අකුරු වැලක් ගලපලා
ගී පදයක් මුමුණලා
සුන්දර මතකයන් පිරුනු
කවියක් මට දෙන්න
මගේ හිතේ රඳවගන්න
කවියක් මට දෙන්න
ජීවිතයට අරුතක් දුන්
ඔබේ වදන් ඔබේ හඬින්
කඳුලක් නැති ආදරයක්
කවියක් කර දෙන්න
මගේ හිතේ රඳවගන්න
කවියක් මට දෙන්න
ඔබ යන බව මම දන්නවා
වෙන් වීමේ දුක දැනෙනවා
ඔබ ගිය කල මට බලන්න
කවියක් මට දෙන්න
කඳුළු වැලක අමුණලා
කවියක් මට දෙන්න
සිතේ ඇඳුන සිහින සිතුම්
බොඳ වූ වත් මැකී ගියත්
ඒ මතකය විඳගන්නට
කවියක් මට දෙන්න
ඔබ සිහිකර මුමුණන්නට
කවියක් මට දෙන්න
ප.ලි. - ධනූගේ කවි සංකල්පනාවක් !
43 දෙනෙක් අදහස් පලකලා .:
කවි ටික නම් ලස්සනයි අයියෙ..ඒත් යන කෙනාට ඔක්කොම අරන් යන්න කියනව මිසක්.................
කවියක් මට දෙන්න
නූබේ මතකය කැටි කර
ජීවිතට තියෙන තුරාවට
මට තාලයට ගයන්න..
ලස්සන කවි පෙලක් අයියේ.. සෑහෙන කාලෙකින් මේ කවියක් ලියලා තියෙන්නේ.. මුකුත් විශේෂයක්??
“ඔබ යන බව මම දන්නවා
වෙන් වීමේ දුක දැනෙනවා
ඔබ ගිය කල මට බලන්න
කවියක් මට දෙන්න
කඳුළු වැලක අමුණලා
කවියක් මට දෙන්න“
හ්ම්ම්ම්ම්.....
ලස්සන කවියක්!
අකුරු වැලක් ගලපන්නෙත් නෑ
ගී පදයක් මුමුණන්නෙත් නෑ
සුන්දර මතකයන් පිරුනු
කවියක් මම දෙන්නෙත් නෑ
ඔබේ හිතේ රඳවගන්න
කවියක් මට දෙන්නත් නෑ
කවියක් ගලපගන්ට පුලුවන්ද කියලා බැලුවා විතරයි හොඳේ. :D:D:D
සරල ලස්සන කවිපෙලක්
ඈහ්? මම මේ මධුරංග අයියා කවි ලියනවා දැක්කමනේ.
සුන්දරයි.. මධුරංග..
ඒත් යන දේට යන්න දෙනවනං ගොඩක් හොඳයි..
විශේෂයෙන්ම අමිහිරි දේවල් ඉතුරුවෙන කොට..
//කඳුලක් නැති ආදරයක්
කවියක් කර දෙන්න//
lassanai ayye... :))
~~**Daga Malla**~~~
මම ගියාම දුරස් වෙලා
ඒ මතකය ඔබ පෙලාවි
ඒ හින්දා මගේ මතක
ආපහු මට දෙන්න
ඔබේ මතක අරගෙන ඔබ
මට නොපෙනී යන්න.....
ඒ කෙනා මෙහෙම කියාවිද දන්නෙත් නෑ නේද?ලස්සන සංකල්පනාවක් මධුරංග
ජීවිතයම කවියක් කර
ආදරයේ කඩදාසියේ
කඳුල නමැති තීන්තයෙන්
ලියාලා දෙන්න..
ඔබේ මතක
අවදිකරන් උදේ හවා..
කියවා යන්න..
ක්සැන්ඩර් | Xander
//ඔබ යන බව මම දන්නවා
වෙන් වීමේ දුක දැනෙනවා
ඔබ ගිය කල මට බලන්න
කවියක් මට දෙන්න//
හ්ම්.ලස්සනයි..
