21 June 2012

කැමති අකමැති

තමන් කැමති දේවල් කරන්නට ඕනෑම කෙනෙක් කැමති ය. එහෙත් හැමවිටම කැමති දේ කරන්නට ලැබෙන්නේ නැත. කැමති දේවල් කිරීමට ලැබීම සතුටක් වන අතර අකමැති දේ කිරීම අකමැති දේ අහන්නට ලැබීම දුකකි.

 එසේම,

 අපි කැමති දේවල් කිරීමට සිද්ධ වෙන කාල සීමාවට වඩා අපි අකමැති දෙයක නිරත වීමට ලැබෙන කාළය වැඩි ය.  දැන් කැමති දෙයක් කරන්නට ලැබුනොත් වැඩි කල් නොගොස් අකමැති දේක නිරත වීමට ලැබේ....

අපි කැමති දේ ලැබෙන්නේ නැත්නම් ලැබෙන දේට කැමති වීම මගේ න්‍යාය වන අතර ඊට හිත හදා ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. අකමැත්තෙන් උවද හිත හදාගන්නට සිදුවී ඇත.

මා කළ රස්සාවද එසේම ය. ආසාවෙන් වැඩ කළ අළුත් අළුත් දේ ඉගෙන ගැනීමට තිබූ කාළය නිම වී ඇත. දැන් ඇත්තේ අකමැතිම දේවල් කිරීමේ කාළයයි. එක රාමුවක කොටු වී වැඩ කිරීමට සිදුවී තිබෙන කාළයයි !!!

සරලව කියනවනම්, මේ දවස්වල රස්සාවට යනවා කියන්නේ මරන්න ගෙනියනවා වගේ. එකම දේ හැමදාම කරන්ඩ වෙලා.ඉගෙන ගන්න දේකුත් නෑ. ආසාවෙන් කරපු කිසිම දෙයක් ආයේ කරන්ඩ ලැබෙන්නේ නෑ. කොටින්ම ඔර්ලෝසුවේ පොඩි කට්ට පහගාවට එනකන් විනාඩි ගැන ගැන ඉන්නේ.



ප.ලි. - ඕක කියන්ඩ තමා මෙච්චර වෙලා වටේ තැලුවේ !!!

50 දෙනෙක් අදහස් පලකලා .:

උඩගෙදර said...

:-)

ලහිරු said...

අයියෝ... දැන් ඉතින් එක්ස්පීරියන්ස් තියෙන එකේ වෙන එකකට මාරුවෙමුකෝ!

ක්සැන්ඩර් | Xander said...

කිසිම රස්සාවක් අනෙකට වඩා වෙනස් නැත.

නදී said...

වෙන එකකට මාරු වෙන්නද මෙච්චර ඉක්මනට.:O

පොඩි මෑන් said...

ගිය ගම පොඩි කට්ට පහගාවට එනකන් ඔරලෝසුව කරකවන්න බොසාට හොරෙන්

පුබුදු said...

මුලින් කියපු ටික නම් 100%ක් ඇත්ත

පොත් ගුල්ලා said...

පහට වැඩ ඉවරවෙන රස්සාවක් කරනකොට මරන්න ගෙනියනවා වගේ හිතෙන්නේ කොහොමද කියල මට තේරෙන්නේ නැහැ. මටත් කාලයක් ඔහොම හැඟුණ. ඒත් ඒ කාලේ අපිට උදේ 8.30 ඉඳල සමහරට විට රෑ 7, 8 විතරක් නෙමෙයි 10 පහුවෙනකන් උනත් වැඩ කරන්න උනා. තනතුරින් ඉහළ යනකොට රස්සාවේ බර වැඩි උනේ ආතතියත් එක්කයි. ගණු දෙනු කරුවාගේ ඉල්ලීම එකක්, ඉහළ කළමනාකාරිත්වයේ අදහස වෙන එකක්, ඒ අතරට සේවක මණ්ඩලේ කචල්. දැන් නං මං කරන රැකියාව සෑහෙන දුරට Stress Free .

