පාසල් යන වයසේ ආදර සම්බන්ධතා ඇතිවීම ගොඩක් සුලභ සිදුවීමක්. ඔන්න පාසල් යන වයසේ ගෑනු ළමයෙක් තමන් නිතර දෙවේලේ දකින පිරිමි ළමයෙක් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගත්තා.කාලයත් එක්කම මේ ආදර සම්බන්ධය දළු ලා වැඩෙන්න ගත්තා.
ඉතින් මේ ගෑල්ලමයට ආස හිතුනා තමන් ආදරේ කරන කෙනා ලඟටම වෙලා ඉන්න. ඒ කියන්නේ එයාව කසාද බඳින්න. කොයි ගෑල්ලමයද අකමැති තමන් ආදරේ කරන කෙනාගේ ලඟටම වෙලා ඉන්ඩ. ඉතින් මේ ගෑල්ලමයා තමන්ගේ හිතේ තිබ්බ අදහස තමන්ගේ ආදරවන්තයාට ඉදිරිපත් කලා.
ඉතින් මේ ආදරවන්තයා ගෑල්ලමයා වගේ නෙමෙයි ටිකක් දැනුම් තේරුම් ඇති කෙනෙක්.ඒ පිරිමි ළමයා, තමන්ගේ ආදරවන්තියට මෙහෙම කිව්වා.
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හද පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා
හිමින් හිමින් කඳ මුදුනට හඳ පායගෙන එනවා වගේ ටික ටික කල් ගත වෙලා ඔයාගේ කල වයස එලබේවි. ඒත් ඔයා තාම කල වයසට එළබිලා නැති නිසා අපි කසාදයක් ගැන හිතන්නේ කොහොමද කියලා මේ පිරිමි ළමයා තමන්ගේ ආදර වන්තියගෙන් අහනවා.
තවදුරටත් මේ පිරිමි ළමයා තමන්ගේ ආදරවන්තියට මෙන්න මේ විදිහට කරුණු පැහැදිලි කරනවා.
අරලියා මල් ඔහේ පිපුනට
පෝය නෑ ඇවිදින්...//
ගෙවා අටවක වැඩෙයි පුරසඳ
නොවී ඉමු ඉක්මන්...
මේ වයසට හැඟීම් ඇති වෙන එක සුලබ දෙයක්. ඒත් ඒ හැඟිම් ඉශ්ඨ සිද්ධ කරගන්න හොද කාළයක් නෙමෙයි. ඒකට තව ටික කාලයක් ඉවසන්න සිද්ධ වෙනවා. හරියට අටවක ගෙවිලා පසලොස්වකට හඳ වැඩෙනවා වගේ ඔයාගෙත් කල වයස එළබෙයි ! ඒ නිසා අපි ඉක්මන් නොවී ඉමු ! කියලා ඒ ආදරවන්තයා තමන්ගේ පෙම්වතියට කියනවා.
ඊට පස්සේ මේ ආදරවන්තයා තමන්ගේ ආදරවන්තියගේ හිත හැදෙන්නත් එක්කලා අවසන් වශයෙන් මෙහෙම කරුණු පැහැදිලි කරනවා.
ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ
අමාවක ගෙවපන්
පුරාපෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල්.
මේ ටික කාලයත් හිටියා වගේ දෙමව්පියන්ගේ සෙවනේ ඉන්න. කල වයස එළබුනාම දෙමවුපියන්ගේ ආශිර්වාදයනුත් එක්ක කසාද බඳිමු කියලා මේ ආදරවන්තයා තමන්ගේ පෙම්වතියට කියනවා.
ඊට පස්සේ මොකද උනේ කියලා මම දන්නේ නෑ. මේ ගීය බාගත කරගන්න මෙතන ක්ලික් කරන්න.
නියම පෝස්ට් එකක් මේ සින්දුව අනන්තවාර ගානක් අහලා තිබ්බට අද තමා හරියටම තේරුම දැනගත්තේ.
