27 May 2012

කන්ද පිරිමැද පිරිමැද

පාසල් යන වයසේ ආදර සම්බන්ධතා ඇතිවීම ගොඩක් සුලභ සිදුවීමක්. ඔන්න පාසල් යන වයසේ ගෑනු ළමයෙක් තමන් නිතර දෙවේලේ දකින පිරිමි ළමයෙක් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගත්තා.කාලයත් එක්කම මේ ආදර සම්බන්ධය දළු ලා වැඩෙන්න ගත්තා.

ඉතින් මේ ගෑල්ලමයට ආස හිතුනා තමන් ආදරේ කරන කෙනා ලඟටම වෙලා ඉන්න. ඒ කියන්නේ එයාව කසාද බඳින්න. කොයි ගෑල්ලමයද අකමැති තමන් ආදරේ කරන කෙනාගේ ලඟටම වෙලා ඉන්ඩ. ඉතින් මේ ගෑල්ලමයා තමන්ගේ හිතේ තිබ්බ අදහස තමන්ගේ ආදරවන්තයාට ඉදිරිපත් කලා.

ඉතින් මේ ආදරවන්තයා ගෑල්ලමයා වගේ නෙමෙයි ටිකක් දැනුම් තේරුම් ඇති කෙනෙක්.ඒ පිරිමි ළමයා, තමන්ගේ ආදරවන්තියට මෙහෙම කිව්වා.


කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හද පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා

හිමින් හිමින් කඳ මුදුනට හඳ පායගෙන එනවා වගේ ටික ටික කල් ගත වෙලා ඔයාගේ කල වයස එලබේවි. ඒත් ඔයා තාම කල වයසට එළබිලා නැති නිසා අපි කසාදයක් ගැන හිතන්නේ කොහොමද කියලා මේ පිරිමි ළමයා තමන්ගේ ආදර වන්තියගෙන් අහනවා.

තවදුරටත් මේ පිරිමි ළමයා තමන්ගේ ආදරවන්තියට මෙන්න මේ විදිහට කරුණු පැහැදිලි කරනවා.

අරලියා මල් ඔහේ පිපුනට
පෝය නෑ ඇවිදින්...//
ගෙවා අටවක වැඩෙයි පුරසඳ
නොවී ඉමු ඉක්මන්...

මේ වයසට හැඟීම් ඇති වෙන එක සුලබ දෙයක්. ඒත් ඒ හැඟිම් ඉශ්ඨ සිද්ධ කරගන්න හොද කාළයක් නෙමෙයි. ඒකට තව ටික කාලයක් ඉවසන්න සිද්ධ වෙනවා. හරියට අටවක ගෙවිලා පසලොස්වකට හඳ වැඩෙනවා වගේ ඔයාගෙත් කල වයස එළබෙයි ! ඒ නිසා අපි ඉක්මන් නොවී ඉමු !  කියලා ඒ ආදරවන්තයා තමන්ගේ පෙම්වතියට කියනවා.


ඊට පස්සේ මේ ආදරවන්තයා තමන්ගේ ආදරවන්තියගේ හිත හැදෙන්නත් එක්කලා අවසන් වශයෙන් මෙහෙම කරුණු පැහැදිලි කරනවා.

ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ 
අමාවක ගෙවපන්
පුරාපෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල්.

මේ ටික කාලයත් හිටියා වගේ දෙමව්පියන්ගේ සෙවනේ ඉන්න. කල වයස එළබුනාම දෙමවුපියන්ගේ ආශිර්වාදයනුත් එක්ක කසාද බඳිමු කියලා මේ ආදරවන්තයා තමන්ගේ පෙම්වතියට කියනවා.

 ඊට පස්සේ මොකද උනේ කියලා මම දන්නේ නෑ. මේ ගීය බාගත කරගන්න මෙතන ක්ලික් කරන්න.

44 comments:

  1. නියම පෝස්ට් එකක් මේ සින්දුව අනන්තවාර ගානක් අහලා තිබ්බට අද තමා හරියටම තේරුම දැනගත්තේ.

    ReplyDelete
  2. ෂා... ඔය සින්දුව හැමදාම අහලා තිබුනට ඔහොම තේරුමක් ගැන කල්පනා කොරන්ඩ වෙලාවක් තිබුනෙ නෑනෙ... හරිම ලස්සනයි...

