02 February 2014

ස්පීකර් දෙකක් ඕන බං

මේ ටිකේ හෙම්බිරිස්සාවක් හැදිලා හරි අමාරුයි. හෙම්බිරිස්සාව විතරක්ම නෙමේ කැස්සකුත් තියෙනවා. උදෙන්ම ඇහැරෙන්ඩ බෑ එක විඩේට කිවිසුම් විසි තිස් ගානක් යනවා පීනසේට... !

ඒ හන්දා මම මල්ලිට කියලා බේත් ටිකක් ලියවා ගත්තා. හවස් අතේ ලියාගත්තු බෙහෙත් ගන්ඩ හන්දියට ආවා. මලයා ඉන්න හන්දා දෙයියනේ කියලා බේත් ගන්ඩ ඉස්පිරිතාලවල් වල පෝලිම් වල ඉන්ඩ, ලේ චෙක් කරගන්ඩ එහෙම කරදරයක් නෑ.

ඒ දේවල් මලයම හොයලා බලලා කරලා දෙනවා.... !

හන්දියට ගියහම මගේ යාළුවෙක් හම්බ උනා. උන්දෑ නිසා මට අමතක වෙලා තිබ්බ කතාවක් මතක් උනා. ඒ සිද්ධිය වෙනකොට මම හිටියේ අටේ පංතියේ.

ඔය කාලේ පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් ගැජට් කෑලි වලට ආස කාළයක්. ඒ වගේම තමා අපි වයර් කෑලි මූට්ටු කරගෙන එල්.ඊ.ඩී. බලුප් පත්තු කලේ. ඒ විතරක් යෑ.. සෙල්ලම් කාර් වල තිබ්බ මෝටර් කෑලි ගලවගෙන කාඩ්බෝඩ් බුදුරැස්මාලා කරකවපු කාලයක්.

ඒ දවස්වල අපේ ලොකුම හීනේ වෙලා තිබ්බේ නයිට් රයිඩර් සර්කිට් එක හදන එක. ඉතිං සමහර දාට නිදහස් කාල පරිච්ඡේදවල කතාවෙන්නෙම ඔය ගැන.

පඳුර වටේ තැලුවා ඇති කතාවට එමුකෝ...

 අද මට හම්බ වෙච්ච යාළුවාගේ නම ප්‍රදීප් කියලා කියමු. ප්‍රදීප් කියන්නේ ගොඩක් දුප්පත් කොල්ලෙක්. මුන්ගේ අම්මයි තාත්තයි කොහු ලණු අඹරලා ඒකෙන් ලැබෙන සල්ලි වලින් තමයි පවුලම ජීවත් වෙන්නෙ.

අපි අටේ පංතියේදි සර්කිට් කෑලි හදනකොට මුගේ හිතේ ආසාවක් තිබ්බේ ලොකු බෆල් සෙට් එකක් හදන්ඩ. මේ ආසාව කොච්චර දරුණුයි ද කියනවා නං මූ ලොකු ලොකු බෆල් වල පින්තූර එකතු කරනවා. කොහේදි හරි බෆල් සෙට් එකක් දැක්කොත් ඒක දිහෑම කන්ඩ වාගේ බලාගෙන ඉන්නවා. ඒ විතරක් යෑ... මූ කතා කලොත් වැඩි හරියක් කතා කරන්නේ බෆල් ගැන ඒවට දාන ස්පීකර් ගැන.

ඔන්න දවසක්  මූ අපිත්තෙක්ක කතා වෙනවා "ලොකු ස්පීකර් සෙට් එකක් කීයක් වෙයිද මචං ?" කියලා.අපි ඉතින් ඒ දවස්වල ගණන් දන්නේ නෑ නිසා ගත් කටටම වාගේ දන්නේ නෑ කිව්වා.

ඊට පස්සේ දවසක මූ අපිත්තෙක්ක කතා උනා,

"මචං මං  බෆල් සෙට් එකේ පෙට්ටි ටික හදාගත්තා ස්පීකර් ටික තමයි අඩුවකට තියෙන්නේ " කියලා. මූ ඒ වෙනකොට තේ කොළ පෙට්ටි ගෙනල්ලා බෆල් වලට ඕන කරන පෙට්ටි ටික හදාගෙන ඉදලා තියෙන්නේ.