කොහොමත් කාලෙකදී ඔයවගේ තමයි මල්ලි. සමහරවිට සියලුම පහසුකම් තියෙන රැකියාවක් උනත් කලකදී එපා වෙනවා. නමුත් කාලයත් එක්ක ආයෙත් හරියයි. පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ.

sAm (සෑම්) said...

ආසාවෙන් කරන්න බැරි ජොබක් කරන එක හෙන වදයක් මචං..

ජය පතමි..

සයුරි said...

හපෝ මටත් තිබුනා ඔහොම කාල. ඒත් ඉතින් ඉඳල හිටලා හොඳ කාලවලුත් එනවා...

රැඩියා said...

කැමති නිදහස් හොද දෙයක් කරන්න.

Dinesh said...

කාලයක් යද්දි ඔහොම තමා ඉතින්.. මොකො එතන ලස්සන කෙල්ලෙක්වත් නැද්ද බැල්මක් දාගෙන ඉන්න..

වින්චැට් කිරිල්ලි. said...

මෙහෙත් එහෙම තමා අනේ....සමර් නිවාඩු ලඟ නිසා අපි මැරෙනව වැඩ කරල.....

prasanna86k said...

මමත් ඉස්සර ඔහොම්ම හිතුවා... ඒත් දැන් ලොක්කන්ගේ ඇස් වලට වැලි ගහලා දැන් මගේ වැඩත් කරගන්නවා. මුලින්ම පුතා ඔෆිස් එකේ වැඩ ටික එක පාර ඉවරයක් කරන්න... ඊට පස්සේ ඉතුරු කාලය යොදා ගන්න අනිත් නැඩ වලට.

හැබැයි වැඩේ ඉක්මනට ඉවර කරලා ඒ බව කියලා පොර වෙන්න එපා... එහෙම වුනොත් ඊළඟට හම්බුවෙන වැඩ වලන් උඹ කොර වෙන්න පුළුවනි.

Hasitha said...

අචින්ති තම්පි භවති
…සිතූ දේවල් එලෙසමටම සිදු නොවේ :)

රූ.... said...

හැමදාම ජීවිතේ එකම විදිහට නෑ මලේ..
ඔය කියන්නෙ නම් stress එකේ ලක්ෂන..වෙන දේවල් වලින් විවිධත්වයක් ගන්න ට්‍රයි කරන්න...

ගිනි කුරුල්ලා said...

සිරාවටම කොම්පියුටරයක් ඉස්සරහ ඉඳන් රස්සාව කරන එක නම් එච්චර ආස හිතෙන දෙයක් නොවෙන වග දන්නවා..
වෙලාවට මාත් ඕක නොකර හිටියේ..
කලින් හිතන් හිටියේ SE ම කරනවා කියල..:D

පිණිබිඳු... said...

කොහොම හරි අවුරුද්දක් වත් ජොබ් එකේ ඉන්න වෙන එකකට පනින්න කලින්. එක්ස්පීරියන්ස් එකයි වටින්නෙ.

සිතුවිලි දැහැන said...

අපෝ එකම දේ කරද්දි නම් එපා වෙනවා තමයි අයියේ..හැබැයි කොච්චර එපා වුනත් හැම තිස්සෙම එහෙමම හිතන්න එපා..මොකද එතකොට ඔයාට කොහොමටත් ඔය ජොබ් එක එපාම වෙයි....

ප්‍රාර්ථනා said...

අපෝ ඒකාකාරි ජොබ් නම් එපා වෙනවා තමයි අයියේ.. මම සුමාන දෙකක් ට්‍රේනින්ග් එකකට ගියා ඒ වගේ වැඩකට. එදා මම හිතාගත්තා පුළුවන් තරමට පොඩි මගේම බිස්නස් එකක් කරන එක ඊට වඩා හොඳයි කියලා.

චූටි බටපොලයා said...

අකමති ජොබ් කරන එක නම් සෑහෙන්න බොන්න ඕනි පුරස්නයක් ඈ..

