තනවක් කරනවා "කාටවත් විසද ගන්න බැරි තරමේ වාදයන් ගේන්න පුළුවන් විදිහේ නුවණක් ලැබෙන්ඩ " කියලා.
පොඩි හාමුදුරුවෝ කරපු ප්‍රාර්ථනාව ගං ඉවුරේ ඉදපු ලොකු හාමුදුරුවන්ට ඇහුනා. උන්නාන්සේ කල්පනා කරනවා මම අතුගාපු කසල ටික අස් කරලා පොඩි හාමුදුරුවෝ එහෙම ප්‍රාර්ථනාවක් කරනවා නම් මළුව අතුගාපු මම ඊට වඩා ලොකු ප්‍රාර්ථනාවක් කරන්ඩ ඕන කියලා.
ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ ප්‍රාර්ථනා කරනවා "පොඩි හාමුදුරුවෝ ගේන ඕනෑම වාදයක් මට විසඳන්ඩ පුලුවන් විදිහේ නුවණක් ලැබෙන්ඩ " කියලා.
ඔහොම කාලයක් ගත වෙනවා... ගත වෙලා ගෞතම බුදුන්ගේ කාලේ උදා වෙනවා. ගෞතම බුදුන්ගේ කාලය උදා වෙලා උන්වහන්සේ පිරිණිවන් පාලා අවුරුදු 500ක් ගත වෙනවා. මේ අවුරුදු පන්සියය ගිය තැන දඹදිව සාගල කියන නගරයේ මිලින්ද කියලා රජ කෙනෙක් වෙලා පොඩි හාමුදුරුවෝ උපදිනවා.
මේ මිලින්ද රජතුමා නුවණින් බලයෙන් රූපයෙන් අග තැන්පත් රජ කෙනෙක් විදිහටයි මුලු සාගල නුවරම ජනප්‍රිය වෙන්නේ... එදා වෙහෙර මළුවේ කුණු අරන් දාලා කරපු ප්‍රාර්ථනාව නිසයි මිලින්ද රජතුමාට හොඳ නුවණක් ලැබෙන්නේ...
මේ රජතුමා ධර්මයේ එන සියුම් තැන් එකතු කරලා ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ඒ ප්‍රශ්නය විසඳගන්න ගොඩක් අය උත්සහ කරනවා.. නමුත් හැකි වෙන්නේ නෑ... කොටින්ම ඒ කාලේ උන්නු රහතන්නාන්සේලාට පවා මේ ප්‍රශ්නය විසදගන්න උත්සහ කලාට හැකි වෙන්නේ නෑ.
උන්නාන්සෙලාත් එකතු වෙලා කතා වෙනවා මේ ප්‍රශ්නයට පිලිතුරක් හොයන්ඩ..රහතන්නාන්සේලා ඔක්කෝම වගේ මේ ගැන සාකච්ඡා කරනකොට එක රහතන්නාන්සේ කෙනෙක් මේ ගැන සාකඡ්චා කරන්න ආවේ නෑ. ඒ උන්නාන්සේ නිරෝධ සමාපත්තියට වැදිලා උන්නු නිසා.නිරෝධ සමාපත්තිය කියන්නේ චිත්ත චෛතිසිකය ඇති වීම නතර කිරීම.
රහතන්නාන්සේලාට මේ ප්‍රශ්නය විසඳගන්ඩ උදව්වට ශක්‍ර දෙවියොත් මනුස්ස ලෝකයට වඩිනවා. ශක්‍ර දෙවියෝ පැහිදිලි කරනවා මේ ප්‍රශ්නය විසඳ ගන්න එකම එක්කෙනයි ඉන්නේ ඒ කෙනා මේ මනුස්ස ලෝකයේ නෑ ය ඒ කෙනා ඉන්නේ තව්තිසාවේ ය කියලා.
ඊට පස්සේ රහතන්නාන්සේලා තව්තිසාවට වැඩම කරලා උන්නාන්සේට ප්‍රශ්නය පැහැදිලි කරලා ආරාධනා කරනවා මනුෂ්‍ය ලෝකයේ උපදින්ඩ කියලා. උන්නාන්සේ තව්තිසාවෙන් චුත වෙලා මනුස්ස ලෝකයේ බ්‍රාහ්මණ කුළයේ උපදිනවා.
බ්‍රාහ්මණ කුළයේ කෙනෙක්ව ලේසියෙන් සම්බුද්ධ ශාසනයේ මහණ කරවන්නේ නැති නිසා අර නිරෝධ සමාපත්තියට වැදිලා උන්නු රහතන්නාන්සේට දඩුවමක් හැටියට දුන්නා මේ දරුවව කොහොමහරි මහණ කරවන්න කියලා.....
කාළයක් ගත වෙනවා. මේ බ්‍රාහ්මණ දරුවා මහණ වීමට සුදුසු වයසට එලබෙනවා....