ඔහොම කියලා දවස් තුනක් ගියේ නෑ.. ඉස්කෝලේ බිත්තිවල හයි කරලා තිබ්බ බෆල් දෙකක ස්පීකර් නැති වෙලා තිබුනා.  සර්ලාත් සෑහෙන්න හෙව්වා කවුද මේ ටික හොරකම් කලේ කියලා.පස්සේ පොලිසියේ ඇන්ට්‍රියකුත් දැම්මා මේ ගැන.

මේ වෙනකොට ප්‍රදීප් ඉස්කෝලේ ආවේ නෑ.

ස්පීකර් ගත්තු හොරාව හොයාගෙන හොයාගෙන යනකොට එකෙක්ව අහු උනා... අපි නං හීනෙකින්වත් හිතුවේ නෑ ඒ ටික ගත්තේ මූයි කියලා. අහු උනාට පස්සේ මූ කියලා තිබ්බේ ස්පීකර් ගන්ඩ සල්ලි නැති නිසා තමයි මේ ටික හොරකම් කලේ කියලා. හොරකමකට අහු වෙච්ච නිසා විදුහල්පති තුමා මූව ඉස්කෝලෙන් අස් කරලා දැම්මා.

එදා ඉදලා මූ ඉස්කෝලෙත්තෙක්ක, ගුරුවරුත්තෙක්ක වෛර බැඳ ගත්තා. කවමදාකවත් ඉස්කෝලේ පැත්තවත් බලන්නේ නෑ.  නමුත් අපිත්තෙක්ක තාමත් හිත හොඳින් කතා කරනවා.

ප්‍රදීප්ව දකින වාරයක් පාසා මේ සිද්ධිය මතක් වෙනවා. ඒ මතක් වෙන සැරයක් ගානේ මට තාමත් ඌ ගැන පවු කියලා හිතෙනවා.

හොරකම නං හොඳ නෑ... ඒත් මූ ගැන පවු කියලා හිතෙනවා....

30 comments:

  1. මටත් පයනියර් බෆල් දෙකක් දෙන්න තියෙන ණයකාරයෙක් ඉන්නවා. 12 වසරෙදි දුන්නේ තාම ලැබ්නේ නෑ. ඒකා දැං කොරියාවේ..

    ReplyDelete
  2. ඉස්කෝලේ අටේදී විතර මගෙත් ලොකුම ආසාව උනේ ඔය නයිට්රයිඩර් ලයිට් ටික හදා ගන්න ...... එදා ඒ නොනිමි ආසාව තමයි අදමාව මෙතනට ගෙනත් තියෙන්නේ ...... ප්‍රදීප් ගැනනම් දුකයි .... ඇත්තටම ඒ වගේ දෙකට ඉස්කොලෙන් අස් කරන එක හරි දෙයක්ද

    ReplyDelete
  3. බෆල් ගැන ආසාවක් නං තිබ්බේ නෑ අයියගේ සෙට් එකේ බෆල් එකකට ඩිරෙක්ට් පවර් දීල චූස් ගාල බෆල් එක පිච්චුනා නං මතකයි.

    ReplyDelete
  4. මටත් ඔය ආසාව සැරටම තිබුන බං සවුන්ඩ් පැත්තෙන්..පාස්සෙ යාලුවෙක්ගෙ අයිය කෙනෙක්ගෙ සවුන්ඩ් එකකට සෙට් වෙලා තර්ටි , බින් පටෝගෙන ඒ එක්කම ශෝව්ස් වලට යනවා.වැඩේ අල්ලල ගියා.වෙඩින් වල්දි නං සැප කනේ.. බෑන්ඩ් එකකුත් ඒකෙන්ම හැදුනා..මාර අත්දැකීම් ටිකක් එකතුකරගත්තා ජීවිතේට.
    හැසිරීමෙ හොඳ කියන්නෙ මාව ගෙදරින් රට පැටෙව්වා බං !!

    ReplyDelete
  5. නැති හන්දා හොරකම් කලාට ප්‍රදීප් පව් තමා. නැති හන්දනේ ගත්තේ.
    මටත් කිඹිහුම් යනවා. ඔයාගේ හෙම්බිරිස්සාව බෝවෙලා වෙන්ට ඇති.:D

    ReplyDelete
  6. දැන් ප්‍රදීප් මොනවද කරන්නේ?