ඒත් ඒ අකමැති ජොබ කරද්දි එතනදිම කැමති මෙව්වා එකකුත් හදාගන්න..

නිකං කෙල්ලෙකුට ලයින් පාරක් දැමීම.
ඔෆිස් එකේ කොම්පියුටරෙන් බුකිගත වීම,බ්ලොග් කෙටීම හා ෆිල්ම්ස් බෑම.
රයිනා හා සූකර මෙන් බොක්කටම සැට් වෙන ෆ්‍රෙඬාලා සෙටාර් එකක් හදා ගැනීම........
වාගෙ එව්ව ;)

ප.ලි
ඉහත සඳහන් කිසිම මෙව්වා එකක් කරන්නට ගොස් සිදුවන එව්වාට මම කිසිදු ලෙසකින් වග කියන්නෙ නැත ඈ

රාජ් said...

අකමැති දේවලට තියන අකැමැත්ත අඩුකරගත්තම හරි. ඒක කරන්න පුළුවන් දෙයක්. ඒත් හැමදේටම නෙවේ.

අග්නි ධාරා... said...

හ්ම්ම්ම්මම්්ම්ම්ම්ම ඉක්මනට ඔයා ආසාවෙන් කරන සස්සාවක් හම්බෙන්න කීල ප්‍රාර්ටනා කලනව...

දයානන්ද රත්නායක said...

ඇත්ත තමන් කැමති දේට වඩා හැම විටම හමුවෙන්නෙ අකමැතිම දේවල්.. එහෙම අකමැති දේ අතර කැමතිම දෙයක් ලැබුන ගමන් අර අකමැත්ත මොහොතකට අමතක වෙනවා.

මඩිස්සලේ නිශාන් said...

දුෂ්කර කාලේ වගේම සතුටුදායක කාලයකුත් එයි අයියා ඉවසන් හිටු එතකන්.

කනියා said...

ඔව්වා ඔහොම තමා අයියා හැමදාම එකම කරද්දී පට්ට බෝරින්ග් වෙනවා....

ඉන්ද්‍රජිත් said...

ඔව ඔහොම තමයි...

Pajero said...

ඉවසලා ඉදපන් මචන්... මුලදි තිත්ත වන හුගක් දේවල් පස්සේ රහ වෙනවා

අඩවි රජ said...

කැමතියි....අකමැතියි....... :) :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Podi Kumarihami said...

කීවත් වගේ ටිකක් ඉවසලා හිටියානම්. පස්සේ ඔතනින් ගෙදර යන්ටත් හිතෙන්නේ නැතිවෙන තරමට ඔය ජීවිතේ සුන්දරවෙයි.:)

මම නම් අකැමතිම උදේ පාන්දර ඇඳෙන් බහින්ට.

ලකී වික්‍රමසිංහ said...

ඔව් මධුරංග, සමහර විට ලෙඩකටවත් නිවාඩුවක් ගන්න බැරි වෙනකොට තමයි හිතෙන්නෙ පූර්ණ කාලීනව ඉගෙනගත්තු කාලෙ කොච්චර හොඳ ද කියලා.
ඒත් හසිත මල්ලි කියලා තියෙනවා වගේ අපි කැමති දේම ලැබෙන්නෙ නෑ නෙ. ඒ වගේම තමයි ලැබෙන දේට කැමති වෙන්නත් ඉගෙන ගන්න ඕනෙ.
අනිත් එක රස්සාවක් කියන්නෙ අපේ අතට මුදල් ලැබෙන මාර්ගයක් විතරක්ම නෙවෙයි. අපි ශ්‍රම බලකායෙ සාමාජිකයො. රටට සේවයක් කරන අය. මොන රස්සාව කළත් ඒක කොච්චර එපා වෙනවා වුනත් ආදරෙන් කරන්න. එතනයි අපේ වටිනා කම රඳ පවතින්නෙ!

සිහින සිත්තම් said...