    ReplyDelete
  3. බොහොම සුන්දර අරුත් ගැන්විමක් .....

    ReplyDelete
  4. අඩ්ඩ්ඩා අඩ්ඩ්ඩා එහෙම එකක් ද කියන්නෙ...

    කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
    ලන්ද මුදුනට මුදුනට මුදුනට
    ඒවි හද පායලා
    කිව්වම මම හිතුවේ මහප්‍රාණ සිංහලෙන් හංගල කිව්වට මේ අපි එදිනෙදා කතා කරන සරල ප්‍රාථමික හැසිරීමක් ගැන කියලයි..

    එ ඊලග සින්දුව ට අර යට ලීයෙන් නාරි ලතා මල් පීදෙන එක ගැන විස්තර කරල දීපන්කො..දවසක් එකෙක් මට ඕකෙ තෙරුම කිව්ව..හරිද කියල මට ශුවර් නැ..ඌ කියපු එක කියන්න විදිහකුත් නැ මේ අපේ තාර එහෙම ඉන්න හින්ද.

    ReplyDelete
  5. මේ ගීතය කොයිතරම් ඇහුවත් මෙහෙම පද පෙරලලා බලන්න හිතුනෙම නෑනේ කවුද දන්නේ මෙහෙම තේරුමක් තියෙනවා කියලා... හරිම ලස්සනට අදහස ප්‍රකාශ කරලා තියෙනවා

    ReplyDelete
  6. අන්න දැක්කද බුද්ධිමත් කොල්ලෝ.

    තේරුම දැනගත්තේ ඉතිං අදයි නේ.

    ReplyDelete
  7. පට්ටයි මචෝ.....! කොච්චර අහල තිබුනත් අද තමයි තේරුම දැනගත්තේ.

    ReplyDelete
  8. මෙච්චර මේ සිංදුව අහලත් අද තමා තේරුමක් දන්නේ..එකත් මරු වැඩේ..

    ReplyDelete
  9. ගිතයේ අර්ථය කිවුවට ස්තූතියි අයියේ.. මොලේ පාවි‍ච්චි කරන්න ඕන කියන්නේ ඕක තමයි..

    ReplyDelete
  10. ලස්සන අදහසක්. අපූරුවට කතාවක් ගොඩනගලා. :)

    ReplyDelete
  11. කට්ටියම කිව්වා වගේ මමත් ඔය සින්දුව අනන්ත ඇහුවත් කවදාවත් තේරුමක් නම් හිතන්න අවස්ථාවක් ආවේ නෑ. ස්තුතියි ලිපියට..

    ReplyDelete
  12. ලියපු එකා සුපිරි. කාගෙද මචං පද ? හඩ නම් වෙරලියැද්ද මහතාගේ..

    අර ලිදේ පනිට්ටුව ගීතයත් අර්ථවත් ‍එකක් ලු.

    ReplyDelete
  13. අපි නම් දන්නෝ

    ReplyDelete
  14. ඕකට දැං ඉන්න එවුන්. රූම් වලටමනෙ යන්න දගලන්නෙ :-)

    ReplyDelete
  15. මූ මොකාටද මේ එන්න හදන්නේ

    ReplyDelete
  16. මෙහෙම තේරුමක් හිතිලාම නෑ නෙ.ස්තූතියි මලේ...:))

    ReplyDelete
  17. ලස්සන කතාවක්..
    ඔයාගෙ පෝස්ටුත් දැන් පසළොස්වක වගේ..මාසෙකට එකයි..!!

    ReplyDelete
  18. සින්දුව අහලා තිබ්බාට අදනෙ තේරුම දැනගත්තෙ.. නියමයි අයියේ!!

    ReplyDelete
  19. මධුරංගටත් මේ ටි​තේ සිකුරා හතේ වගේ... පෙමිවත් මෙව්වාමයි හිතෙන්නේ...

    ReplyDelete
  20. සිංදුව නම් හුඟක් කල් අහලා. මෙච්චර ලොකු තේරුමක් තියෙනවා කියලා නම් දැනගත්තේ අද තමා. තැන්කු :D

    ReplyDelete
  21. මං ආසම සිංදුවක්!