ReplyDeleteෂා... ඔය සින්දුව හැමදාම අහලා තිබුනට ඔහොම තේරුමක් ගැන කල්පනා කොරන්ඩ වෙලාවක් තිබුනෙ නෑනෙ... හරිම ලස්සනයි...
ReplyDeleteබොහොම සුන්දර අරුත් ගැන්විමක් .....
ReplyDeleteඅඩ්ඩ්ඩා අඩ්ඩ්ඩා එහෙම එකක් ද කියන්නෙ...
ReplyDeleteකන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හද පායලා
කිව්වම මම හිතුවේ මහප්‍රාණ සිංහලෙන් හංගල කිව්වට මේ අපි එදිනෙදා කතා කරන සරල ප්‍රාථමික හැසිරීමක් ගැන කියලයි..
එ ඊලග සින්දුව ට අර යට ලීයෙන් නාරි ලතා මල් පීදෙන එක ගැන විස්තර කරල දීපන්කො..දවසක් එකෙක් මට ඕකෙ තෙරුම කිව්ව..හරිද කියල මට ශුවර් නැ..ඌ කියපු එක කියන්න විදිහකුත් නැ මේ අපේ තාර එහෙම ඉන්න හින්ද.
මේ ගීතය කොයිතරම් ඇහුවත් මෙහෙම පද පෙරලලා බලන්න හිතුනෙම නෑනේ කවුද දන්නේ මෙහෙම තේරුමක් තියෙනවා කියලා... හරිම ලස්සනට අදහස ප්‍රකාශ කරලා තියෙනවා
ReplyDeleteඅන්න දැක්කද බුද්ධිමත් කොල්ලෝ.
ReplyDeleteතේරුම දැනගත්තේ ඉතිං අදයි නේ.
පට්ටයි මචෝ.....! කොච්චර අහල තිබුනත් අද තමයි තේරුම දැනගත්තේ.
ReplyDeleteමෙච්චර මේ සිංදුව අහලත් අද තමා තේරුමක් දන්නේ..එකත් මරු වැඩේ..
ReplyDeleteගිතයේ අර්ථය කිවුවට ස්තූතියි අයියේ.. මොලේ පාවිච්චි කරන්න ඕන කියන්නේ ඕක තමයි..
ReplyDeleteලස්සන අදහසක්. අපූරුවට කතාවක් ගොඩනගලා. :)
ReplyDeleteකට්ටියම කිව්වා වගේ මමත් ඔය සින්දුව අනන්ත ඇහුවත් කවදාවත් තේරුමක් නම් හිතන්න අවස්ථාවක් ආවේ නෑ. ස්තුතියි ලිපියට..
ReplyDeleteලියපු එකා සුපිරි. කාගෙද මචං පද ? හඩ නම් වෙරලියැද්ද මහතාගේ..
ReplyDeleteඅර ලිදේ පනිට්ටුව ගීතයත් අර්ථවත් එකක් ලු.
අපි නම් දන්නෝ
ReplyDeleteඕකට දැං ඉන්න එවුන්. රූම් වලටමනෙ යන්න දගලන්නෙ :-)
ReplyDeleteමූ මොකාටද මේ එන්න හදන්නේ
ReplyDeleteමෙහෙම තේරුමක් හිතිලාම නෑ නෙ.ස්තූතියි මලේ...:))
ReplyDeleteලස්සන කතාවක්..
ReplyDeleteඔයාගෙ පෝස්ටුත් දැන් පසළොස්වක වගේ..මාසෙකට එකයි..!!
සින්දුව අහලා තිබ්බාට අදනෙ තේරුම දැනගත්තෙ.. නියමයි අයියේ!!
ReplyDeleteමධුරංගටත් මේ ටිතේ සිකුරා හතේ වගේ... පෙමිවත් මෙව්වාමයි හිතෙන්නේ...
ReplyDeleteසිංදුව නම් හුඟක් කල් අහලා. මෙච්චර ලොකු තේරුමක් තියෙනවා කියලා නම් දැනගත්තේ අද තමා. තැන්කු :D
ReplyDeleteමං ආසම සිංදුවක්!
ReplyDeleteහරි ලස්සන අර්ථ දැක්වීමක් .