එපා වෙන දෙයක නිරත වෙද්දි වෙලාව යන්නෙත් නෑ..ඒකනම් ඇත්ත කියන්න දෙයක් තොරෙන්නෙ නෑ..වෙන ජොබ් එකක් කරන්න කියන්නත් බෑනෙ.දන්න දේ එපැයි කරන්න

නිම්ශා said...

අර කිව්වත් වගේ අකමැති දේවල් අතරට කැමති දේවල් හොයාගන්න අයියා..අපි කැමති දේම ලැබෙන් නැනේ..

හිතුවක්කාරි said...

හ්ම්ම්.. රස්සාවක් වුනත් කරන්න ඕනෙ හිත සතුටින්.. නැත්තම් ඒකෙන් කිසිම ආත්ම තෘප්තියක් නෑනෙ...:(

අසරණයා said...

රස්සාව කරද්දී එහෙම තමා. අපි මාස 11 එකම විදිය.

දිනුක said...

වැඩ කරන තැනින් කෑල්ලක් සෙට් කරගත්තනං හරි නොවැ.එත්ස්කොට ඉතිං උදේ වෙන්නෙ කොයි වෙලේද කියලා ඇඟිලි ගැන ගැන ඉඳලා, ඔරලෝසුවේ කට්ට පහ ගාවට එන්ඩ එපා කියලා ප්‍රර්ථනා කොර කොර ඉන්ඩ බැරියැ.

මධුරංග said...

@උඩගෙදර :
මට එපා වෙලා ඉන්නකොට මේකලා හිනා වෙනෝ !

@ලහිරු :
මාරු වෙන්ඩ තමා මේ අර අඳින්නේ ! බලමුකෝ ඒකෙත් හැටි !

@ක්සැන්ඩර් | Xander :
අපෝ ඒ කියන්නේ ඔක්කොම එකයි දෑ. හත්වලාමේ !!

මධුරංග said...

@නදී :
යෙස් !! යු ආ කරෙක්ට් !

@පොඩි මෑන් :
බොසා අනිත් පැත්තට කරකවලා දායිද මන්දා !

@පුබුදු :
ඒකනේ... හික්ස් :)

මධුරංග said...

@පොත් ගුල්ලා :
නෑ අයියා. වැඩ කරන වෙලාව නෙමෙයි අවුල. කරන්ඩ වෙලා තියෙන වැඩ ටික !!!

@sAm (සෑම්):
අනිවාර්යෙන්ම... ඒකයි අළුත් එකක් හොයන්න ඉන්නෙ.

@සයුරි :
ඒකනේ ඉංජිනේරු නෝනේ !!!
ඔයා දන්නවනේ !

මධුරංග said...

@රැඩියා :
එහෙම කරන්ඩ නැති එකනේ ප්‍රශ්නේ !

@Dinesh :
කෙල්ලෝ වැඩක් නෑ මලයා !!!
ඉන්නකන් වැඩ ටික කරගෙන ඉන්නවා...

@වින්චැට් කිරිල්ලි. :
ආහ් ඔයාලට දිග නිවාඩුවක් ලඟ එනවද. මරු නේ.
ලංකාවට එනවද ??

තරුවා said...

හපොයි එපාවෙනවා නේනනම්........

මධුරංග said...

@prasanna86k :
උපදෙස් වලට ස්තුතියි !!!
ඔය තියෙන්නේ වැඩ නේ. එලෑ එලෑ. උම්මාආආආ :)

@Hasitha :
සහතික ඇත්ත මලයෝ !!!

@රූ.... :
හරියට හරි අක්කේ !!!

මධුරංග said...

@ගිනි කුරුල්ලා :
අන්න සිවිල්වත් කරන්ඩ තිබ්බා නම් පාරකවත් ඉන්ඩ තිබ්බා !

@පිණිබිඳු... :
ඔවු. තව මාස දෙකක් විතර ඉදලා පනින්න තමා හිතන් ඉන්නේ. ඊට කලින් නෙට්වර්ක් එග්සෑම් එක ලියන්ඩ ඉන්නේ !!

@සිතුවිලි දැහැන :
ඔබතුමි කියන කතාවෙත් ඇත්තක් තියේ...

