සඳ නැති කළුවර අහසක අරුමය
ජීවිතයේ දුක මට කිව්වා
ජීවිතයේ ගන අඳුර මකන්නට
පහනක් මා දසතම සෙව්වා
පහනක් සොයමින් මා යන කලදි
වෙසක් සඳේ ඔබ නැඟ ආවා
සඳ කිරණින් ඔපවත් වූ නගරයේ
මාවතකට මා ඇවිද ගියා
දෙවුරම් වෙහෙරේ ගාණ්ඨා නාදය
මගෙ සවන්පත් හා ගැටුනා
කිසිවක් නොසිතා කිසිවක් නොඳොඩා
මගේ දෙපා ඒ වෙත ඇදුනා
ගලන මදනල දෙවුරම් වෙහෙරේ
රාගයේ ගිනි නිව්වා මතකයි
නැති වූ දේ ගැන සිත පෙලමින් තිබු
සෝක සුසුම් නිව්වා මතකයි
බුදු හිමිගේ හඬ, දම් මණ්ඩපයෙන්
ඇසුනා මට ඇසුනා මතකයි
තවත් කලයක් මිනිස් වෙසක් ගෙන
සසර විඳින්නට පින් පිරුනා මතකයි
සසරේ දුක දැක, සසරේ අඳුරට
බිය උවත් මගෙ සිත හැඬුවා
තවත් කාලයක් ජීවිතයේ රස
විඳිය යුතු මගෙ සිත හැඬුවා
බුදු හිමියනි පෙර පින් නැති කම්දෝ
මම තව මත් මේ සසරෙ සිටී....
තවමත් ඔබගේ දහම් අසමි
සිත් තුල ගිනි දුක් නිවා ගනි....
---------------------------------------------------------------------
ප.ලි. - ධනූගේ කවි සංකල්පනාවක් !
මම හිතුවා මධුගේ කවියක් කියලා. මොනව වුනත් මනාපයි.
ReplyDeleteමේ දවස්වල සෑමා මෙත් සිතින් ඉන්න නිසාම..
තෙරුවන් සරණයි !
ලස්සනයි..
ReplyDeleteවචන එහෙ මෙහෙ වුනානම් තාලෙට කියන්නත් ඇහැකි..
සිත් සැණසෙන කවි ටිකක්...සුභ වෙසක් මංගල්‍යයක් වේවා...
ReplyDeleteසසරමග කෙටි වේවා..සුභ වෙසඟක්
ReplyDeleteනියමයි මල්ලි...
ReplyDeleteදැන් පහනක් ඕනෙ නේද....
නියමයි බඩා මාමේ
ReplyDeleteකවුද ධනූ? රූ අක්කා කිව්ව වගේ තව ටිකක් එහෙ මෙහෙ කළා නම් තවත් ලස්සනයි!
ReplyDeleteහරිම ලස්සනයි... :)
ReplyDeletewho's danu? ur gl?anyway nice!!!
ReplyDeleteධනු ගෙ කවියක් වුනත් හරිම ලස්සනයි මධුරංග....
ReplyDeleteකවියෙන් කියනවා වගේ සංසාර මග කෙටි වේවා...
පින්බර තෙමඟුලක් වේවා ඔබට....තෙරුවන් සරණයි....
ලස්සනයි වෙසක් එකටම ඔබින අපූරු කවි සංකල්පනාවක්!!!
ReplyDeleteහැබෑටම ඔක්කොටම කලින් අහන්ට බැරි උනා. කවුද මේ ධනූ??? :)))
ReplyDeleteපිහිටක් නැති සරණක් නැති
ReplyDeleteසතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ අපි අසරණ
වෙලා වගෙයි
හිතට දැනෙනවා
බුදුහාමුදුරුවනේ
මේ තමයි අපි ඉදිරිපිට ඇති යථාර්ථය, කාගේ වුණත් කවි සංකල්පනාව ලස්සනයි. කාලයට උචිතයි.
පිනෙන් පිරී ගිය සිත් නිවී පහන් වේවා මේ තෙමගුල් සමයේ
ලස්සනම ලස්සනයි අයියේ!!