අර ගොඩක් අය දානවා වගේ නිර්මාණය හා නිර්මාණකරු දෙදෙනෙක් බව සලකන්න කියලා ලිව්වා නම් හොඳයි.. නැත්නම් අපි නොමග යනවානේ..;)
එකම කවියක්වත් නොදී
සුලං රැල්ලක් සේ ඇදී
වෙන්ව යනවිට කොහොම ඉන්නද
කඳුලු බිඳුවට බිම වැටෙන්නට ඉඩ නොදී
මේ මට හිතුන හැටි.
මම මේ පළමු වතාවට ඔබේ කවියක් කියෙව්වේ අදයි. නියමයි, නියමයි, නියමයි.. කවි සිතුවිල්ල නම් නියමයි.
මොකෝ දන්නෑ මේ හදිස්සියේ
මට නම් කවියක් හමුබනා... ඒත් තාලයට කියවන්න තේරෙන්නේ නෑ...
nice !!!
අන්තිමට එයා ගියත් විඳවන්න වෙනවා අයියේ මේ කවිය කියවන වැඩේ හින්ද නම්. ඒක හින්ද පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා කවිය කියවනවද නැද්ද කියල.
මගුලයි... තව මොනව ඉල්ලයිද දන්නෙ නැහැ...
කවියේ අර්ථය වැටහුනත් ඒක නිර්වචනය කරන්න මං දන්නේ නැහැ කෙටියෙන්ම නම් සරල ලස්සන කවියක් ඔබේ අදහස් එලියට පිටකරන
අර මේ පැත්තෙ නෑවිත් කොම්පීතරේට මක්කද වෙලා කියලා හිටි දවස් ටිකේ විසේස මක්ක වත් වුනාද මන්දා???
ආයේ අහවල් දේකටද සිහිකර කර මුමුණන්නේ..
අයියා හුඟක් කලෙකින් කවි ලියලා.. ලස්සනයි!! මොකක්ද හෆ්ෆා මේ එකසැරේ වුනු වෙනස..:)
කවිය ගොඩාක් ලස්සනයි අයියා...
මොකක් නමුත් වෙනසක් තියේ හැබැයි...
ඔන්න ඔහොම වෙනස් වුනාම හරි ගති නොවැ........:))
..ඔබ යන බව මම දන්නවා
වෙන් වීමේ දුක දැනෙනවා..
කොහොමත් දුක දැනෙන එකේ කවිය ලැබුනා හරි නෑතා හරි වෙනසකුත් නෑ නෙ. ඒ නිසා ඔන්න ඔහෙ කවිය ඉල්ලගන්න අයියා. නැත්තම් කවිය ඉල්ලුවෙ නෑ කියල දුක් වෙන්න වෙන්නෙ
මොකද මලේ එක පාරටම....???
ඔහොම තමයි මධුරංග අයියා ජීවිතේ.දැං ඉතිං ඕක අමතක කරලා දාලා වෙන එකක් ගැන හිතන්ඩ බලන්ඩ
නොගොසින් සිටියොත් කිසිදින
නැවත එන්න විදිහක් නැහැ
ගියොත් නොවෙද එන්න ඇහැකි
මල ගිය ඇත්තන් කැටුවම
මා ගිය පසු ඔබේ ලොවට
නැවතත් හිරු නැග එනු ඇති
මා ගැන මතකය ගුලිකර
මහ වැලියට විසි කල හැකි
ඉතින් යළිත් නාවත් මා
ඔබට දුකක් නොදැනෙනු ඇති
මලගිය ඊයේ අතහැර
සතුටින් දිවි ගෙවනු ඇහැකි
----------------------------------
මල්ලිගේ කවි පන්තිය අපූරුයි. පිළිතුරු කවියක් ලියවුනේ ඒ අපූර්වත්වය නිසාමයි.
හරිම ලස්සන කවි ටික අයියා.. බ්ලොග් එක ලිව්වේ නැති කාලේ මොකදෝ දෙයක් වෙලා වගේ..
ම්ම්ම්ම්....ලස්සනයි ගොඩක්...