මධුරංග said...

@ප්‍රාර්ථනා :
ඒ මොකෝ ඒ ??
ඒ තරමටම එපා උනාද !

@චූටි බටපොලයා :
බුකි ගත වීම නම් කරන්ඩ බෑ. ෆිල්ම්ස් බෑමත් කිරීම අසීරු ය. බ්ලොග් කෙටීම පිලිබඳ සලකා බැලීම වටී !!

@රාජ් :
ඒකත් කරලා බලමු !!!

මධුරංග said...

@අග්නි ධාරා... :
ස්තුතියි චූටි දූ !!!

@දයානන්ද රත්නායක :
ඒක ඇත්ත තමා.

@මඩිස්සලේ නිශාන් :
ඒක තමා මේ ඉවසන් ඉන්නේ !!!

@කනියා :
පට්ට බෝරින් වෙනවා නේන්නම්.

මධුරංග said...

@ඉන්ද්‍රජිත් :
ඒක නම් ඇත්ත !

@Pajero :
එහෙමවත් ඉදලා බලමු !

@අඩවි රජ :
දැන් තියෙන විදිහට රාජ සම්පත් තමා ඕන !!!

@Podi Kumarihami :
ඇඳෙන් බහින්ට අමකැති නම් මහත්තයාට බෙඩ් ටී එක හදල දෙන්ඩ වෙයි මහිතේ... :)

මධුරංග said...

@ලකී වික්‍රමසිංහ :
ගොඩක් වටින උපදෙස් ටිකක් !!

@සිහින සිත්තම් :
වෙන ජොබ් එකක් කරන්ඩ ඉන්නේ. හික්ස් :)
අළුත් දෙයක් ඉගෙන ගත්තා.

@නිම්ශා :
ඒක තමා කැමති සයිඩ් එකක් හොයන් යන්න හිතලා තියෙන්නේ. හික්ස් :)

@හිතුවක්කාරි :
අන්න හරි අන්න හරි !!

මධුරංග said...

@අසරණයා :
අපෙ අප්පෝ... එහෙනම් එපාම වෙනවා නෙහ් !!!

@දිනුක :
මලයෑ අත්දැකීමක්ද මන්දා. හික්ස් :)
කොළඹ කෑලි වැඩක් නෑ මලේ !!!

සඳ said...

හප්පේ ඔව්...
දවස තිස්සෙම කොර්ඩ්ස් දිහා බලාගෙන කල්පනා කරනව කියන්නෙනම් ඉතිo වහක් තමයි. දැන් ඉතින් බැඳගත්තු බෙරේ ගහන්නත් එපැයි. කුඩු කාපු රිලවයි ප්‍රෝග්‍රැමයි අතර වෙනසක් නෑ නේද?

ඔන්න මම පෝස්ට්ස් ඔක්කොම කියෙව්ව්ව.ලස්සන බ්ලොග් එකක්. මධූ අනෙක් බ්ලොග්ස් වල ලියල තියෙන කොමෙන්ට්ස් මම කියෙව්ව. හරි හිත හොඳ කොල්ලෙක් වගේ කියල තමයි මම තේරුම් ගත්තෙ.

මෙතන තමයි මුලින්ම කොමෙන්ට් එකක් දැම්මෙ. අද ඉඳන් ඉතින් මම පස්සෙන් පන්නනව. ලිපි ලියන්න පරක්කු උනොත් ඉතිo දන්නවනෙ...

ඔබට ජය!

මධුරංග said...

@සඳ :
මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලි ගන්නවා. මාත් සඳ බ්ලොග් එකට ගියා. තාම මුකුත් ලියන්ඩ පටන් අරන් නෑ වගේ. දිගටම ලියන්ඩ !!

සඳ said...

@ මධු
අහ්:
තවම පර්යේෂණ කරනවනෙ සඳ මතුපිට ගෙවල්හදන්න.බොහෝම ස්තූතියි සඳට පැමිණි ප්‍රථම කොලුවට.

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.