    ReplyDelete
  7. අපිටත් ඔයවගේ ආසාවල් ඒ කාළේ තිබුනා. මමත් වෙසක් එකටයි පොසොන් එකටයි බුදුරැස් මාලාව හදන එක අතහැරියෙම නෑ. ඉතිං දැන් ප්‍රදීප් මොකද කරන්නේ?

    ReplyDelete
  8. මල්ලිට හෙම්බිරිස්සාවද ?? නංගිගේ හොටුගලනවා ඇති . පොඩ්ඩක් බෙහෙත් අරන් දෙන්න

    ReplyDelete
  9. මම ලියපු මස්සිනා කථාවෙ මස්සිනා වගේ පොරක්...තමන් ඉගෙන ගන්න පාසලෙන්ම හොරකම් කරන මිනිහෙක්ට ඉතිං හරි යයිද ?

    ReplyDelete
  10. මෑන් පවු. ඒත් හොරකම හොරකමමනෙ.

    අපෙත් එකෙක් හිටියා ඔය ජාතියෙ පිස්සු බුවෙක්. අපි ඌට කිවුවෙ සර්කිට් ඔළුවා කියලා.

    ReplyDelete
  11. මටත් ඔය පිස්සුව හැදිල තියෙනවා..බොහොම අමාරුවෙන් නයිට් රයිඩර් සර්කිට් එකෙක් හදාගත්ත..පොඩි සද්දේ එන ගැජට් එකකුත් හැදුව වගේ මතකයි..

    ReplyDelete
  12. මගේ අතිනුත් දවසක් ඉස්කෝලේ බෆල් එකක් පිච්චුනා නොදන්න දේවල් කරන්න ගිහිල්ලා....

    ReplyDelete
  13. දැන් ඒ ළමයා මොකද කරන්නේ.........පව් සමහර විට ඒ දවස් වල ඔය ළමයට අවශය දේවල් හම්බුනා නම්...............

    ReplyDelete
  14. යාඅළුවා ගැන පවු කියලා හිතුනා.. කොම වුනත් ඉතින් ඔය වගේ ආසවල් එන කාලේ තමයි ඕක..

    ReplyDelete
  15. ඔය වගේ ආසාවල් ආව ම දුරදිග පේන්නෙ නැහැ නේ, ඒකයි හේතුව. ඒත් දඬුවම් දෙනකොට හොයල බලන්නෙත් නෑනේ හේතුව මොකක්ද කියලා...

    ReplyDelete
  16. @හැලපේ - සද්දෙ වැඩියෙන් ඕන වුනාම 230ට ගහන, ඒලඊඩී ලයිට් එකේ එලිය වැඩියෙන් ඕන වුනාම 230ට ගහන කාලයක් මටත් තිබුනා.. :)

    ReplyDelete
  17. දේශක යා :
    දැං නං ඔයිට වදා හොඳ බෆල් දෙකක් ඉල්ල ගත්තෑකි :)

    මැලේ රාළ :
    ඒක තමයි... පවු ඉතිං.
    ඒ කියන්නේ මැලේ රාල ඉලෙකක්ට්‍රොනික් අංශයේ රස්සාවක්ද කරන්නේ ? මරුනේ

    Helapa kade :
    ආයේ ඉතිං අහන්ඩත් දෙයක් යෑ.. :)

    පත්තර මල්ලි :
    ඒකනේ.. කොයි දේ උනත් ජීවිතේට එකතු වෙන අත්දැකීම්..

    ReplyDelete
  18. Podi Kumarihami :
    හෙහෙහ.. ඔන්න මම නම් නෙමේ හෙම්බිරිස්සාව බෝ කලේ.. :)

    ඉවාන් පවුලූශා :
    කුලි වැඩ කරන්නේ..

    Chandana Gunasekera :
    ඒකනේ.. ඒ කාලේ මරු.. ප්‍රදීප් කුලි වැඩ කරන්නේ..

    Anonymous :
    ඒක නේන්නං.. පවු.. බේත් අරන් දෙන්න වෙයි වාගේ :)

    ReplyDelete
  19. සිරාගෙ කාමරේ :
    ඒකත් එහෙම තමා... කොහොම උනත් හොරකම නං හොඳම නෑ..