ReplyDeleteගිතයට එකතු කරලා තියෙන අදහස නම් සුපුරියි. ගියෙන් ගැයෙන්නෙත් ඔය වගේ අදහසක්නේ . මේ ගිය ආව කාලෙනම් නිතර ඇහුණා. ඒත් දැන් වේරලියද්දගේ හඬ ඇහෙන්නෙම නෑ.
ReplyDeleteකලින් මීටරේට අහු උනේ නෑ ටැංකූ හොඳේ ;)
ReplyDeleteහෆොයි... මට නම් හිතන්නවත් බෑ කතාව ගැන! ඵල!
ReplyDeleteසිංදුව අහල නෑ...කෝමත් ඔයාගෙ පැහැදිළි කිරීම නම් අපූරුයි..!...(කවුරු හරි මේ දවස් වල කරදර කරනවද..??.) පව්ව්ව්ව්ව්ව්ව්ව්ව්..!!!!
ReplyDeleteගීතයක සැගවුනු කතාව මරු නේද බලන් ගියහම?
ReplyDeleteගීතය පිළිබද අදහස නියමයි මධුරංග....
ReplyDeleteසින්දුව බස්වල එහෙම බලෙන් අහන්න සලස්සන එකක් නිසා ද මන්ද, හොඳට පද තේරුම ගැන හිතල අහලම නෑ කියල දන්නෙ දැන් නෙ
ReplyDeleteසින්දුව බස්වල එහෙම බලෙන් අහන්න සලස්සන එකක් නිසා ද මන්ද, හොඳට පද තේරුම ගැන හිතල අහලම නෑ කියල දන්නෙ දැන් නෙ
ReplyDeleteනියමයි!...
ReplyDeleteකොච්චරවත් අහලා තිබුණත් මමත් එහෙම හිතලා තිබුණෙ නෑ. ස්තුතියි! :)
ReplyDeleteyes niyamai...ada tamai teruma danne...........
ReplyDeleteමේක නියමයි.....
ReplyDeleteශා මරුනේ....
ReplyDeleteකන්ද පිරිමැද කිව්වම කුනු හරප වගේ..
ReplyDeleteඔන්න මමත් අදයි හරියටම සිංදුවේ පද ගැන හිත යොමු කලේ... නියමයි සහෝ... ස්තුතියි මේක තේරුම් කලාට !
ReplyDeleteඅෆ්ෆා මධුරංග අයියාත් :) නියමයි නේ
ReplyDelete__සිහින මදාරා___
සින්දුව අහල තිබුනට කවදාවත් ඒකෙ තේරුම ගැන හිතුවෙ නෑ.. ඒ සින්දුව ගැන විශේෂ කැමැත්තක් තිබ්බෙත් නෑ.. ඒත් දැන්නම් මම ඒ සින්දුවට කැමතියි.. දැන් හිතෙනව කොච්චර ලස්සන සින්දුවක්ද කියලා...
ReplyDeleteලස්සන සින්දුව . ඔබේ අර්ථ කථනයත් අගෙයි .
ReplyDeleteNiyamai ela ela.....
ReplyDeleteඅනේ නිරෝශා විරාජිනීගේ 'සිහිල් පින්න ගාව ගාවා' සින්දුවේ තේරුම දෙන්නකෝ..........
ReplyDeleteමම ඕකෙ තේරුන අහගත්තෙ අපේ පංසලේ හාමුදුරුවන්ගෙන්... තේරුමත් හිතේතියාගෙන සින්දුව ඇහුවාම ආයෙ ඉතිං හෝදන්න දෙයක නෑ
ReplyDeleteදැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්…………….
ReplyDelete"මගේ ආදරය හරියට කන්ද පිරිමැද පිරිමැද එන හඳ වගේ .එත් තාමත් අපිට එකතුවෙන්න කල් තියෙනවා.වේලාව එනතුරු දෙමාපියන්ගේ ඇල්ම බැල්ම යටතේ ඉන්න .එවිට අපිදෙන්නට එකට පන්සල් යන්න කාලය එවි "....