ReplyDeleteඇත්තටම ලස්සන කවි පන්තියක් අයියේ.. කවුද මේ ධනු කියන්නේ එතකොට.. කලින් කියලා තියෙනවද මට මතතක නෑනේ..
ReplyDeleteසුබ වෙසක් මංගල්‍යක් වේවා අයියේ
ReplyDeleteලස්සනට ලියලා . කවුද ධනු ?
ReplyDeleteඔන්න ඕකනෙ ධනූ එක්ක සසර බැඳීම් තියාගෙන කොහොමෙයි නිවං යන්නෙ???
ReplyDeleteබදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අසන්නැති ඒ කාලේ.. නිවන් දකින්නට පින් මදි වෙන්නැති එකයි තවමත් සංසාරේ..
ReplyDeleteධනූ කිව්වේ කවුදෝ..................... ම්ම්ම් ම්ම්ම්.........
ReplyDeleteඅනිත් ප්‍රශ්නේ අයියා බෞද්ධ ද? කතෝලිකද?
"බදු හාමුදුරුවෝ"
ReplyDeleteබාර් වහල තියෙද්දිත් සරත් ලංකාප්‍රිය හොර පොළකින් වත් දෙකක් ඇනගෙන වගේ...
දැන් කවුද මේ ධනු? මොකක් උනත් කවි පන්තිය නම් ලස්සනයි
ReplyDelete@sAm (සෑම්) :
ReplyDeleteසෑමා මෙත් සිතින් ඉන්නවයි කියන්නේ අපි සෝවාන් උනා වගේ කතාවක් නේ. හික්ස් :)
@රූ.... :
මම් පද ටික එහෙ මෙහෙ කරලද මන්දා.
@වින්චැට්කිරිල්ලි. :
නංගිටත් එසේම වේවා !
@රාජිත අනුරාධ***රජී-සන්නස....:
ReplyDeleteඑසේම වේවා !!!
@prasanna86k :
පහනක් නම් ඒ දවස්වල ඉදන් ඕන උනා...
@යසිරු :
බඩා මාමා ??? කවුද යකෝ බඩා !!!
@ලහිරු :
ReplyDeleteධනූ කියන්නේ මම් වැඩ කරන තැන ඉන්න ගෑල්ලමයෙක් !!!
@තාරා :
ස්තුතියි නංගි !
@kapicake :
නොට් නවු !!!
@දිනිති දීපිකා :
ReplyDeleteඑසේම වේවා දිනිති !!!
@Podi Kumarihami :
වෙසක් එකට තමා මේ කවි ටික ලියෝ ගත්තේ. ධනූ කියන්නේ මම් වැඩ කරන තැන ඉන්න ගෑල්ලමයෙක් !
@දයානන්ද රත්නායක :
එහේම වේවා අයියේ.
@හිතුවක්කාරි :
ReplyDeleteස්තුතියි හිතූ නංගි !
@Dinesh :
කලින් නම් කියන්ඩ හම්බ උනේ නෑ. මේ ධනූ ගැන උඩ කමෙන්ට් වලින් කියලා තියෙනවා මල්ලි.
@මඩිස්සලේ නිශාන් :
එසේම වේවා මල්ලි.
@Gimhani :
ReplyDeleteවැඩ කරන තැන ඉන්න ගෑල්ලමයෙක් !
@දිනුක :
ඒකනේ මල්ලි. මේ කෙල්ලෝ තමා අපට නිවං යන්න දෙන්නේ නැත්තේ.
@සරත් ලංකාප්‍රිය :
සහතික ඇත්ත !!
@අනූ :
ReplyDeleteඅම්බෝ මෙයාටත් තියෙන ප්‍රශ්න !!
ධනූ ගැන නම් මම් උඩ කමෙන්ට් වලින් කියලා තියෙනවා නංගි.
@Observer :
අනිවාර්යෙන්ම !!
මාමා දැන් ඔසී ආවද ? නැත්නම් තාම ලංකාවේ ද ?
@ක්සැන්ඩර් | Xander :
ධනූ යාළුවෙකි.
නොනිමි සසර කතර !
ReplyDeleteධනු මොකද මධූ මොකද?
ReplyDeleteසෑහෙන්න ලස්සනයි.....
ReplyDelete