    Chathuranga Priyashad :
    අර මොකෝ... හැම තිස්සෙම සර්කීට් හදන ඩයල් එකක් ද ?

    රජ වීදියේ උමේෂ් :
    මේ දවස්වල මම අපේ මලයෙක්ට උගන්වනවා නයිට්‍රයිඩර් සර්කීට් එක හදන්ඩ :)

    Amila Prabath Samarakkodi :
    අපේ නං පිච්චෙන්ඩ බෆල් නෑ. තාමත් බෆල් නෑ

    ReplyDelete
  20. ශානු :
    සමහරවිට ඌ මීට වඩා හොඳ තැනක ඉදීවි. දැන් ඌ කුලි වැඩ කරන්නේ.

    Dinesh :
    ඒක නේන්නං.. පොඩි කාලේ කාටත් ඔය වගේ ආසවල් තියෙනවා නෙව.

    ලහිරු :
    දඬුවම ටිකක් අසාධාරණ වැඩියි නං තමා...

    sAm (සෑම්) :
    ලිපිය අපූරුයි ද ? :)

    ReplyDelete
  21. මේ අර අනිත් විදියට කමෙන්ට් දාන සිස්ටම් එක හදා ගත්ත නම් හරි නේද? මගේ බ්ලොග් එකට ඒක දාන්න අදහස දුන්නේ ඔයා නේ.. මේකටත් ඒක දාන්න.. ඒ කාලේ ඔය ආසාවල් ඉෂ්ට කරගන්න එක මොනතරම් සන්තෝෂයක් ද.... පව් ප්‍රදීප්...

    ReplyDelete
  22. Pathum Herath :
    අනිත් විදිහට කමෙන්ට් දාන සිස්ටම් එක කිව්වේ රිප්ලයි කරන විදිහටද.. මාත් ට්‍රයි කලා. ඒත් හරිගියේ නෑ නෙ.......

    ReplyDelete
  23. හරිම කනගටුවක් දැනුන.එ ලමය හොරෙක් වෙන එක නවත්තන්න විදුහල්පතිට කිසිම උවමනාවක් තිබිල නැ

    ReplyDelete
  24. ඇත්තටම ප්‍රදීප් ගැන දුකක් දැනුණා. පව් ඒ ළමයා.

    ReplyDelete
  25. ඕක ඉතින් පුන්චි කාලේ අපි හැමොටම තිබ්බ පිස්සුවක්නෙ :-) මොනා කරන්නද මෙහෙම ගිහින් අධ්‍යාපනයට ආසාකරන අයටත් මේ වගේම හොරකන් කරන්න වෙන කාලයක් එවි එකත් වැඩි ඇතක නැහැ ;-(

    ReplyDelete
  26. මං හිතන්නෙ 80/90 කාලෙ ඉපදිච්ච ගොඩක් උන්ට පොඩි කාලෙ ඔය බෆල් පිස්සුවයි සර්කිට් පිස්සුවයි තිබ්බා :)

    ReplyDelete
  27. අපේ ඉස්කෝලේ science day කරන්න ගිහින් ups දෙකක් ම නැති වෙලා කියලා අපේ කොම්පීතර උගන්වන සෑර් කියව කියව හිටියා.පුදුම වැඩේ කියන්නේ සෑර් කොම්පීතර කාමරය දුම් අල්ලන එකට තියන් ඉද්දි කෑලි ටික සේරම එදා එයාම බලාගනිද්දි මේක වුනේ කොහොමද?මොකද සාක්කුවේ දාගෙන යන්නයෑ?www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  28. පව් නේද එයා :(

    ReplyDelete
  29. Damith Gunawaredane :
    ඒක හරි අයියේ.. අස් කරලා දාපු එක තමා කරපු එකම දේ !

    දිනිති දීපිකා :
    හ්ම්ම්.. පවු තමයි.

    වෙද සිතක සිත්තම :
    ඔවු.. ඒ වාගේම කාලයක් ඒවි. ඒක වැඩි ඈතකත් නොවේවි !

    ReplyDelete
  30. මඩයා :
    ඒ පිස්සුව තිබ්බා නේන්නම්...

    Anonymous :
    ඒක තමා.. මොකක් නමුත් ජිල් මාට් එකක් වෙලා තියෙන හැඩයි !

    නදී :
    පවු නේන්නම් අක්කේ... !

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.