මේ රහතන්නාන්සේ අර දරුවව මහණ කරගන්න අරමුණෙන් බ්‍රහ්මණයන්ගේ ගෙදරට පිණ්ඩපාතේ වැඩියා. පලවෙනි දවසේ මුකුත්ම ලැබුනේ නෑ..දෙවෙනි දවසෙත් මුකූත්ම ලැබුනේ නෑ..ඔය විදිහට අවුරුදු හතක් යනකන් කිසිම දෙයක් ලැබුණේ නෑ...
නමුත් එකම දවසක් මේ ගෙදර බැමිණිය "දෙන්න දෙයක් නෑ.." කියලා කියනවා.
උන්නාන්සේ එදත් සතුටින් ආපහු විහාරයට එන්න හැරුනා... ටික දුරක් වඩිනකොට මේ ගෙදර බමුණව හමු වෙනවා. හමු උනාට පස්සේ මේ බමුණා උන්නාන්සේගෙන් අහනවා "අපේ ගෙදරින් මොනවා හරි ලැබුණ ද ?" කියලා.
උන්නාන්සේ "ඔවු" කියලා කියනවා.
මේ බමුණා වහාම ගෙදර ගිහින් බැමිණියගෙන් අහනවා මොනාද අර ශ්‍රමණයාට දුන්නේ කියලා. බැමිණිය කියනවා මුකුත් නෑයි කියලා. මේ ශ්‍රමණයා බොරු කියන්නේ කියලා හිතපු බමුණා ඊලඟ දවසෙදි උන්නාන්සේ එනකන් බලාගෙන ඉන්නවා.
උන්නාන්සේ වැඩියම ".. අපේ ගෙදරින් ඔබට මුකුත් දීලා නෑ.. ඒත් ඔබ කියනවා ලැබුනයි කියලා. ඔබ බොරු කියන්නේ ඇයි ?" කියලා අහනවා.
"මෙතුවක් කලක් මට ඔබේ නිවසින් මුකුත් ලැබුනේ නෑ නමුත් ඔබේ ගෙදරින් ඊයේ දවසේ මට වචනයක් ලැබුනා." කියලා උන්නාන්සේ කියනවා. මේ බමුණා උන්නාන්සේ ගැන ටිකක් පැහැදෙනවා.
ඒ නිසාම උන්නාන්සේ ආයේ පිණ්ඩපාතේ වැඩියොත් බත් හැන්දක් දෙන්ඩෙයි කියලා බැමිණියට කියනවා.. ඔහොම කාලයක් ගත වෙනකොට උන්නාන්සේට ගෙට ඇතුල් වෙලා බණ දේශනා කරන්ඩත් අවසර ලැබෙනවා.
ඊට ටික කාලෙකට පස්සේ මේ දරුවගේ හිත ධර්මය කෙරෙහි පහදවලා මහණ කරවනවා....
මේ දරුවා නාගසේන හාමුදුරුවෝ නමින් මහණ වෙනවා.මේ හාමුදුරුවෝ මිලින්ද රජතුමා අහපු ප්‍රශ්නයට තර්කානුකූලව උත්තර දෙනවා. පසු කාලීනව මිලින්ද ප්‍රශ්නය නමින් අපි හඳුනා ගන්නේ එදා මිලින්ද රජතුමා අහපු මේ ප්‍රශ්නයයි..
---------------------------------------------------------------------
ප.ලි. - මේ කතාව මතක් කලේ අපේ අම්මා. එයාලට ඒ දවස්වල සිංහල සාහිත්‍යට නාගසේන වස්තුව තිබුනාලු. මේ කතාව සද්ධර්මරත්නාවලියේ එන කතාවක්.. මම බොහොම කෙටියෙන් ඉදිරිපත් කලේ.
අපි සිරිපා වන්දනාවේ ගිය නිසා ඊයේ පෝය දවසේ පල කරන්න තිබ්බ ලිපිය අද තමයි පල කරන්න උනේ..
සාධූ..! සාධූ!! සාධූ!!!
ReplyDeleteවටින කතාවක් මධූ.
ReplyDeleteමට තාම ශ්‍රී පාදෙ වදින්න බැරි උනා. :-(
මාමත් තාම සිරීපාදේ ගිහින් නෑ .පෝය දවසට බණ කතාවක් ලියල
ReplyDeleteසාදු සාදු
ReplyDeleteමේක මල්ලි එන්නේ “සද්ධම්ම රතනාවලියේ“ නෙවෙයි.. “සද්ධම්මරතනාකරයේ“...
ReplyDeleteමිලින්ද නාගසේන කතා පුවත.. එහෙමත් නැත්තං “මිලින්ද පැනය“ කියලා තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ...