හිතේ උපන් හැම සිතුවිල්ලම
හිතේ දකින හැම පතුමම
ලියා දෙන්න කවියක් කර....
සරලයි....ලස්සනයි මධුරංග....
@වින්චැට්කිරිල්ලි. :
ඒක හරි. යන කෙනාට ඔක්කොම අරන් යන්ඩ කියන්න ඕන.
@Dinesh :
මේක මම ලියපු කවියක් නෙමේ මල්ලි. ධනූ ලියපු කවියක් !
එයාගෙන්ම තමා අහන්ඩ ඕනේ.
@විසිතුරු :
හ්ම්... එයාගේ කවි මට ලස්සනයි ! :)
@Podi Kumarihami :
ඔයාගේ කවියත් ලස්සනයි පොඩ්ඩි ! හික්ස් :)
@Bindi :
ඇත්තටම ලස්සනයි :)
@Sanjaya Dissanayake :
උබේ කතාවත් ඇත්ත මචං !!!යන එකාට යන්ඩ දෙන එක තමා හොදම වැඩේ.
@මහි :
මම එහෙනම් ධනූට කියන්නම්කෝ කවිය ලස්සනයි කියලා දඟ මල්ල කිව්වයි කියලා.
@කාව්‍යා :
එයාගෙන්ම තමා අහන්ඩ වෙන්නේ. :)
@Anonymous :
අයියෑ කවියත් ලස්සනයි.
@රූ.... :
ඔයා හිතුවා හරි. මේක මගේ කවියක් නෙමේ. ධනූගේ කවියක්. හැබැයි ධනූට නම් නිර්මාණකරුවා හා නිර්මාණය දෙකක් නෙමේ එකක් ලූ !!
@කිරිපුතා :
කිරිපුතාට හිතුන හැටිත් මරු ඈ.
@දයානන්ද රත්නායක :
මේ මම ලියපු කවියක් නෙමේ අයියා.
@පිණිබිඳු... :
මොකෝ කියලා තමා මාත් මේ බැළුවේ !!
@prasanna86k :
හික්ස් :)
කියවලාම බලන්ඩ !
@හරී - පිණිපළස :
තෑන්ක්ස් !
@පැතුම් [සිතුම් පැතුම්] :
මල්ලිගේ අදහසත් හරි. එයාට විඳවන්න වෙනවා.
@sAm (සෑම්) :
නෑ නෑ කවියක් විතරමයි ඉල්ලන්නේ. :)
@මඩිස්සලේ නිශාන් :
ඔය තියෙන්නේ අදහස් නේ. මේක මගේ කවියක් නෙමේ මලේ.
@malmi :
නෑ අක්කා. මේක මගේ මක්කක්වත් නෙමේ. ධනූට මක්ක වෙලා ඉන්නකොට ලියපු මක්කක්.
@ලහිරු :
අනේද කියන්නේ...
@හිතුවක්කාරි :
මේක මගේ කවියක් නෙමේ දරුවෝ...
@අකීකරු හිත :
මේක මම ලියපු කවියක් නෙමේ නංගි.
@හිතහොඳ පිස්සා :
හරියටම හරි !
@නිදහසේ නවාතැන :
එහෙම හිතුවත් වැරදි නෑ මල්ලි.
@නිසුපා :
කවියක් විතරයි !!!
@දිනුක :
වෙන එකක් හිතන්ඩ ඕනා. ඒත් කොයි ???
@පොත් ගුල්ලා :
පොත් ගුල්ලා අයියෑ කවි ටිකත් ලස්සනයි. මම් දෙපාරක්ම ඒ කවි කියෙව්වා.
@ප්‍රාර්ථනා :
අපොයි මට මුකුත් උනේ නෑ. මේ ඉන්නේ යස අගේට.
@~~තරූගේ ලෝකය~~; :
තැන්කූ තැන්කූ !!!
@දිනිති දීපිකා :
ස්ටූටියි දිනිති !!!
අයියෝ අයියා මං මල්ලියෙක් නෙමෙයි නේ.. නංගියෙක් නංගියෙක් : /
කමෙන්ට් එකක් දාලම යමුද ??
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.