    ReplyDelete
  22. හරි ලස්සන අර්ථ දැක්වීමක් .

    ReplyDelete
  23. ගිතයට එකතු කරලා තියෙන අදහස නම් සුපුරියි. ගියෙන් ගැයෙන්නෙත් ඔය වගේ අදහසක්නේ . මේ ගිය ආව කාලෙනම් නිතර ඇහුණා. ඒත් දැන් වේරලියද්දගේ හඬ ඇහෙන්නෙම නෑ.

    ReplyDelete
  24. කලින් මීටරේට අහු උනේ නෑ ටැංකූ හොඳේ ;)

    ReplyDelete
  25. හෆොයි... මට නම් හිතන්නවත් බෑ කතාව ගැන! ඵල!

    ReplyDelete
  26. සිංදුව අහල නෑ...කෝමත් ඔයාගෙ පැහැදිළි කිරීම නම් අපූරුයි..!...(කවුරු හරි මේ දවස් වල කරදර කරනවද..??.) පව්ව්ව්ව්ව්ව්ව්ව්ව්..!!!!

    ReplyDelete
  27. ගීතයක සැගවුනු කතාව මරු නේද බලන් ගියහම?

    ReplyDelete
  28. ගීතය පිළිබද අදහස නියමයි මධුරංග....

    ReplyDelete
  29. සින්දුව බස්වල එහෙම බලෙන් අහන්න සලස්සන එකක් නිසා ද මන්ද, හොඳට පද තේරුම ගැන හිතල අහලම නෑ කියල දන්නෙ දැන් නෙ

    ReplyDelete
  30. සින්දුව බස්වල එහෙම බලෙන් අහන්න සලස්සන එකක් නිසා ද මන්ද, හොඳට පද තේරුම ගැන හිතල අහලම නෑ කියල දන්නෙ දැන් නෙ

    ReplyDelete
  31. කොච්චරවත් අහලා තිබුණත් මමත් එහෙම හිතලා තිබුණෙ නෑ. ස්තුතියි! :)

    ReplyDelete
  32. yes niyamai...ada tamai teruma danne...........

    ReplyDelete
  33. කන්ද පිරිමැද කිව්වම කුනු හරප වගේ..

    ReplyDelete
  34. ඔන්න මමත් අදයි හරියටම සිංදුවේ පද ගැන හිත යොමු කලේ... නියමයි සහෝ... ස්තුතියි මේක තේරුම් කලාට !

    ReplyDelete
  35. අෆ්ෆා මධුරංග අයියාත් :) නියමයි නේ

    __සිහින මදාරා___

    ReplyDelete
  36. සින්දුව අහල තිබුනට කවදාවත් ඒකෙ තේරුම ගැන හිතුවෙ නෑ.. ඒ සින්දුව ගැන විශේෂ කැමැත්තක් තිබ්බෙත් නෑ.. ඒත් දැන්නම් මම ඒ සින්දුවට කැමතියි.. දැන් හිතෙනව කොච්චර ලස්සන සින්දුවක්ද කියලා...

    ReplyDelete
  37. ලස්සන සින්දුව . ඔබේ අර්ථ කථනයත් අගෙයි .

    ReplyDelete
  38. අනේ නිරෝශා විරාජිනීගේ 'සිහිල් පින්න ගාව ගාවා' සින්දුවේ තේරුම දෙන්නකෝ..........

    ReplyDelete
  39. මම ඕකෙ තේරුන අහගත්තෙ අපේ පංසලේ හාමුදුරුවන්ගෙන්... තේරුමත් හිතේතියාගෙන සින්දුව ඇහුවාම ආයෙ ඉතිං හෝදන්න දෙයක නෑ

    ReplyDelete
  40. දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්…………….
    "මගේ ආදරය හරියට කන්ද පිරිමැද පිරිමැද එන හඳ වගේ .එත් තාමත් අපිට එකතුවෙන්න කල් තියෙනවා.වේලාව එනතුරු දෙමාපියන්ගේ ඇල්ම බැල්ම යටතේ ඉන්න .එවිට අපිදෙන්නට එකට පන්සල් යන්න කාලය එවි "....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.