වැඩිදුරටත් කියනවනං සද්ධම්ම රතනාවලිය කියන්නේ ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ එන ධම්ම පදට්ඨ ගාථා (අපි කෙටියෙන් කියන්නේ ධම්මපදේ කියලා) වල නිධාන කතා ටික තමයි සද්ධම්මරතනාවලියේ එන්නේ... ඒ කියන්නේ හැම එකක්ම වගේ බුද්ධ කාලයට සමගාමී හෝ එයට පෙර කතාවකට අනුව බුද්ධ දේශනාවට සම්බන්ධයි... මිලින්ද නාගසේන පුවත එයිට පසුකාලීනව එන කතාවක්... මෙතැන මිලින්ද රජු යෝනක.. එහෙමත් නැත්තං මුස්ලිම් රජ කෙනෙක් කියලත් කියැවෙනවා... ඒ ගැනනං තව ටිකක් හැබැයි හොයන්න ඕන.. මට හරියටම මතක නැහැ ඕක කියවලා දැන් අවුරුදු දහයක් දොලහක් විතර ගෙවිලා....
ReplyDeleteමෙන්න මිළිඳු නොහොත් මෙනැන්ඩර් රජතුමා
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Menander
අර පොත්වල තියෙන ඉර වචන කියවනවට වඩා මෙහෙම ලියද්දි කියවන්න ආසයි.............
ReplyDeleteමේ කතාව මම අහල තියනවා. කොහෙදි ද කියල මතක නෑ. මොනව වුණත් මේ වගේ දේවල් සමාජගත කරන එක වටිනවා.
ReplyDelete//මිලින්ද නාගසේන කතා පුවත// මාත් ඔය නම අහලා තියෙනවා. ඒත් කතාව ඇහුවේ අද. බොහෝම ස්තුතියි අයියේ මේක දැම්මට....
ReplyDeleteහොඳයි හොඳයි පෝයට දවස් දෙකක් පස්සෙ උනත් බණක් අහන්න ලැබුණට. මාරය අඩුපාඩු ටික පුරවල තියෙන්නෙ.
ReplyDeleteමෙවන් පිංකමක් කිරීමෙන් මහත් ඵල ආනිසංස ලැබෙන බවයි බුද්ධ දේශනාවෙ තියෙන්නෙ
ReplyDeleteයහපතක්ම වේවා !!!
ReplyDeleteපන්සලක මිදුල අතුගාලා මෙච්චර දෙයක් වෙනවානම්, සෑයක් කාරිය හැදෙව්වාම කොච්චර පින් ඇද්ද? කියන හිතුවිල්ල හිතට ආවා. ඉක්මනට අපේ පන්සල පැත්තේ යන්ට ඕනි. ඒත් වැඩි මිදුලක් නෑ. බෝ ගහක් නෑ පැලයක් විතරයි තාම.
ReplyDeleteකතාව කියලා දුන්නට අම්මාට පින්. :)
කථාව වටිනවා....ලියලා තියෙන විදියත් බොහොම අපූරුයි...මිලින්ද ප්‍රශ්නයත් මේ පෝස්ටුව තුලම ඉදිරිපත් කලා නම් තවත් අපූරුයි...
ReplyDeleteපුංචි කාලේ දහම් පාසල් යනකොට මමත් මේ කතාව අහලා තියෙනවා.. මේ කතාව නිසා ගැහැණු පිරිමි භේදයක් නැතුව පන්සල අතුගාන්න දහම් පාසලේ ළමයින්ගේ තිබුනෙ හරිම ලොකු උනන්දුවක්
ReplyDeleteකලින් අහලා තිබුනේ නෑ.. බලාගෙන යද්දී අපි නොදන්න කතා කොච්චර තියෙනවද..
ReplyDeleteමාත් මේ කතාව කලින් අහල තිබ්බට අළුත්ම කතාවක් වගේ වින්දා මධුරංග ලියල තියෙන අපූරුවට.... කතාව කියපු අම්මටත්, ඒකට අඩුපාඩු එකතු කළ මාරයාටත් බොහොම ස්තුතියි...
ReplyDeleteලස්සන කතාවක් , මම නම් මේක අදමයි ඇහුවේ ..
ReplyDeleteමට මතකයි මං සෑහෙන කාලෙකට කලිං කියෙව්ව... ඒත් මූලාශ්‍රය මතක නෑ නෙව... ස්තූතියි නැවත මතක් කරගන්න සහය වුණාට...
ReplyDeleteමොකද්ද මිලින්ද රජතුමා අහපු ප්‍රශ්නය?
ReplyDeleteඒකනෙ මධුවෝ මොකක්ද බන් ප්‍රශ්නේ??
ReplyDeleteමිලින්ද ප්‍රශ්නය කියලා කිව්වට එතන එක ප්‍රශ්නයක් නෙවෙයි මට මතක හැටියට... එකින් එක පැන නැගෙන ප්‍රශ්න ගානක්.. එක දවසකදිත් නෙවෙයි මට මතක හැටියට ඔය ටික අහන්නේ දවස් ගානක් ඇතුලේ.. ප්‍රශ්න 16 ක් හෝ 32 ක් පමණ තිබුනා කියලා තමයි මට මතකනං.. වරදින්න පුළුවනි... ආයේ ජාතක රතනාකරය හොයාගෙන බලන්න ඕනි...
ReplyDeleteමිලින්ද ප්‍රශ්නය
ReplyDelete